"කොළොම්තොටම නිහඬ විය." ආදරණීය නායකයාණෙනි,

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    "කොළොම්තොටම නිහඬ විය." ආදරණීය නායකයාණෙනි,

    රට නරාවලක්‌ කළ විනාඩි ගණනක සිද්ධිය
    භාරත ඝාතනය පිළිබඳ කතාව පෙළින් පෙළ

    baharata.jpg


    ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි අවස්‌ථාව.........

    barata1.jpg



    කොළොන්නාව උමගිලිය ක්‍රීඩාංගණය එකම හිස්‌ගොඩකි. ඒ නිරහංකාර මිනිසාට අවසන් ගෞරවය දැක්‌වීම සඳහා පක්‌ෂ බේදයකින් තොරව රැස්‌ව සිටි දහස්‌ සංඛ්‍යාත ජනතාව මීයට පිම්බාක්‌ මෙන් නිහඬය.

    සුදොaසුදු පැහැයෙන් ඉදිවූ චිතකය ඒ නිරහංකාර මානව හිතවාදියා දමා අළු කරන මූසල හෝරාව එළඹෙනතුරු බලා සිටියි. මළ හිරුරැස්‌ කෙමින් කෙමින් උමගිලිය ක්‍රීඩාංගණය ගිල ගනිමින් තිබිණි.

    කොළොන්නාවේ කෙල්ලො කොල්ලො කුඩුකාරයන්ගෙන් බේරගන්න ඕනෙ. ගෑනු ළමයකුට බයක්‌ සැකයක්‌ නැතිව පාරේ බැහැලා යන්න බැහැ. පාහර දේශපාලනඥයොයි උන්ට කඩේ යන පාතාල අපරාධ කාරයොයි අද කොළොන්නාව බිලි අරගෙන. මේ මිනිස්‌සුන්ට ආරක්‌ෂාවක්‌ ඕනෙ. ඒ අහිංසක මිනිස්‌සු වෙනුවෙන් මම මැරෙන්න උනත් ලෑස්‌තියි. භාරත ලක්‌ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ ඒ ජවසම්පන්න හඬ මුළු කොළොන්නාව පුරාම දොaංකාර දෙයි. ඒ හඬ කොළොන්නාවේ ජනතාවට මහා ශක්‌තියක්‌ විය. අහිංසක ජනතාවගේ එකම රැකවලා වූයේ ඔහුය. ගැලවුම්කාරයා වූයේද ඔහුය. එහෙත් ඒ වීරයා අද ඔවුන් අතර නැත.


    "අපේ රජු අපිට නැති කළා අපි අද අසරණ වෙලා. මේ මහා අපරාධය කරපු උන්ට හෙණ හත ගහන්න ඕනෙ."


    හදපත්ලෙන්ම ගලා ආ ශෝකය වාවාගත නොහැකිව කාන්තාවක විලාප නගයි. දහස්‌ සංඛ්‍යාත ජනතාවගේ සෝ සුසුම් මැද ඒ ජනහිතකාමියාගේ දේහය තැන්පත් කළ චිතකය දැවී පිළිස්‌සී අළුවී යන්නට විය.


    කොළොන්නාවේ පමණක්‌ නොව කොළඹ බොහෝ ප්‍රදේශවල අහිංසක ජනතාව ඔහු ළඟින් ඇසුරු කළේය. තරුණ පිරිස්‌වලට ඔහු ලකී අයියා විය. වැඩිහිටියන් ඔහුට කීවේ ලකී පුතා කියාය. ඒ තරමටම ඔහු අහිංසක ජනතාවට සමීප වූවෙක්‌ විය.


    අව්‍යාජ සිනහවෙන් මුවසරසාගෙන සිටින භාරත දුප්පතාගේ දුකේදී කිසි දිනක කර ඇරියේ නැත. උත්තුංග දේහදාරී ජනහිතකාමියා අකාලයේ මරාදැමීම මොනතරම් අපරාධයක්‌ද. සිය පියාණන් වූ එම්. වයි. ප්‍රේමචන්ද්‍ර මහතාගේ අඩිපාරේ යමින් දේශපාලනයට පිවිසි භාරත ලක්‌ෂ්මන් ඉතාම කෙටි කාලයක්‌ තුළ ජනතාවගේ ආදරය දිනා ගත්තේය.


    1956 වර්ෂයේ ජනවාරි 26 වැනිදා මෙලොව එළිය දුටු භාරත දරුවන් හත් දෙනෙකුගේ පවුලේ තුන්වැනියාය. කොළඹ කේරි විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු පසුව කොළඹ ආනන්ද විද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය ලැබුවේය. කොළොන්නාවේ අහිංසක ජනතාව අතර සාමාන්‍ය ජීවිතයක්‌ ගත කරමින් හැදී වැඩුණු භාරත ලක්‌ෂ්මන් 1979 වර්ෂයේදී දේශපාලනයට පිවිසියේය. ඒ කොළොන්නාව නගර සභාවට තරග කරමින්ය. 1980 වර්ෂයේදී කොළොන්නාව නගර සභාවේ විපක්‌ෂ නායකයා ලෙස පත්වීමටද මේ තරුණ නාගරික මන්ත්‍රීවරයාට හැකි වූයේ ඔහුගේ දක්‌ෂතාව නිසාමය.


    මුළු රටක්‌ ආදරය කළ විජය කුමාරතුංග නම් වූ මානව හිතවාදියා ඇසුරු කිරීමට භාරතට ලැබෙන්නේ මේ කාල වකවානුවේදීය. ජනතාවට ආදරය කරන ආකාරය ජනතාවගේ දුකේදීත් සැපේදීත් ඔවුන් සමඟ එකට සිටින ආකාරය ඇතුළු සියලු ගුණයහපත් ක්‍රියා භාරත ඉගෙන ගත්තේ විජය කුමාරතුංගයන් ඇසුරු කිරීමෙන්ය. විජය ඇසුරු කිරීම භාරතගේ දේශපාලන දිවිය විශාල වෙනසක්‌ කිරීමට සමත් විය. විජය සමඟ සමීපව කටයුතු කරද්දී නැක්‌සලයිට්‌ චෝදනාව මත සිරබත් කෑමටද භාරතට සිදුවිය.


    1988 වර්ෂයේ පැවති පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වූ භාරත ලක්‌ෂ්මන් එක්‌සත් සමාජවාදී පෙරමුණෙන් බස්‌නාහිර පළාත් සභාවට තරග කර ඉන් ජයගත්තේය. පසුව භාරත ලක්‌ෂ්මන් පොදු පෙරමුණු රජය සමඟ අත්වැල් බැඳගෙන 1994 වර්ෂයේදී චන්ද්‍රිකා කුමාරතුංග බලයට ගෙන ඒමට විශාල මෙහෙයක්‌ ඉටු කළේය.

    1994 වර්ෂයේ මහ මැතිවරණයට කොළඹ දිස්‌ත්‍රික්‌කයෙන් තරග කළ ඔහු විශිෂ්ට ජයග්‍රහණයක්‌ ලබා ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූයේය. එය කොළොන්නාව ජනතාවගේද ජයග්‍රහණයක්‌ විය. එතැන් පටන් වසර 10 කට ආසන්න කාලයක්‌ පාර්ලිමේන්තුව නියෝජනය කළ භාරත ලක්‌ෂ්මන් දුක්‌විඳින ජනතාව වෙනුවෙන් විශාල මෙහෙයක්‌ කිරීමට උත්සාහ කළේය. කොතරම් තාන්න මාන්න ලැබුණත් මිල මුදල් ලැබුණත් ඔහු කොළොන්නාවේ පිහිටි පුංචි නිවස අමතක කළේ නැත. කුඩා කල පටන් හැදී වැඩුණු මේ නිවහන මිය යනතුරුම ඔහුගේ වාසස්‌ථානය විය. 2005 වර්ෂය පොදුජන එක්‌සත් පෙරමුණට ඉතාම තීරණාත්මක වසරකි. ජනාධිපති අපේක්‌ෂකයා වූයේ මහින්ද රාජපක්‌ෂ මහතාය. භාරත ලක්‌ෂ්මන් ඉතාම දීර්ඝ කාලයක සිට මහින්ද රාජපක්‌ෂ මහතා කිට්‌ටුවෙන් ඇසුරු කළේය.

    එදා භාරත ලක්‌ෂ්මන් මහින්ද රාජපක්‌ෂ මහතා ඇමතුවේ මහින්ද අයියා යන ලෙන්ගතු නාමයෙන්ය. ජනාධිපතිතුමාද ඔහුට කතා කළේ භාරත මල්ලී යන සහෝදර නාමයෙන්ය. ඒ තරමටම ඔවුන් කුළුපගය. මහින්ද රාජපක්‌ෂ මහතා ජයග්‍රහණය කරවීම සඳහා භාරත ලක්‌ෂ්මන් විශාල වැඩ කොටසක්‌ කළේය. එදා දේශපාලන වේදිකාවේ මහින්ද රාජපක්‌ෂ මහතා සමඟ එකට වැඩ කිරීමට සිටියේ ඉතාම සීමිත දේශපාලනඥයන් පිරිසකි.


    මහින්ද රාජපක්‌ෂ මහතා සමඟ අද ඉතාම සමීපව සිටින බොහෝ දෙනෙක්‌ එදා ඔහු සමඟ සිටියේ නැත. එහෙත් භාරත ලක්‌ෂ්මන් එදා කළ මෙහෙය අමතක කළ නොහැක. කොළොන්නාව ප්‍රදේශයේ ජනතාවගේ සහාය පමණක්‌ නොව කොළඹ බොහෝ ප්‍රදේශවල ජනතා ඡන්දය මහින්ද රාජපක්‌ෂ මහතාට ලබාදීමට භාරත ලක්‌ෂ්මන් එදා නොගත් උත්සාහයක්‌ නැත.


    එහෙත් පසු කාලයකදී ඒ සියල්ල කෙමින් කෙමින් වෙනස්‌ වන්නට විය. දේශපාලන ලෝකයේ නොයෙකුත් හිත් රිදවීම් කටුක අත්දැකීම්වලට ඔහුට මුහුණ දෙන්නට සිදු වුණේ කිසිවකුත් නොසිතූ අයුරින්ය.


    කොළොන්නාව ආසනය පවා අන්තිමේදී භාරත ලක්‌ෂ්මන්ට අහිමි වුණේ දෛවයේ මොකක්‌දොa සරදමක්‌ නිසාය. මේ කටුක සිදුවීම් හමුවේ ඔහු කිසි විටෙකත් සැලුනේ නැත. පසුබට වුණේ නැත. මොනදේ නැති වුණත් ඔහු නිතරම කොළොන්නාව ජනතාව සමඟ සිටියේය.


    දුමින්ද සිල්වා කොළොන්නාව ආසන සංවිධායක ලෙස පත් කිරීමෙන් පසු සියල්ල උඩුකුරු වන්නට පටන් ගත්තේය. ඇස්‌පනාපිට සිදු වෙමින් පැවති නොයෙකුත් අකටයුතුකම් දූෂිත ක්‍රියාවන් හමුවේ තවදුරටත් දැස්‌ පියාගෙන නිසොල්මනේ සිටීමට භාරත ලක්‌ෂ්මන්ට හැකි වුණේ නැත.


    කොළොන්නාවේ අසරණ ජනතාව වෙනුවෙන් ඔහු නැගී සිටියේය. ඒ වන විට මත්ද්‍රව්‍ය ජාවාරම කොළොන්නාවේ මහා ඉහළින් කෙරීගෙන ගියේය. අහිංසක තරුණයෝ දිනෙන් දිනම මත් උවදුරට ගොදුරු වෙමින් සිටියහ. පාතාල අපරාධ කරුවන්ගේ ක්‍රියාකාරකම්වලද නිමක්‌ නොවීය. රාත්‍රියට තබා මහා දවාලකවත් තරුණියකට මහ මඟ නිරුපද්‍රිතව ගමන් කළ නොහැකි තත්ත්වයක්‌ උදාවෙමින් තිබිණි. මේ සියල්ලටම වගකිව යුතු වුණේ දඩ දේශපාලනඥයන් සහ ඔවුන් වෙනුවෙන් ඕනෑම දහදුරා වැඩක්‌ කිරීමට ඉදිරිපත්ව සිටි පාතාල අපරාධකරුවන්ය.


    සිදුවෙමින් පවතින සියලු දූෂිත ක්‍රියාවන් හමුවේ පොලිසියට පවා සිදු වූයේ ඇස්‌කන් පියාගෙන නිහඬව සිටීමටය. නීත්‍යානුකූලව කටයුතු කිරීමට ගියේ නම් පොලිසියට සිදු වූයේ රාජ උදහසට ලක්‌වීමටය.


    කොළොන්නාව ප්‍රදේශයේ පමණක්‌ මත්කුඩු තිප්පොළවල් 570 ක්‌ තිබු බව බොහෝ දෙනෙක්‌ දැන සිටියහ. එහෙත් කිසිවකු හෝ ඊට එරෙහිව නැගී සිටීමට උත්සාහ කළේ නැත. එසේ වුවොත් ඒ පුද්ගලයාට සිදුවන්නේ සිය ජීවිතයෙන් ඊට වන්දි ගෙවීමටය.


    මේ සියලු අපරාධ ඉදිරියේ භාරත ලක්‌ෂ්මන් නොසැලී නැගී සිටියේය. දූෂිත දේශපාලනඥයන් ප්‍රසිද්ධියේ විවේචනය කිරීමට ඔහු සැම විටම ක්‍රියා කළේය. තිත්ත ඇත්ත කතා කිරීම නිසා ඔහුට එල්ල වූ මරණ තර්ජන දිනෙන් දිනම වැඩිවිය. භාරත ලක්‌ෂ්මන් මහතා ඝාතනය කිරීමට සූදානමින් සිටි පාතාල අපරාධකරුවන් දෙදෙනකු පොලිස්‌ අත්අඩංගුවට පත්වූයේ මීට වසරකට පමණ උඩදීය. එහෙත් වගකිව යුතු කිසිවෙක්‌ මේ නිර්භීත ජනහිතකාමියා වෙනුවෙන් පෙනී සිටියේ නැත. 2011 පළාත් පාලන මැතිවරණය එන්නේ ඔය අතරතුරදීය. කොළොන්නාව සාමාන්‍ය ජනතාව අතරින් ඉදිරියට ආ තරුණ දේශපාලනඥයෙක්‌ වූ ප්‍රසන්න සෝලංගආරච්චි මහතා පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට ඉදිරිපත් වූයේය. ඔහු හැම විටම කොළොන්නාවේ ජනතාව වෙනුවෙන් පෙනි සිටි දේශපාලනඥයෙකි. කොළොන්නාවේ සිදුවන අපරාධවලට දූෂණවලට එරෙහිව නොබියව නැගී සිටි මේ තරුණ දේශපාලනඥයා ජයග්‍රහණය කරවීමේ ප්‍රධාන කාර්ය භාරය බාරගෙන සිටියේ භාරත ලක්‌ෂ්මන් මහතාය. පාතාල ලෝකයේ මහා කෙරුම්කරුවකු යෑයි කියාගන්නා කරාටේ ධම්මිකගේ ඥති පුත්‍රයකුද මෙවර කොළොන්නාව නගර සභාවට තරග වැදුණේය. සිය ඥති පුත්‍රයා ජයග්‍රහණය කරවීම සඳහා කරාටේ ධම්මික මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට බැස්‌සේය.


    දුමින්ද සිල්වා ද ඉදිරිපත්ව සිටියේ කරාටේ ධම්මිකගේ ඥති පුත්‍රයා ජයග්‍රහණය කරවීමේ සටනටය. මේ අතර කොළොන්නාව නගර සභාවට තරග කිරීම සඳහා මත්කුඩු ජාවාරම්කරුවන් පාතාල අපරාධකරුවන්, දූෂිතයන්, සෑහෙන දෙනෙක්‌ ඉදිරිපත්ව සිටියහ.


    ප්‍රචාරක කටයුතු සඳහා ඔවුහු අත දිගහැර රුපියල් කෝටි ගණනින් මුදල් වියදම් කළහ. කොළොන්නාවේ යුද්ධය පටන් ගන්නේ එතැන් සිටය.


    කොළොන්නාව නගර සභාවට තරග කරන මේ දූෂිතයන් පන්නා දැමීමේ සටනට භාරත ලක්‌ෂ්මන් මහතා නොබියව මුහුණ දුන්නේය. භාරතගේ නැගී සිටීම දූෂිත දේශපාලනඥයන්ට නයාට අඳුකොළ මෙන් විය.





     
    • Like
    Reactions: Rockey_ssr

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    දෙපාර්ශ්වය අතර ගැටුම් දිනෙන් දිනම උත්සන්න වෙමින් තිබිණි. පොලිසිය හැම විටම සිටියේ දුමින්ද සිල්වාගේ පාර්ශ්වයේය. එසේ සිදුවූයේ එක්‌කෝ ඒ ඔහු රටේ නමගිය දේශපාලනඥයකු නිසා විය යුතුය. නැත්නම් ඔහුට රාජ්‍ය අනුග්‍රහය නොමදව ලැබූ නිසා විය යුතුය. එසේත් නැත්නම් ඔහු රාජ්‍ය ආරක්‌ෂක අමාත්‍යාංශයේ අධීක්‌ෂණ මන්ත්‍රීවරයකු වූ නිසාද විය හැකිය.

    කෙසේ වෙතත් කොළොන්නාවේ සිදුවෙමින් තිබූ අපරාධ හමුවේ ඇතැම් පොලිස්‌ නිලධාරීන් ක්‍රියා කළ ආකාරය පිළිබඳව ජනතාව තුළ පැවතියේ අප්‍රසාදයකි.


    පළාත් පාලන මැතිවරණයේ අවසන් රැස්‌වීමකදී භාරත ලක්‌ෂ්මන් මහතා දූෂිත දේශපාලනඥයන්ට එරෙහිව උද්වේගකර කතාවක්‌ කළේය. කොළොන්නාව කුඩු පුරයක්‌ කරපු උන් මම දන්නවා. මේ පළාතේ කෙල්ලො කොල්ලො විනාශ කරපු උනුත් මම දන්නවා. උන්ව ගෙදර යවන සටනට මේ හැමෝම මට සහාය දෙන්න ඕනෙ. මේ අපරාධකාරයන්ව විනාශ කරන සටනේදී මම මැරෙන්න උනත් බය නැහැ. එදා භාරත ලක්‌ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා සිදුවෙමින් පැවති මහා අපරාධ නොබියව විවේචනය කළේය. මේ සියලු සිදුවීම්වලින් පසු මැතිවරණය පැවති දිනය එළඹිණි.


    දෙපාර්ශ්වයම ද්වන්ධ සටනට එක්‌ව සිටියහ. දුමින්ද සිල්වා සිය පාතාල ආරක්‌ෂකයන්ද පිරිවරාගෙන සුඛෝපභෝගී ජීප් රථවල නැගී කොළොන්නාව දෙවනත් කරන්නට වූයේය. දුමින්ද සමඟ සිටි සියලු දෙනාම ස්‌වයංක්‍රීය ගිනි අවි වලින් සන්නද්ධව සිටියහ.


    උදැසන සිටම මත්පැනින් සප්පායම්ව සිටි සියලුදෙනා හැසිරුණේ උන්මත්ත


    -කයන් ලෙසය.


    බරපතල සිදුවීමක්‌ නොමැතිව දහවල් කාලය ගෙවී යමින් තිබිණි. සවස 3.00 ට පමණ දුමින්ද සිල්වා ඇතුළු සහචරයන් රැගත් ජීප්රථ අංගොඩ පරණ පොලිසිය අසලට පැමිණියේ ඒ ප්‍රදේශයේ පිහිටි ඡන්ද මධ්‍යස්‌ථානයක්‌ පරීක්‌ෂා කිරීමටය. මාර්ගය අසල සිටි රූමත් තරුණියක්‌ දුටු දුමින්ද සිල්වා ගමන්ගත් ජීප් රථය එකවරම නතර කෙරිණි. ජීප් රියෙන් බැසගත් දුමින්ද රූමත් තරුණිය අසලට ගොස්‌ නංගී කාටද මනාපේ දුන්නේ යෑයි කියමින් ඇගේ මුහුණ ස්‌පර්ෂ කළේය. තරුණිය දැඩි ලෙස අපහසුතාවට පත් වූවාය.


    "මම මනාපෙ දුන්නේ මගේ මහත්තයට" ඇය නුරුස්‌සන ස්‌වරූපයෙන් කීවාය.


    "කවුද ඔයාගෙ මහත්තයා" ඒ සැණින් දුමින්ද විමසුවේය.


    මගේ මහත්තය තමයි ප්‍රසන්න සෝලංගආරච්චි මම මනාපෙ දුන්නෙ එයාට."


    මධු සෝලංග ආරච්චි එසේ කියනවාත් සමගම දුමින්ද සිල්වාගෙන් ඇයට වේගවත් ප්‍රහාරයක්‌ එල්ල විණි. දුමින්ද සමග සිටි මැරයන්ද මධුට අමානුෂික ලෙස පහර දුන්හ. ඇගේ ඇඳුම් ඉරා දැමීමට උත්සාහ කළහ. මධු බේරා ගැනීමට ඉදිරිපත් වූ කීපදෙනකුටම සිදු වූයේ මැරයන්ගේ පහර කෑමට ලක්‌ වීමය. මැරයන්ගෙන් දිවි ගලවා ගත් මධු නිවසට දිව ගියාය. ඇය මේ පිළිබඳව නුගේගොඩ කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරිවරයාට දුරකථනයෙන් දැනුම් දුන්නේය. සිය සැමියාට සහ එකම ආරක්‌ෂකයාවූ භාරත ලක්‌ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාටද මේ පිළිබඳව දැනුම්දුන්නේ කිසියම් ආරක්‌ෂාවක්‌ බලාපොරොත්තුවෙන්ය. ඒ වන විට භාරත ඇතුළු පිරිස සිටියේ සල්මල් උයන ප්‍රදේශයේය. අංගොඩ පරණ පොලිසිය ළඟ ප්‍රශ්නයක්‌ අපි ඒ පැත්තට යමු භාරත ලක්‌ෂ්මන් මහතා සිය රියෑදුරු වූ බෝලයාට කීවේය. භාරත ඇතුළු පිරිස රැගත් ජීප් රථය මුල්ලේරියාව වල්පොල හන්දියට ළඟා වෙද්දී සවස 3.30 පසුවී තිබිණි. දුමින්ද සිල්වා ඇතුළු පිරිස රැගත් අති සුඛෝපභෝගී ජීප් රථ හත අටක්‌ එකවරම වල්පොල හන්දියට ඇදී ආහ. දුමින්දගේ සගයන් රැගත් ජීප් රථ වල්පොල හන්දියේ නතර කළේ භාරත ලක්‌ෂ්මන්ගේ ජීප් රථයට මග අහුරමින්ය. දුමින්ද එක්‌වරම ජීප් රථයෙන් බිමට බැස්‌සේ ස්‌වයංක්‍රීය පිස්‌තෝලයක්‌ද කරකවමින්ය. මහා විනාශයක්‌ සඳහා වට පිටාව සකස්‌ වෙමින් තිබිණි. දකුණු ඉන්දියාවේ දමිල චිත්‍රපට වල පාදඩ දේශපාලනඥයන් රංගනයේ යෙදෙන ආකාරයේ දර්ශනයක්‌ දිගහැරෙන්නට විය.


    සිය ජීප් රථයෙන් ඉවතට ආ භාරත ලක්‌ෂ්මන් කෝපයෙන් කෑගැසූවේය.


    "කවුද යකෝ අපේ ගමේ මිනිස්‌සුන්ට ගහන්නෙ. කොහෙන්ද ආව පැරිෂුට්‌ කාරයො ගමේ උන්ට පාට්‌ එක දානවා...


    භාරත ලක්‌ෂ්මන් කතාවේ හඬ වේගවත්ය. ආවේගශීලීය. අපිට ඕනෙ තැනක පාට්‌ දාන්න පුළුවන්. උඹ කවුද මට නියෝග දෙන්න. දුමින්ද සිල්වාද කෑගැසුවේය. දෙදෙනා අතර දැඩි වචන හුවමාරුවක්‌ සිදු වන්නට විය. ඉතාම පහත් ආකාරයේ පරුෂ වචන පිටවෙමින් තිබිණි. එක්‌වරම දුමින්ද සිල්වා භාරත ලක්‌ෂ්මන්ට වේගවත් කම්මුල් පහරක්‌ එල්ල කළේය. අනපේක්‌ෂිතව එල්ල වූ ප්‍රහාරයෙන් භාරත ලක්‌ෂ්මන් බිම ඇද වැටුණේය. ඒ වනවිට දුමින්ද සිල්වා අසල සිටියේ කිසිම විඤ්Æනයක්‌ නැති පාතාල අධමයන් පිරිසකි. ගිනි අවියත් දේශපාලන බලයත් නිසා හිස උදුම්මවාගත් මේ නරුමයෝ තමන්ට රිසි අයුරින් හැම විටම ක්‍රියා කළහ. බිම ඇද වැටුණු භාරත ලක්‌ෂ්මන්ගේ එක්‌පාදයකට පාතාල මැරයකු වෙඩි ප්‍රහාරයක්‌ එල්ල කළේය. ඔහු වෙඩි ප්‍රහාරය එල්ල වූ පාදය අල්ලාගෙන වේදනාවෙන් දඟලන්නට වූයේය.


    ඕකගෙ ඔලුවට තියපල්ලා එකෙනෙහිම ඒ ස්‌ථානයේ සිටි කිසිවෙක්‌ කෑගැසුවේය. සිත්පිත් නැති අධමයෝ භාරත ලක්‌ෂ්මන්ට වෙඩි තබන්නට වූහ. හෙණගෙඩි පුපුරන්නාක්‌ මෙන් නිකුත් වූ වෙඩි හඬින් මුළු ප්‍රදේශයම දෙදරුම් කෑවේය.


    සිය නායකයාට වෙඩි තබනු බලා සිටිය නොහැකි තැන ක්‍රියාත්මක වූ භාරතගේ ආරක්‌ෂකයා එක්‌වරම දුමින්ද සිල්වාට වෙඩි තැබුවේය. දෙපාර්ශ්වය අතර ද්වන්ධ යුද්ධය හටගත්තේ ඒ ආකාරයටය.


    තත්ත්පර කීපයක්‌ තුළදී සිදුවූ මහා ව්‍යසනය නිමාවිය. හිසට එල්ල වූ වෙඩි ප්‍රහාරවලින් බරපතල තුවාල ලබා සිටි දුමින්ද සිල්වා ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත ගෙන යැමට ගෝලබාලයෝ කටයුතු කළහ. හිතාට සහ පපු ප්‍රදේශයට එල්ල වූ වෙඩි ප්‍රහාරවලින් බරපතල ලෙස තුවාල ලබා සිටි භාරත ලක්‌ෂ්මන් අයි. ඩී. එච්. රෝහල වෙත රැගෙන යන විටත් අවසන් ගමන් ගොස්‌ සිටියේය. පාතාල අපරාධකරුවන්ගේ ප්‍රහාරයට ලක්‌ව සිටි භාරතගේ ආරක්‌ෂක නිලධාරීන් දෙදෙනකු ඇතුළු ආධාරකරුවන් 5 දෙනකු කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ගියහ. ප්‍රහාරයෙන් භාරත ලක්‌ෂ්මන් මහතාගේ ආධාරකරුවන් තිදෙනකුම මරුමුවට පත්වූහ.


    භාරත ලක්‌ෂ්මන් ඝාතනයෙන් කොළොන්නාවේ ජනතාව පමණක්‌ නොව සමස්‌ත ශ්‍රී ලංකාවම කම්පාවට පත් වූහ. භාරතගේ නිසල දේහය කැප්පෙටිපොළ මාවතේ පිහිටි නිවසට රැගෙන ආ අවස්‌ථාවේ රැස්‌ව සිටි මැති ඇමැතිවරුන් හඬා වැළපුණේ ඔහුගේ තිබූ උතුම් ගුණයහපත්කම නිසාය. රැස්‌ව සිටි අහිංසක ජනතාව විලාප නැගූහ. භාරතගේ එකම දියණිය පූර්ණිමා සහ පුත්‍රයා යෝගේන්ද්‍ර වාවාගත නොහැකි වේදනාවෙන් වැළපුණේ රැස්‌ව සිටි කාගේත් දෙනෙත්වලට කඳුළු නන්වමින්ය. තිස්‌වසරක්‌ තිස්‌සේ රටේ පැවති කාලකන්නි යුද්ධය නිමා කරමින් රටට සාමය ගෙන ආ මහින්ද රාජපක්‌ෂ ආණ්‌ඩුව ලැබූ ජනතා ප්‍රසාදය අතිමහත්ය. සෑම මැතිවරණයකින්ම ආණ්‌ඩුව මහ ඉහළින් ජයග්‍රහණය කළේ කොටි ත්‍රස්‌තවාදීන්ගෙන් රට බේරාගත් උතුම් කාර්යට කෘතගුණ සැලකීමක්‌ වශයෙන් ජනතාව දුන් සහයෝගයෙනි.


    එහෙත් රටට සාමය ගෙන ආ ආණ්‌ඩුව මෙවැනි පහත් පෙළේ අපරාධ නතර නොකිරීමට කටයුතු කළේ මන්දැයි පොදු ජනතාව ප්‍රශ්න කරති. දේශපාලන අඳබාලයන්ට රිසිසේ කටයුතු කරමින් නීතිය අතට ගැනීමට උඩගෙඩි දුන්නෝ කවුරුන්ද මෙවැනි අපරාධ මර්දනය කිරීමට කටයුතු නොකළොත් ආණ්‌ඩුවේ ජනප්‍රියත්වය දියාරුවී යැම වැළැක්‌විය හැකිද?


    භාරත ලක්‌ෂ්මන් සහ දුමින්ද සිල්වා අතර කාලයක්‌ තිස්‌සේ පැවති ගැටුම් සමථයකට පත් කිරීමට වගකිව යුතු අය කටයුතු කළේ නැත. එහි ප්‍රතිඵලය වූයේ මේ මහා ව්‍යසනයයි. එකම පක්‌ෂයේ එකට දේශපාලනය කරන දේශපාලනඥයන් මේ ආකාරයට එකිනෙකා මරාගැනීම පොදුජන එක්‌සත් පෙරමුණ පක්‌ෂයේ නමටද හොඳ නැත. භාරතගේ අකල් වියෝවෙන් මුළු කොළොන්නාවම හඬා වැටෙයි.


    කොළඹ නගරය පුරාම සුදු කොඩිවලින් සැරසී ගියේ භාරතයේ උතුම් මනුෂ්‍යත්වය නිසාය. ඔහු වෙනුවෙන් පාරක්‌ පාරක්‌ ගානේ බැනර් එල්ලා තිබුණේ ඔහුගේ මානව දයාව නිසාය. කොළඹ නගරය පුරා භාරත වෙනුවෙන් පෝස්‌ටරයක්‌ අලවා තිබිණි. එහි මෙසේ සටහන් විය.


    "කොළොම්තොටම නිහඬ විය." ආදරණීය නායකයාණෙනි, ඔබ අමරණීයයි.


    හේමන්ත රන්දුණු

    ඡායා රූප : ප්‍රියන්ත මද්දුමආරච්චි , නිශාන් එස්‌. ප්‍රියන්ත
     

    hasith911

    Member
    Aug 19, 2011
    71
    4
    0
    දුමින්ද සිල්වා මහතානනි.
    ඔබට ඉක්මන් සුවය අත් වේවා..

     
    • Like
    Reactions: cjanaka

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දුමින්ද සිල්වා මහතානනි.
    ඔබට ඉක්මන් සුවය අත් වේවා..

    බය වෙන්ඩ එපා එන නිවුස්වල විදිහට දුමින්දට ඉක්මන් සුව කෙසේවෙතත්, ඉක්මනින් පරලොව යන්ඩ ටිකට් එක ඇදෙයි :yes:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    දුමින්ද තව ටිකක් විඳවලම මැරියන්..
    කොල්ලොන්ට කුඩු පොවපු උඹලා වගේ උන් ගැන අපේ හිතේ නම් කිසිම තෙතමනයක් නැහැ..
    මැරියන් කාලකන්නියා..
    වලටත් හෙන ගහපිය...
     
    • Like
    Reactions: Mal Baba