"කොළොම්තොටම නිහඬ විය." ආදරණීය නායකයාණෙනි,
රට නරාවලක් කළ විනාඩි ගණනක සිද්ධිය
භාරත ඝාතනය පිළිබඳ කතාව පෙළින් පෙළ
ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි අවස්ථාව.........
කොළොන්නාව උමගිලිය ක්‍රීඩාංගණය එකම හිස්ගොඩකි. ඒ නිරහංකාර මිනිසාට අවසන් ගෞරවය දැක්වීම සඳහා පක්ෂ බේදයකින් තොරව රැස්ව සිටි දහස් සංඛ්‍යාත ජනතාව මීයට පිම්බාක් මෙන් නිහඬය.
සුදොaසුදු පැහැයෙන් ඉදිවූ චිතකය ඒ නිරහංකාර මානව හිතවාදියා දමා අළු කරන මූසල හෝරාව එළඹෙනතුරු බලා සිටියි. මළ හිරුරැස් කෙමින් කෙමින් උමගිලිය ක්‍රීඩාංගණය ගිල ගනිමින් තිබිණි.
කොළොන්නාවේ කෙල්ලො කොල්ලො කුඩුකාරයන්ගෙන් බේරගන්න ඕනෙ. ගෑනු ළමයකුට බයක් සැකයක් නැතිව පාරේ බැහැලා යන්න බැහැ. පාහර දේශපාලනඥයොයි උන්ට කඩේ යන පාතාල අපරාධ කාරයොයි අද කොළොන්නාව බිලි අරගෙන. මේ මිනිස්සුන්ට ආරක්ෂාවක් ඕනෙ. ඒ අහිංසක මිනිස්සු වෙනුවෙන් මම මැරෙන්න උනත් ලෑස්තියි. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ ඒ ජවසම්පන්න හඬ මුළු කොළොන්නාව පුරාම දොaංකාර දෙයි. ඒ හඬ කොළොන්නාවේ ජනතාවට මහා ශක්තියක් විය. අහිංසක ජනතාවගේ එකම රැකවලා වූයේ ඔහුය. ගැලවුම්කාරයා වූයේද ඔහුය. එහෙත් ඒ වීරයා අද ඔවුන් අතර නැත.
"අපේ රජු අපිට නැති කළා අපි අද අසරණ වෙලා. මේ මහා අපරාධය කරපු උන්ට හෙණ හත ගහන්න ඕනෙ."
හදපත්ලෙන්ම ගලා ආ ශෝකය වාවාගත නොහැකිව කාන්තාවක විලාප නගයි. දහස් සංඛ්‍යාත ජනතාවගේ සෝ සුසුම් මැද ඒ ජනහිතකාමියාගේ දේහය තැන්පත් කළ චිතකය දැවී පිළිස්සී අළුවී යන්නට විය.
කොළොන්නාවේ පමණක් නොව කොළඹ බොහෝ ප්‍රදේශවල අහිංසක ජනතාව ඔහු ළඟින් ඇසුරු කළේය. තරුණ පිරිස්වලට ඔහු ලකී අයියා විය. වැඩිහිටියන් ඔහුට කීවේ ලකී පුතා කියාය. ඒ තරමටම ඔහු අහිංසක ජනතාවට සමීප වූවෙක් විය.
අව්‍යාජ සිනහවෙන් මුවසරසාගෙන සිටින භාරත දුප්පතාගේ දුකේදී කිසි දිනක කර ඇරියේ නැත. උත්තුංග දේහදාරී ජනහිතකාමියා අකාලයේ මරාදැමීම මොනතරම් අපරාධයක්ද. සිය පියාණන් වූ එම්. වයි. ප්‍රේමචන්ද්‍ර මහතාගේ අඩිපාරේ යමින් දේශපාලනයට පිවිසි භාරත ලක්ෂ්මන් ඉතාම කෙටි කාලයක් තුළ ජනතාවගේ ආදරය දිනා ගත්තේය.
1956 වර්ෂයේ ජනවාරි 26 වැනිදා මෙලොව එළිය දුටු භාරත දරුවන් හත් දෙනෙකුගේ පවුලේ තුන්වැනියාය. කොළඹ කේරි විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු පසුව කොළඹ ආනන්ද විද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය ලැබුවේය. කොළොන්නාවේ අහිංසක ජනතාව අතර සාමාන්‍ය ජීවිතයක් ගත කරමින් හැදී වැඩුණු භාරත ලක්ෂ්මන් 1979 වර්ෂයේදී දේශපාලනයට පිවිසියේය. ඒ කොළොන්නාව නගර සභාවට තරග කරමින්ය. 1980 වර්ෂයේදී කොළොන්නාව නගර සභාවේ විපක්ෂ නායකයා ලෙස පත්වීමටද මේ තරුණ නාගරික මන්ත්‍රීවරයාට හැකි වූයේ ඔහුගේ දක්ෂතාව නිසාමය.
මුළු රටක් ආදරය කළ විජය කුමාරතුංග නම් වූ මානව හිතවාදියා ඇසුරු කිරීමට භාරතට ලැබෙන්නේ මේ කාල වකවානුවේදීය. ජනතාවට ආදරය කරන ආකාරය ජනතාවගේ දුකේදීත් සැපේදීත් ඔවුන් සමඟ එකට සිටින ආකාරය ඇතුළු සියලු ගුණයහපත් ක්‍රියා භාරත ඉගෙන ගත්තේ විජය කුමාරතුංගයන් ඇසුරු කිරීමෙන්ය. විජය ඇසුරු කිරීම භාරතගේ දේශපාලන දිවිය විශාල වෙනසක් කිරීමට සමත් විය. විජය සමඟ සමීපව කටයුතු කරද්දී නැක්සලයිට් චෝදනාව මත සිරබත් කෑමටද භාරතට සිදුවිය.
1988 වර්ෂයේ පැවති පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වූ භාරත ලක්ෂ්මන් එක්සත් සමාජවාදී පෙරමුණෙන් බස්නාහිර පළාත් සභාවට තරග කර ඉන් ජයගත්තේය. පසුව භාරත ලක්ෂ්මන් පොදු පෙරමුණු රජය සමඟ අත්වැල් බැඳගෙන 1994 වර්ෂයේදී චන්ද්‍රිකා කුමාරතුංග බලයට ගෙන ඒමට විශාල මෙහෙයක් ඉටු කළේය.
1994 වර්ෂයේ මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කළ ඔහු විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූයේය. එය කොළොන්නාව ජනතාවගේද ජයග්‍රහණයක් විය. එතැන් පටන් වසර 10 කට ආසන්න කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කළ භාරත ලක්ෂ්මන් දුක්විඳින ජනතාව වෙනුවෙන් විශාල මෙහෙයක් කිරීමට උත්සාහ කළේය. කොතරම් තාන්න මාන්න ලැබුණත් මිල මුදල් ලැබුණත් ඔහු කොළොන්නාවේ පිහිටි පුංචි නිවස අමතක කළේ නැත. කුඩා කල පටන් හැදී වැඩුණු මේ නිවහන මිය යනතුරුම ඔහුගේ වාසස්ථානය විය. 2005 වර්ෂය පොදුජන එක්සත් පෙරමුණට ඉතාම තීරණාත්මක වසරකි. ජනාධිපති අපේක්ෂකයා වූයේ මහින්ද රාජපක්ෂ මහතාය. භාරත ලක්ෂ්මන් ඉතාම දීර්ඝ කාලයක සිට මහින්ද රාජපක්ෂ මහතා කිට්ටුවෙන් ඇසුරු කළේය.
එදා භාරත ලක්ෂ්මන් මහින්ද රාජපක්ෂ මහතා ඇමතුවේ මහින්ද අයියා යන ලෙන්ගතු නාමයෙන්ය. ජනාධිපතිතුමාද ඔහුට කතා කළේ භාරත මල්ලී යන සහෝදර නාමයෙන්ය. ඒ තරමටම ඔවුන් කුළුපගය. මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීම සඳහා භාරත ලක්ෂ්මන් විශාල වැඩ කොටසක් කළේය. එදා දේශපාලන වේදිකාවේ මහින්ද රාජපක්ෂ මහතා සමඟ එකට වැඩ කිරීමට සිටියේ ඉතාම සීමිත දේශපාලනඥයන් පිරිසකි.
මහින්ද රාජපක්ෂ මහතා සමඟ අද ඉතාම සමීපව සිටින බොහෝ දෙනෙක් එදා ඔහු සමඟ සිටියේ නැත. එහෙත් භාරත ලක්ෂ්මන් එදා කළ මෙහෙය අමතක කළ නොහැක. කොළොන්නාව ප්‍රදේශයේ ජනතාවගේ සහාය පමණක් නොව කොළඹ බොහෝ ප්‍රදේශවල ජනතා ඡන්දය මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට භාරත ලක්ෂ්මන් එදා නොගත් උත්සාහයක් නැත.
එහෙත් පසු කාලයකදී ඒ සියල්ල කෙමින් කෙමින් වෙනස් වන්නට විය. දේශපාලන ලෝකයේ නොයෙකුත් හිත් රිදවීම් කටුක අත්දැකීම්වලට ඔහුට මුහුණ දෙන්නට සිදු වුණේ කිසිවකුත් නොසිතූ අයුරින්ය.
කොළොන්නාව ආසනය පවා අන්තිමේදී භාරත ලක්ෂ්මන්ට අහිමි වුණේ දෛවයේ මොකක්දොa සරදමක් නිසාය. මේ කටුක සිදුවීම් හමුවේ ඔහු කිසි විටෙකත් සැලුනේ නැත. පසුබට වුණේ නැත. මොනදේ නැති වුණත් ඔහු නිතරම කොළොන්නාව ජනතාව සමඟ සිටියේය.
දුමින්ද සිල්වා කොළොන්නාව ආසන සංවිධායක ලෙස පත් කිරීමෙන් පසු සියල්ල උඩුකුරු වන්නට පටන් ගත්තේය. ඇස්පනාපිට සිදු වෙමින් පැවති නොයෙකුත් අකටයුතුකම් දූෂිත ක්‍රියාවන් හමුවේ තවදුරටත් දැස් පියාගෙන නිසොල්මනේ සිටීමට භාරත ලක්ෂ්මන්ට හැකි වුණේ නැත.
කොළොන්නාවේ අසරණ ජනතාව වෙනුවෙන් ඔහු නැගී සිටියේය. ඒ වන විට මත්ද්‍රව්‍ය ජාවාරම කොළොන්නාවේ මහා ඉහළින් කෙරීගෙන ගියේය. අහිංසක තරුණයෝ දිනෙන් දිනම මත් උවදුරට ගොදුරු වෙමින් සිටියහ. පාතාල අපරාධ කරුවන්ගේ ක්‍රියාකාරකම්වලද නිමක් නොවීය. රාත්‍රියට තබා මහා දවාලකවත් තරුණියකට මහ මඟ නිරුපද්‍රිතව ගමන් කළ නොහැකි තත්ත්වයක් උදාවෙමින් තිබිණි. මේ සියල්ලටම වගකිව යුතු වුණේ දඩ දේශපාලනඥයන් සහ ඔවුන් වෙනුවෙන් ඕනෑම දහදුරා වැඩක් කිරීමට ඉදිරිපත්ව සිටි පාතාල අපරාධකරුවන්ය.
සිදුවෙමින් පවතින සියලු දූෂිත ක්‍රියාවන් හමුවේ පොලිසියට පවා සිදු වූයේ ඇස්කන් පියාගෙන නිහඬව සිටීමටය. නීත්‍යානුකූලව කටයුතු කිරීමට ගියේ නම් පොලිසියට සිදු වූයේ රාජ උදහසට ලක්වීමටය.
කොළොන්නාව ප්‍රදේශයේ පමණක් මත්කුඩු තිප්පොළවල් 570 ක් තිබු බව බොහෝ දෙනෙක් දැන සිටියහ. එහෙත් කිසිවකු හෝ ඊට එරෙහිව නැගී සිටීමට උත්සාහ කළේ නැත. එසේ වුවොත් ඒ පුද්ගලයාට සිදුවන්නේ සිය ජීවිතයෙන් ඊට වන්දි ගෙවීමටය.
මේ සියලු අපරාධ ඉදිරියේ භාරත ලක්ෂ්මන් නොසැලී නැගී සිටියේය. දූෂිත දේශපාලනඥයන් ප්‍රසිද්ධියේ විවේචනය කිරීමට ඔහු සැම විටම ක්‍රියා කළේය. තිත්ත ඇත්ත කතා කිරීම නිසා ඔහුට එල්ල වූ මරණ තර්ජන දිනෙන් දිනම වැඩිවිය. භාරත ලක්ෂ්මන් මහතා ඝාතනය කිරීමට සූදානමින් සිටි පාතාල අපරාධකරුවන් දෙදෙනකු පොලිස් අත්අඩංගුවට පත්වූයේ මීට වසරකට පමණ උඩදීය. එහෙත් වගකිව යුතු කිසිවෙක් මේ නිර්භීත ජනහිතකාමියා වෙනුවෙන් පෙනී සිටියේ නැත. 2011 පළාත් පාලන මැතිවරණය එන්නේ ඔය අතරතුරදීය. කොළොන්නාව සාමාන්‍ය ජනතාව අතරින් ඉදිරියට ආ තරුණ දේශපාලනඥයෙක් වූ ප්‍රසන්න සෝලංගආරච්චි මහතා පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට ඉදිරිපත් වූයේය. ඔහු හැම විටම කොළොන්නාවේ ජනතාව වෙනුවෙන් පෙනි සිටි දේශපාලනඥයෙකි. කොළොන්නාවේ සිදුවන අපරාධවලට දූෂණවලට එරෙහිව නොබියව නැගී සිටි මේ තරුණ දේශපාලනඥයා ජයග්‍රහණය කරවීමේ ප්‍රධාන කාර්ය භාරය බාරගෙන සිටියේ භාරත ලක්ෂ්මන් මහතාය. පාතාල ලෝකයේ මහා කෙරුම්කරුවකු යෑයි කියාගන්නා කරාටේ ධම්මිකගේ ඥති පුත්‍රයකුද මෙවර කොළොන්නාව නගර සභාවට තරග වැදුණේය. සිය ඥති පුත්‍රයා ජයග්‍රහණය කරවීම සඳහා කරාටේ ධම්මික මැතිවරණ ප්රචාරක කටයුතුවලට බැස්සේය.
දුමින්ද සිල්වා ද ඉදිරිපත්ව සිටියේ කරාටේ ධම්මිකගේ ඥති පුත්‍රයා ජයග්‍රහණය කරවීමේ සටනටය. මේ අතර කොළොන්නාව නගර සභාවට තරග කිරීම සඳහා මත්කුඩු ජාවාරම්කරුවන් පාතාල අපරාධකරුවන්, දූෂිතයන්, සෑහෙන දෙනෙක් ඉදිරිපත්ව සිටියහ.
ප්රචාරක කටයුතු සඳහා ඔවුහු අත දිගහැර රුපියල් කෝටි ගණනින් මුදල් වියදම් කළහ. කොළොන්නාවේ යුද්ධය පටන් ගන්නේ එතැන් සිටය.
කොළොන්නාව නගර සභාවට තරග කරන මේ දූෂිතයන් පන්නා දැමීමේ සටනට භාරත ලක්ෂ්මන් මහතා නොබියව මුහුණ දුන්නේය. භාරතගේ නැගී සිටීම දූෂිත දේශපාලනඥයන්ට නයාට අඳුකොළ මෙන් විය.