කොළඹ කොරෝනා පාලනයෙන් ගිලිහෙයි. නගරය භයානක තැනක.

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    කොළඹ කොරෝනා පාලනයෙන් ගිලිහෙයි… නගරය භයානක තැනක.. වසංගත රෝග විද්‍යා ප‍්‍රධානීට දැඩි චෝදනා..

    අද වන විට කොළඹ නාගරික බල ප්‍රදේශය කොරෝනා වසංගත උවදුර විසින් ගිල ගෙන ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

    කොරෝනා දෙවැනි රැල්ල පහසුවෙන් පාලනය කරගත හැකිව තිබූ අවස්ථාව ගිලිහී ගියේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානියා ගේ අත්තනෝමතික ක්‍රියාකලාපය නිසා යැයිද එම සංගමය පෙන්වා දෙයි.

    දෙවැනි රැල්ලක් ඇති වීමේ අවදානම පසුගිය මාර්තු මාසයේදී තම සංගමය විසින් පෙන්වා දුන්න ද වසංගත රෝග විද්‍යා ඒකකය ඒ ගැන සැලකිල්ලක් නොදැක්වීම නිසා අද වන විට කොළඹ නගරය තුළ භයානක තත්වයක් නිර්මාණය වෙමින් ඇතැයි ද සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

    වසංගත රෝග විද්‍යා ඒකකයට පළපුරුදු විශේෂඥ වෛද්‍යවරුන් දහයකට ආසන්න පිරිසක් අනුයුක්ත කර සිටියදී එම ඒකකයේ ප්‍රධානියා ඉන් වෛද්‍යවරු දෙදෙනෙක් පමණක් කොරෝනා මර්ධන කටයුතු සඳහා යොදා ගනිමින් අත්තනෝමතිකව කටයුතු කරන බව ද ඔහු චෝදනා කළේය.

    මේ පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දෙන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    කොලඹ කොයි පැතිවලද කොරෝනා කේස් වැඩිපුර තිබිලා තියෙන්නේ මචන් ? : :eek:
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,356
    9,135
    113
    Around the world
    126170475_10159547546516874_6597846386093109888_n.jpg
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    Colombo 10, රජයේ ප්‍රධාන බෙහෙත් බෙදා හරිම ස්ථානයක රෝගීන් 21 + හමුවී ඇති බව සමාජ මාධ්‍ය වාර්තා කර ඇත.
     
    • Wow
    Reactions: MR.Innocent

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මිනිස්සු මගෙන් අහනවා අර ෆැක්ටරි එකේ වැඩ පටන් අරන්ලු මේකේ පටන් අරන්ලු අරෙහෙ පටන් අරන්ලු.ප්‍රධානම ලයින් එකක් ඩවුන්.මිනිස්සු කියන විදිහට වැඩ පටන් ගන්ඩත් බෑ.පටන් ගත්තොත් ආණ්ඩු කියන කියන වෙලාවට වැඩ නවත්තන්ඩත් බෑ.මම දැන් උත්තර නැතුව නන්නත්තාර වෙලා ඉන්නේ.:angry:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,102
    1
    58,447
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මිනිස්සු මගෙන් අහනවා අර ෆැක්ටරි එකේ වැඩ පටන් අරන්ලු මේකේ පටන් අරන්ලු අරෙහෙ පටන් අරන්ලු.ප්‍රධානම ලයින් එකක් ඩවුන්.මිනිස්සු කියන විදිහට වැඩ පටන් ගන්ඩත් බෑ.පටන් ගත්තොත් ආණ්ඩු කියන කියන වෙලාවට වැඩ නවත්තන්ඩත් බෑ.මම දැන් උත්තර නැතුව නන්නත්තාර වෙලා ඉන්නේ.:angry:
    ??
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,639
    67,990
    113
    Ada castle street patte yanakota mask dagena babbu hambenna polime.eka dekala epa una