ඇඹිලිපිටිය කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ දැනට සති ගණනාවක සිට ප්‍රතිකාර ලබා සුවය ලබමින් සිටින සනත් ලෙනෝරා නම් වයස්ගත මහත්මයාට සිය කල්පනා ශක්තිය හීන වී යාම හේතුවෙන් සිය පවුලේ නෑදෑ හිතවතුන් වෙත යාමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත .කොළඹ මරදාන ආනන්ද මාවතේ වසර ගණනාවක සිට පදිංචිකරුවකු බව පවසන මෙම මහත්මයාගේ දූදරුවන් විදේශගතව සිටින බවත් නිරන්තරයෙන් හැඬූ කඳුළින් සිය දියණිය මතක් කර තමාව නිවසට රැගෙන යන ලෙසට මෙම මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන සියලු දෙනා වෙතම ආයාචනය කරනු ලබයි.මධ්‍යස්ථාන පරිපාලනය විසින් ද මෙම මහතාගේ නිවස සොයා ගැනීමට ඉතා වෙහෙස මහන්සි වී කටයුතු කරන අතර ඒ සඳහා විශාල පරිශ්‍රමයක් දරන බව දක්නට ලැබේ .වයස 70 පැත්ත 75ක් පමණ වයස මෙම මහතා රෝගී ප්‍රතිකාර නිරෝධායන කාලය අවසන් කර සති ගණනක් පසුවේ .මෙම මධ්‍යස්ථානය පැමිණෙන බොහෝ දෙනෙක් දින දහයකට පසු සාමාන්‍ය සමාජයට යනු ලැබුවද ලෙනෝරා මහතා හට ඒ අවස්ථාව අහිමි වීම නෙතට කඳුලක් ගෙන දෙන්නකි.මෙම සටහන නෙත ගැටෙන කොළඹ ආනන්ද මාවතේ කිසියම්ම පින්වන්ත මහතකු හෝ මහත්මියක ඇඹිලිපිටිය යෝධගම කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කාලය ගතකරන ලෙනෝරා මහතා හට සිය නිවස කරා යාමට අදාල තොරතුරු ලබාදිය හැකිනම් ඔබ සිදුකරගන්නා සුවිශාල පුණ්‍යකර්මයකි.ලෙනෝරා මහතාගේ ඡායාරූපය පහතින් දැක්වේ.
