කොහෙවත් ගියෙ නැද්ද - යාපනය

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඉතින් මචංලා පහුගිය ටිකේ සැර බූට් එකකුත් කාලා නන්නපෝල් වෙලා හිටපු නිසා වෙනසකටත් එක්ක කොහෙහරි ගියො ත්හොඳයි කියල හිතුවා.

    ලංකාවෙ මම යන්න ආසම පැත්ත යාපනේ.

    ඉතින් @sherek මූයි තව කොල්ලො දෙන්නෙකුයි සෙට් කරගෙන ගමන යන්න ලෑස්ති උනා.
    අපි ගියේ අප්‍රේල් 11,12,13. අවුරුදු දවස් ටිකේ.

    මේකයි ප්ලෑන් එක.

    අප්‍රේල් 11 නයිට් මේල් එකේ තමයි අපි ගියේ.
    පොල්ගහවෙලින් රෑ 9.35
    යාපනයට පාන්දර 4.15
    සීට්ස් කලින් බුක් කරා 2500යි AC saloon එකේ සීට් එකක්.
    අපි නැවතුනේ යාපනේ ස්ටේශන් එකේ රූම්ස් වල.
    පැය 24කට 2500යි.

    ඩබල් බෙඩ් 2යි.ෆෑන් එකක්,නෙට්ස්,බාත්රූම් එකක් තියෙනවා.කෑම එලියෙන් ගන්න ඕනේ.ගානෙ හැටියට ඕනවටත් වඩා හොඳයි.

    12,13 තමයි අපි ඇවිද්දේ.එහෙන් බයික්ස් 2ක් රෙන්ට් කරා.ටෝනි කියල බුවෙක් ඉන්නවා.පොරගෙන් තමා බයික්ස් ගත්තේ.බයික්එකක් 2500යි.දවසකට.පොර ෆුල් ටෑන්ක් කරලා දෙන්නේ.ඒක අපිටත් ලේසියි.පොරගෙ නම්බර් එක දාන්නම් උඹලත් යනව නම්.

    *ඉතින් බයික්ස් අරන් මුලින්ම අපි ගියේ කන්න.මලයන් කැෆේ එකෙන් කෑවා.වෙජිටේරියන් උනාට පට්ට රසයි කෑම.විශ්වාස කරපල්ලා අපි හතර දෙනාටම කන්න 1600යි ගියේ.ලෙවකාලා නෙවෙයි හොඳට බඩ පිරෙන්න කාලා.යාපනේ කෑම නම් මාර ලාබයිබන්.

    *ඊලඟට සුපුරුදු පරිදි නල්ලූර් කෝවිල.විශේෂ දෙයක් නෑනේ.පිරිමි අය උඩ ඇඳුම් ගලවලා යන්න ඕනේ.

    *සංකිලි රජ මාලිගාව.කෝවිල ලඟමයි තියෙන්නේ.

    *රියෝ එකෙන් අයිස්ක්‍රීමුත් කෑවා.ඒකත් එතනමයි තියෙන්නේ.

    *යාපනේ පුස්තකාලෙටත් ගියා.ඒක රජයෙ නිවාඩු දවස් වල වහලා.12 පෝයනෙ.

    *ඊලඟට අපි ගියේ කරෙයිතිවු දූපතට.කැසුරිනා බීච් එකට.හැබැයි ඊට කලින් ඒ ලඟ තියෙන ලයිට් හවුස් එක බලන්න ගියා.ගූගල්මැප් එකේ පාරත් වැරදුනා.මේක තමා ලංකාවෙ උතුරේ වම් පැත්තෙ කෙලවර.දකුණු කෙලවරේ තමා පේදුරුතුඩුව තියෙන්නෙ.

    *ඊට පස්සෙ අපි ගියා කැසුරිනා බීච් එකට.ගැඹුරුත් නෑ.රැල්ලත් නෑ.රැල්ල නැති නිසා ලොකු ආතල් එකකුත් නෑ.

    *බීච් එකෙන් පිටත් වෙලා ඊලඟට අපි ගියේ කදුරුගොඩ විහාරෙට.මේක මොකද්ද කියන එක ගැන හරිහමන් මතයක් තාමත්නෑ.පොඩි ගුප්ත මුස්පේන්තු ගතියක් තියෙනවා එතන.

    *ඊලඟට ආයෙත් අපි යාපනේ ටවුන් එකට ඇවිල්ලා දවල්ට කෑවා.කෑවෙ රොලෙක්ස් හොටෙල් එකෙන්. චිකන් බිරියානි එක 650යි. මට ෂුවර් ලංකාවෙ වෙන කොහෙන්වත් එච්චර තඩි චිකන් කුට්ටියක් එක්ක බිරියානි එකක් නම් කන්න වෙන්නෙ නෑ.මදි නම් තව බෙදාගෙන කන්නත් පුලුවන්.මෙහෙමයි ඉතින් බිරියානි කිව්වට කහබත් වලට තමා වැඩිපුර ලඟ.හැබැයි රසයි.ලංකාවෙ වෙනතැනකින් 1200න් මෙහා කන්න වෙන්නෙ නෑ එහෙම.

    *ඊලඟට හවස් වරුවෙ ගියා යාපනේ කොටුවට.යනව නම් හවසක හරි උදේම හරි තමා යන්න ඕනේ.නැත්තම් අවුව එක්ක අමාරුයි.කොටුව හරියට බලනව නම් වරුවක් වත් යනවා.අපි ඉතින් එහෙම බැලුවෙ නෑ.වටේ ඇවිදලා ආවා.

    *රෑට කෑවෙ ස්ටේෂන් එක ගාවම තියෙන පොඩි කඩෙන්.බීෆ් ෆුල් කොත්තු 2ක් අපි හතර දෙනාට හොඳටම ඇති උනා.එකක්800යි.

    13 වෙනිදා

    *උදේම අපි ගියේ නාගදීපෙට.බයික්ස් දාලා යන්න පාකින් තියෙනවා.හැබැයි අපට පලවෙනි බෝට්ටුව අල්ලගන්න බැරි උනා.පලවෙනිඑක උදේ 8.30. අපි ගියේ 9 බෝට්ටුවේ.කුරිකඩ්ඩුවාන් ජැටියෙන් පැය බාගෙන් බාගෙට බෝට්ටු තියෙනවා.නාගදීපෙට රුපියල්60යි.

    *නාගදීපෙ කතාව හැමෝම දන්නවනේ.
    ඊට ටිකක් එහායින් කෝවිලක් තියෙනවා.ඒක නල්ලූර් කෝවිලට වඩා ලස්සනයි.ඊට වඩා ලොකුයි.
    කොහොමත් එතෙන්ට යන්න ඕන මොකද ආපහු යන බෝට්ටු නවත්තන්නේ එතන.

    *ආයෙ යාපනේට ඇවිල්ලා දවල්ට කාලා අපි ගියේ කීරිමලේ පොකුණු බලන්න.මෙතන මුහුදේ නාන්නත් පුලුවන්.පොකුණු මුහුද අයිනෙම තිබුනට ඒවයෙ තියෙන්නෙ මිරිදිය.

    *මේ වෙද්දි හවස් වෙලා.අපිට යාපනේ මාකට් එකට යන්නත් ඕන උන නිසා ප්ලෑන් එකේ තිබුන පේදුරුතුඩුවයි kks බීච් එකයි කපාහරින්න උනා.එන ගමන් දඹකොළ පටුනත් බලාගෙන ආයෙ යාපනේට ආවා.

    *යාපනේට ආවට පස්සේ අපිට වොෂ් එකක් දාගන්න තැනක් තිබුනේ නෑ.බයික්ස් ටික ගිහින් දෙන්න ටෝනිගෙ තැනට ගිහින් අපේප්‍රශ්නේ පොරට කිව්වම පොර අපිට පොරගෙ තැනින් වොෂ් එකක් දාගන්න හදල දුන්නා.ඒක ඒ වෙලාවෙ හැටියට මාරම උදව්වක්. මොකද අපි ආපහු එන්න හිතාගෙන හිටිය නයිට් මේල් එකටත් ඒ වෙද්දි ලොකු වෙලාවක් තිබුනෙ නෑ. ටෝනි ඒ උදව්ව නොකළානම් අපිට හඩ්ඩො වගේ තමා ට්‍රේන් එකට නගින්න වෙන්නේ.

    ට්‍රේන් එක ගැන කිව්වොත් මේක රෑ 8.30ට යාපනේට එනවා.පාන්දර 3.30 වගේ වෙද්දි පොල්ගහවෙල.එද්දි අපි ආවෙ 2nd ක්ලාස් එකේ.යාපනේ-පොල්ගහවෙල සීට් එකක් බුක් කරන්න 1900ක් උනා.

    ඉතින් අපි නාල කරල ස්ටේශන් එකට ඇවිත් රෑට කාලා අපේ යාපනේ සංචාරය නිමා කරලා නයිට් මේල් එකේ ආපහු ආවා.

    P.s.කලිනුත් යාපනේ ගිහින් තිබුනත් මේ පාර අපි යාපනේ ගොඩක් තැන් බැලුවා.බයික් වල ගිය එක තමා හේතුව.කාලෙ නාස්තිඋනේ නෑ.යාපනේ යමව නම් හොඳම ක්‍රමේ මේක කියල හිතෙනවා.හැබැයි එකම අවුල පුක රිදෙන එක තමා.බයික් කිව්වට ස්කූටර්නේ.
    අනිත් එක යාපනේ මිනිස්සු මාර හොඳයි බන්.ඔය ටෝන්ගෙ උදව්ව නිසා නෙවෙයි එහෙම කියන්නේ.කොහොමත් උන් හොඳයි.ආ දැන් එහේ හැමෝටම වගේ සිංහල පුලුවන්.අපි 2020 යනකොට ගොඩක් අයට සිංහල වචනයක්වත් බෑ.

    Photos..
     

    Attachments

    • IMG_3471.jpeg
      IMG_3471.jpeg
      34.2 KB · Views: 98
    • IMG_6107.jpeg
      IMG_6107.jpeg
      17.9 KB · Views: 103
    • IMG_3481.jpeg
      IMG_3481.jpeg
      37 KB · Views: 90
    • IMG_3501.jpeg
      IMG_3501.jpeg
      34.3 KB · Views: 95
    • IMG_3505.jpeg
      IMG_3505.jpeg
      15.3 KB · Views: 89
    • IMG_3507.jpeg
      IMG_3507.jpeg
      21.8 KB · Views: 100

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    IMG_3508.jpeg
     

    Attachments

    • IMG_6125.jpeg
      IMG_6125.jpeg
      21.6 KB · Views: 80
    • IMG_6289.jpeg
      IMG_6289.jpeg
      44.3 KB · Views: 68
    • IMG_6117.jpeg
      IMG_6117.jpeg
      17.3 KB · Views: 59
    • IMG_3574.jpeg
      IMG_3574.jpeg
      21.1 KB · Views: 67
    • 9F1C1B7E-2924-4BE7-AF37-0111471E539E.jpeg
      9F1C1B7E-2924-4BE7-AF37-0111471E539E.jpeg
      18.4 KB · Views: 57
    • IMG_3582.jpeg
      IMG_3582.jpeg
      39.4 KB · Views: 61
    • IMG_3583.jpeg
      IMG_3583.jpeg
      35.1 KB · Views: 74
    • IMG_3613.jpeg
      IMG_3613.jpeg
      24.6 KB · Views: 85

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    එල බං. poto ටික තව ටිකක් චූටියට දාපම්. ලොකු වැඩියි. :no:
    නියම ගමන.

    තව ෆොටෝස් තියෙනවා නං ලොකුවට දාන්න
    අඩෝ ෆොටෝස් අප්ලෝඩ් වෙන්නෑ බන්. ඔය ටික ඔහොම අප්ලෝඩ් කරෙත් හෙන දුකක් විඳලා.

    Mcn Bike Rent kare Kohomada... Number ekk dahanko
    (71) 733 9879 මේකට ගනින්. දවස් දෙකකට විතර කලින් ගනින්.
    ------ Post added on May 23, 2025 at 4:38 PM
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,487
    3,149
    113
    අඩෝ ෆොටෝස් අප්ලෝඩ් වෙන්නෑ බන්. ඔය ටික ඔහොම අප්ලෝඩ් කරෙත් හෙන දුකක් විඳලා.


    (71) 733 9879 මේකට ගනින්. දවස් දෙකකට විතර කලින් ගනින්.
    ------ Post added on
     
    • Like
    Reactions: B.Chat and NRTG

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අම්මෝ ෆොටෝස් වල කොලිටිය, ඇහැ කන වුනා..
    යකෝ ඔහොම අප්ලෝඩ් කරෙත් මාර දුකක් විඳලා. Medium කොලිටියෙන් වත් අප්ලෝඩ් වෙන්නෙ නෑ.
    වෙන විසඳුමක් තියෙනව නම් කියපන්.ඔක්කොම අප්ලෝඩ් කරන්න
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,999
    113
    34
    Kalutara
    යකෝ ඔහොම අප්ලෝඩ් කරෙත් මාර දුකක් විඳලා. Medium කොලිටියෙන් වත් අප්ලෝඩ් වෙන්නෙ නෑ.
    වෙන විසඳුමක් තියෙනව නම් කියපන්.ඔක්කොම අප්ලෝඩ් කරන්න
    අද ඊයේ මේකට ජොයින් වුනා වගේනේ. මේකට ෆොටෝ අප්ලෝඩ් කරන්න බෑ කියල ඕන පොඩි එකෙක් දන්නවා. ෆොටෝ 100ක් වුනත් අප්ලෝඩ් කරන්න ඕන ඉමේජ් ෂෙයාරින් එකකට දාලනේ... 🤦‍♂️