කොළඹ රාජකීය සහ තර්ස්‌ටන් සිසුහු ගැටෙති..!!!

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
කොළඹ රාජකීය සහ තර්ස්‌ටන් සිසුහු ගැටෙති..!!!

ඊයේ කොළඹදී කොළඹ රාජකීය සහ
තර්ස්‌ටන් සිසුහු ගැටෙති


"දිවයින" ඡායාරූප ශිල්පියාගේ කැමරා චිපයක්‌ උදුරාගෙන
පොලිස්‌ අධිකාරි රණගලටත් තුවාල


හේමන්ත රන්දුණු - ශිරාන් රණසිංහ( 24-10-2012 Diwayina)

royal470.jpg


කොළඹ රාජකීය සහ තර්ස්‌ටන් විද්‍යාලවල ශිෂ්‍යයන් දෙපිරිසක්‌ අතර ඊයේ (23 වැනිදා) දහවල් තර්ස්‌ටන් පාරේදී සිදුවූ ගැටුමකින් ශිෂ්‍යයන් නව දෙනකු තුවාල ලබා ඇත.

මෙම ගැටුම මැඩ පැවැත්වීමට ගිය කොළඹ දකුණ පොලිස්‌ අධිකාරි ප්‍රේමලාල් රණගල මහතා ද සුළු තුවාල ලැබූ අතර පොලිස්‌ කොස්‌තාපල්වරයකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.


මෙම ගැටුම්කාරී තත්ත්වය මෙහෙය වූ රාජකීය විදුහලේ ශිෂ්‍යයන් අටදෙනකු පොලිස්‌ භාරයට ගෙන තිබේ.


මෙහිදී තුවාල ලැබූ ශිෂ්‍යයෝ වැඩි දෙනකු කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුහු වෙති. තුවාල ලැබූවන්ගෙන් දෙදෙනකු ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර සෙසු ශිෂ්‍යයන් බාහිර ප්‍රතිකාර ලබා පිටව ගොස්‌ ඇත.


පසුගිය දින කීපයක්‌ තිස්‌සේම රාජකීය සහ තර්ස්‌ටන් විද්‍යාලවල ශිෂ්‍යයන් අතර ගැටුම්කාරී තත්ත්වයන් උද්ගත වී තිබිණි.


ඊයේ (23 වැනිදා) පෙරවරුවේ කොළඹ තර්ස්‌ටන් විද්‍යාලය ඉදිරිපිට සිටි ශිෂ්‍යයකු රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යයන්ගේ ප්‍රහාරයකට ලක්‌ව තුවාල ලැබූ අතර ඔහු රෝහල් ගත කරනු ලැබීය.


ඊයේ (23 දා) දහවල් 2.00 ට පමණ රාජකීය විද්‍යාලයේ උසස්‌ පෙළ සහ සාමාන්‍ය පෙළ පංතිවල අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන් දහසකට අධික පිරිසක්‌ තර්ස්‌ටන් විද්‍යාලයේ ප්‍රධාන දොරටුව අසලට පැමිණ ඇත.


ඒ වනවිට විද්‍යාලයේ කටයුතු අවසන් කර ශිෂ්‍යයෝ පිට වී යැමට සූදානමින් සිටියහ. පාසලෙන් පිටව යන ශිෂ්‍යයන්ට පහර දීමට රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යයන් පැමිණ සිටින බව දැනගත් තර්ස්‌ටන් ශිෂ්‍යයන් විදුහලේ ක්‍රීඩාංගණය දෙස සිට මාර්ගයේ සිටි රාජකීය ශිෂ්‍යයන්ට ගල්මුල් ප්‍රහාර එල්ල කර තිබේ.


මෙම සිද්ධියෙන් තර්ස්‌ටන් මාර්ගයේ ගමන් කළ වාහන කීපයක්‌ද ගල්මුල් ප්‍රහාරයට ලක්‌ වී ඇත. ගැටුම මැඬ පැවැත්වීමට සඳහා එහි පැමිණ පොලිස්‌ නිලධාරින්ද ගල්මුල් ප්‍රහාරයට ලක්‌ වී තිබේ.


පසුව තර්ස්‌ටන් ශිෂ්‍යයන් රාජකීය විද්‍යාලයේ නේවාසිකාගාරයකට ද ගල්මුල් ප්‍රහාර එල්ල කර ඇත.


සිද්ධිය සැලවූ වහාම ක්‍රියාත්මක වූ කොළඹ දකුණ පොලිස්‌ අධිකාරි ප්‍රේමලාල් රණගල කුරුඳුවත්ත කොල්ලුපිටිය පොලිස්‌ ස්‌ථානාධිපතිවරුන් වන කපිල ප්‍රෙAමදාස, මංගල දෙහිදෙණිය ඇතුළු නිලධාරීන් සිද්ධිය වූ ස්‌ථානයට පැමිණ ගැටුම සමතයකට පත්කර ශිෂ්‍යයන් පලවා හැර තිබේ.


ප්‍රදේශයේ ආරක්‌ෂාව සඳහා විශේෂ පොලිස්‌ බල ඇණි කීපයකම යොදවා තිබිණි. මේ අතර කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුන් හා කොළඹ තර්ස්‌ටන් විද්‍යාලයේ සිසුන් අතර ඊයේ (23 වැනිදා) දහවල් තර්ස්‌ටන් පාරේදී ඇති වූ ගැටුම ඡායාරූප ගත කරමින් සිටි "දිවයින" ඡායාරූප ශිල්පී සමන් අබේසිරිවර්ධන ගේ කැමරාව උදුරාගත් සිසුවකු කැමරාවේ තිබූ චීපය(Cයසච) ගලවාගෙන ඇත.


රාජකීය විද්‍යාලයේ ශිෂ්‍ය නායකයකු යෑයි කියාගත් මෙම ශිෂ්‍යයා "දිවයින" ඡායාරූප ශිල්පියාගේ රාජකාරි කැමරාව උදුරාගෙන තර්ජනය කර ඇති අතර තවත් අමතර චීප් තිබේ දැයි විමසමින් කැමරාව පරීක්‌ෂාවට ලක්‌කර තිබේ. මෙම ගැටුමට අදාළ වැදගත් ඡායාරූපය රැසක්‌ එම චිපයේ තිබිණි.


මෙම ස්‌ථානයේ පාසල් නිල ඇඳුමින් සිටි පහළොස්‌ දෙනකු පමණ වටකරගෙන කැමරාව උදුරා ගන්නා අවස්‌ථාවේ දී කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් කිහිප දෙනකුද එය බලා සිට ඇත.


තවත් මුද්‍රිත මාධ්‍යයක ඡායාරූප ශිල්පියකුගේද කැමරාවේ චීපයක්‌ පෞද්ගලික රූපවාහිනි නාලිකාවක කැමරාකරුවකු සතුව තිබූ වීඩිSයෝ කැසට්‌ පටයද මෙම ශිෂ්‍යයන් විසින් උදුරාගෙන ඇත.


තමුසෙලට වටින්නේ කැමරාවද නැත්නම් චිප් එක දැයි විමසු අදාළ රාජකීය විද්‍යාලයේ යෑයි කියාගත් ශිෂ්‍යයා, තවත් මෙතන ඉන්නේ නැතුව මාරුවෙලා යන ලෙසට තර්ජනය කර ඇත.


මෙම ශිෂ්‍ය නායකයා යෑයි කී ශිෂ්‍යයාගේ සුදු කමිසයේ ලේ තැවරී තිබුණි.


කැමරා චිපය හා වීඩියෝ කැසට්‌ පට එම ශිෂ්‍යයන් විසින් උදුරා ගැනීම පිළිබඳව ඒ මොහොතේම මාධ්‍යවේදීන් කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන්ට පවසා ඇත.

 

adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    i was passing by while this was hapenning.

    when keheliya rambukwella's son was suspended sometime ago, keheliya had called the principal, abused him in filth, and threatened him. so that's how the students are protected there. you still want justice?
    i feel sad about all those educated people of royal who built a name for the school. these bastards know no value of a rich past. :(