කොහොමද පුන්චි මොලේ....

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    කොහොමද පුන්චි මොලේ....

    හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ මාසික විශ්‍රාම වැටුප රුපියල් 25,000 සිට රුපියල් 97,500 දක්වා වැඩි කිරීමට අදාළ යෝජනාවක් පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් වී තිබේ.මෙම විශ්‍රාම වැටුප වැඩිවීම ක්‍රියාත්මක වීම ලබන වසරේ ජනවාරි මස 01 දින (2016.01.01) සිට ක්‍රියාත්මක වීම සඳහා වූ යෝජනාවට කැබිනට් අනුමැතියද හිමිව තිබේ.

    ජනාධිපතිවරයෙකුගේ මාසික විශ්‍රාම වැටුප වූ රුපියල් 25,000 ක ප්‍රමාණය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් 2006.07.01 දින බලපවත්වන පරිදි රුපියල් 97,500 ලෙස ප්‍රතිසංශෝධනය කරන ලදී. ඒ 2006 නොවැම්බර් මස 23 දින නිකුත්කරන ලද 06/2006 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය ක්‍රියාත්මන කිරීමෙන් පාර්ලිමේන්තු යෝජනා සම්මතයක් මගිනි.

    ඊට අනුරූපව අමාත්‍යවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේද දීමනා මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුපද ප්‍රතිසංශෝධනය කර තිබේ.
    නමුත් එයට සමගාමීව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට ගෙවනු ලබන මාසික විශ්‍රාම වැටුප වන රුපියල් 25000 මුදලෙහි කිසිදු වෙනස්කමක් සිදුවී නොමැත. ඒ හේතුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දැනට ගෙවනු ලබන මාසික විශ්‍රාම වැටුප වන රුපියල් 97,500 සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ මාසික විශ්‍රාම වැටුප ලෙස ගෙවන රුපියල් 25000 අතර විෂමතාවයක් පැනනැගී ඇති අතර, එය නිවැරදි කිරීම වෙනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

    මෙම යෝජනාවට අනුව හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ වැන්දඹු බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මියට රුපියල් 97,500 ක වැටුපෙන් තුනෙක් දෙකකට සමාන මාසික විශ්‍රාම වැටුපක් ගෙවීමට සහ මෙම යෝජනාවන් 2016 ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක කිරීමටත් අගමැතිවරයා යෝජනා කර තිබේ.

    ජනාධිපති ධුරය දරන තැනැත්තාගේ විශ්‍රාම වැටුප් හිමිකම එම ධුරය දරනවිට තිබූ වැටුපට සමාන මුදලක් විය යුතු බව 1986 මාර්තු 04 වැනි දින පාර්ලිමේන්තුව විසින් යෝජනා සම්මත කර තිබේ. ඒ අනුව 1988 වර්ෂයේ සිට හිටපු ජනාධිපතිවරුන් වන ජේ.ආර්. ජයවර්ධන, ඩී.බී විජේතුංග, හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාස මහතාගේ වැන්දඹු බිරිඳ වන හේමා ප්‍රේමදාස, සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රකා බණ්ඩාරණායක මහත්ම මහත්මීන්ට ගෙවනු ලැබූ විශ්‍රාම වැටුප වූයේ ජනාධිපතිවරයාගේ වැටුපට සමාන මුදලක් වූ මසකට රුපියල් 25,000 කි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2006 වර්ෂයේදී එය රුපියල් 97,500 දක්වා වෙනස් කළේය.



    ඇමනුම


    mahinda-chandrika.jpg
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ජනාධිපතිවරයෙකුගේ මාසික විශ්‍රාම වැටුප වූ රුපියල් 25,000 ක ප්‍රමාණය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් 2006.07.01 දින බලපවත්වන පරිදි රුපියල් 97,500 ලෙස ප්‍රතිසංශෝධනය කරන ලදී.
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ජනාධිපතිවරයෙකුගේ මාසික විශ්‍රාම වැටුප වූ රුපියල් 25,000 ක ප්‍රමාණය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් 2006.07.01 දින බලපවත්වන පරිදි රුපියල් 97,500 ලෙස ප්‍රතිසංශෝධනය කරන ලදී.

    :):lol:
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර

    ජනාධිපතිවරයෙකුගේ මාසික විශ්‍රාම වැටුප වූ රුපියල් 25,000 ක ප්‍රමාණය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් 2006.07.01 දින බලපවත්වන පරිදි රුපියල් 97,500 ලෙස ප්‍රතිසංශෝධනය කරන ලදී.


    :growl::growl::growl::growl::growl: