කොළොන්නාවේ ප්‍රතිඵලය
කොළොන්නාව නගර සභා මැතිවරණ ප්‍රතිඵලය අහෝසි කොට නැවත ඡන්දය පවත්වන ලෙස ඉල්ලමින් අධිකරණයේ නඩු පැවරීමට එක්සත් ජාතික පක්ෂය ඊයේ (9 දා) තීරණය කළේය. ඡන්දය දැමීමට ජනතාවට තිබූ අවස්ථාව අහිමි කරමින් ඇඳිරි නීතිය පැනවීමත් භීෂණකාරී තත්ත්වයක් නිර්මාණය කිරීමත් මෙම තීරණය ගැනීමට හේතු වූ බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ඊයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය.
ජනාධිපති වෘත්තීය සමිති උපදේශක සහ ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කළ භාරත සහ දුමින්ද යන දෙදෙනාගේ ගැටුම සම්බන්ධව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස රජයෙන් ඉල්ලා සිටීමටද සිය පක්ෂය තීරණය කළ බව හෙතෙම කීය.
ආණ්ඩුව සියලු රාජ්‍ය සම්පත් යොදවමින් භීෂණයක් මවාපාමින් ක්‍රියා කළ පසුබිමක් තුළ එක්සත් ජාතික පක්ෂයට මැතිවරණයට මුහුණ දීමට සිදුවූ බවත් ඒ සියලු අභියෝග මධ්‍යයේත් ඡන්දපළට පැමිණ එ.ජා.ප.යට ඡන්දය දුන් සියලු ඡන්ද දායකයනට පක්ෂයේ ප්‍රණාමය පළකර සිටින බවත් අත්තනායක මහතා වැඩිදුරටත් පැවසීය.