කොහේ_සිට_ඔබ_පැමිණියේදෝ!!!!!

Optimus Tz

Member
Sep 25, 2010
123
10
0
කොහේ_සිට_ඔබ_පැමිණියේදෝ!!!!!

මම එළකිරි එකට ආවේ අළුතින්,ඉතින් මගේ 100 වෙනි පෝස්ට් එකට මම ලියපු කවියක් දාන්න හිතුවා.මේක කියවලා බලලා කොහොමද කියලා කියන්නකෝ :)

තෙරෙක් නොපෙනෙන දිවි ගමනේ
අයාලේ යමින් සිටි සිතකට
අරමුණක් දුන් නුඹ
පැතූ ඒ සතුට
තැළුනු මල් පෙත්තක් වැනි සිතකට
දැමූ දිය බිඳක් බව
ඔබ නොදනියි.....

පුංචි ආඩම්බරකාරියක්ව සිට් නුඹේ සිත
මුදු සිනිඳු පලසක් බව
කාට නම් කිව හැකිද?
කොමළ වදන් නුඹට ආගන්තුක දැයි
නොසිතනා කෙනෙක් නැත
ඔය න්එතු මා මෙතරම්
ළංවෙතැයි නුඹද සිතුවේ නැත....

ඉරටත් හඳටත් පෙම් කරන මේ කාලේ
තරුවකට පෙම් බැන්දේ
නුඹ සිතටද හොරෙන් බව නුඹ දනියි.....

විටෙක නුඹ මිරිඟුවකි
විටෙක නුඹ දිය දහරකි
තවද එක පහනකි
මුළු ලොවම එළිය කල හැකි....

මසිත මෙලෙස කිති කවන්නට
පොඩි එකෙකු සේ දඟ කරන්නට
මා සිතට තනි රකින්නට
කොහේ සිට ඔබ
පැමිණියේදෝ......
 

Optimus Tz

Member
Sep 25, 2010
123
10
0