කොහොමද කකුල් ඇති ඇත්තන් නිදි යන්නේ?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කොහොමද කකුල් ඇති ඇත්තන් නිදි යන්නේ?

    බාරොන් උපාසක රාළගේ සැදැහැ ගුණේ
    ඉරියව් වලින් කාටත් පැහැදිලිව පෙණේ
    ගරු සරු කරන ඔහු හැම අකුරට ම බණේ
    වන්දනා වෙනුයි හොදටම මහළු වුණේ

    අනුරාපුර පොළොන්නරු සමනළ කන්ද
    මයියංගන කැළණි විසි තිස් වර වැන්ද
    මිනිහට සැදැහැ ගුණයේහි අමරස වින්ද
    සම වන කොනකු ඇතිවිමට පුළු වන්ද

    හැම වෙහෙරකම නම කට පාඩමට දනී
    ඔහු සිත ඒවායේ සිතියම් පොතක වැනී
    සමහර විටක ඒ තැන් සිහිනයට පෙනී
    නින්දෙන් පවා බාරා බිම දෙදන ඇනී

    කිරි බැබලෙන හ‍ඳේ පසළොස්වක දිනක
    බණ දේසනාවෙන් පසු මැදියම් රැයක
    බාරොන් උපාසක තැන දිග මා ගලක
    නිදාගන්නට සැරසුණි බණ ගෙයි ‍ කොනක

    උතුරට දෙපා ලා එහි නිදිගත් ඔහුට
    යොමුවිය රුවන්වැලි මහ දාගැබ සිතට
    හරි පාපයක් නොවැ පා හරවනු එයට
    සලකා ගෙන සැදැහැවත් බාරා නැගිට

    වු දෙය ගැන සමා යැද තෙවිටක් නැමද
    දකුණට දෙපා දිග හැර සැරසුනි යලිද
    තිස්ස මහ වෙහෙර ඒ පැත්තෙන් නොවෙද
    සිතමින් නැගිට සිටියා සිහිකර වරද

    ඇයිමට මගේ දෙපා බස්නාහිරට දමා
    නිදාගන්නට බැරිවුණ එක වරද තමා
    සිතමින් සැදැහැවත් බාරොන් උවසු තුමා
    මේ වර හරි ගැසුණි හිස පෙර දිගට යොමා

    මොහොතයි ගතවුනේ කැළණිය සිහි වුයේ
    බාරා කෙලින් සිටියා පැදුරෙම ආයේ
    දාපෙති පිළිම නිම නැත මේ ගරු සෑයේ
    මගේ පා එදෙස හැරවුම වරදයි කීයේ

    යළි ඔහු මදක් කල් නුවණින් සල කමිනී
    නැගෙනහිරට පා දෙක ලා ගෙන වැටිනී
    මයියංගන වෙහෙර බුදු කෙනෙකුට දෙවැනී
    ඒ දෙස බව ඔහුගෙ හොද සිහියට නැගුනී

    අපොයි හරිම පව් මේ කල දෙය මොකද
    පළමුව තැනු වෙහෙර මයියංගන නෙවෙද
    කියමින් දෙපා අහසට හරවා යළිද
    නිදාගන්නට සැරසුනි මාගල වැළඳ

    සිළුමිණි සෑය සහ සිළුමිණි සෑය ඇති
    අහසට දෙපා හැරවුම නම් සුදුසු නැති
    කියමින් කෙළින් සිට රැ ගත කරනු සිතී
    නැගිටපි අවසාන වු පසු පහසු පැතී

    ඩැහැගත් කලක මෙන් විස කුරු සපකු විසින්
    ඔහු උඩ පැනපි වැගුරුණි දළ කඳුළු ඇසින්
    පෙනුනා ඔහුට නාලොව සෑ පොළව දෙසින්
    දෝතෙහි පා තබා පිස්සෙකුගෙ වෙසින්

    එලි වෙන තුරා මිනිහා මෙහෙමයි උන්නේ
    නොදනී කොහාටද පා දෙක හර වන්නේ
    කොහොමද කකුල් ඇති ඇත්තන් නිදි යන්නේ
    සැදැහැ වත් හෙයින් තව නැත වැට හෙන්නේ

    ශ්‍රද්ධාව නැමැති පද්‍ය සංග්‍රහයෙනි - සාගර පළන්සූරිය


    ඔක්කොම කියවන්ඩ ලස්සන කවි පෙලක් :):yes: