කොළඹින් හමුවන නව ආසාදිතයන්ගෙන් 90%ක් ඩෙල්ටා

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    03EKYMj.jpg


    කොළඹ නගරයෙන් හඳුනා ගැනෙන නව කොරෝනා ආසාදිතයින් ගෙන් 90%ක්ම ඩෙල්ටා ආසාදිතයින් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යා හා අණුක ජීව විද්‍යා අංශයේ ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර පවසනවා.
    2019 දෙසැම්බරයේදී චීනයේ වුහාන් නගරයෙන් සොයා ගත් මුල් කොරෝනා වෛරසයට වඩා සියයට සියයක සම්ප්‍රේෂණය හැකියාවක් ඇති නව ඩෙල්ටා ප්‍රභේදය මුහුණු ආවරණ පැළඳ නොමැති කෙනෙකුට ආසාදනය වීමට තත්පර පහක් ප්‍රමාණවත් බවත්, පැය කිහිපයක් ඇතුළත ආසාදිත පුද්ගලයාට එය තම මුළු පවුලට ලබා දිය හැකි බවත් වෛද්‍ය ‍ජිවන්දර පෙන්වා දෙනවා.

    මේ නිසා සමාජ දුරස්ථභාවය, අත් සේදීම වැනි කොවිඩ් -19 මාර්ගෝපදේශ තදින් අනුගමනය කළ යුතු බවටයි ආචාර්ය ඔහු අවධාරණය කරන්නේ.

    මේ වනවිට බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක තුන හැරුණු විට යාපනය, මුලතිව්, කිලිනොච්චිය, වව්නියාව, ත්‍රිකුණාමලය, දඹුල්ල, මහනුවර, අම්පාර, රත්නපුර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලින් මේ දක්වා ඩෙල්ටා ආසාදිතයන් හමුවී තිබෙනවා.
    කෙසේ වෙතත් අධි සම්ප්‍රේෂණ හැකියාවක් ඇති මෙම ප්‍රභේදය තවමත් බස්නාහිර පළාතෙන් පිටත වසංගත මට්ටමෙන් තවමත් ව්‍යාප්ත වී නොමැති බවයි ආචාර්ය ජීවන්දර අවධාරණය කරන්නේ.
    ඔහු පවසන්නේ තවමත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් හමු වන්නේ එතරම් භයානක නොවන සහ අඩු සම්ප්‍රේෂණ හැකියාවක් ඇති ඇල්ෆා ආසාදිතයින් බවයි.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 100කට අධික සංඛ්‍යාවකට ව්‍යාප්ත වී ඇති මෙම මාරාන්තික වෛරසය පාලනය කිරීම සඳහා වහ වහා නිසි ක්‍රියාමාර්ග නොගතහොත් ඉදිරියේදී ඉතාම ඉහළ මරණ සංඛ්‍යාවක් වාර්තා වීමේ අවදානමක් ඇති බවයි ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර පවසන්නේ.
     
    • Sad
    Reactions: hodakolla