කොසොල් රජතුමා දුටු සිහින ??

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    කොසොල් රජතුමා දුටු සිහින ??

    13244717_10154237470071934_5130596879383003912_n.jpg


    Menna MY3 page ekata gihillama balapn minissu kiyala tiyena dewal :angry:
    https://www.facebook.com/maithripalas/posts/10154071052836327




    1වැනි සිහිනය:-

    කොසොල් රජතුමා: ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මා විසින් දකින ලද පළමු සිහිනය මෙය වන්නේය. නෙතදුනක් සේ කලුවන් ගවයන් සිවුදෙනකු එකිනෙකා සටන් කිරීමේ අරමුණින් රාජාංගනයට පැමිණ, තප්පුලමින් සිට කිසිදු සටනක් නොකොට ආපසු හැරී යති. මෙය මා දුටු පළමු සිහිනයයි.

    බුදුරජාණන්වහන්සේ: රජතුමනි, මෙම සිහිනයෙහි ප්‍රතිඵලය ඔබගේ හෝ මාගේ කාලයේ අත් දැකිය හැකි දෙයක් නොව මතු අනාගතයේ දී සිදු වන්නකි. මෙයින් කියවෙන්නේ අනාගතයේදී රාජ්‍ය පාලකයන් අධර්මිෂ්ට වන බවත් ඔවුන් අධර්මිෂ්ට වනවිට රටේ පුරවැසියන්ද අධර්මිෂ්ට වන බවය. එසේම රටේ ඇති වන මෙම අධර්මිෂ්ට භාවය නිසා සද්ධර්මය පිරිහී යන්නේය. පැළෑටි ගොයම් ආදිය වියලී ගොස් මහා නියං ඇති වන්නේය. සතර දිගින් වැසි වළාකුළු පැමිණි විට මිනිසුන් උදළු රැගෙන ඇළ වේලි බැදීමට සැරසෙති. එහෙත් වැසි වැටීමට මෙන් අහස ගිගුරුවද අවසානයේදී වැසි නොවැටෙන්නේය. මෙමගින් රටේ ජනතාව මහත් වූ පීඩාවට පත්වන බව මෙම පළමු සිහිනය දතයුතුය.

    2වැනි සිහිනය:-

    කොසොල් රජතුමා: ස්වාමීනී මා විසින් දකින ලද දෙවන සිහිනය මෙසේය, ඉතා කුඩා පැළෑටි හා පදුරු පොළොවෙන් මතු වී පැමිණ වියතක් හෝ දෙකක පමණ වැඩුණු පසු මල් පල දරයි.ස්වාමීනී මෙම දෙවන සිහිනයේ ප්‍රතිඵලය කුමක් ද?

    බුදුරජාණන්වහන්සේ: මහරජතුමනි, මෙම සිහිනයේ ප්‍රතිඵල දැකගත හැක්කේ බොහෝ කාලයක් ඇවෑමෙනි. එනම් මිනිසාගේ ආයු පිරිහී යන විට ඉතා කෙටි කාලයක් ජීවත් වන අවදියක් උදා වන්නේය. එම කාලයේ මිනිසුන් බොහෝ රාගාධික වන්නේය. කුඩා ගැහැණු ළමයින් පිරිමින් සමග කාමසේවනය කරන්නේය.එබැවින් ළදරු වියේම ඔවුන් ගැබ්බර වී දරුවන් ලබන බව මෙම සිහිනයෙන් ප්‍රකාශ වන බව දැනගත යුතු යැයි එම දෙවන සිහිනය තථාගතයන් වහන්සේ විසින් පැහැදිලි කළ සේක.

    3වැනි සිහිනය:-

    කොසොල් රජතුමා: ස්වාමීනී, මාදුටු තෙවන සිහිනය නම්, දෙන්නු එදවස උපන් වසු පැටවුන්ගෙන් කිරි උරාබීමය.

    බුදුරජාණන්වහන්සේ: මහ රජතුමනි, මෙහි ප්‍රතිඵලය අනාගතයේදී මිනිසුන් තම දෙමාපියන්ට නොසලකා පවුලේ සියලු දේපල සියල්ල තම යටතට ගැනීම බව දත යුතුය.එවිට දෙමාපියන් අසරණ වී ඔවුන් දරුවන්ගෙන් යැපෙන තත්ත්වයට පත්වන්නේය.මෙය තෙවන සිහින පලාපලය වන්නේය.

    4වැනි සිහිනය:-

    කොසොල් රජතුමා: ස්වාමීනි, සිව්වන සිහිනය නම්, ගැළ නොබදින ලද තරබාරු ශක්තිමත් ගොනුන් රැලක් පැටවුන් මතට බර පටවා ඇදගෙන යාමට සලස්වති. එම බර ඇද යාමට නොහැකි වූ පැටවුන් නිසලව සිටිති.

    බුදුරජාණන්වහන්සේ: මහරජතුමනි, මෙම සිහිනයේ ප්‍රතිඵලය ද අනාගතයේදී ලැබෙන්නේය. අනාගතයේ දී රජවරු අධර්මිෂ්ට වූ කල්හි එම රජුන් විසින් රාජ්‍ය පාලන කටයුතු වල නියැලී සිටින බුද්ධිමතුන් නොසලකා හරිති. රාජ්‍ය කටයුතු, කර්මාන්ත කටයුතු කිරීමේ පළපුරුද්ද ඇති ඇත්තන් නොසලකා හැර අදක්ෂයින් තනතුරුවලට පත් කරති. මෙම අදක්ෂයින් තනතුරු වලට පත් වීම නිසා රාජකාරී කටයුතු අඩාල වී රට පිරිහෙන බව මෙම සිව්වන සිහිනයෙන් කියවෙන බව දතයුත්තේය.

    5වැනි සිහිනය:-

    කොසොල් රජතුමා: ස්වාමීනි, මා දුටු පස්වන සිහිනය නම් මුඛ දෙකක් සහිත අශ්වයෙක් මුඛ දෙකින්ම ආහාර ගැනීමය.

    බුදුරජාණන්වහන්සේ: මහරජතුමනි, මෙම සිහිනයද අනාගත ප්‍රතිඵල දෙන්නකි, අනාගතයෙහි අදමිටු රජවරු වංචනික විනිසුරුවන් අධිකරණ සේවයෙහි යොදවනු ඇත. මෙම කපටි විනිසුරුවෝ චූදිත – චෝදක දෙපසින්ම අල්ලස් ගෙන යුක්ති ධර්මයට අවමන් කරති. මෙම මුඛ දෙකින් ආහාර ගැනීම යන්නෙන් පිළිඹිබු වන්නේ දෙපසින්ම අල්ලස් ගැනීම බව දතයුතුය.



    6වැනි සිහිනය:-

    කොසොල් රජතුමා: ස්වාමීනි, මා දුටු හයවන සිහිනය නම් මනාව ඔප දමන ලද කහවනු ලක්ෂයක් වටිනා රන්තලියක මහළු සිවලෙකු මුත්‍රා කිරීමය.

    බුදුරජාණන්වහන්සේ:රජතුමනි, අනාගතයේදී අදමිටු රජවරු රජ පරපුර නොසලකා නීචයන්ට උසස් ස්ථාන ලබා දෙති. අනතුරුව නීචයන් උදෙසා තම රාජකීය දියණිවරු සරණපාවා දෙති. මින් උසස් රාජ වංශයන් කෙළෙසී යන බව දතයුතුය.

    7වැනි සිහිනය:-

    කොසොල් රජතුමා: ස්වාමීනි මා දුටු සත්වන සිහිනය නම් මිනිසෙකු ලණුවක් අඹරමින් සිටියි. ඔහු ලණුව අඹර අඹරා තමා සිටින පුටුව යටට දමයි.යට සිටින සිවල් දෙනක විසින් එය කොටසින් කොටස ගිල දමයි. මෙය සිදුවන්නේ ලණුව අඹරන මිනිසාගේ දැනුමෙන් තොරවය.

    බුදුරජාණන්වහන්සේ: මහරජතුමනි, මෙයින්ද ඔබට අනතුරක් නැත. මෙය ද අනාගතයේ සිදුවන දෙයකි.එනම් අනාගතයේදී කාන්තාවෝ පිරිමින් සමග මත් පැන් බොමින් තම සැමියන් විසින් මහන්සි වී උපයන ධනය විනාශ කර දමති. එය මහළු සිවලිය මිනිසා කොටස් වශයෙන් අඹරන ලණුව ගිලදමන්නා මෙන් යැයි දතයුතුය.

    8වැනි සිහිනය:-

    කොසොල් රජතුමා: ස්වාමීනි මා දුටු අට වන සිහිනය නම් රජ මාලිගයේ මුවවිට දක්වා දිය පිරුණ සැළියක් ඇත. එය වටා කිසිදු දිය බිදක් නැති හිස් කළ රාශියක් ඇත. සතර දෙසින් වැල නොකැඩී ගලා එන මහ ජනකාය ජලය පිරී ඇති දිය සැළියට ජලය බහා ලති. දිය සැළිය පිරී ඉතිරී යයි.එහෙත් කිසිවෙකු හිස්බදුන් වලට දිය නොදමති.

    බුදුරජාණන්වහන්සේ: මහරජතුමනි, මෙම සිහිනය ද ඔබගේ කාලයේ විපාක නොදෙන්නකි. කාලය ගතවත්ම ලෝකය පිරිහෙන විට රාජධානිද පිරිහෙයි. රජවරු දිළිදු වී බලවත්ම රජුගේ ධනය කහවනු ලක්ෂය දක්වා පහල යයි.අනතුරුව රාජධානි වල වැසියන් රජුගේ කටයුතුවල පමණක් යොදවති.රජු ධනවත් වන අතර ජනතාව දිළිඳු වී දුක්බරිත වන බව මෙයින් දතයුතුය.

    9වැනි සිහිනය:-

    කොසොල් රජතුමා: ස්වාමීනි, මා දුටු නව වන සිහිනය නම් හාත්පසින්ම බෑවුම් සහිත පස් පියුම් විලක් ඇත. දෙපසින් සිවුපා සතුන් දිය බීමට පැමිණෙත්. එහි මැද ප්‍රදේශයෙහි මඩ සහිතය. එහි නොයෙක් සතුන් දියබීමට පැමිණ ඇත.

    බුදුරජාණන්වහන්සේ: මහරජතුමනි, අනාගතයේදී රජවරු අධර්මිෂ්ට වී හිතුමනාපයේ රාජ්‍ය පාලනය කරති. අල්ලස් ගෙන ධනවතුන් ආරක්ෂා කරති. උක්දඩු මිරිකන්නා සේ ජනතාවගේ ශ්‍රමය සූරා ධනය උදුරා ගන්නේය.

    10වැනි සිහිනය:-

    කොසොල් රජතුමා: ස්වාමීනි, දසවන සිහිනය නම් කිසිවෙකුගේ මැදිහත් වීමකින් තොරව බතක් පිසෙනු ලැබේ. එම බත කොටස් තුනකට කට බෙදී එක් කොටසක් බෙරිවී ඇත. අනෙක් කොටස අමුය. ඉතිරි කොටස මනාව පැසී ඇත.

    බුදුරජාණන්වහන්සේ: මහරජතුමනි, අනාගතයේදී අදමිටු රජවරු පහළවීම නිසා වැසියෝ ද අදමිටු වෙති.ශ්‍රමණ බ්‍රාහ්මණයන් පවා අධර්මිෂ්ට වෙති. මෙසේ වන විට ඔවුන් රකින දෙවිවරුද අධර්මිෂ්ට වෙති.මේ අධර්මිෂ්ට රාජධානි හරහා හමායන සුළං ක්‍රමවත් නොවීම නිසා රටේ එක් පෙදෙසකට දරුණු නියගය ද එක් ප්‍රදේශයකට දරුණු ගංවතුර ද ඇති වී මහත් විනාශයන් ඇති වන විට තවත් ප්‍රදේශයක් බොහෝ සශ්‍රී ක වන බව මෙයින් කියවෙන්නේය.

    11වැනි සිහිනය:-

    කොසොල් රජතුමා: ස්වාමීනි, මා දුටු එකොළොස්වන සිහිනය නම් කහවනු ලක්ෂයක් වටිනා සඳුන් හරයක් ඇඹුල් රසැති කිරිමෝරු වලට හුවමාරු කිරීමයි.

    බුදුරජාණන්වහන්සේ: මහරජතුමනි, අනාගතයේ දී ලජ්ජා බය නැති දුසිල් භික්ෂූහු පහළ වෙති. ඔවුන් තම බඩ වියත වෙනුවෙන් නිර්වානගාමී දහම විකෘති කොට ජනතාවට දෙසති.මහජන මුදල් ලබාගැනීමේ අරමුණින් විසිතුරු බස් කියමින් ජනතාව රවටමින් බුදු දහම විකුණා කෑමේ ව්‍යාපාර ආරම්භ කරති. ජනතාව නිර්වානගාමී දහමට යොමු කිරීමට ඔවුන්ට අවශ්‍ය නොවන්නේය. තෑගි බෝග සදහා දහම වංචනික ලෙස කියමින් මහ වීදි වල, මැදුරු වල දහම් කියමින් යති.

    12වැනි සිහිනය:-

    කොසොල් රජතුමා: ස්වාමීනි, මා දුටු දොළොස් වන සිහිනය නම් ලබු කබල් දියෙහි කිදා බැසීමය.

    බුදුරජාණන්වහන්සේ: මහරජතුමනි, මෙම සිහිනයද අනාගතයේ අධර්මිෂ්ට රජවරු නිසා ඇතිවන්නකි. මෙම යුගයේදී නොයෙක් නීච කුල ජාතිකයන් රජ වෙති. එවිට පහත් ගති ඇත්තේ බලයට පත්වෙති. එවිට ලාමක ගති ඇත්තන් අධිකරණ සේවයේ යෙදවීම නිසා නීතිය වල් වැදී යන බව මෙයින් කියවෙන්නේය.

    13වැනි සිහිනය:-

    කොසොල් රජතුමා: ස්වාමීනි, දහතුන් වන සිහිනය නම් සුවිසල් පර්වත දියෙහි පාවී යාමය.

    බුදුරජාණන්වහන්සේ: රජතුමනි, අනාගතයේ දී සම්භාවනීය පුද්ගලයෝ තනතුරුවලින් නෙරපා පහත් පුද්ගලයින් සේවයේ යොදවත්. මෙමගින් සමාජ සංස්ථාව මහත් පීඩාවට පත්ව රාජ්‍ය ද පිරිහී යන බව දත යුතුය.

    14වැනි සිහිනය:-

    කොසොල් රජතුමා: ස්වාමීනි මා දුටු දහ හතර වන සිහිනය නම් කුඩා මැඩියන් විශාල නාගයන් ගිලදැමීමය.

    බුදුරජාණන්වහන්සේ:රජතුමනි, අනාගතයේදී බොහෝ පිරිමින් වියපත් වුවද තරුණ කාන්තාවන් සමග සල්ලාලකම් වල යෙදෙති. මෙම තාවකාලික අඹුවන් සොර සැමියන් වහළුන් බවට පත් කොට සලකති.

    15වැනි සිහිනය:-

    කොසොල් රජතුමා: ස්වාමීනි, පසළොස් වන සිහින නම් කපුටෙකු රන්වන් හංස රංචුවක විසින් පිරිවරා සිටීමය.

    බුදුරජාණන්වහන්සේ:රජතුමනි, අනාගතයේ දී කිසිදු යුධ ශිල්පයක් නොදත් රජවරු පහලවෙත්. ඔවුන් බියගුල්ලෝය. ඔවුන්ගේ අණසක පවතින්නේ තම පරිවාර සේනාව සමග පමණි. රාජ්‍යත්වය පිරිහී තනතුරුවලට නීචයන් පත් වී එම නීචයන් හා එකට විසීමට රජවරුන්ට සිදුවන්නේය.එය කවුඩා පිරිවරාගත් හංසයන් මෙන් දතයුතුය.

    16වැනි සිහිනය:-

    කොසොල් රජතුමා: ස්වාමීනි, දහසය වන සිහිනය නම් එළුවන් විසින් අදුන් දිවියන් ගොදුරු කර ගැනීමකි.එළුවන් විසින් අදුන් දිවියන් පසු පස හඹාගොස් ඔවුන් ගොදුර කර ගනිත්. ස්වාමීනි එළුවන් දුටුවිට අදුන් දිවියන් බියවී වනාන්තරයෙහි සැගවෙත්. ස්වාමීනි, මෙම අවසාන සිහිනයේ තතු කෙසේද?

    බුදුරජාණන්වහන්සේ: මහරජතුමනි, අනාගතයේදී අධර්මිෂ්ට රජවරු ලොව පහල වූ විට ඔවුන් පහත්, නීච ගති ඇත්තන් තනතුරුවලට පත්කරති. අනතුරුව සම්භාවනීය පුද්ගලයන් තනතුරු වලින් පහකර හරිනු ඇත. ඉන්පසු උසස් පුද්ගලයන්ගේ ධනය කොල්ල කති. එවිට සම්භාවනීය පුද්ගලයන් දිවිරැක ගැනීම සඳහා ගේදොර අතහැර පලාගොස් සැගවෙති.
     
    • Like
    Reactions: Ashman

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මේ මොනාද යකෝ මේ වෙන්නේ..

    anedha kiyanne, mchn kathawak tiyenawane antimata bududhama ithuru venne SL vara vitarai kiyala..ohoma giyoth lankavenuth nathi vei vage mata danenawa.. me yana vidiha hoda na :sorry:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    mchn hitagena vitharak neve,oka Chan tea Musical Sri lanka නම් භාවනාමය සංගීත yak... mchn MY3 page eka balapn.. eyama okkama dala lajja nathuwa..

    menna https://www.facebook.com/maithripalas/posts/10154071052836327

    samahara comments delete karanawa wage.. balapnko :sorry:

    :shocked::shocked::angry::angry::angry::angry:

    මොන හුත්තක්ද බන් මේ?

    ඕකගෙ පේජ් එකේ comment එකක් දාන්න බයයි කුදලගෙන ගිහින් දායි කියල

    නොදකින් විතරක්
     

    udarazzz

    Well-known member
  • Sep 16, 2014
    652
    71
    63
    :shocked::shocked:wena ekanemai aula machanla ai hamudurwarunta kondak nette owata viruddawenna issara unnu hamuduruwaru ohoma une :shocked::shocked:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    පේජ් එකේ අයිතිකාරය මේ වෙලවෙ දාගෙන පුක භපාගන්නව ඇති.:lol::lol::lol:
    Comments


    12009692_1075337782483930_1968345983216355464_n.jpg




    Gayesh Priyanga විපරීත කලෙ විපරීත බුද්ධි...!
    බොරුවට, වන්චාවට සහ නොමග යැවීමට රටේ ජනතාව ලක්වූ කල, එම රටේ විනාශය උදාවීම කිසිවෙකුට නැවතිය නොහැකිය.
    රනිල්, මෛත්‍රී, රතන හිමි හවුල ආරම්භ කල මෙම ජාතික විනාශයේ මෙය තවත් එක ජවනිකාවක් පමණි. ...See more
    · 119 · 21 hrs






    6 Replies · 7 mins




    12998680_987588974643589_5363334293575325854_n.jpg



    රවිදු රාජකරුණා මම මුකුත් කියන්නේ නෑ මහත්තයෝ. මම තාම මහලොකු වයසක් නෑ. මම කැමති නෑ අඩු වයසින් හිරේ විලංගුවේ වැටෙන්ඩ අපේ අහිංසක, හද පත්ලෙන්ම එන අදහස් ප්‍රකාශ කරලා. මට කියන්ඩ තියෙන්නේ මෙච්චරයි. ඔහේව බලේට පත්කල අපිට ගහන්ඩ ඕන මඩු වලිගෙන්. අම්මපා. නිකං නෙමෙයි ගෝල්ෆේස් එකට ගෙනල්ලා ගහන්ඩ ඕන
    · 69 · 18 hrs






    13233091_577521499092009_7142688907581940174_n.jpg




    Pathum MacTavish උබ හිරෙ විලන්ගුවෙ වැටෙනවනම් මාත් වැටෙයි... උබ කියපු කතාවට කටට මසුරං දාන්න වටිනව bro.
    · 10 · 13 hrs






    12813896_1685904561669159_7777370657246594455_n.jpg



    Ahinsa Malli tongue emoticon Uba kiyapu de apita kiyanna wen nati eka gana podi satutak tiyenawa mokada me wana vinasa walata api wagakiwa yuthu na
    · 1 · 8 hrs






    12998680_987588974643589_5363334293575325854_n.jpg



    රවිදු රාජකරුණා Ahinsa Malli ඕක තමා ආත්ම ත්‍රුප්තිය කියන්නේ. කමක් නෑ උඹලා හරි සතුටින් ඉදහල්ලා. ඊළග ඡන්දේ ආවාම අපිත් ඔය සතුට බුක්තිවිදිනවා කොහොමහරි. අම්මපා !!!
    · 5 · 7 hrs






    13245490_1152893498075981_4706370313309987809_n.jpg



    Nilmini Sathsara රවිදු රාජකරුණා will it be fair election????? after 17 of August I lost that hope as well.
    · 1 · 4 hrs






    12998680_987588974643589_5363334293575325854_n.jpg



    රවිදු රාජකරුණා Nilmini Nice thought smile emoticon Yahapalana means working fair as they shout always. So there won't be any issue with election wink emoticon hope so
    · 4 hrs







    10462575_10203185067002008_8219296101237099591_n.jpg



    Geeth Chandima මෛත්‍රී ,රනිල් පොන්න හවුල ,,,
    මුන්ට ලැජ්ජාවක් හිරිකිතක් නැද්ද මේ වගේ වැඩ කරන්න.😤😡...See more