100% ක් ම සාර්ථකව නැති වුනත් ගොඩක් දුරට සාර්ථකව මම හොයන මුදලෙන් ගෙදර වියදමුත් කරලා ණයත් ගෙවලා මගේ අම්ම තාත්තට wife ගේ අම්ම තාත්තටත් දීල savings ත් කරලා business එකටත් ගානක් වෙන් කරනවා. තව wife ටත් ගානක් දෙනවා එයාගේ වියදම් වලට. Freelancing කරන නිසා ස්ථීර ආදායමක් නෑ. ඒ නිසා මම කාට කාටත් කියල තියෙන්නේ සල්ලි වැඩියෙන් අවොත් වැඩිපුර දෙනවා සල්ලි ආවේ නැත්නම් නිකන් ඉදපල්ලා කියලා. දැනට නම් වියදම් බෙදන්නේ මෙහෙමයි. මුලින්ම එන මුළු ගානෙන් 40% ක් bank එකට දානවා company එකට කියලා. (ඇත්තටම company එකක් නෑ. කවද හරි පටන් ගන්න කියලා ඉස්සරහට.) ඉතිරි ටික මගේ salary එක. salary එක මෙහෙම බෙදනවා. savings 17%, ගෙදර වියදමට 38%, wife ට 7%, මගේ වියදමට 7%, wife ගේ අම්මට 5% තාත්තට 5%, අපේ අම්මට 5% තාත්තට 5%, මගේ දුවට 5%, තව 3% ක් investment කියල අයින් කරනවා එකෙන් නම් තවම මොකුත් කලේ නැහැ. හදිසි අවස්ථාවක ගන්න 2%, පිනට දෙන්න 1%. මේ ගණන් ගැලපෙන විදිහට adjust කරනවා. බැංකු accounts 3 ක් තියෙනවා. වැඩ කරන සල්ලි එන්නේ එකකට. savings සල්ලි දාන්නේ වෙන එකකට. එකේ cards internet banking මොකුත් නෑ, බැංකු ගිහින්ම සල්ලි ගන්න ඕන. company එකට කියලා වෙන් කරපු එකත් දාන්නේ වෙනම account එකකට. එකෙත් ගිහිල්ලම සල්ලි ගන්න ඕන ගන්නවානම්.
මේ accounts manage කරන එක ටිකක් අමාරුයි. ඒ උනාට පුරුදු වුනාම එච්චර ගානක් නෑ. phone එකට දාගෙන තියෙන්නේ. මොකක් හරි ගනුදෙනුවක් කරපු වෙලාවේම ඒක ඒ ඒ accounts වලින් අඩු කලාම හරි.
මට එන total income එකම බොහොම පොඩි ගානක්. ඒ උනාට ගොඩක් උන් හිතන් ඉන්නේ ඩොලර් එන නිසා සල්ලි තියෙනවා කියලා. ඉතින් සල්ලි ඉල්ලගෙන එනවා. එතකොට කරන්නේ පින් account එකේ balance එක බලලා දෙන්න පුළුවන් ගාන කියන එක. පාරේ ඉන්න හිගන්නෙකුට උනත් පින් account එකේ සල්ලි තිබුනොත් තමා දෙන්නේ. ඉතින් බොහොම ලේසි.
අම්ම තාත්තට උනත් වැඩ අවොත් එයාලගේ share එක දෙනවා. නැත්නම් නෑ. තියෙන දවසට wife ගේ අම්මා තාත්තටත් සල්ලි දෙන නිසා එයාලත් happy. wife ටත් සල්ලි දෙන නිසා එයත් happy.