කොසොල් රජතුමා :
" භාග්‍යවතුන් වහන්ස මා දුටුවා ගැල් පේළියක ඉදිරිපස ගැල් වල ළපටි ගොනුන් බැඳ පසුපස ගැල් වල ජවසම්පන්න ගොනුන් බැඳ තිබුනා. ඉතින් ඉදිරිපස ගැල් වල බැඳ සිටියේ ළපටි ගොනූන් නිසා එම ගැල් පේළිය ඇදගන්න බැරිව නතර වෙලා තිබුනා. මෙහි තෙරුම කුමක්ද ස්වමීනී? "
බුදුරජාණන්වහන්සේ :
රජතුමනී මෙම සිහින්නයෙන් කියැවෙන්නේ අනාගත පාලකයන් බුද්ධිමත් අත්දැකීම් බහුල ඇමති වරුන් හට බල තල නොදී ඔවුන්ට විරුද්ධව බාල අත්දැකීම අඩු පුද්ගලයන් හට බල තල ලබා දී පාලනය අවුල් කර ගන්නවා.