කොළඹ CCTV කැමරා පද්ධතිය වැඩිදියුණු වන අයුරු

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
කොළඹ CCTV කැමරා පද්ධතිය වැඩිදියුණු වන අයුරු

CCTV-CAM.jpg


දැනට කොළොඹ නගරයේ සංවෘත පරිපථ රුපවාහිනී කැමරා හෙවත් CCTV කැමරා 120 ක් පමණ සවිකොට ඇති අතර ඒවා නිරීක්ෂණය කිරීමට මෙහෙයුම් මැදිරියක්ද තනා ඇත.

එම කැමරා පද්ධතිය සඳහා ANPR (Automatic Number Plate Recognition ) තාක්ෂණය හා AFR (Automatic Face Recognition ) තාක්ෂණය යොදා
ඉදිරියේදී වැඩිදියුණු කිරීමට නියමිතයි.

ANPR තාක්ෂණය ඔස්සේ මීටර් 30 ක දුරකින්, පැයට කිලෝමීටර් 110 ක වේගයෙන් එන වාහනයක අංක තහඩුව හදුනාගෙන මතකයේ තැන්පත්කර ගැනීමට හැකියාවක් පවතිනවා.


එමගින් අපරාධ හෝ මාර්ග නීති කඩකරන පුද්ගලයන් පහසුවෙන් හදුනාගැනීමට හැකිවනවා.


AFR තාක්ෂණය ඔස්සේ මිනිස් මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණයක් මෙම කැමරාවලට ඇතුලත්කරන අතර එමගින් මුහුණේ ජ්‍යාමිතික හැඩය හදුනාගෙන එය කේතයක් ලෙස මතකයේ තැන්පත්කර ගැනීමට හැකියාවක් පවතිනවා.


මෙම පද්ධතිය අපරාධ විමර්ශන අංශය ත්‍රස්තවාදී විමර්ශන අංශය හා අපරාධ දත්ත ගබඩා අංශ වලට සම්බන්ධ කිරීමට නියමිත අතර ඒ සඳහා කැපවුණු ජංගම රථයක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.


 

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    නියම වැඩක්. මේව තියෙන්න ඕනෙ රට දියුණු වෙන්නනම්. මේ ලඟදි සුද්දො දෙන්නෙකුත් හොර පැමිනිල්ලක් දාන්න ගිහින් CCTV කැමරා නිසා මාට්ටු වෙලා තිබ්බ.
    REP +