කොළඹ මුහුද ගොඩකිරීම ළඟදීම ඇරඹෙන හැඩ

romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    කොළඹ මුහුද ගොඩකිරීම ළඟදීම ඇරඹෙන හැඩ

    කොළඹ, ගාලු මුවදොර අසල මුහුද ගොඩකර ඉදිකිරීමට නියමිත වරාය නගරය ඉදිකිරීමේ ගිවිසුම් ලබන මාසයේදී අත්සන් කරන බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා කියයි.

    25sapvb.jpg


    ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති, ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම අප සමග සඳහන් කළේ මෙම ව්‍යාපෘතිය සඳහා තෝරාගෙන තිබෙන චීනයේ China Communications Construction Company Limited (CCCC) සමාගම සමග මෙයට අදාළ ගිවිසුම අත්සන් කිරීම සඳහා මේ වනවිට ලහි ලහියේ කටයුතු සූදානම් කරමින් සිටින බවයි.

    “අපි මේ දවස්වල කැපවෙලා ඉන්නේ මෙම වරාය නගරයට අදාළ ගිවිසුම් අත්සන් කරන්නයි“
    යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රියත් බන්දු වික්‍රම මහතා සඳහන් කළේය.

    එළඹීමට යන ගිවිසුමට අනුව අක්කර 568 ක් වන මෙම ඉඩම ගොඩකිරීමේ කටයුතු මාස 39 කදී අවසන් කිරීමටත් මෙහි නාගරික සංකීර්ණයක් ඉදිකිරීමට අක්කර 123 ක ඉඩම් මෙම චීන සමාගමට අවුරුදු 99 බදු පදනම මත ලබාදීමටත් එකඟත්වයට පැමිණීමට යනබව අප වෙත අනාවරණය වේ.
    මෙම නාගරික සංකීර්ණය ඉදිකිරීම සඳහා ඩොලර් බිලියන 1.4 ක දැවැන්ත ආයෝජනයක් සිදු කිරීමට නියමිතය.

    මෙම භූමියේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මූලස්ථානය පිහිටුවීමට තට්ටු 22 කින් යුක්ත ගොඩනැගිල්ලක්, හෝටල්, සුපිරි නිවාස සංකීර්ණ ඉදි කිරීමටත් විනෝදාස්වාද ක්‍රියාකාරකම් ඇති කිරීමටත් සැලසුම් කර ඇත.


    From Internet
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මේ නව නගරෙට ෂැන්හයි කියලද නම දාන්නේ ශෙන්සන් කියලද
     

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,066
    362
    83
    yakooo aurudu 99 ta Badu dunnahama,,,owaa kada wetena kaalayane ban,, un hadala Profit eka aran yai,, apita hulan,,Munge Nayata polith gewala Profit ekath denna,, :angry::angry::angry::angry:
     
    Last edited: