කොළඹ_බයිට්ස් කඩ පහක්

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    කොළඹ_බයිට්ස් කඩ පහක්

    දැන් කට්ටිය සෙට් වෙන්න හොඳ තැනක් හොයනකොට බලන ජාති කොච්චර තියෙනවද? නිදහසේ සෙට් වෙන්න පුලුවන්ද, මිල ගණන් ෂේප්ද කියලා වගේම අනිවා බලන දෙයක් තමයි එතන බයිට්ස් සහ කෑම බීම හොඳයිද කියන එක. විශේෂයෙන්ම බයිට්ස් චාටර් නං බීලත් වැඩක් නෑ වගේනේ. ආන්න ඒ නිසා තමයි අපි හොඳට බයිට්ස් හදලා දෙනවා කියන්න පුලුවන් තැන් කීපයක් ගැන කියන්න හිතුවේ!


    1. The Station

    best-bites-restaurants-aniwa-01.jpg


    ස්ටේෂන් කිව්ව ගමන් ඔලුවට එන තැන් දෙකක් තියෙනවා. එකක් හැමදාම වැඩ ඇරිලා කෝච්චිය ගන්න යන ස්ටේෂම. අනික තමයි දෙහිවල බීච් එකේ බොන්න තියෙන ජනප්‍රිය තැන, ස්ටේෂන් රෙස්‍ටුරන්ට් ඇන්ඩ් බාර්. සාමාන්‍යයෙන් ගෑණු ළමයෙක් එක්ක ඇවිත් කාලය ගත කරන්න වුනත්, යාලුවෝ සෙට් එකටම ගිහින් කාලා බීලා එන්න වුනත් පුලුවන් ඩීසන්ට් තැනක් විදියට කාලයක් තිස්සේම ස්ටේෂන් ප්‍රසිද්ධයි.

    මෙතන සීෆුඩ් බයිට් හොඳයි කියලා ගොඩක් දෙනෙක් කියන නිසා අපි මේක අපේ ලිස්ට් එකට දානවා. හැබැයි ඇත්තටම මේසෙට එන කෑම ප්‍රමාණය සහ රස එක්ක බලනකොට ගාණ පොඩ්ඩක් වැඩීද මන්දා. හැබැයි මේ අයගේ “ස්වීට් ඇන්ඩ් සවර් ‍ෆිෂ්” ඩිෂ් එකයි, “හොංකොං ස්ටයිල් ‍ෆිෂ්” ඩිෂ් එකයි නං අපිට ඇල්ලුවා.



    2. & Co. – The Steuart

    best-bites-restaurants-aniwa-02.jpg



    ඇන්ඩ් කොම්පැණි පබ් කියන්නේ ඇත්තටම ඩච් හොස්පිට්ල් එකත් එක්කම තියෙන ස්‍ටුවර්ට් හොටෙල් එකේ පබ් ඇන්ඩ් රෙස්‍ටුරන්ට් එක. මෙතන යාලුවන්ට සෙට් වෙන්න නියම තැන වගේම තමයි අපේ ෆේවරිට් බයිට් කීපයක්ම තියෙන තැනක්. කොහොමත් ගෑණු ළමයත් එක්ක හවසකට කොක්ටේල් එක්ක බොන්න යන්න වුනත්, යාලුවෝ දෙතුන් දෙනෙක්ට සෙට් වෙන්න වුනත්, යාලුවෝ දහයකට පහළොවකට සෙට් වෙන්න වුනත් ස්‍ටුවර්ට් එක කියාපු තැන.

    මෙතන තියෙන හැම ඩිෂ් එකක්ම එල කිරි පහට අල්ලලා යයි කියලා කියන්න බෑ අවංකවම. ඒත් වැඩි හරියක් මෙනු එකේ තියෙන අයිටම්ස් මරේ මරු. එතනිනුත් අපි රෙකමන්ඩ් කරනවා අයිටම්ස් දෙකක්. එකක් තමයි “හොට් බටර්ඩ් කලමාරි” එක. ළූණු රවුම් අරවා මේවා එක්ක ලොකු සයිස් කලමාරි රින්ග්ස් හතක් අටක් එන මේ ඩිෂ් එක සැර පදමත් ගාණට තියෙන නිසා බයිට් එකට මරු. හැබැයි මේකෙන්ම බඩත් පිරෙන ගාණයි. දෙවෙනියට අපේ රෙකමන්ඩේෂන් එක තමයි “බිග් සිටි රිබ්ස්”. ඒ කියන්නේ පෝක් ‍රැක් දෙකක් ගාණට බාබක්‍යු සෝස් වල මැරිනේට් කරලා හදලා එවන්නේ. දෙන්නෙක්ට ඇති මේ ඩිෂ් එක. බයිට් එකට වගේම වේලටත් පිරිමැහෙනවා.




    3. THE RE.PUB.LK


    best-bites-restaurants-aniwa-03.jpg


    ඩච් හොස්පිටල් එකට පොඩ්ඩක් මෙහායින් තියෙන මේ තැන එක පාරටම පේන්නේ නෑ. පොඩ්ඩක් හෝදිසියෙන් බැලුවොත් අර කොලෝනියල් කාලේ බිල්ඩිමක, ඒ කියන්නේ හරියටම කිව්වොත් 1924 බිල්ඩිමක තියෙන පබ් එක හොයාගන්න පුලුවන්. පබ් එක ඇතුළට ගියහමත් අර පරණ ගතියත් එක්ක එකතු වුණු, නවීන අංගෝපාංග එක්ක අපූරු පෙනුමක් දැකගන්න පුලුවන්.

    මේ අයගේ බයිට්ස් ගැන කතා කරනවා නම් එතන තියෙන හොඳම දෙයක් තමයි බොහොම අඩු ගණන් වල ඉඳන් සාමාන්‍යයෙන් හොඳ පබ් එකක දකින්න ලැබෙන ගණන් දක්වා පරාසයක බයිට් එතන තිබීම. ඒ වගේම තමයි මිල ගණන් වැඩි වුනත්, අඩු වුනත් මෙතන තියෙන බයිට්ස් වල නරකක් කියන්න එකම ඩිෂ් එකක්වත් අපිට මෙතෙක් මුණගැහිලා නෑ. හැම ඩිෂ් එකක්ම එක්කෝ හොඳයි නැත්නම් සුපර්. අපි විශේෂයෙන්ම කැමති වුණු බයිට්ස් දෙකක් මෙතන තියෙනවා. එකක් තමයි “චිකන් හරියාලි ටික්කා”. අනික තමයි “හනී ග්ලේස්ඩ් ස්පෙයාර් රිබ්ස්”. ඒක නම් වේල පිරිමහගන්නත් හොඳයි.



    4. Randoli Sports Club

    best-bites-restaurants-aniwa-04.jpg


    කොළඹ නගරේ ඇතුළත සෙට් වෙන්න පටන් ගත්තු අවුරුදු පණහක හැටක වයසක හාදයෙක්ට වුනත් රන්දෝලි කියන නම අමතක වෙන්න විදියක් නෑ. ඒ තරමටම රන්දෝලි ස්පෝට්ස් ක්ලබ් එක එක්ක බැඳුණු මතකයන් සෑහෙන්න තියෙනවා. කොහෙත්ම හයි එන්ඩ් පොට් එකක් නොවෙන රන්දෝලි එකේ තනියම බොන්න යන්නෙ නැතිනම් දෙයක් රහට කතා කරන්න පුලුවන් ඩයල් එකක් හෝ කීපයක් එක්කගෙන යන්න ඕන. අන්න එතකොටයි එතන ගැම්ම තියෙන්නේ. ඒ වගේම තමයි රන්දෝලි එකේ සෙට් වෙන එක සාක්කුවටත් අපහසුවක් නෑ.

    මෙතන බයිට් ගැන කියනකොට හැමෝම කතා කරන්නේ රන්දෝලි එකේ නයි මිරිස් සෝස් එක ගැන. ඕක ගාගෙන ලී කෑල්ලක් වුනත් කන්න පුලුවන් කියලා තමා කියන්නේ. අපිට මෙතනින් අල්ලලා ගියපු එක ඩිෂ් එකක් තමයි නයි මිරිස් සෝස් එකත් එක්ක ෆ්‍රයිඩ් පෝක්. සමහර වෙලාවට හොට් සෝස් එක්ක ක්‍රිස්පි ‍ෆිෂ් එකත් හොඳයි. හැබැයි මේ හැම එකේම රහස තියෙන්නේ නයි මිරිස් සෝස් එකේ වෙන්න ඕන!


    5. The Cricket Club Café


    best-bites-restaurants-aniwa-05.jpg


    මෙහෙම කිවුව ගමන් ගොඩක් දෙනෙක් හිතන්නේ එස්. එස්. සී ග්‍රවුන්ඩ් එකේ හරි ඒ වගේ වෙන ග්‍රවුන්ඩ් එකක තියෙන ස්පෝට්ස් ක්ලබ් එකකට අයිති පබ් එකක් කියලනේ. මේක අපි දන්න තරමින් නම් එහෙම ලංකාවේ ක්‍රිකට් වලට සම්බන්ධ තැනක් නෙවෙයි. හැබැයි මේ පොට් එක පුරාම ක්‍රිකට් මතක සටහන් තියෙන නිසා ගොඩක් ක්‍රිකට් ලෝලියෝ නම් මෙතනට ආසයි. වෙන මොකුත් ඕන නෑ. ක්‍රිකට් ගැන මෙලෝ හසරක් දන්නෙ නැති මනුස්සයෙක්ට වුනත් මෙතනට ගිහින් මෙනු එක බැලුව ගමන් ලෝකේ ප්‍රසිද්ධම ක්‍රිකට් ක්‍රීඩකයෝ ගැන ඉගෙන ගන්න පුලුවන්. මොකද මෙනු එකේ ඔක්කොම අයිටම් නම් කරලා තියෙන්නේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නම් වලින්.

    මෙතනින් අපි කැමතිම බයිට් ජාති දෙකම ඇත්තටම ෆුල් මීල් ඩිෂ් දෙකක්. හැබැයි රසේ හැටියට බයිට් එකට මරු නිසා මෙතනට දානවා. එකක් තමයි “පර්සී’ස් ප්‍රෝන්ස්”. අනික් එක තමයි “සෙන්චරි සී ෆුඩ් ප්ලැටර්”. ඇත්තටම මේක ගත්තට පස්සේ කීප දෙනෙක් බොනවා නම් වෙන බයිට් මොකුත් ඕන නෑ. නියම සීෆුඩ් දිව්‍යලෝකයක්.



    *අනිවා අවවාදය: කණ් පාත් වන තුරු බීමෙන් පොකැට්‍ටුවටත්, ශරීර සෞඛ්‍යයටත්, ගෙදර සාමයටත් “වදින්නට” ඉඩ ඇත. වගකීමෙන් පානය කරන්න.



    source: aniwa.lk
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    The Station කෑම නම් චොර :dull::dull:

    රන්දෝලි එකේ ෆ්‍රයිඩ් පෝක් එක නම් සුප්පා තමයි :cool::yes:

     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113



    The Station කෑම නම් චොර :dull::dull:

    රන්දෝලි එකේ ෆ්‍රයිඩ් පෝක් එක නම් සුප්පා තමයි :cool::yes:


    වගකීමෙන් පානය කරන්න.:lol:

    cricket club cafe & randoli දෙකට විතරයි ගිහින් තියෙන්නෙ. දෙකම හොඳයි.

    :):):):)වගකීමෙන් පානය කරන්න.:D
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    Ganan dapanko . Liquor price ehema wadi da? 2nek ge budget eka kiyak vithara set wei da iquor and bite?