කොළඹ කොටුව දුම්රිය ස්ථානය

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,913
    3,250
    113
    කොළඹ කොටුව දුම්රිය ස්ථානය
    ========================

    ඉඳිකරන ලද්දේ 1907 වසරේදීය. එය වසර 113 පැරණිය.
    බ්‍රිතාන්‍ය පාලන සමයේ වික්ටෝරියානු ගෘහ නිර්මාණ සම්ප්‍රදායට මෙම මහා ගොඩනැඟිලි සංකීර්ණය නිමවා තිබේ.1864 ලංකාවට දුම්රිය හඳුන්වා දෙන ලද අතර ප්‍රථමයෙන් උඩරට දුම්රිය මාර්ගය ඉදිවිය. ඒ අනුව ප්‍රධාන දුම්රිය නැවතුම ලෙස මරදාන දුම්රිය ස්ථානය ඉදිකරන ලදී.මුහුදුබඩ දුම්රිය මාර්ගය ඉදිකිරීමෙන් අනතුරුව 1907 දී කොටුව ප්‍රධාන දුම්රිය පොළ ඉදිකරන ලදී.

    එවකට ඉතා සීමිත මගීන් සංඛ්‍යාවක් දුම්රියේ ගමන් කළ නමුත් ඉංග්‍රීසිහු වසර 100 ක් ඉදිරිය ගැන සිතා කොටුව දුම්රිය ස්ථානය සැලසුම් කර තිබේ.

    දැනට ලක්ශ 3 කට ආසන්න මගීහු දෛනිකව මෙම දුම්රියපොළ හරහා ගමන් පහසුව සලසා ගනී.

    අංග සම්පූර්ණ මගී සේවාවක් සැලසෙන පරිදි කාර්යාල විවේකාගාර ,සනීපාරක්ෂක සේවා ස්ථාන ස්ථාපිත කර තිබේ.

    දුම්රිය වේදිකාවක සිට බලන ඔබ දකින දැවැන්ත යකඩ ආරුක්කු,පාලම්,සෝපාන පන්ති සියල්ල එකල මෙම ගොඩනැඟිල්ල සඳහාම බ්‍රිතාන්‍යයේ සිට නැවු මඟින් ප්‍රවාහනය කර තිබේ.

    ශක්තිමත් ගොඩනැඟිල්ලක් සඳහා ගෙනෙනු ලැබූ යකඩ ආරුක්කුවල තිබෙන කැටයම් මෝස්තර රටා කිසි දිනක ඔබේ අවධානයට යොමුවූවා දැයි නොදනිමි.

    වේදිකා අතර මාරුවී යෑමට තැනූ පාලම්වල දැවයෙන් නිමාවූ පියගැටපෙළ තවමත් ශක්තිමත්ව මහ පොළොව මෙන් දරා සිටී.

    එවකට බ්‍රිතාන්‍යයේ දුම්රිය ස්ථාන ඉදිකළ අන්දමින්ම යටත් විජිතවලද දුම්රිය පොළ ඉදිකරන්නට ඉංග්‍රීසිහු කටයුතු කර ඇති අන්දම ලංකාවේ මෙන්ම ඉන්දියාව,මැලේසියාව ආදී අනෙකුත් බ්‍රිතාන්‍ය කිරීටයට යටත්ව තිබූ රාජ්‍යයන් හීදීද අපට දැකගත හැකිය.

    අධිරාජ්‍ය විරෝධී හැඟීම්වලින් කුල්මත්ව සිටින අපට මෙම ඉදිකිරීම ගැන සිතන්නට සිතුවිලි පහළ නොවේ.

    මහා කඳු විදගෙන දුර්ග මාර්ග ඔස්සේ බදුල්ලට යකඩ යකා ගෙන යෑමේ කීර්තිය සුද්දාට දෙන්නට අප සතුටු නැත.

    දෙමෝදර ආරුක්කු අටේ පාලම අපේ මාතර බාස් කෙනෙක් හැදුවා යැයි කියන්නට අපි හරි කැමතිය.

    මාතර සිට බෙලි අත්තට රේල් පාර දමා ගන්නට අප අවුරුදු කීයක් තැටමුවාද කියා කියන්නත් ලැජ්ජය.

    ඉංග්‍රීසීන් මේ රටේ මහා මාර්ග දුම්රිය මාර්ග තැනුවේ වැව් අමුනු ප්‍රතිසංස්කරය කළේ අපේ රට සූරා කෑම පිණිස යැයි මෙරට වම්මු හැමදාමත් කියන කතාවට ගැඹුරු පදනමක් නැත.

    මන්ද 1815 දී රදලයන් සහ භික්ෂූන් විසින් රට ඉංග්‍රීසීන්ට පාවාදුන් තැන සිට ලංකාව අයිති බ්‍රිතාන්‍යයටය..

    මේ රට උන්ගේ හිරු නොබසින අධිරාජ්‍යයේ තවත් එක් රටකි.

    උන් උන්ගේ රට සූරා කෑවා යැයි ගොඩනඟන මතය පැටලිලි සහගතය.

    මෙරට මහා මාර්ග ආදී සංවර්ධන වැඩ සඳහා මුලදි ස්ටාලින් පවුම් මුදල් පාස් කළේ බ්‍රිතාන්‍යයේ සෙනෙට් සභාවේ දීර්ඝ වාද විවාදවලින් පසුවය.

    අති විශාල මුදල් සම්භාරයක් ආයෝජනය කළ යටත් විජිත අතහරින්නට ඉංග්‍රීසීන්ට සිදුවූයේ ජර්මනියේ ඇඩෝල්ෆ් හිට්ලර් දෙවන ලෝක යුද්ධයේදී මහා බ්‍රිතාන්‍යයට පහර දුන් නිසාය.

    තවදුරටත් යටත් විජිත නඩත්තු කරන්නට බ්‍රිතාන්‍යයට හැකියාවක් නොවීය.

    ලංකාවට නිදහස ලබාදීමේ ගෞරවය හිමිවිය යුත්තේ නාසි නායක ඇඩෝල්ෆ් හිට්ලර්ටය.

    අපේ නායකයන් නිදහස උදෙසා කරපු කෙංගෙඩියක් නැත. රට අමාරුවේ වැටුණේ සුද්දා කළු සුද්දන්ට රට භාරදුන් නිසාය.

    කොටුව දුම්රිය ස්ථානය හදපු සුද්දාට පස් පඩංගුවේ බනින මිනිස්සු අපේ සල්ලිවලින් ගමේ බස් හෝල්ට් එක හදා තමන්ගේ නම ගසා පළාත් සභාකාරයාට ජන්දය දී කෘතවේදීත්වය පළකරන්නට අමතක නොකරති.................

    Gayan akash kulathunga විසින් ඉදිරිපත් කල විස්තරයක් ...
     

    Attachments

    • FB_IMG_1609641357417.jpg
      FB_IMG_1609641357417.jpg
      12.4 KB · Views: 129
    • FB_IMG_1609641360182.jpg
      FB_IMG_1609641360182.jpg
      52 KB · Views: 132

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    යටත් විජිත සීන් අත්හරින එක පොඩ්ඩක් වෙනස් වෙන්න ඕන,

    ඉන්දියානු ආණ්ඩුව, යෝජනා කළා ඉන්දියානු හමුදා ලෝක යුද්ධයට සහභාගී කරවන්න නම් යුද්ධයෙන් පස්සේ ඉන්දියාවට නිදහස දිය යුතුයි කියල, ඒ එකඟත්වය නිසයි ඉන්දියාවට කලින්ම නිදහස ලැබුනේ, එක කැස්කේඩ් ඉවෙන්ට් එකක්, එකෙන් ලංකාවට නිදහස ලැබුන.

    ඇත්තම කිව්වොත් ලංකාව නිදහස් රටක් නොවී තිබුනා නම් වඩාත් හොඳ වෙන්න තිබුන, මොකද සුද්දන්ගෙන් පස්සේ ආණ්ඩු බලය ලැබුනේ වංශාධිපතියන්ට. උන්ට ඕන වුනේ පැරණි රජකාලේ වගේ මේ රට පාලනය කරන්න,

    කියන්න කණගාටුයි, දැන් අපේ මිනිස්සු නිදහස ලැබුණු කාලයෙටත් වඩා දුර්වල හීනමානයෙන් පෙලෙන මිනිස්සු.
     

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    https://en.wikipedia.org/wiki/List_...e_gained_independence_from_the_United_Kingdom

    Countries of the United Kingdom that have voted against independence[edit]
    CountryDateYearNotes
    23px-Flag_of_the_United_Kingdom.svg.png
    Northern Ireland
    8 March1973In the 1973 Northern Ireland sovereignty referendum, voters in Northern Ireland were asked to decide if they wanted to remain in the United Kingdom or to leave and join with the Republic of Ireland. They voted in favour of the United Kingdom by 98.9% to 1.1%, although Irish Nationalists boycotted the vote.
    23px-Flag_of_Scotland.svg.png
    Scotland
    18 September2014In the 2014 Scottish independence referendum, 55.3% of voters who qualified as residents of Scotland, chose 'No' to the question: 'Should Scotland be an independent country?' 44.7% of voters chose 'Yes'. In March 2017, preliminary negotiations to begin to prepare an agreement to run a second referendum were proposed by the Scottish Parliament but were rejected out of hand by the Prime Minister. The proposal of preliminary negotiations was triggered by the Brexit vote, which saw a majority of voters in England and Wales vote to leave the EU while a majority in Scotland and Northern Ireland voted to remain.
     
    • Like
    Reactions: Walter White