@Emios
මෙල්බර්න් හි සිටින ශ්‍රී ලාංකික තරුණයෙක්ව ළමා ලිංගික අපරාධ චෝදනා මත අත්අඩංගුවට
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ ජීවත්වන ශ්‍රී ලාංකික තරුණයෙක්ව "ළමා ලිංගික අපරාධ" චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.
වාර්තා වී ඇති ආකාරයට ඔහු, වයස අවුරුදු 12 - 14 වියේ පසුවන ගැහැණු ළමුන් සමග සමාජ මාධ්‍ය ඔස්සේ මිත්‍ර වී, ඔවුන්ගේ ඡායාරූප සහ වීඩියෝ ඔහු වෙත එවන ලෙස බලකර තිබේ.
පසුව ඔහු එම ගැහැණු ළමුන්ට පවසා ඇත්තේ, තව තවත් එවැනි ඡායාරූප සහ වීඩියෝ ඔහු වෙත එවන ලෙසය. එසේ, නොකරන්නේ නම් තමා ළඟ ඇති ඡායාරූප සහ වීඩියෝ සමාජගත කරන බවට ඔවුන්ව බිය කර තිබේ.
එසේම ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් සිදුකළ පරීක්ෂණ අනුව හෙළිවී ඇත්තේ, තමාට අවනත නොවූ සමහර ගැහැණු ළමුන්ගේ පවුල් වෙත, එම ගැහැණු ළමුන් එවා තිබූ අඩ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ යවා ඇති බවය.
ලන්ඩන් පොලීසියට සහ මධ්‍යම විමර්ශන කාර්යාංශයට ලැබුණු තොරතුරු මත එම 23-හැවිදිරි ශ්‍රී ලංකික තරුණයාව අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
එම තරුණයා යවා තිබූ පණිවුඩවල ලිපිනය මෙල්බර්න් නගරාශ්‍රිත බර්වූඩ් නම් ප්‍රදේශයෙන් සොයාගත් පොලිස් නිලධාරීන් ඉන්පසු සෝදිසි වරෙන්තුවක් ලබාගෙන තිබුණි.
තවදුරටත් පරීක්ෂා කිරීම සඳහා විවිධ උපාංග කිහිපයක් පොලිස් භාරයට ගෙන ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් භාවිත කරමින් ඔහු එක්සත් රාජධානියේ සහ අමෙරිකාවේ සිටින ගැහැණු ළමුන් දෙදෙනෙකු හා මිත්‍ර වී ඇති බවය.
ඔහු හා මිත්‍රවීමෙන් අනතුරුව එම තරුණියන් දෙදෙනාම ඔහු වෙත තම ඡායාරූප යවා තිබේ.