"මහා රන් අශ්ප ජාතකය"

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,824
    31,001
    113
    "මහා රන් අශ්ප ජාතකය"

    sQ9tmuB.jpg


    යට ගිය දවස ලඞකාදීපයෙහි බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙක් වාසය කරන කල්හි කලුඅතර (කලුතර) නම් ඉතා මනහර නගර පෙදෙසක ජනාතරෙන් සිත් ගත්තා වූ රාජිර් (රාජිත) නම් දන්ත වෙදානො කෙනෙකුන් වාසය කලාහුය...
    වෙදකමේ උගත් බවලුවා නම් එතුමාගෙ මුකයෙන් පවා අසා උගත හැක...මුකයේ දන්ත තිස්දෙසැටම ගලවා සැට සත‍රක් පවා සවි කරලූ හැකි එවැන් වෙදානො කෙනෙකුලූ නම් මුලු ලඞකාදිපයෙවත් නැත....
    රාජිර් වෙදැදුරානන්ගේ පුතුන් දෙදෙනෙක් වීය මනහර රූ දරති...හීන් සිරුරැති කෙසග ශරීරයකට හිමිකම් දරනා අප කතා නායකයා වූ මහා චතුර් සෙනෙවි රාජිර් වෙදානෝගේ පුතනුවෙකි....
    අප මහා චතුර් සෙනෙවියානො එක්තරා උදැසනට...
    ලිබ්බොක්කේ ඇති අගුරු කැබැල්ලක් විකා හිස කුඩුච්චියක් දැමීමට ගෙනා කොහොඹ අතු රිකිල්ලකින් කෝටුවක් කඩා,විකා තම මනහර වූ දන්ත දාතූන් පිරිසිදු කර...කොත්තමල්ලි පොල් කට්ටකට බහා යාපනද්වීපයේ තල් හකුරු සමග පානය කොට රාජ සභාව වෙත පිටත්ලූ වන්නට සැරසුනාහුය..
    ඉදින් දකුනු හස්තය ගෙපැලෙන් එලිපත්තට තබන්නා විටම එතුමානොගෙ ඇඹනියො (බිරිද) මග හරස් කරන්නාවූ රන් හංස දේනුවක් මෙන් රන් හංස යුවල භ්‍රමනය කරමින් උන්වහන්සේ අසලට පැමින නැමී අසල දිය මංජුසාවෙන් දිය දෝතක් ගෙන නෙලුමක් පෙන් රත් පැහැ ගැන්වුනු ඇගේ දෙපා සෝදාගත්තාහුය....

    චතුර් සෙනෙවි දෙස බැල්ම හෙලා තම ගිරා හොටක් බදුවූ සුන්දර මුහුනත කරකවා කෝකවක්කා ගෙඩි යුවලක් බදු තොල්පටෙන් රවා වෑවර ගෙඩි දෙකක් බදු වූ ඉග පස නලව ගෙපැල තුලට ගොඩ වූහ..
    බිලින්දන්ගේ සිගිති සිනා බැලීමට ඕ කෙතරම් ආශා කල නමුදු චතුර් ඇමතිගේ දුර්වල කම් හමුවේ ඔ විස්සොපයෙන් සිටින්නේ මංගල දිනයේ සිටය....

    අප මහා චතුර් සෙනෙවියානො රාජ සභාව සදහා පිටත්ලූ වන්නට බෙන්කුෂ් නම් ජම්බුද්වීපයේ චක්‍රවර්තී මහාරාජොත්මයානන් වහන්සේගේ හසරුවා පිට නැගීමට කෙතරම් වැයම් කලද එසා සය හොරාවක් ගත වී කනගාටුලූ බවට පත්ව කුලි මී ගවයන් දෙදෙනෙක් බැදි කරත්තයක නැග යන්නට වූයෙ අප මහා චතුර් සෙනෙවියානෝ සරල කොම නගර දනව්වාසීන්ට පෙන්වුලා ලමිනි...
    ඇතැම් නගර දනව් වාසීන් නිකටාලම්භයේ අත හොවාලා තුස්නිම්භූතව 'මෙ අප මහා විරාදේශ්වර චතුර් සෙනෙවි නොවැදැයි' පසග පිහිටුවාැද නමස්කාර කොලෝය ඇතමුන් වීදි වල ඇති කසල පද්දති වලට පැන චතුර් සෙනෙවි හට මාර්ගය විවර කර දුන් නාහුය....නගර සොබිනියන් සදලු තලේ සිට මල් දම් ගොතා චතුර් සෙනෙවිහට "නුඹයි අපගේ නිරිදුන් නුඹයි අපගේ සූර්‍යා නුඹයි අපගේ මහේශ්ව

    මහේශ්වර,නුඹමයි අපගේ ඉසුර ජය ශ්‍රී චතුර් සෙනෙවියානනේ ජය ශ්‍රී...."
    එකල චතුර් සෙනෙවිගේ නාමය දෙස් විදෙස් ලූ විතර පවා සූ සැටක් විතර ලූ ග්‍රහ ලෝකායාතරය පවා චතුර් සෙනෙවිගේ වීර වික්‍රමයන් කතා ලූයේ අහසින් වැටෙනා දිය බිදු පවා චතුර් සෙනෙවිට ආශ්‍රිර්වාද කරන්නා සේය....
    යුරේනස් ග්‍රහොත්මයානන්ගෙන් ප්ලූටො ග්‍රහොත්මයා බේරා ගැනීම නියා නෙප්චූන් වාසින් චතුර් සෙනෙවි තම ජිවය කොට වැද පිදුම් කරන්නාහුය..
    මීට පංචාලිස් වසරකට පෙර මහද්වීතික ප්ලාත්විතියනම් භූමි විපර්‍යාසයේදි රිසි යා (රුසියා) මහද්විපය කැබලි වලට කැඩි නොයවා රැකගත්ත හොත්තෙ චතුර් සෙනෙවිතොමයාය...

    එපමන නොව ඈන්ගල් ලංකා (එංගලන්තය) යේ අදුරු රාජවාසල දැන් පයර් (වැම් පයර්) නම් රුදුරු බිජි උරන යක්ෂයගේ බේරාගත් හොත්තේද චතුර් සෙනෙවිය...එපමනද රාම රාවන යුද සමයේ හිමාලයෙන් කෑල්ලක් කඩා ගෙනවුත් හනුමාට ලබා දුන්නේද චතුර් සෙනෙවිය එසෙම රාමාට දුන්න ලබා දුන් නේද,පැන් ෂා (ප්‍රංශ) යේ නිදි කුමරි දු ගලවාගත්තේද,අලි බබා සොරු සතලිහෙන් බේරා ගත් හොත්තේද,දර කපන්නාට රන් පොරව සොයා දුන්නේද අප මහා චතුර් සෙනෙවිය...උන් වහන්සේ ගැන මහේශෘත පඪිතුමා ගී සූ සැටක් විතර ලූ ගි ලියා නිම කිරීමට බැරිවී මිය ගියා ලූය....

    අප මහා චතුර් සේවියානෝ රාජවාසලේ දොර හැරපියා ඇතුල් වත්ම බෙර,දවුල්,හෙවිසි කරුවන්
    තාලයට පාද තියා නටමින් නැට්ටුවන්ගේ බෙර තාලයෙන් චතුර්සෙවිත්තොමයන් වහන්සේ රාජසභාවට කැදවුවාලුය..
    රාජසභාවේ ඇමතිවරු නැගිට චතුර් ඇමතිවරයානෝට ආචාරකලාහුය බ්‍රහ්මදත්ත රජුරුන් වහන්සේද තම සිංහාසන මස්තකයෙන් නැගිට පුස්කොල කොලයකින් පිස දමා "අසුන් ගන්න චතුර් සෙනෙවිත්තමානනි

    ඔබ නොමැති හොත්ත නියා අප රාජසභාව
    පවා ප්‍රමාද කලෙමු.ඔබයි අපගේ මහොශ්ෂද
    මහොෂ්ශද පඩි තුමා පවා ඔබගෙන්
    උගත්තා නොවෙද "

    "දෙ...දෙ...දෙ...දෙවයනි අවසර...
    නැ...නැ....නැ...අවශ්‍ය ප්‍රසාද
    තු...තු...තු...ටිනිකරන්නේ මෙමා
    කි...කි...කි..මද රාජ කටයුතු "
    චතුර් සෙනෙවිත්තමයානෝ අසබඩ තිබූ සරල වේවැල් පුටුවක් ගෙන වෙනත් ඇමතිවරු මැණික් පුටුවල හිදිනා අවස්තාවේ රාජ පුටුවද ප්‍රතික්ෂේප කරමින්..
    අන් ඇමතිවරුන්ටද ආදර්ශමත් වෙමින් හිද ගත්තාහුය.....

    රාජසභාව ආරම්භ කිරීමට මත්තෙන් රාජසභාවේ දොරගුලු පවා කඩා බිද දමමින් රුහුණු දේශයේ මැදමූකලාන ගම්වරයේ මිහිදුසෙන් රාජපක්ෂ මහ ඇමතිවරයා තම පුත් කුමරු නාමල් කුමරු සමග රාජසභාවට කඩා පැන "මා නොමැතිව මේ රාජසභාව පවත්වලුයේ කෙසේද අපෙ හාමුදුරුවනේ
    දස අවුරුද්දක් ඔබගේ පියානන්ට මා සේවා කලා
    එතැන් පටන් ඔබයි මා සේවා කලේ බ්‍රහ්මදත්ත රජ්ජුරුවනේ " යැයි පවසමින් භූමියේ දෙපා ගසමින් ගොරැහැඩි හ්ඩින් රාජසභාව දෙදරාවලූයෙන් පැවසුවා....

    බබදත් රජ්ජුරුන්නාන්සේ ආසන මස්ජිදයෙන් නැගිට

    "ඔබ නැතිවූ නියා රාජසභාවම සොබරිත වූවා මිහිදුසෙන් කිමද නාවේ ඇයි නාවේ අසනීප වී? "

    ඉනෙහි සගව තිබූ කෙටේරිය අතට ගත් මිහිදු රාජපක්ෂ
    "කවුරුන්ද පැවසුවේ මුසා පැවසූවෙ මාගෙ බ්‍රහ්ම"

    "ආරන්චිවුවා පමනි මිහිදු "

    "මාගෙ පංචස්කන්දය දිරාගියත් මා මියගත් මාගේ ආත්මය පව මේ රාජසභාවේ සැරිසරාවි අපෙ හාමුදුරුවනේ "

    මදහෝරාවකින් රාජසභාව ආරම්භ වූවා පමනි මිහිදු සෙන්ගේ පුත් නාමල් කුමරු රාජසභාව තුලින් අතුරුදන් වූ බව චතුර් සෙනෙවිහට අවබෝද විය...
    කැසිකිලියට යන මුවාවෙන් රාජසභාවෙන් එලිපත්තට රූරා ගිය චතුර් සෙනෙවි අන්තප්පුරයට ඇතුල් වී නපුංසක වෙස් ගෙන අන්තඃපුරය පුරා නාමල් කුමරු සෙව්වත් සම්භ නොවිම නියා,භාන්ඩාගාරයේත්,භොජුන්හලේත්,වැසිකිලි කැසිකිලි තුලත් එබිකම් කරමින් රාජප්ක්ෂ පවුලේ සොර වැඩ ගැන ඉදිකට්ටක් සොයා වෙහෙසෙන ගෙතුම් ශිල්පියෙකු මෙන් සොය සොයා ඇවිදිමින් වෙහෙසුනාහුය...
    ගග වැරැල්ල පදුරකට මුවා වී බ්‍රහ්මදත්ත රජුරුන්වන්සේගේ දුවනිය මාලා හට පෙම් බස් දොඩමින් තම්මැට්ටම් ගසමින් සිටි නාමල් මාලා කුමරියගේ මැදුර අසලදී දැක ගන්නට චතුර් ඇමති සමත්වුවාය...

    "මාලා මා නුඹ ගැනම සිතාලා..
    මැදමුලනේ පෙම් මාලිගා තනාලා..
    මාලා පැමිණ නුඹ මාගේ පවසලා..
    පවසන්නකො ආලයයි කියාලා... "

    "මාලිනියේ ආලවන්තියේ...
    මාලිනියේ මා ලාලනියේ.. "

    මෙම සිදුවීම තම පයියෙහි (පසුම්බිය) තුල තිබූ තල් කොල කැබැල්ලක දල සටහනක් ලෙස ඇදගත්තාවූ චතුර් ඇමතිදුන් වහා රාජ සබාවට බට වී බ්‍රහ්මදත්ත දේවයන්වහන්සේට සැල කරනවා තමා ඇදගත් තල් කොලයේ දල චිත්‍ර සටහනත් සමග...

    "අහො ! කිමද මේ වෙන්නෙ ? මා මාලා මා ඔබව මනාලිය කරවන්නට සිතුවේ චතුර් ඇමතිගේ බාල මලන්ඩිය සමගයි...එය අපගේ වංශයටද යහපතක් යැයි සිතුවා නමුදු මාලා ඇයි ඔබ ආලෙ කලේ නමල් හ නමුදු මියෙන තුරා මා නොදෙමි නාමල් හට කිසිදා ඔබව මාලා "

    "මෙ...මෙ...මෙ..මෙය...බලලෝභී රාජපක්ෂගේ එක්තරා උ..උ...උ..උප්‍රකටමයකි ර...ර..ර..රජතුමනි...
    ඔවුන්ට අවශ්‍ය මාලා නොවේ රජතුමනි.. ! "

    "මාලා නොවේ ! එසේනම් කුමක්ද ඔවුන්ට අවශ්‍ය නොසගවා පවසන්න චතුර් සෙනෙවි "
    "මියුරු පෙම් මදිරාවෙන් උන්..
    ගැයුවාට ගි රාවෙන්
    මාලාම බහ දීමෙන්
    රන් අසරුව ලැබුනා වාගේ "

    "රජතුමනි ඔවුනට දැවැද්ද ලෙස මේ විෂ්වයේ පවා නොමැති ඔබ වහන්සේට පවමනක් ඇති රන් අසරුවා දැවද්ද ලෙසයි ඔවුනට අවශ්‍ය..ර...රා..ර..රජතුමනි..."

    එය ඇසු පමනින් බබදත් රජු විස්සෝපයට පත්ව මිහිදුසෙන් රාජපක්ෂ මහ ඇමතිවරයා සහ නාමල් කුමරු අල්ලා උල ගැසිමට රාජභටයන්ට සැල කලේය..
    මෙම අවස්තාවේහීදී මිහිදුසෙන් රාජපක්ෂ මහ ඇමතිවරයා නාමල් කුමරු සමග බබදත් රජුරුන්වහන්සේගේ අශ්ව ගාලට පුලිගු අවුලුවා
    රන් අශ්වයා පිට නැගී..බබදත් රජුගෙන් පලි ගැනිමේ අටියෙන් මාලා කුමරිද පහැර ගෙන රන් අශ්වයා පිට නැගී වාසල දොරටුව වෙත පවනටත් වඩා ලූ බදු වෙගයෙන් අසු හසුරුවමින් පැන යන්නට වූයේය...

    "ප..ප...ප ..ප...පලායාන්නට ඉඩ නො...නො...නො..
    දෙනු...වා...වා...වා...සල....දො...දො...දො..දොරටුව ව..
    ව...ව...ව...සනු " යැයි පැවසීමට උත්සහ කලවත්ම වාසල දොරටුවේ දොරටුපාල වරයාටද පයින් ගසා මිහිදු සෙන් රාජපක්ෂ පලාගියෙය....

    රාජපක්ෂලාගෙ මුතුන්මිත්තොත් හොරු බව හැමෝටම දැනගන්න share කරන්න:P:D:P.....ගමන් සුබයි ජය නියතයි බයියෝ කපෝතියි

    - උපුටාගැනීම එක්සත් බොදුනුවා-
     
    • Like
    Reactions: LazyLizard and GAC

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ප....ප....ප......පට්ට.........ජා.......ජා.......ජාතකයක් නේ:rofl::rofl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,229
    113
    Gotland
    සිංහලුන්ගේ ජාතකය නන් මෙවන්නක්ම මිස අන් කවරක්ද