කොළඹ අංකල්ලා!

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha


    1. සියල්ල දත්

    Siyalla-Dath.jpg


    “ඔහොම නෙමෙයි රෙඩ්ඩව පොට් කරල ඉන්න”

    මේ වර්ගයේ අංකල්ලා මාරම ඇණයකි. “අයි නෝ ද ලෝ” සිට “මැරෙනා සැටි මං පෙන්වමි” දක්වා යා හැකි පුද්ගලයන් කොටසකි. කැරම් ගහන තැනකට ආවොත් “ඔහොම නෙමෙයි රෙඩ්ඩව පොට් කරල ඉන්න” කියලා ගේමේ ජොලිය නැති කරයි. ක්‍රිකට් ගහන තැනකට ආවොත් “අපරාදෙ දෙන්න තිබ්බේ අත දිගඇරල” කියා බැට්ස්මන්ගේ විශ්වාසය බින්දුවට බස්සයි.

    ක්‍රීඩාවට විතරක් නොව විවිධ ක්ෂේත්‍රවල දැනුම ඇති මේ අංකල්ලා අහල පහල ගෙදරක බාස් කෙනෙක් වැඩ කරනු දැක්කොත් වහා පැමිණ උපදෙස් දෙන්නට පටන් ගනී. මේසන් බාස්ට කපරාරු කරන හැටිත්, ඉලෙක්ට්‍රික් බාස්ට වයර් අදින හැටිත් කියාදීමට පැමිණෙයි. බාස්වරු කුපිත වී ගෙදර යන අතර එවිට අංකලුත් ෂේප් එකේ ගෙදරට මාරු වනු ඇති.

    යම් සාකච්ඡාවක නිරත වීමට තමන්ගේ දැනුම ප්‍රමාණවත් නැති වූ කල මේ අංකල්ලා මැක්කාගේ ගේමට එන්ටර් වෙති. උදාහරණයක් හැටියට අපි wrestling තරඟයක් ගැන කතා කරමින් සිටින අතරක මාතෘකාව හිමීට බොක්සිං වලටත් තමන් හොඳින් දන්නා මොහොමඩ් අලීටත් මාරු කරනු ලබයි. ඉන්පසු අලී විසින් ෆෝමන්ට ගහපු හැටිත්, රම්බල් ඉන් ද ජංගල් ගැනත් දීර්ඝ විස්තරයක් අපිට ඇසීමට සිදුවේ.

    පණ්ඩිතකම වැඩි උනත් මෙවැනි අංකල්ලා බුද්ධිමත් බවද පිළි නොගෙන බැරිය. ඒ මක් නිසාද කිවහොත් බිරිඳ ඉදිරියේදී තම පණ්ඩිතකම් ප්‍රදර්ශනයට ඔවුන් කිසි විටකත් නොයන නිසාය.

    2. ඉලන්දාරි අංකල්

    Ilandaari-Uncle.jpg


    “ආ නංගී”

    මේ අය සදාකාලික තරුණයෝ වෙති. තමන්ටත් වඩා වයසින් බාල අපේ අම්මලා තාත්තලාට “අක්කෙ අයියෙ” කියා අමතන මොවුන්, අපිට “නංගි මල්ලි” කියා අමතති. ප්‍රාතිහාර්යකට මෙන් පීනසේකටවත් ආ නරකෙසක් මොවුන්ගේ හිස් වල දකින්න නැත. බිරිඳ සමග වැඩිපුර පෙනෙන්නට ගමන් යන්නේ නැති අතර කොල්ලො කුරුට්ටන් සමග මැච් ගහන්න, ට්‍රිප් දාගෙන යන්න මාර ආසය. ඒ ගමන් වලදී අහල පහල ඇහැට කනට පේන කෙල්ලෙක් දුටු විට කොල්ලන්ටත් කළින් “ආ නංගී” කියා අමතයි. නැත්නම් වෙනත් කතාවකට මුල පුරයි.

    මේ අංකල්ලා වැඩිපුර ෂොපින් කරන්නට කැමති කාන්තා පාර්ශ්වය විසින් පවත්වාගෙන යන කඩවලින්ය. රුපියල් දහයේ බඩුවකට දීම සඳහා වුවද කොයි වෙලෙත් සූදානමින් පර්ස් එකේ තබාගෙන ඇති රුපියල් දෙදහසේ හෝ පන්දහසේ කොළයක් ඔවුන් සතුව ඇත. සුපර් මාකට් එකේ නංගිලා හැම දෙනාවම නම් වලින්ම හැඳිනීමට තරම් මේ අංකල්ලාගේ මතකය තියුණුය.

    කෙසේ වෙතත් ඉහත කරුණු කාරණා වලින් ඔවුන් ගැන වැරදියට සිතීම නුසුදුසුය. මේ අංකල්ලා කාන්තාවන්ට හිරිහැර කරන ස්ත්‍රීලෝලී අය නොවෙති.තමන්ගෙන් තරුණ බව පළාගිය බවට පිළිගන්නට අකමැති, සැහැල්ලු ජීවිතයට ප්‍රිය අංකල්ලාය මේ අය.

    3. අතීත අංකල්
    Atheetha.gif


    “ඒ කාලෙ අපි බුහාරි එකෙන් කාපු බුරියානි තමයි නියම”

    මේ අංකල්ලා ජීවිතයේ හෝ අතීතයේ යම් කාල වකවානුවක නොස්ටැල්ජික මතක අතර හිරවී සිටින අයය. එක්කෝ තමන් කල රැකියාව ඒ සඳහා මූලික වේ. එසේත් නැත්නම් ජීවිතේ විනෝදයෙන් ගෙවූ කාල වකවානුවක්ද විය හැක.

    හෝටලයකින් කන්නට ගිය විට, “මේ මොන රහද? ඒ කාලෙ අපි බුහාරි එකෙන් කාපු බුරියානි තමයි නියම” කියමින් ඒ කාලෙ ආහාර වල රසය ගැන කියවන්න පටන් ගනිති.

    අනර්කලීව තිරයේ දකිද්දී “මේත් නිළියොද? ඒ කාලෙ මාලනීල, නීටලනෙ බලන්න ඕනෙ” කියති. ඕනෑම දෙයක් ගැන පිළිතුරු දෙන්නේ ඒ කාලෙනි.

    “රස්නෙයි නේද?” ඇසුවද “ඒ කාලෙ හැට ගණන් වල මෙහෙම රස්නයක් තිබ්බෙ නෑ” කියති.

    තත්වය එසේ වූවද මේ වාගේ අංකල්ලා සමහරක් සමඟ කතාබහ ඉතා විනෝදබරය. කලාකාමී, ක්‍රීඩාවට ලැදි සමහරු ඒ කාලේ දුලිප් මෙන්ඩිස්ලා, සතාසිවම්ලා ගහපු ඉනිම් ගැනත්, ගැලරියේ සිට නැරඹූ ජෝ, ගාමිණීලාගේ චිත්‍රපට කතා ගැනත් කියද්දී ඉතා රසවත්ය.

    4. නිශ්ශබ්ද විලියම් හෙවත් හාමු ටයිප්

    Nishshabda.jpg


    “නයිස් ඩේ ඉස්න්ට් ඉට්?”

    මේ විදිහේ අංකල්ලා බොහෝ විට මහත්වරු වෙති. එහෙමත් නැත්නම් මහත්වරු විදිහට ජීවත් වන බව පෙන්වන්නට උත්සාහ දරති. පාරේ ඇවිද යන්නේ බාගෙට බුම්මාගත් මුහුණකිනි. එහෙමත් නැත්නම් අඩ වශයෙන් තමන්ටම හිනා වෙන්නාක් මෙන් හිනාවකිනි. බොහෝ අය බෙරේ ටයිප් තොප්පි හා කොට කළිසම් ද තවත් සමහරු දිග කලිසම් හා කමිසද ඇඳ උදේ ඉංග්‍රීසි පත්තරය ගැනීමට වෝක් එකක් දාති.

    මේ අය හැසිරෙන්නේ තරමක මිනිසුන් ඇලජික් විලසිනි. කා දෙසවත් නොබලා පාරේ ගමන් කරන මේ අංකල්ලා සතු විශේෂ හැකියාවක් නම් තමන්ගේ සමාන මට්ටමේ හිතවතුන් දුටු විට පමණක් ක්ෂණික ප්‍රතික්‍රියා දැක්වීමය. එවිට ක්ෂණිකවම හිස ඔසවා හෝ හරවා “ගුඩ් මෝනිං සිල්වා”, “නයිස් ඩේ ඉස්න්ට් ඉට්?” වැනි කෙටි ප්‍රතිචාරයක් දක්වා වහාම තම නිවාස තුළට වැදෙති.

    මේ අංකල්ලා වෙනුවට සමාජ සම්බන්ධතා පවත්වාගෙන යන්නේ ඔවුන්ගේ බිරින්දෑවරුන්ය. ඔවුන් බොහෝවිට මිත්‍රශීලී ගති ලක්ෂණ වලින් හෙබි කාන්තාවෝ වෙති. ආධාර පත්තර, ගමේ පොදු වැඩ ආදී නොයෙකුත් කාරණාවලදී ඔහුව නියෝජනය කරන්නේ ඇය විසිනි. පැමිණි අයගේ කාරණාව අසා නිවස තුළට යන මේ මහත්මීන් නැවත තම සැමියාගේ තීරණ හෝ ආධාර ගැන පැමිණි පිරිසට නිවේදනය කරනු ලබයි.

    5. සෞම්‍ය සිරිපාල

    Saumya.gif


    “මේ මිනිහට අහස ඔලුවට කඩං වැටුනත් ගාණක් නෑ”

    ජීවිතං අනියතං- මරණං නියතං

    එතකං ජීවිතං- ජොලියෙං ගතකරං

    මේ ටයිප් අංකල්ලාගේ ජීවන දර්ශනය එහෙමය. කොයිවෙලේත් කැමති සන්තෝසයෙන් ඉන්නටය. අනවශ්‍ය ප්‍රශ්න ඔලුවට දමා නොගැනීමට වග බලා ගනිති. ඒ නිසාම සමහර වෙලාවට “මේ මිනිහට අහස ඔලුවට කඩං වැටුනත් ගාණක් නෑ” කියා හාමිනේලාගෙන් දොස්ද අහති. අහල පහල කේළං, රැවුම් ගෙරවුම් වලට අවධානය යොමු නොකරන මේ අංකල්ලා ඒ හැම දෙයක් දිහාම උපහාසය මුසු උපේක්ෂාවෙන් බලති.

    බිරිඳ සමගද දරුවන් සමගද සමීපය. බොහෝ විට නෝනේ හෝ ඩාලිං කියා බිරිඳ අමතයි. බාල තරුණ වැඩිහිටි කොයි කාවත් හිනාවෙන් සන්තර්පණය කරන්නට මේ අංකල්වරු සමත්ය. ලෝබ කමද ගෑවිලාවත් නැති මේ වැනි අය හැඳ සිටින සරම ගලවා අනිත් අයට දෙන්නට තරම් වුවද ත්‍යාගශීලීය. ඒ නිසාම වැඩි දියුණුවක් නැති කොට්ඨාසයකි.

    හවසට හීනි අඩියකින් සප්පායම් වී තමන්ටම ගීතයක් මුමුණාගැනීමට හුරුවී සිටින මොවුන්, කටට රසට කෑම කන්නටද රුසියෝය.

     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    1. සියල්ල දත්
    අපේ ඉස්කෝලෙ මුර කාරයව මතක් වුණා. කියපු සියළුම ගති ලක්ෂණ ඌට තියෙනවා. නෙලතැහැකි හතර හන්දි කැඩෙන්න.
    :frown:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka


    5. සෞම්‍ය සිරිපාල

    Saumya.gif


    “මේ මිනිහට අහස ඔලුවට කඩං වැටුනත් ගාණක් නෑ”

    ජීවිතං අනියතං- මරණං නියතං

    එතකං ජීවිතං- ජොලියෙං ගතකරං

    මේ ටයිප් අංකල්ලාගේ ජීවන දර්ශනය එහෙමය. කොයිවෙලේත් කැමති සන්තෝසයෙන් ඉන්නටය. අනවශ්‍ය ප්‍රශ්න ඔලුවට දමා නොගැනීමට වග බලා ගනිති. ඒ නිසාම සමහර වෙලාවට “මේ මිනිහට අහස ඔලුවට කඩං වැටුනත් ගාණක් නෑ” කියා හාමිනේලාගෙන් දොස්ද අහති. අහල පහල කේළං, රැවුම් ගෙරවුම් වලට අවධානය යොමු නොකරන මේ අංකල්ලා ඒ හැම දෙයක් දිහාම උපහාසය මුසු උපේක්ෂාවෙන් බලති.

    බිරිඳ සමගද දරුවන් සමගද සමීපය. බොහෝ විට නෝනේ හෝ ඩාලිං කියා බිරිඳ අමතයි. බාල තරුණ වැඩිහිටි කොයි කාවත් හිනාවෙන් සන්තර්පණය කරන්නට මේ අංකල්වරු සමත්ය. ලෝබ කමද ගෑවිලාවත් නැති මේ වැනි අය හැඳ සිටින සරම ගලවා අනිත් අයට දෙන්නට තරම් වුවද ත්‍යාගශීලීය. ඒ නිසාම වැඩි දියුණුවක් නැති කොට්ඨාසයකි.

    හවසට හීනි අඩියකින් සප්පායම් වී තමන්ටම ගීතයක් මුමුණාගැනීමට හුරුවී සිටින මොවුන්, කටට රසට කෑම කන්නටද රුසියෝය.


    මෙන්න මේ ටයිප් එකේ පොරවල් තමයි සුපිරිම ඩයල්.......:P:yes::D
    Rep+