කොළඹ රතිඤ්ඤා ඉවරයි !!!

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කොළඹ රතිඤ්ඤා ඉවරයි !!!

    කොළඹ රතිඤ්ඤා ඉවරයි !!!

    කොළඹ ඇතුළු තදාසන්න නගර ආශ්‍රිතව ඇති වෙළෙඳසල්වල තිබූ රතිඤ්ඤා සියල්ලක්ම පාහේ පසුගිය සිකුරාදා දහවල් වන විට විකිණී අවසන්වී තිබෙනවා.

    576602_460721927287907_100000503106545_1720362_1719833853_n.jpg


    සාමාන්‍යයෙන් රතිඤ්ඤා තොග මේ ආකාරයට හදිසියේම විකිණීමක් මෙවැනි කාලයක සිදුනොවන බැවින් බුද්ධි අංශ මෙන්ම ආරක්ෂක අංශද ඒ ගැන යම් සොයා බැලීමක් කිරීමට පියවර ගෙන තිබුණා.

    හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකාගේ නිදහස්වීම ප්‍රකාශයට පත්වනවිටත්, ඔහු නිදහස ලබා ජනතාව අමතන විටත් දල්වා සතුට පළ කිරීමට එසේ රතිඤ්ඤා මිලදී ගැනීම් සිදුව තිබෙන බවත්, පාට පක්ෂ බේදයකින් තොරව ජනතාව රතිඤ්ඤා මිලදීගෙන ඇති බවත් එහිදී අනාවරණය වී තිබෙනවා.

    ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීමට කැබිනට අනුමැතිය ලැබුණු බව විද්‍යුත් මාධ්‍ය විසින් වාර්තා කිරීමත් සමඟම රටේ බොහෝ ප්‍රදේශ වල රතිඤ්ඤා පිපිරෙන හඬ අසන්නට ලැබුණු බව වාර්තා වුණා.

    මේ වනවිට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කටාර් රාජ්‍ය බලා පිටත්ව ගොස් ඇති අතර දින තුනත කාලයක් එහි ගත කරනු ඇති.

    ජනාධිපතිතුමා විදෙස් ගතවීමට පෙර ජෙනරාල් ෆොන්සේකා නිදහස් කිරීමේ ලේඛණවලට අත්සන් තබා ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානියා වෙත බාර කර ඇති අතර ඒවා හෙට දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    එබැවින් නිදහස් කිරීමේ කටයුත්ත හෙට දිනයේ හෝ ඉන් සුව එළැඹෙන ආසන්නම දිනයකදී සිදු කෙරෙනු ඇති අතර එම ප්‍රවෘත්තිය ප්‍රකාශයට පත්වීමත් සමඟ රතිඤ්ඤා පත්තු කරමින් සතුට ප්‍රකාශ කිරීමට ජනතාව මේ වනවිට සූදානම් වී සිටින බවයි වාර්තා වන්නේ.

    නිදහස ලැබීමෙන් පසුව ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා එක්‌සත් ජාතික පක්‍ෂය සමඟ සම්බන්ධවීමට සූදානම් නම් ඒ සම්බන්ධව පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්‌ඩලය සමඟ සාකච්ඡා කර තීරණයකට පැමිණිය හැකි බව මහ ලේකම් තිස්‌ස අත්තනායක මහතා පවසනවා.

    ජනතා විමුක්‌ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසන්නේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා තම පක්‍ෂයේ සාමාජිකයෙක්‌ නොවන නිසා ජ.වි.පෙ. සමඟ සම්බන්ධ වන ලෙස ඉල්ලීමක්‌ කළ නොහැකි බවත් ෆොන්සේකා මහතා ගනු ලබන තීරණය අනුව සෑම දෙයක්‌ම සිදුවන බවත්ය.

    මේ අතර සිරගතව සිටි තම පියාට නිදහස ලැබෙන බව සැලවීමත් සමග ඇමරිකාවේ සිට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ දියණියන් වන අප්සරා ෆොන්සේකා හා අපර්ණා ෆොන්සේකා ඊයේ නවලෝක රෝහලට පැමිණියාය.....


    149420_293418444085944_100002533729021_646023_1111395845_n.jpg
     
    • Like
    Reactions: kandahar

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    pacha news dala wadiya uda paninnath epa. Ponsekath ekkama ayith bima watenna wenne.
    anukampa karala eliyata dammama ekatawath kelehi guna dakwanna.
     
    • Like
    Reactions: nj542 and gcj

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අම්මෝ එහෙමද එහෙනම් කොලබ හෙල්ලෙයි,අපි බලමු :lol::lol::lol: