කොළඹ නගරය පරමාදර්ශී නගරයක් කරමු

EQUAL

Member
Sep 21, 2011
30
6
0
කොළඹ නගරය පරමාදර්ශී නගරයක් කරමු

එක්සත් ජනතා නිදහස් සන්ධාන කොළඹ පුරපති අපේක්ෂක මිලින්ද මොරගොඩ මහතාගේ
ප‍්‍රතිපත්ති කතිකාව

Milinda-Moragoda.jpg

කොළඹ අපේ ප‍්‍රධාන නගරයයි. එය මුළු මහත් ජාතියට ම අයත්වූවකි. නා නා ජාතීන් එක් ව වාසය කිරීමෙන් ඇති වී ඇති විවිධත්වය කොළඹ නගරයේ දක්නට ලැබෙන විශේෂ ධනාත්මක ලක්ෂණයකි. මේ ජාතික වස්තුව රටේ අනෙකුත් ප‍්‍රදේශ සහ නගරවලට ආදර්ශයක් විය හැකි පරිද්දෙන් පරමාදර්ශී නගරයක් ලෙස සංවර්ධනය කිරීමේ බලාපොරොත්තුවක් සහ අධිෂ්ඨානයක් මා තුළ තිබේ.

එක් ව වැඩකිරීම තුළින් මේ අදහස ඉටුකරගැනීමටත් එහි පුරවැසියන්ගේ ජීවිතවල ගුණාත්මකබව වැඩි දියුණු කිරීමටත් හැකි බව මම දැඩි ව විශ්වාස කරමි. මේ සඳහා අවශ්‍ය ප‍්‍රතිපත්ති සහ සැලසුම් සම්පාදනයේ දී මෙන් ම ක‍්‍රියාත්මක කිරීමේදීත් සමාජයේ සියලු ම කොටස් සමඟ සමීප ව කටයුතු කිරීමට මම අපේක්ෂා කරමි. හොඳින් ක‍්‍රියාත්මක වන සහ පාලනය වන මෙන් ම සියලු ජාතීන්ට අයත් පුරවැසියන්ට සාමයෙන් සහ සතුටින් එක් ව ජීවත්විය හැකි හා ගෞරවනීය ලෙස ජීවිකාව කළ හැකි නගරයක් බවට පත්කිරීම සඳහා අවශ්‍ය දක්ෂ සහ වෘත්තීයමය පරිපාලනයකින් කොළඹ සන්නද්ධ කිරීමට මට හැකියාව තිබේ.

මුළු මහත් ශ‍්‍රී ලංකාවට ම ගැටලුවක් ව පැවති ත‍්‍රස්තවාදී තර්ජනය කොළඹ නගරයේ සිදුවෙමින් පැවති සංවර්ධනය ද අඩපණ කරන්නට ද විකෘති කරන්නට ද එ මඟින් ඒ තුළ වෙසෙන සෑම ජන කොටසක ම ජීවන තත්ත්වය පහත හෙළන්නට ද හේතුවක් විය. එම තර්ජනය නිමකිරීමත් සමඟ ම කොළඹ නගරය සහ අවට ප‍්‍රදේශ සංවර්ධනය කිරීමේ කටයුතු රජය මඟින් අරඹා ඇත. නගරය අවලස්සන කළ තාප්ප බිඳවැටෙනු මෙන් ම ජලය බැසයන මාර්ග අවහිරකරමින් තිබූ මඩ සහ කුණු කසල ඉවත් කෙරෙනු ඔබ ද දකින්නට ඇත. මෙම වැදගත් සංවර්ධන කටයුතු නිසියාකාර ව කරන්නට නම් අදාළ විවිධ රජයේ ආයතන සහ වැඩසටහන් මනාව සම්බන්ධීකරණය කිරීම මෙන් ම ඒ සඳහා අවශ්‍ය සම්පත් රජයේ විවිධ අංශවලින්, පෞද්ගලික අංශයෙන් මෙන් ම ජාත්‍යන්තර සම්පත් දායකයන්ගෙන් ද ලබාගැනීමේ හැකියාව තිබිය යුතුය.

බලධාරීන්ගේ විශ්වාසය දිනාගත් පුද්ගලයකු වශයෙන් රජයේ සියලු ම අංශ සහ ආයතන සමඟ විශේෂයෙන් ම ආරක්ෂක අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් ඔබේ ගැටලු විසඳා කොළඹ එහි උපරිම ශක්තිය දක්වා සංවර්ධනය කිරීමට හැකියාව මට තිබේ. අපේ නගරය විශිෂ්ටත්වයේ සංකේතයක් බවට පත්කරන්නට හැකි වූ විට එහි ප‍්‍රතිලාභ අප සියලු දෙනාට ම හිමි වේ. මේ එළැඹ ඇත්තේ පටු දේශපාලනය පසෙකින් තබා අපේ නගරයේ අවශ්‍යතාවනට ප‍්‍රමුඛතාව දී ඒ අවශ්‍යතාවන් ඉටුකරන්නට සමත්කමක් සහ කැපවීමක් ඇති නායකයින් තෝරා පත් කරගන්නට කාලයයි.
 
  • Like
Reactions: nadimal

EQUAL

Member
Sep 21, 2011
30
6
0
1.1 පිරිසිදු සහ කාර්යක්ෂම පාලනයක්

x කොළඹ මහ නගරසභාවේ පරිපාලනය කාර්යක්ෂම සහ පාරදෘශ්‍ය බවට පත්කිරීමට අවශ්‍ය සියලු පියවර ගනු ඇත.

x නීති රෙගුලාසිවල පැහැදිලිබව වැඩිකිරීම තුළින් නිලධාරීන්ට සිය අභිමතය අනිසි ලෙස යොදා ගැනීමට ඇති අවස්ථා අඩු කෙරෙනු ඇත. නගර සභාව විසින් ගනු ලබන සෑම තීරණයක් ම හේතු සහිත ව ඉදිරිපත් කිරීමට කටයුතු කෙරෙන අතර තීරණවලට එරෙහි ව අභියාචනා ඉදිරිපත් කිරීමට ද පුරවැසියන්ට අවස්ථාව ලබාදෙනු ඇත.

x මිලදී ගැනීමේ ක‍්‍රමවේදයන් සංශෝධනය කොට පාරදෘශ්‍යභාවය සහතික කෙරෙන අතර කොළඹ ඇතුලත සැපයුම්කරුවන්ට විශේෂත්වයක් ලබාදෙනු ඇත.

x නවීන තාක්ෂණය භාවිතය තුළින් පරිපාලන ක‍්‍රමවේදයන් වඩා සරල සහ කාර්යක්ෂම කිරීමට කටයුතු කරනු ඇත.

x පුරවැසියන්ගේ පහසුව සලසනු වස් කොළඹ නගර සභාවේ පරිපාලන ක‍්‍රියාදාමයන් නවීකරණය කෙරෙනු ඇත. පුරවැසියන් සමඟ මුහුණට මුහුණලා කෙරෙන රාජකාරි නගර සභාවේ කලාප කාර්යාල 6 වෙත ගෙන යනු ලැබේ. අනෙකුත් රාජකාරි ද නගර ශාලාවෙන් පිටත නගර සභා සේවකයන්ගේ පදිංචියට ආසන්න ස්ථානවලට ගෙනයනු ඇත. මේ සියල්ල පුළුල් සහ නවීන සංනිවේදන ජාලයක් මගින් සම්බන්ධ කෙරේ.

x සේවා ඉල්ලීම් ඉටුකිරීමට ඇති කැපවීම සහ ප‍්‍රතිචාර කාලයන් ඇතුළත්වන පුරවැසි ප‍්‍රඥප්තියක් ප‍්‍රකාශයට පත්කොට එය පිළිපැදෙන බවට සහතික වෙමි. නියමිත පරිදි සම්පූර්ණ කළ සැලසුම්වලට එක් මසක් තුළ අනුමැතිය ලබාදීම මෙහි ප‍්‍රථම පියවර වනු ඇත.

x කොළඹ නගර සභාව තුළ කාන්තා නායකත්වයේ දැඩි අඩුවක් පවතී. මගේ විශ්වාසය නම් පළාත් පාලන ක්ෂේත‍්‍රයට කාන්තාවන්ගේ ඇතුළුවීම තුළින් වැඩකිරීමේ ආකල්ප සම්බන්ධයෙන් මෙන් ම දූෂණය අඩුකිරීම සම්බන්ධයෙන් ද යහපත් වෙනසක් වනු ඇති බවයි. එම නිසා නායකත්වයට කාන්තාවන් සූදානම් කිරීම සඳහා අදාළ ආයතනවල ද සහය ලබාගනිමින් විශේෂ වැඩසටහනක් දියත් කරමි.

x මහ නගරසභා ප‍්‍රඥප්තියේ යෝජිත සංශෝධනවල සඳහන් පරිද්දෙන් ස්ථාවර සහ අනෙකුත් කමිටුවලට විද්වතුන් පත්කරමි.


1. 2 පුරවැසියන් පිළිබඳ සැලකිලිමත් නගර සභාවක්

x ඔබට නිතර මුණගැසෙන මහ නගරසභා කාර්යාලයේ ඉදිරිපෙළ සහ ක්ෂේත‍්‍ර නිලධාරීන් ආචාරශීලී ව මෙන් ම කාර්යක්ෂම ව රාජකාරි ඉටුකරදෙන වාතාවරණයක් ස්ථාපිත කරනු ඇත.

x දැනට දුරකතන අංක 1919 යටතේ ක‍්‍රියාත්මක වන රාජ්‍ය තොරතුරු සේවය අනුව යමින් කොළඹ මහ නගර සභා තොරතුරු මධ්‍යස්ථානයක් ඇති කරමි. කාර්යාල වේලාවලින් බැහැර ව ද තමන්ට පහසු අවස්ථාවලදී සියලු ම රාජ්‍ය භාෂාවලින් අවශ්‍ය තොරතුරු ලබාගැනීමේ සේවාව මෙයින් සැලසෙනු ඇත.

x මහජන උපයෝගිතා සේවාවන් සහ බිඳවැටීම් සම්බන්ධයෙන් පැමිණිලි ලබාගැනීමට පැය 24 පුරා කි‍්‍රයාත්මකවන ඍජු දුරකතන සේවාවක් ඇති කරමි. පසු ව මෙය විදුලිබල මණ්ඩලය සහ ජල සම්පාදන මණ්ඩලය සමඟ ද සම්බන්ධීකරණය වන සේවාවක් බවට සංවර්ධනය කෙරෙනු ඇත.

x පුරවැසියන්ට සහ ව්‍යාපාර නියෝජනය කරන්නන්ට නගර සභා කාර්යාලයට පැමිණීමේ අවශ්‍යතාව සම්පූර්ණයෙන් ම අහෝසි කරමින් දැනට සිය සීමාව තුළ කොළඹ නගර සභාව විසින් ක‍්‍රියාත්මක කරන දිස්ත‍්‍රික් කාර්යාල හය ‘‘ඉලෙක්ට්‍රොනික රාජ්‍ය පාලනය’’ තුළින් වඩා ශක්තිමත් කරමි.


1.3 ජාතික විවිධත්වයට ගරු කරන, සහජීවනය සහතික කරන පුරවරයක්

x ඒ ඒ ආගමික ජනකොට්ඨාසවලට බලපෑ හැකි ගැටලු පිළිබඳ ව උපදෙස් ලබාගැනීම සඳහා සියලු ම ආගමික නායකයින් සමඟ නිතිපතා සාකච්ඡා කරමි.

x විවිධ ආගම්වලට අයත් පිරිස් අතර ඇතිවන ගැටලු නිරාකරණය කිරීම පිණිස මැදිහත්වීමේ යාන්ත‍්‍රණයක් ඇති කරමි.

x නගර සභාවේ ඕනෑ ම කාර්යාලයකදී මෙන් ම කොළඹ නගර සීමාවේ පිහිටි පොලිස් ස්ථානවලදී ද පරිවර්තකයකු අවශ්‍ය නම් දුරකතනය ඔස්සේ එම සේවාව ලබාදෙනු ඇත. කාර්යාල කාලයන් තුළ ප‍්‍රධාන කාර්යාලවලදී පරිවර්තකයින්ගේ සේවය ලබාගත හැකිවනු ඇත.

x නාගරික අලංකරණ වැඩසටහන්වලදී සියලු ම ආගම්වලට අයත් වැදගත් ස්ථානවලට ප‍්‍රමුඛස්ථානය ලබාදීමට කටයුතු කරමි. කොළඹ නගරයේ අනන්‍යතාවයේ ප‍්‍රධාන කොටසක් සහ නගරයේ ආගමික හා සංස්කෘතික විවිධත්වය විදහා දක්වන සාක්ෂි වන මේ ස්ථාන සුදුසු පරිදි ගෞරවයට සහ අගැයීමට ලක්වන ස්ථාන බවට පත්කරමි.


1.4 තොරතුරු ලබාගැනීමේ අයිතිය

x කිසියම් ආයතනයක කාර්යක්ෂමතාව, පාරදෘශ්‍යභාවය සහ වගකියනබව සහතික කිරීමට ඇති හොඳම යාන්ත‍්‍රණය තොරතුරු ලබාගැනීමේ අයිතිය පැවතීමයි. මේ තුළින්, නගරසභාව මඟින් සිදුකරනු ලබන ඕනෑ ම ගනුදෙනුවකට (උදාහරණ වශයෙන් ටෙන්ඩර්, වෙළෙඳසැල් හෝ නිවාස පැවරීම වැනි) අදාළ ලියකියවිලි දැකගැනීමේ අයිතිය පුරවැසියනට ලැබේ. නගර සභාවේ කටයුතු සාධාරණ ව, යුක්තිසහගත ව සහ භීෂණයෙන් තොර ව සිදුකෙරෙන්නේදැයි දැනගැනීමේ හැකියාව මෙමගින් පුරවැසියනට ලැබේ.

x තොරතුරු ලබා ගැනීම සඳහා ඇති ජනතා අයිතිය කොළඹ මහ නගර සභාව තුළ ක‍්‍රියාත්මක වන බවට වගබලා ගනිමි. මේ අයිතිය ක‍්‍රියාවට නැගිය හැක්කේ කෙසේදැයි රටට උදාහරණයක් සැපයීමට අපට හැකිවනු ඇත.

1.5 පළාත් පාලනයට සිවිල් සමාජයේ සහභාගිත්වය

x නගරාධිපතිවරයා සහ අදාළ නාගරික මන්ත‍්‍රීවරුන් කෙලින් ම හමුවීමේ අවස්ථාව ඔබට ලබාදෙන පරිද්දෙන් සියලු ම දිස්ත‍්‍රික් කාර්යාලවල හමුවිය හැකි නිත්‍ය දින සහ කාලයන් නියම කරමි.

x ප‍්‍රාදේශීය මට්ටමින් පක්ෂ බැඳීම්වලින් තොර ‘ප‍්‍රජා සංවර්ධන කමිටු’ පිහිටුවීමට කටයුතු කරමි. මෙම කමිටු ජනතාව සහ රජය අතර සංනිවේදන කටයුතුවලදී ප‍්‍රාථමික යාන්ත‍්‍රණය ලෙස ක‍්‍රියා කරනු ඇත.

x නගර සභාවේ සේවා සැපයීමේ කටයුතුවලදී මෙන් ම ඒවා සුපරීක්ෂණය කිරීමේ කටයුතුවලදී ද සිවිල් සමාජ සංවිධානවල සහභාගිත්වය දිරිමත් කරමින් අවස්ථාව සපයමි.

x නගරසභාවේ සියලු ම කමිටුවලට කාන්තාවන් අඩංගුවන බවට සහතික කරමි.

x නගරසභාවේ සේවා ක‍්‍රමවේදයන් ප‍්‍රතිසංවිධානය කිරීමේ කටයුතුවලදී පුරවැසි කමිටුවල සහභාගිත්වය ලබාගන්නා අතර එම ක‍්‍රමවේද ක‍්‍රියාත්මක කිරීම් සුපරීක්ෂණය කිරීමට ද ඒවාට ඉඩ සැලසේ.

x රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරත්වයන් ඇති කිරීම තුළින් පෞද්ගලික අංශයේ දැවැන්ත ශක්තිය නගර සභා ප‍්‍රදේශයේ සංවර්ධනය සඳහා එක්කරමි.

ඔබේ ක‍්‍රියාකාරී සහභාගිත්වය සහිත ව ඉහත සඳහන් ක‍්‍රියාමාර්ග හරහා ඔබේ කොළඹ නගරය විශිෂ්ටත්වයේ කේන්ද්‍රයක් බවට පත්කිරීමට කැපවෙමි. එහි ප‍්‍රතිඵල වශයෙන්:

2.1 ගෞරවනීය ජීවිතයක් මෙන් ම ජීවිකාවක් සපයන පුරවරයක්

කොළඹ නගරය තුළ සිය ජීවිකාව සිදුකරන පුද්ගලයින් ඒ තුළ ම පදිංචි වී සිටීම වැදගත්වනුයේ එය සාමාජික මෙන් ම ආර්ථික ප‍්‍රතිලාභ ගෙනදෙන කරුණක් හෙයිනි. කෙසේ වුවත්, කොළඹ පුරවැසියන්ගෙන් දහස් ගණනකට වාසයට නුසුදුසු නිවාසවල ජීවත්වෙමින් පවුල් ගණනාවක් එක ම වැසිකිලිය පාවිච්චි කරමින් මාවතේ නලයෙන් ජලය ලබාගනිමින් ජීවත්වන්නට තවදුරටත් ඉඩදිය නොහැක. මේ ඛේදනීය තත්ත්වයට ඉඩදී දිගුකාලයක් තිස්සේ සමාජයක් වශයෙන් අප නිහඬ ව සිටිය ද තවදුරටත් එසේ සිටිය හැකිද?

වාසයට යෝග්‍ය නිවාස ඒකක 35,000ක් ඉදිරි තෙවසර තුළ කොළඹ නගර සීමාව තුළ රජය මඟින් ඉදිකරනු ඇත. මගේ නායකත්වය යටතේ කොළඹ මහ නගර සභාව මේ වටිනා කාර්යයට ක‍්‍රියාශීලී සහභාගීත්වයක් ලබාදෙනු ඇත. මේ ව්‍යාපෘතිය යටතේ නැවත පදිංචිකරනු ලබන්නන්ගේ අයිතිවාසිකම් සුරැකීම ද අපි අපේ වගකීමක් කොට සලකමු.

x සිය ජනතාවට වාසයට සුදුසු නිවාස ලබාදීමේ වගකීම ඉටුකිරීමේදී ජනතාවගෙන් සමහර කොටස් වෙනත් තැනක පදිංචි කිරීමට රජයට සිදුවේ. නමුත්, මේ කිසිවකු කොළඹ නගරසීමාවෙන් පිට ස්ථානයක පදිංචි නොකරන බවට මම සහතික වෙමි.

x යළි පදිංචිකිරීමේ සැලසුම් සකස්කිරීමට පෙර අදාල සියලු ජනකොටස්වල අදහස් විමසීම සිදුකරනු ඇත.

x දැනට අයෝග්‍ය තත්ත්ව යටතේ තාවකාලික නිවාසවල ජීවත්වන ජන කොටස් තට්ටු නිවාසවල ජීවත්වීමට හුරුකිරීම සඳහා පාඩම් උගෙනීම පිණිස ආදර්ශ ලෙස දියුණු කෙරෙන තට්ටු නිවාස සංවර්ධනය කිරීමේ කටයුතු සැලසුම් කිරීම සහ ක‍්‍රියාත්මක කිරීම යන අංශවලදී කොළඹ මහ නගර සභාව ක‍්‍රියාශීලී කාර්යභාරයක් ඉටුකරනු ඇති බවට මම සහතික වෙමි.


2.2 ගංවතුරට මුහුණ දිය හැකි පුරවරයක්

කොළඹ නගරය සහ අවට ප‍්‍රදේශවලට නිතර සිදුවන ජලගැලීම් උවදුර අඩුකිරීම උදෙසා රජය ඉක්මන් පියවර ගනිමින් සිටී.

x ඒ ඒ ප‍්‍රදේශවල පවතින සුවිශේෂී ජලගැලීම් ගැටලු හඳුනාගැනීම සහ ඒවාට විසඳුම් සොයාගැනීමට ජනතාව සමඟ එක් ව ක‍්‍රියාකරන අතර ම කොළඹ ජලාපවාහන පද්ධතිය ප‍්‍රකෘති තත්වයට පත්කිරීම, වැසි ජලය එකතුවීමට ඇති ජලාශ වැඩිකිරීම සහ අනෙකුත් මහා පරිමාණ විසඳුම් සඳහා කොළඹ නගර සභාව රජය සමඟ එක් ව කටයුතු කරන බවට සහතික වෙමි. අපේ නගරය වැස්සෙන් ඇතිවන ජලගැලීම්වලට ඔරොත්තු දෙන නගරයක් බවට පත්කිරීමට නම් මහ නගර සභා බල ප‍්‍රදේශයට වඩා විශාල ප‍්‍රදේශයක් ආවරණය කෙරෙන සහ රුපියල් කෝටි ගණනින් මුදල් වැයවන දැවැන්ත ව්‍යාපෘති අවශ්‍ය කෙරේ. රුපියල් කෝටි 1500ක ව්‍යාපෘතියක් දැනටමත් ක‍්‍රියාත්මක වේ. මෙවැනි දැවැන්ත ව්‍යාපෘතිවල දීර්ඝකාලීන සාර්ථකත්වය රඳා පවතින්නේ වැසි කාලයට පෙර කාණු පිරිසිදුකිරීම සහ වගුරුබිම් ගොඩකිරීම වැළැක්වීම වැනි බිම් මට්ටමේ ක‍්‍රියාකාරකම් මතය.


2.3 ගමනට බිමනට අවහිර අඩු පුරවරයක්

සාමාන්‍යයෙන් ඕනෑ ම ශීඝ‍්‍රයෙන් වර්ධනය වන රටක මෙන් ම අපේ රටේ ද ත‍්‍රීරෝද රථ, මෝටර් සයිකල් සහ මෝටර් රථ වැනි පෞද්ගලික වාහන සංඛ්‍යාව ඉහළ යමින් පවතී. වැඩිවන වාහන සංඛ්‍යාවට සරිලන පරිදි මාර්ග දියුණු කෙරෙමින් පවතින නමුත් වාහන සංඛ්‍යාව ඉහළ යාම නිසා කොළඹ පුරවැසියන්ට අත්විඳින්නට වන කරදර බාධා අවමවන ආකාරයට කටයුතු සැලසිය යුතුය. රථවාහන තදබදය යනු මගීන්ට පමණක් බලපාන්නක් නො වේ. ඒ තුළින් සෞඛ්‍ය ගැටලු විශාල ප‍්‍රමාණයක් ද ඇතිවන අතර ව්‍යාපාරවලට ද හානි සිදුවේ. එබැවින් පෞද්ගලික ප‍්‍රවාහන මාධ්‍යයන් වෙනුවට විකල්පයක් වශයෙන් කොළඹ නගරයේ ප‍්‍රධාන ස්ථාන සම්බන්ධ කෙරෙන කාර්යක්ෂම පොදු ප‍්‍රවාහන සේවා ඇති කිරීම අත්‍යවශ්‍යය.

x පදිකයින්ට විශේෂයෙන් ම මහළු සහ ආබාධිත පුද්ගලයින්ට පහසුවෙන් ඇවිද යා හැකි සමතල පදික වේදිකාවන් ඇති කරන බවට සහ මගී හරස් මාරු වාහන පදවන්නන් විසින් පිළිපදින ස්ථාන බවට පත්කරන බවට මම සහතික වෙමි.

x සරල බස් ගාස්තු ක‍්‍රමයක් සහ වෙන්කර ලකුණු කරන ලද මංතීරු සහිත ව ‘කවාකාර බස් සේවාවක්‘ ඇරඹීම සඳහා පොදු සහ පෞද්ගලික ආයතන සමග එක් ව කටයුතු කරමි.

x තදාසන්න ප‍්‍රදේශවල සිට කොළඹ නගරයට පැමිණෙන වාහන ප‍්‍රමාණය අවමකිරීම සඳහා නවීන ප‍්‍රවාහන විධි සහ වාහන ගාල්කිරීමේ නව පහසුකම් ක‍්‍රියාත්මක කිරීමට රජය සමඟ එක් ව කටයුතු කරමි.


2.4 පිරිසිදු සුවබර පුරවරයක්

නිරෝගීබව මනුෂ්‍යයෙකුට ලද හැකි පරම ලාභයයි. දිළිඳුබව සහ ලෙඩ රෝග එකිනෙකට තදින් බැඳී පවතී. දිළිඳුකම ලෙඩරෝගවල උල්පත වනවා සේ ම ලෙඩ රෝගවල ප‍්‍රතිඵලයක් වශයෙන් ද දිළිඳුකම ඇතිවිය හැකිය. රජය විසින් වෙනත් නිවාස ලබාදීමට ප‍්‍රයත්න දරන පැල්පත් නිවාස වැනි සනීපාරක්ෂක බවින් තොර ජීවන වටපිටාවන් විසින් අපේ පුරවැසියන්ගෙන් කොටසක් සදාකාලික දිළිඳුකම සමඟ බැඳතබා තිබේ. නමුත් නගරයක නැති බැරි ජනකොටස්වල සේ ම ඇති හැකි ජනකොටස්වල ද ඉරණම එකිනෙකින් වෙන් කළ නො හැකිය. උදාහරණයක් වශයෙන් නගරයේ වාතය අපිරිසිදු නම් එය පැල්පත් නිවාසයක වෙසෙන දරුවකුගේ ඇදුම උග‍්‍රකරන අතර ම වෙනත් තැනක නිවසක වෙසෙන ධනවත් පුද්ගලයකුගේ ශ්වසන රෝගයක් ද උග‍්‍ර කළ හැකිය. එබැවින් ජනතාවගේ සෞඛ්‍ය රැකගැනීම සඳහා විවිධ
රජයේ ආයතනවල ඒකාබද්ධ ප‍්‍රබල ප‍්‍රයත්නයක් අත්‍යවශ්‍යය.

x ‘හරිත උද්‍යාන’ සහ ‘හරිත පටුමග’ සංකල්පය සඳහා ප‍්‍රමිති සකස් කෙරේ. ජනතාව වෙසෙන ප‍්‍රදේශවලින් කිලෝමීටර් 2ක් ඇතුළත පවතින උද්‍යාන මෙම ප‍්‍රමිතියට අනුව ගොඩනැගෙනු ඇත. හරිත උද්‍යාන, හරිත පටුමං මගින් එකිනෙක සම්බන්ධකිරීම සැලසුමයි. බේරේ වැව ඇතුළු සියලු ජලමාර්ග දිගේ රේඛීය උද්‍යාන නිර්මාණය කිරීම ලබන වසරේදී ආරම්භ කෙරේ.

x දැනට කොළඹ පවතින අහිතකර වායුදූෂණ මට්ටම අඩුකිරීමට මම කැපවී කටයුතු කරමි. කොළඹ වායු දූෂණයෙන් 60% කට ම වගකිවයුත්තේ වාහන ගමනාගමනයයි. වාහන තදබදය අඩුකිරීම සඳහා මෙන් ම වායු විමෝචන පරීක්ෂණ වඩාත් දැඩි කිරීමට සහ කඩකරන්නන්ට විරුද්ධ ව දැඩි ක‍්‍රියාමාර්ග ගැනීම ශ්වසන සහ වෙනත් රෝග රැසක් අඩුකිරීමට හේතුවනු ඇත.

x මදුරුවන් බෝවීම වැළැක්වීම තුළින් ඩෙංගු උවදුර පාලනය කිරීම සඳහා කොළඹ මහ නගරසභාව ජනතාව සමඟ ක‍්‍රියාත්මක වන බවට මම සහතික වෙමි. රජයේ අනෙකුත් අංශවලින් මේ සඳහා කෙරෙන ප‍්‍රයත්න ද මේ සමඟ ම ක‍්‍රියාත්මක වනු ඇත.

x දැනට ක‍්‍රියාත්මක වන මළාපවාහන පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය හරහා නොදිරූ මළ, මුහුදට මුදාහැරීම නවතිනු ඇත. මේ සමඟ සමගාමී ව ක‍්‍රියාත්මක වන ව්‍යාපෘතියක් හරහා නගරයේ සියලු ම ප‍්‍රදේශවලට මළාපවාහන පහසුකම් ලබාදීමට මම නායකත්වය ලබාදෙමි.

x නගරයේ කසල එකතුකිරීමේ කටයුතුවල ඇතිකර තිබෙන වැඩිදියුණු කිරීම් වඩාත් ශක්තිමත් කරමි. පුරවැසියන්ගේ මෙන් ම කසල කළමනාකරණ වෘත්තිකයන්ගේ උපදෙස් ද සහිත ව දිරන කසල සහ අනෙකුත් කසලධාරාවන් වෙන්කිරීම සඳහා දිරිගැන්වීම් ක‍්‍රියාත්මක කරමි. බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ සහ අනෙකුත් අදාළ ආයතනවල ද සහය ඇති ව කසල කඳු ගොඩනැගීම වළකාලීමට කටයුතු කෙරේ.

x නගරය තුළ ආහාර සුරක්ෂිතතාව සහතිකකිරීම සඳහා දැනට ඇති ක‍්‍රියාමාර්ගයන් තවදුරටත් ප‍්‍රවර්ධනය කිරීමට මම සහතික වෙමි. සුරක්ෂිතතා පුරුදු පිළිපැදෙන බවට සහතික කෙරෙනුයේ වෙළඳුන් සහ පාරිභෝගිකයින් යන දෙකොට්ඨාසයේ ම සහභාගිත්වයෙනි. ආහාර සුරක්ෂිතතාව පිළිබඳ දෙමසක ප‍්‍රචාරක ව්‍යාපාරයක් ගෙන යනු ලබන අතර ඉන් අනතුරු ව මෙය කඩකරන්නන් සම්බන්ධයෙන් නීතිය තදින් ක‍්‍රියාත්මක කෙරේ.

x කොළඹ නගර සභාව විසින් දැනට ක‍්‍රියාත්මක කෙරෙන වෛද්‍ය පහසුකම් ජාලය වැඩිදියුණු කිරීමට කටයුතු කරමි. දැනට පවතින නගර සභා වෛද්‍ය මධ්‍යස්ථාන අතරින් අවම වශයෙන් 3ක් ආදර්ශ වෛද්‍ය මධ්‍යස්ථාන වශයෙන් සංවර්ධනය කිරීමෙන් මේ කටයුතු අරඹනු ඇත. ඒවායේ ක‍්‍රියාකාරිත්වය විධිමත් අගැයුමකට ලක්කිරීමෙන් ප‍්‍රතිඵල මත අනෙකුත් සියලු ම වෛද්‍ය පහසුකම් සංවර්ධනය කෙරේ.

x කොළඹ නගර සීමාව තුළ වෙසෙන ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමට ආයෝජන මෙන් ම ආධාර දෙන ආයතනවලින් සහය ලබාගැනීමට කටයුතු කරමි. මේ සඳහා මෙතෙක් කල් මවිසින් ලෝක නායකයින් සමඟ ගොඩනගාගත් සබඳතා ප‍්‍රයෝජනයට ගැනීම අපේක්ෂාවයි. මේ සියල්ල සිදුකරනු ලබන්නේ රජයේ අනුදැනුම සහිත ව ය.


2.5 සැකෙන් බියෙන් තොර පුරවරයක්

මාර්ගවල ජනගහණය ගැවසීම සහ වීදි ආලෝකනය හොඳින් ක‍්‍රියාත්මක වීම අපරාධ අඩුකිරීමට හේතු වේ. බොජුන්හල්වලින් ආහාරගැනීම සහ විනෝදාස්වාදය සපයන කටයුතු විසින් රැකියා නිර්මාණය කරන අතර පුරවැසියන් තුළ සිය නගරයට බැඳීමක් ඇති කරයි. ජනතාව තුළ මෙබඳු කි‍්‍රයාකාරකම්වලට තිබූ ඉල්ලුම මෙතෙක් කල් සිර වී තිබූ අතර එහි ප‍්‍රමාණය තේරුම් ගතහැකි වූයේ ත‍්‍රස්තවාදී තර්ජනය ඉවත්වීමෙන් පසු ව විවෘත කරන ලද මේ සේවා සපයන ස්ථානවලට ලැබුණු ප‍්‍රතිචාර දෙස බැලීමෙනි. නාගරිකයින් දවසේ වැඩ නොකරන කාල තුළදි සහ සති අන්තයන්හිදී විනෝදාස්වාදය සහ විනෝද ක‍්‍රීඩා කෙරෙහි ඇදී එති. නගරයේ සේවාවන් වඩා කාර්යක්ෂම කිරීමට මෙන් ම ව්‍යාපාර සහ සුළු කර්මාන්තකරුවන් සඳහා ආදායම් අවස්ථා සැලසීමට මෙය උපකාරී වේ.

x දැනට ගාලු පාරේ සහ නිදහස් චතුරශ‍්‍රය ප‍්‍රදේශවල ක‍්‍රියාත්මක වන ආදර්ශ නගරාලංකරණ ව්‍යාපෘති, සියලු නගරවැසියන්ගේ සුබසිද්ධිය සඳහා නගරයේ සියලු ප‍්‍රදේශවලට පුළුල්කිරීමට කටයුතු කරමි.

x පවුලේ විනෝද ක‍්‍රීඩා සහ රසාස්වාදනය සඳහා මෙන් ම පිටතින් ආහාරගැනීම සඳහා පවතින පහසුකම් ද පුළුල් කරමි.

x වීදි ආලෝකනය නඩත්තු කිරීමේ කටයුත්තට මුල්තැනක් දෙනු ඇත. 24 පැය පුරා ක‍්‍රියාත්මක වන ඍජු දුරකතන සේවාවක් මේ පිළිබඳ පැමිණිලි ලබාගැනීම සඳහා විවෘත වේ.

x ප‍්‍රාදේශීය මට්ටමින් නීතිය සහ සාමය පවත්වාගෙන යාම සහතික කරනු පිණිස පොලිස් ස්ථාන සහ ප‍්‍රජා සංවර්ධන කමිටු ඒකාබද්ධ ව ක‍්‍රියාකිරීමට සලස්වමි. පොලිසිය සහ කොළඹ නගර සභාව එක් ව ක‍්‍රියාත්මක කරනු ලබන සවිස්තරාත්මක වැඩසටහනක් හරහා කොළඹ සුරක්ෂිත නගරයක් බවට පත්කිරීමට කටයුතු කරනු ලැබේ.

x දැනට නගරයේ පැතිර පවතින මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතයට තිත තැබීම සඳහා සියලු ආගම් නායකයින් සමඟ වැඩසටහනක් දියත් කරමි. මෙහිදී වැඩි අවධානයක් දෙනුයේ අපේ දරුවන් නියම මාර්ගයෙහි යැවීම සඳහාය.

x සංස්කෘතික ප‍්‍රකාශනයන්ට අවස්ථාව ලබාදීම ද ඇතුළු ව කොළඹ පුරවැසියන්ට ආරක්ෂිත විනෝදකාමී නගරයක් ලබාදීමේ ප‍්‍රයත්නයේදී කොළඹ පුරවරයට අසමසම අනන්‍යතාවක් ලබාදීමට කටයුතු කරමි.


2.6 තාරුණ්‍යයට අනාගතයක් සලසන පුරවරයක්

x කොළඹ වෙසෙන වයස 18-28 අතර තරුණ පරපුරට ජීවන වෘත්තියක් ඇරඹීම සඳහා සහයෝගය ලබාදීමට පුළුල් වැඩසටහනක් අරඹමි. කුඩා ව්‍යාපාරයක් ඇරඹීමට හෝ සුදුසු රැකියාවකට අවශ්‍ය පුහුණුව ලබාගැනීම සඳහා මුදල් සහ තාක්ෂණික සහය ද මෙයට අයත්වනු ඇත. නගරයේ ව්‍යාපෘතින්හි වැටුප් ලබන දින ගණනක රැකියාව ද මෙම වැඩසටහනේ තවත් කොටසකි. මෙහි අරමුණ නම් ඉහත කී වයස් කණ්ඩායමේ කිසිවකු නිකරුනේ කාලය ගතකිරීම වැළැක්වීමයි.

x රැකියා සඳහා බඳවා ගැනීමේදී නගරය තුළ වෙසෙන තරුණයනට ප‍්‍රමුඛත්වයදීමට පෞද්ගලික අංශයේ සමාගම් දිරිමත් කෙරේ. එම අංශයේ සහය සහිත ව වාර්ෂික රැකියා පොළ සංවිධානය කරනු ඇත.

x නගරය තුල ඇති සියලු ම ප‍්‍රජා ක‍්‍රීඩාංගණ, ප‍්‍රජා ශාලා, පුස්තකාල සහ ළමා උයන්වල තත්ත්වය උසස් කෙරෙන බවට සහතික වෙමි. ව්‍යායාම් ශාලාවලින් සැදුනු ආදර්ශ ප‍්‍රජා මධ්‍යස්ථාන 3ක් සංවර්ධනය කරනු ඇත. ළමා ක‍්‍රීඩාංගණවල පවතින භාණ්ඩවල තත්ත්වය ජාත්‍යන්තර මට්ටමට ගෙන එන අතර මින් ආරක්ෂාව අවධාරණය කෙරේ.

x නගරයේ වෙසෙන සියලු ම තරුණ කොටස්වලට ක‍්‍රීඩාවලට සහභාගිවීමේ අවස්ථාව ලබාදීම පිණිස අවශ්‍ය සම්පත් ඒකරාශි කරමි. ක‍්‍රීඩා සමාජ සක‍්‍රීය කරනු ලබන අතර නාගරික පාපන්දු තරගාවලිය යළි ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කෙරේ.


2.7 විසි එක් වන සියවසේ පුරවරයක්

රට පෙළු යුද්ධය දැන් නිමා වී තිබේ. රටේ ප‍්‍රධාන නගරය වන කොළඹ නගරයේ සංවර්ධනය තවදුරටත් ඉදිරියට ගෙනයාම සඳහා කළයුතු වැඩ රැසක් ඇති අතර මේවා ක‍්‍රියාත්මක කිරීම දැන් ඇරඹී ඇත. නමුත්, කොළඹ නගරය එහි සම්පූර්ණ විශිෂ්ටත්වය කරා රැගෙන යන්නට නම් හැකියාවෙන් සපිරි පළාත් පාලන පරිපාලනයක් කොළඹට අත්‍යවශ්‍යය. එපමණක් නො ව මේ පළාත් පාලන පරිපාලනය කොළඹ පුරවැසියන්ගේ මෙන් ම එහි ක‍්‍රියාත්මක වන පෞද්ගලික අංශයේ ද අවශ්‍ය සහය ලබාදීමේ හැකියාව සහ බලය ඇති රජයේ ද විශ්වාසය දිනාගැනීමට සමත් වූවක් විය යුතුය. ශ‍්‍රී ලංකාව කලාපයේ වැදගත් ආර්ථික මධ්‍යස්ථානයක් කරනු පිණිස මහින්ද චින්තන ඉදිරිදැක්මේ දක්වා ඇති පංච මහා බලකේන්ද්‍ර සවිබල ගන්වන අගනගරයක් බවට පත්වනු ඇත්තේ මේ කරුණු සම්පූර්ණ වුවහොත් පමණකි. ශී‍්‍ර ලංකාව ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත්වීමේ ප‍්‍රතිඵලයක් ලෙස ඇතිවන රැකියා අවස්ථා සහ සේවාවන් සඳහා ඇතිවන අමතර ඉල්ලුම කොළඹ පමණක් නො ව මුළු රටේ ම පුරවැසියන්ට මෙන් ම සියලු ම ආකාර ව්‍යාපාරවලට ඉමහත් ප‍්‍රතිලාභ අත්කර දෙනු ඇත.

x කොළඹ නගරය ක‍්‍රියාශීලී විශිෂ්ට නගරයක් බවට පත්කිරීමට අවශ්‍ය වන මහ කොළඹ ප‍්‍රදේශයේ වටරවුම් මාර්ග සහ කසල කළමනාකරණය වැනි යටිතල පහසුකම් සඳහා ආයෝජන ලබාදීමට රජය සමඟ එක් ව කටයුතු කිරීමට මම කැපවෙමි.

මෙම ප‍්‍රතිපත්ති කතිකාව වෙනස්වීම් සිදුකිරීමට ඉඩකඩ තබමින් සකසන ලද්දකි. මැතිවරණ ව්‍යාපාරය අතරතුර පුරවැසියන් විසින් ගෙන එනු ලබන වැදගත් යෝජනා හැකි තරම් ඇතුළත් කොට මෙහි අවසාන සංස්කරණය සකස් කෙරෙනු ඇත. ඒ සඳහා ඔබගේ අදහස් දැනගැනීමට ඍජු ව ම ද නොයෙකුත් සමාජ මාධ්‍ය වේදිකාවන් හරහා ද ඔබ වෙත එළැඹෙන්නට අපි අපේක්ෂා කරමු. ඔබට ද මේ සංවාදයට එක්වන්නට හැකිනම් එය මගේ ඉමහත් ප‍්‍රීතියට කරුණකි.
 

EQUAL

Member
Sep 21, 2011
30
6
0
පළාත් පාලන ආයතන විසි තුනක් සදහා වූ මැතිවරණයේ උණුසුම ටිකෙන් ටික පැතිරෙන්නට පටන්ගෙන තිබේ. එහි තීව්‍ර තත්ත්වය වාර්තාවන්නේ කොළඹ ප්‍රදේශයෙන් ය. වඩාත් නිවැරැදි ව කිව හොත් කොළඹ මහා නගර සභාව සඳහා වූ ඡන්ද සටන දැන් උද්වේගකර අවදියකට පැමිණ තිබේ. එක්සත් ජාතික පක්ෂය එක අතකින් කරුණු කියාගෙන යයි. පොරොන්දු දෙයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයත් තව අතකින් කරුණු කියාගෙන යයි. පොරොන්දුත් දීගෙන යයි. කොළඹ යනු ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලනික කටයුතුවල කේන්ද්‍රස්ථානය හෙවත් හදවත යැයි කිව හැකි ය.

එහි සිදුවන ආර්ථික ගනුදෙනු සමස්තයක් ලෙස රටේ ම ආර්ථික ක්‍රියාවලියට හෙවත් ජාතික ආර්ථිකයට කෙළින් ම සම්බන්ධය. එහි සිදුවන දේශපාලනික ගනුදෙනු ද සමස්තයක් ලෙස රටේ ම දේශපාලන කි‍්‍රයාවලියට හෙවත් ජාතික දේශපාලනයට සම්බන්ධ ය. කොළඹ නූතන ශ්‍රී ලංකාවේ අගනුවර නො වූයේ වුව වෙළෙඳ නගරය වේ. ඇතැම් සංචාරකයන් ශ්‍රී ලංකාව හඳුන්වන්නේ “කොළොම්බු” යන නාමයෙනි. කොළඹ ඇති වැදගත්කම ඉන් මොනවට පැහැදිලි වේ. තරුපහේ හෝටල් , බැංකු කාර්යාල, අමාත්‍යාංශවල ප්‍රධාන කාර්යාල, සමාගම්වල මූලස්ථාන ඇතුළු රටට වැදගත් වන ගොඩනැඟිලි සංකීර්ණ ගණනාවක් සමඟ කළමනාකරණයට ලක් වූ වටරවුම්, පදික වේදිකා ඇතුළු තවත් මනරම් ස්ථාන ගණනාවකින් සුන්දර වූ කොළඹ නගරය තුළ ම එහි අනෙක් අන්තය ද පිහිටා තිබේ.

පැල්පත්වාසීන් හැටපන්දහසක්, වතු නිවාස එක්දහස් දෙසීයක් මේ නගර සීමාව තුළ ම දක්නට ලැබීම එක් අතකින් දෛවයේ සරදමෙකි. කොළඹ පැල්පත් හා මුඩුක්කු ප්‍රශ්නය ව්‍යාප්තවන්නට පටන් ගත්තේ දහනමවන සියවසෙහි මැද කාර්තුවේ පමණ සිට ය. මෙවර පළාත් පාලන මැතිවරණයේ තීරණාත්මක සාධකයක් වන ලෙසට එම ගැටලුව දිගෑ දී තිබේ. කොළඹ මහා නගර සභාවේ බලය දීර්ඝ කාලයක් තිස්සේ රැකගෙන සිටියේ එක්සත් ජාතික පක්ෂය යි. වසර හැටපහකින් පරිපාකයට පත් ව සිටින එක්සත් ජාතික පක්ෂය නිවාස සංවර්ධනය සඳහා බලවත් සංවර්ධන වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කර තිබේ. නිවාස ලක්ෂයේ වැඩසටහන්, නිවාස දසලක්ෂයේ වැඩසටහන, නිවාස පහළොස් ලක්ෂයේ වැඩසටහන ඊට කදිම නිදසුන් ය.

මේ වැඩසටහන් මගින් කොළඹ පැල්පත් හා මුඩුක්කු ගැටලුවට ස්ථිරසාර විසැඳුමක් ලබාදීමට එදා ආණ්ඩු සමත් වූයේ නැත. දැන් ඔව්හු එම ගැටලුවට විසැඳුමක් දීමට යති. එහෙත් තව ම වැඩපිළිවෙළක් නැත. ආණ්ඩු බලයත් අහිමි ව එජාපය කරන්නට යන්නේ පුදුම හතෙන් එකක් දැයි සමහරු ප්‍රශ්න කරති. එක්සත් ජාතික පක්ෂයේ කොළඹ වැඩපිළිවෙළ අද ඉදිරිපත් කිරීමට නියමිත ව තිබිණි. එහි යෝජනා හෝ පොරොන්දු හෝ අප දන්නේ නැත. ඒවා කොළඹ දුප්පත් ජනතාවගේ ගැටලු විසඳන අලුත් ක්‍රමෝපායක් විය යුතුව තිබේ. එජාපය සිය වැඩසටහන ඉදිරිපත් කළ යුතුව තිබුණේ මීට බොහෝ කලකට පෙර ය. එහෙත් එවැන්නක් සිදු වී නැත. මහජන ඡන්දයෙන් තේරී පත්වූ නගර සභාව පවා විසිරුවා හරින්නට සිදුවිය. එයින් පැහැදිළි වූයේ කොළඹ මහ නගර සභාවේ ආකාර්යක්ෂමභාවය හා අපිරිසිදුභාවය යි.

ආණ්ඩු පක්ෂයට දීර්ඝ කාලයක් තිස්සේ ම කොළඹ අහිමි ව තිබිණි. එනම්; කොළඹ මහා නගර සභාවේ බලය අල්ලා ගැනීමට නො හැකි වී තිබිණි. එහෙත් මෑතක සිට කොළඹ සංචාරක පුරවරයක් කිරීමේ වගකීම ආණ්ඩුව භාර ගත්තේය. ඒ අනුව අනවසර ඉදිකිරීම් ඉවත් කොට පදික වේදිකා එළි - පෙහෙළි කළේ ය. ඒවා නිදහස් කළේ ය. කාණු පද්ධති හා මාර්ග පද්ධති සකස් කොට කොළඹ විධිමත් හා සුන්දර නගරයක් බවට පත් කිරීමේ වැඩසටහනින් අර්ධයක් පමණ මේ වන විට අවසන් කර තිබේ. කොළඹ පැල්පත් හා මුඩුක්කු ගැටලු විසැඳීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ආණ්ඩුව යෝජනා කර තිබේ. එම වැඩසටහන ජනතාවට හඳුන්වා දුන්නේ රටේ ප්‍රධාන පුරවැසියා වූ ජනාධිපතිවරයා ය. මහින්ද රාජපක්‍ෂ මහතාගේ දැක්මට හා වැඩසටහනට අනුව පැල්පත් වාසීන් කිසිවකු එම ස්ථානවලින් ඉවත් කරන්නේ නැත. ඔවුන් සඳහා ස්ථාවර නිවාස ඉදිවන තුරු පැල්පත්ඉවත් කරන්නේ ද නැත.

පැල්පත්වාසීන් පදිංචි ස්ථානවලම සුවපහසු නිවාස ඉදිකරදීම ආණ්ඩුවේ වැඩසටහනකට අයත් ය. කුමන තත්ත්වයක් යටතේ වුව පැල්පත් ප්‍රශ්නය කොළඹ ප්‍රධාන ගැටලුවක් බවට පැමිණ තිබේ. මේ සමාජ කණ්ඩායම් ආර්ථික, දේශපාලනික හා සමාජයීය වශයෙන් ගැටලු රැසකට මුහුණ දෙති. නිදසුනක් ගතහොත් වසංගත රෝග ව්‍යාප්තවීමේ දී එහි ප්‍රමුඛම තැන ගන්නේ කොළඹ පැල්පත් ය. ඩෙංගු වැනි රෝගවලින් මිය යන පිරිස දෙස බලන විට එම තත්ත්වය වඩාත් හොඳින් පැහැදිලි වේ. කොළඹ සංචාරක පුරවරයක් කරන අතර පැල්පත්වාසීන්ගේ ගැටලු ද විසැඳිය යුතු ය. මේ වන විට කොළඹ නාගරිකයන් ඉදිරියේ මාවත් දෙකක් තිබේ. එක් මාවතක් ස්ථාවර බලයක් හිමි ආණ්ඩු පක්‍ෂයයි. අනෙක් මාවතේ පෙනෙන තෙක් මානයකවත් ආණ්ඩු බලයක් හිමි නැති එජාපයයි.
 

EQUAL

Member
Sep 21, 2011
30
6
0
මුසම්මිල් වගේ අපිරිසිදු තම්බි නායකයෙක්ට කොළඹ දෙනවද නැත්නම් උගත් බුද්ධිමත් වැඩක් කරන පළපුරුදු හැමෝගෙම සහය ලැබෙන මිලින්දට කොළඹ දෙනවද? තීරණය ඔබ සතුයි.
 

EQUAL

Member
Sep 21, 2011
30
6
0
ගල්පාත මහත්තයා;10985018 said:
ආ සුනිමල් ජයසිරි කොහොමද?
නැත්තම් අවතාරයක්ද සුනිමල්ගේ
:frown::frown:

:confused: ඒ කවුද?
 

DANEWMEN

Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    මුසම්මිල් වගේ අපිරිසිදු තම්බි නායකයෙක්ට කොළඹ දෙනවද නැත්නම් උගත් බුද්ධිමත් වැඩක් කරන පළපුරුදු හැමෝගෙම සහය ලැබෙන මිලින්දට කොළඹ දෙනවද? තීරණය ඔබ සතුයි.

    umba kathakaranne jathiwadayada nathnam....pakshawadiyada....?????
    apitanam machan illana kena...sinhala, Tamil or muslim walin wadak naa...!!

    anika banzz milinda kiyanna cmb wala wadak karapu minihekda machan??? miliya karapu dewal kiyapanko balanna CMB walata????
     

    EQUAL

    Member
    Sep 21, 2011
    30
    6
    0
    umba kathakaranne jathiwadayada nathnam....pakshawadiyada....?????
    apitanam machan illana kena...sinhala, Tamil or muslim walin wadak naa...!!

    anika banzz milinda kiyanna cmb wala wadak karapu minihekda machan??? miliya karapu dewal kiyapanko balanna CMB walata????

    jathiwadayak naha machan eth musammli kiyanne jathiwadi muslim kenek. ehema kenekta cmb denna hoda naha. muslim ayata witharak wada karayi.
    Musammil palathsabawe hitiyata eka tap ekakwath dala dila naha.
    Milinda godak wada karala thiyenawa. anduwath ekka thawa godak wada karannath puluwan.
     

    EQUAL

    Member
    Sep 21, 2011
    30
    6
    0
    ගල්පාත මහත්තයා;10985189 said:
    කණ්නාඩිය ගාවට ගිහින් බලපන් සුනිමල් කවුද කියලා පෙනෙයි

    ඔය සහෝදරාගේ ඔලුව කොහේ හරි වැදුනද?
     
    ඔය සහෝදරාගේ ඔලුව කොහේ හරි වැදුනද?

    නෑ මගේ ඔලුව වැදුනත් මාව කවදාවත් කෝමා වෙන් නෑ,
    උබ ගැන මම දන්නවා,
    උබේ නියම අයිඩි එකෙන් ආවනම් තමා මේ ත‍්‍රෙඩ් එක වටින්නේ
     

    EQUAL

    Member
    Sep 21, 2011
    30
    6
    0
    ගල්පාත මහත්තයා;10985669 said:
    නෑ මගේ ඔලුව වැදුනත් මාව කවදාවත් කෝමා වෙන් නෑ,
    උබ ගැන මම දන්නවා,
    උබේ නියම අයිඩි එකෙන් ආවනම් තමා මේ ත‍්‍රෙඩ් එක වටින්නේ

    එහෙනම් ගලක් ඇවිත් වදින්න ඇති ඔලුවේ. කමක් නැහැ ටිකකින් හරි යයි
     

    mj_shiyaz

    Active member
  • Oct 20, 2007
    408
    48
    28
    Moon
    jathiwadayak naha machan eth musammli kiyanne jathiwadi muslim kenek. ehema kenekta cmb denna hoda naha. muslim ayata witharak wada karayi.
    Musammil palathsabawe hitiyata eka tap ekakwath dala dila naha.
    Milinda godak wada karala thiyenawa. anduwath ekka thawa godak wada karannath puluwan.

    අනේ බං උඹ වගේ මෝඩ හරකෙක්.... යකෝ කළුතර අච්චර බෝධියකුත් තියාගෙන, නගරාධි පති සහ උප නගරාධි පති දෙන්නම මුස්ලිම්... බලපන් ඇවිල්ල උන් දෙන්න කරපු වැඩ ටිකක්... රට ජාතිය අදාල නිකං බොරු බයිලා ගැහුවා ඇති.... බලයට එන්න ඕනේ මිනිස්සුන්ගේ විශ්වසය දිනපු මිනිහෙක්.... එච්චරයි.
     

    EQUAL

    Member
    Sep 21, 2011
    30
    6
    0
    අනේ බං උඹ වගේ මෝඩ හරකෙක්.... යකෝ කළුතර අච්චර බෝධියකුත් තියාගෙන, නගරාධි පති සහ උප නගරාධි පති දෙන්නම මුස්ලිම්... බලපන් ඇවිල්ල උන් දෙන්න කරපු වැඩ ටිකක්... රට ජාතිය අදාල නිකං බොරු බයිලා ගැහුවා ඇති.... බලයට එන්න ඕනේ මිනිස්සුන්ගේ විශ්වසය දිනපු මිනිහෙක්.... එච්චරයි.

    eka hari eka thama Musammilta wada Milinda mulu Kolabama danna hamogema wiswase dina gaththa kenek.