කෝච්චියට පැන දිවි නසා ගත් තරුණියන් දෙදෙන&#3535

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    කෝච්චියට පැන දිවි නසා ගත් තරුණියන් දෙදෙන&#3535

    පසුගිය දිනෙක රටම කම්පා කළ පුවතක් වූයේ බදුල්ල බලා යන සිඝ්‍ර්‍රගාමී දුම්රියට පැන සියදිවි නසා ගත් තරුණියන් දෙදෙනා පිළිබදව අවාසනාවන්ත පුවතයි. එම තරුණියන් දෙදෙනා එලෙසට සිය දිවි හානි කර ගැනීමට හේතුව හෙළිකර සතිඅන්ත පුවත්පතක සටහනක් පළව තිබිනි.

    එම සටහන පහතින්,

    දිලිනි මධුෂානි තෙල්වත්ත, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණියකි. දිලිනි පවුලේ මද්දුමයා වූ අතර ඇයට එක්‌ සහෝදරයෙක්‌ සහ සහෝදරියක්‌ සිටියාය. දිලිනි කුඩා කලම ඇයගේ පියා මියගියාය. ඉන්පසු පවුලේ බර කරටගත් දිලිනිගේ මව නොවිඳිනා දුක්‌ ගැහැට විඳිමින් තම දරු තිදෙනා උස්‌ මහත් කළාය.

    පවුලේ මද්දුමයා වූ දිලිනි ඉතා රූමත් තරුණියක්‌ වූවාය. එලෙසම ඇය කුඩා කළ සිටම හුදෙකලා ජීවිතයකට ප්‍රිය කළාය. තම සහෝදර සහෝදරියෝ මිතුරන් සමඟ කෙළි සෙල්ලම් කරද්දී ඇය කාමරයේ අයිනකට වී එදෙස බලා සිටියාය. පාසල් සමයේද ඇය ඇසුරු කළේ ඉතා සීමිත මිතුරන් ප්‍රමාණයකි.

    නව යොවුන් වියට එළැඹීමත් සමඟ ඇයගේ සුන්දරත්වය තව තවත් වැඩිවූවාය. එම ගම් පළාත තුළ දිලිනි තරම් සුන්දර තරුණියක්‌ නොසිටි තරම්ය. පාසල් වියේ සිට දිලිනිගේ සුන්දරත්වයට වශීවූ තරුණයෝ ඇයගේ ආදරය පතා පැමිණියහ. එහෙත් කිසිදිනක ඒ කිසිවෙකුටත් ඇයගේ හදවත දිනා ගැනීමට නොහැකි විය. එයට එක්‌ විශේෂිත හේතුවක්‌ද තිබිණි. ඒ කුඩා කල සිටම ඇය පිරිමි පාර්ශ්වයට කිසිදු කැමැත්තක්‌ නොදැක්‌වීමයි.

    රූමත්කම අතින් ඉදිරියෙන්ම සිටියත් අධ්‍යාපනය අතින් ඇය ඉදිරියෙන් නොසිටියාය. කුඩා කල සිට ඇය පාසල් ගියත් හරි හමන් අධ්‍යාපනයක්‌ නොලැබුවාය. පාසල් ජිවිතයට සමුදුන් ඇය කටුනායක ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවයේ නිරත වූවාය.

    මල්කා ෂෙනානි විසි දෙහැවිරිදි තරුණියකි. මුන්නක්‌කරේ මීගමුව ප්‍රදේශයේ ඇය පදිංචි වී සිටියාය. ඇයද හරි හමන් අධ්‍යාපනයක්‌ නොලද තරුණියක්‌ වූවාය. පාසල් ජීවිතයට සමුදුන් මල්කාද කටුනායක ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවයට ගියාය. ඒ දිලිනි සේවය කළ ස්‌ථානයේමය.

    මඳක්‌ කැරලි හැදුණු වරලසකින් යුක්‌ත වූ මල්කා ද සුන්දර යුවතියක වූවාය. ඇය දිලිනි තරම් අහිංසක නොවුණාය. තරමක දඟකාරකමක්‌ කුඩාකල සිටම ඇයට තිබිණි. එහෙත් දිලිනි සහ මල්කා අතර එක්‌ සමානකමක්‌ තිබිණි. ඒ පිරිමි පාර්ශ්වයට කැමැත්තක්‌ නොදැක්‌වීමයි.

    නගර දෙකක ජීවත් වූ දිලිනි සහ මල්කා දැන හඳුනා ගන්නේ කටුනායක ඇඟළුම් කම්හලේ සේවයට පැමිණීමෙන් පසුවය. ඒ දැන හැඳින ගැනීම වැඩිකල් යන්නට මත්තෙන් ලොකු මිත්‍රත්වයකට පෙරළිණ. ඒ සංසාරගත බැඳීමක්‌ මෙන්ය. ඉන්පසු ඔවුන් දෙදෙනා එකම කාමරයක ජීවත් වූහ. ගමන් බිමන් ගියේ, කෑවේ බිව්වේ, ඇඳ පැළැන්දේ එකටමයි. වැඩි කලක්‌ නොගොස්‌ බොහෝ දෙනෙක්‌ ඔවුන්ගේ එම ලෙන්ගතුකම පිළිබඳව දැන ගත්හ.

    එලෙස කලක්‌ ගතවිය. නිවැසියෝ පවා දිලිනි සහ මල්කාගේ දැඩි ලෙන්ගතුකම පිළිබඳව දැන ගත්හ. මොන නීතිරීති දමුවත් කිසිවෙකුටත් ඔවුන් දෙදෙනාගේ එම සම්බන්ධතාව නවතා දැමීමට නොහැකි විය. එන්න එන්නම ඔවුන් දෙදෙනා ළංවූහ. අවසානයේ ඔවුන්ගේ එම දැඩි මිතුරුකම ගම්වැසියෝ පවා දැන ගත්හ.

    නිවැසියන් කොතරම් අවවාද කළත් එම මිතුරුකම නවතා දැමීමට ඔවුන් දෙදෙනා අකමැති වූහ. දිනක්‌ දිලිනි සහ මල්කා ඒ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළහ. ඒ මෙලෙසින්ය.

    “දිලී අපි දැන් මොකද කරන්නේ…”

    “ඒක තමයි මලී… මට මොකුත් හිතාගන්න බැහැ”

    “මුළු ලෝකයම විරුද්ධ වුණත් අපේ මිතුරුකම නවත්වන්න මට නම් බැහැ”

    “මටත් එහෙමයි මලී…”

    “ගිය ආත්මවලත් අපි මෙහෙම ඇසුරු කරන්න ඇති”

    “අනිවාර්යෙන්ම එහෙම වෙන්නැති”

    “වැඩි කාලයක්‌ යන්න ඉස්‌සෙල්ලා ලෝකයම අපට බනීවි”

    “ඒක ඇත්ත. අපි තීරණයක්‌ ගන්න ඕනා”

    “ඒ කිව්වෙ අපේ සම්බන්ධය නවත්වන්නද?”

    “එහෙම කරන්න බැහැනෙ අපිට දැන්”

    “තව ටිකක්‌ ඉවසමු. ඉවසලා බලමු මොකද වෙන්නේ කියලා. ප්‍රශ්න එන්නේ මිනිස්‌සුන්ටනේ”

    එලෙස සති කිහිපයක්‌ ගතවිය. එන්න එන්නම ඔවුන්ගේ ප්‍රශ්නය උග්‍ර වන්නට පටන් ගත්තේය. පෙනෙන තෙක්‌ මානයක විසඳුමක්‌ නොතිබිණි. නිවැසියන්ගෙන් මෙන්ම සමාජයෙන්ද නින්දා අපහාස විඳින්නට ඔවුන්ට සිදුවූහ. එම නිසා ඉක්‌මනින් තීරණයක්‌ ගත යුතු යෑයි ඔවුන් දෙදෙනා කල්පනා කළහ.

    “ගෙවල්වලින් විතරක්‌ නෙවෙයි සමාජයෙන්ද අපිට එක එක කතා කියනවා මලී…”

    “ඒක තමයි දැන්නම් මේකට ඉක්‌මන් විසඳුමක්‌ හොයන්නම වෙනවා”

    “අපි වෙන පළාතකට ගිහින් පාඩුවේ ඉමු”

    “ඒකත් තාවකාලික විසඳුමක්‌නෙ… මේ සමාජය හරි කුරිරුයි. අපිට පාඩුවේ ඉන්න දෙන්නේ නැහැ”

    “මොකක්‌ද මේකට තියෙන විසඳුම”

    “එකම විසඳුමයි දැන්නම් තියෙන්නේ දිලී…”

    “ඒ මොකක්‌ද?”

    “මැරෙන එක”

    “උඹට පිස්‌සුද?”

    “පිස්‌සු නැහැ. ඒක තමයි කරන්න තියෙන්නේ. වෙන විසඳුම් නැහැ අපිට”

    “ඔයා ජීවත් වෙන්න. මම මැරෙන්නම්”

    “පිස්‌සුද උඹට. මට උඹ නැතිව ජීවත් වෙන්න බැහැ”

    “උඹ මැරුණොත් මමත් මැරෙනවා”

    “ඇයි අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්නේ නැත්තේ මිනිස්‌සු. මට නම් මේ සමාජය ගැන තිත්ත වෙලා තියෙන්නේ… ඔයත් කැමැති නම් අපි ඉක්‌මනින්ම තීරණයක්‌ ගමු”

    පැය ගණනක්‌ ඉකිගසා හඬමින් ඔවුන් දෙදෙනා තම දුක බෙදා ගත්හ. කිසිදිනක සුළු මොහොතකට හෝ මිතුරුකම නවතා දැමීමට ඔවුනට නොහැකි විය. අවසානයේ දිලිනි සහ මල්කා සියදිවි නසා ගැනීමට තීරණය කළහ.

    දිනය පසුගිය 10 වැනිදාය. ඒ දිලිනි සහ මල්කා මෙලොව ජීවත් වන අවසාන දිනයයි. එදින ඔවුන් දෙදෙනා තමන්ට අවැසි සියලු දේ කළහ. ඒ අතර දිලිනි තම මවට ලිපියක්‌ද ලිව්වේය. ඒ මෙලෙසින්ය.

    “අම්මේ… තාත්තා නැතිව බලා ගත්තාට ගොඩක්‌ පින්. අක්‌කයි, මල්ලියි එක්‌ක සතුටින් ඉන්න. අක්‌කගේ වෙඩින් එක ලස්‌සනට ගන්න. සමාජයට මුහුණ දෙන්න බැරි නිසයි මෙහෙම තීරණයක්‌ ගන්නේ…”

    “අම්මේ සමාවෙන්න. හැමදේටම මං නිසා ඔයාලට ප්‍රශ්න වෙන නිසා තමයි මේ වාගේ තීරණයක්‌ ගන්නේ. මං ජීවත් වෙලා හිටියොත් කවදාවත් ඔයාලට සැනසීමෙන් ඉන්න වෙන්නේ නැතිවෙයි. ඒ නිසයි මං ගන්න තීරණය හරියි කියලා හිතන්නේ. ඒ නිසා හැමදේටම සමාවෙන්න”

    “මං නිසා අඬන්න එපා. මාව අමතක කරලා දාන්න. අක්‌කයි මල්ලියි එක්‌ක සතුටින් ඉන්න. ආදරෙයි හැමෝටම. ආයි ගෙදර එන්නවත් සමාජයට මූණ දෙන්නවත් බෑ. මං හින්දා අඬන්න එපා. හැමදාටම සතුටින් පරිස්‌සමට ඉන්න. ආදරෙයි ගොඩක්‌. ඡේසු පිහිටයි. කවදාවත් මට වෛර කරන්න එපා. අක්‌කාගේ වෙඩින් එක ලස්‌සනට කරන්න. ඔයාලව ගොඩක්‌ වටිනවා. ඔයාලට තව දුකක්‌ දෙන්න බැරි නිසයි මෙහෙම කළේ. ඡේසු පිහිටයි අම්මේ…”

    දිලිනි එම ලිපිය තම ගමන් බෑගයට දමා ගත්තාය. රාත්‍රී හතට පමණ දෙදෙනා නවාතැන් පොළෙන් පිටවූහ. ඒ සියදිවි නසා ගැනීම සඳහා ය. බදුල්ල බලායන ශීඝ්‍රගාමී දුම්රිය රාත්‍රී 8.00 ට කොළඹ කොටුවෙන් පිටත් විය. ගම්පහ සහ දාරළුව දුම්රිය ස්‌ථාන අතර මාර්ගය ආසන්නයේ තරුණියන් දෙදෙනකු සිටින බව රියෑදුරු ඈත තියාම දුටුවේය. දුම්රිය රියෑදුරුගේ සිතට යම් චකිතයක්‌ ඇතිවිය. කුමක්‌ හෝ නරක දෙයක්‌ සිදුවන්න යන බව ඔහුට දැනුණි. ගතවූයේ තත්ත්පර දෙකකි. එම තරුණියන් දෙදෙනා රේල් පාර මත තම හිස තැබුහ. දුම්රිය රියෑදුරු තිරිංග යොදා තම දෙඇස්‌ වසා ගත්තේය. මඳ දුරක්‌ ගිය පසු දුම්රිය නැවතුණි. එහෙත් ඒ වන විටත් සිදුවිය යුතු සියල්ල සිදුවී හමාරය. දැඩි මිතුරුකම හමුවේ සමාජයට මුහුණ දීමට නොහැකිව දිලිනි සහ මල්කා සියදිවි නසා ගත්තේ එලෙසින්ය.

    courtesy – nethnews.lk
     
    • Like
    Reactions: CloudX64

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඉතිං ඕකට මැරෙන්න ඕනද.වෙන රටකට යන්න තිබ්බනේ.නැත්නම් වෙන පලාතකට ගිහින් අනිත් මිනිස්සුන්ට සැක හිතෙන්නේ නැතුව ඵකට ජීවත් වෙන්න තිබ්බා..මෝඩ ගෑණු.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,220
    20,854
    113
    හස්තිශෛලපුර
    මාරු ඩයලොග් ටික... තූ නොදකින් ලංකාවේ පත්තර වාර්තාකාරයෝ.. කොහොමද දන්නේ නෑ ඩයලොග් ටික රෙකෝඩ් වෙලා තිබුනේ...
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,629
    1,479
    113
    වයබ පාලාතේ
    කෙල්ලො දෙන්නෙක් නිසා ඔය විදිහට ලිව්වා
    කොල්ලො දෙන්නෙක් උනනම් බලන්න තිබ්බා හොද ලිපියක්.

    :lol:
     

    latestlikes

    Junior member
  • Mar 22, 2018
    332
    21
    18
    eka un dennage kemetta nam mokatada ban anit minissu ekata paninne unge gewal walata nam kamak nehe kiyamuko un wena unwa balen okata gannawanam weradi ehema netuwa unge atal eka un gatta kiyala natanna ona nehene
     

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    බලපන්කො පත්තර කාරයො කතාව අහගෙන හිටිය වගේ ලියන විදිහ..තු නොදකින්..
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මාරු ඩයලොග් ටික... තූ නොදකින් ලංකාවේ පත්තර වාර්තාකාරයෝ.. කොහොමද දන්නේ නෑ ඩයලොග් ටික රෙකෝඩ් වෙලා තිබුනේ...

    :yes::growl:
     

    malithshamal

    Active member
  • Oct 4, 2008
    535
    69
    28
    මාරු ඩයලොග් ටික... තූ නොදකින් ලංකාවේ පත්තර වාර්තාකාරයෝ.. කොහොමද දන්නේ නෑ ඩයලොග් ටික රෙකෝඩ් වෙලා තිබුනේ...
    :yes::yes::yes:
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    මාරු ඩයලොග් ටික... තූ නොදකින් ලංකාවේ පත්තර වාර්තාකාරයෝ.. කොහොමද දන්නේ නෑ ඩයලොග් ටික රෙකෝඩ් වෙලා තිබුනේ...

    sirawataaa media nam nodaki .
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    මාරු ඩයලොග් ටික... තූ නොදකින් ලංකාවේ පත්තර වාර්තාකාරයෝ.. කොහොමද දන්නේ නෑ ඩයලොග් ටික රෙකෝඩ් වෙලා තිබුනේ...


    man hithanne pattare karayo awrudu ganaka idan kello denna passen inna athi paparassi wage. :nerd:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අප්පා පව් වැඩේ..... ආප්ප කන්න තිබ්බ දෙන්නටම දුර පළාතකට ගිහින් බෝඩ් වෙලා ජොබ් කරානම්.....

    කාල ඇති වේවිනෙ දවසක.... එදාට එන්න තිබ්බ අපරාදේ දෙමව්පියන්ගේ මහන්සිය
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Thaman visin vadiyenma adhare karanna ona thamantamai. Anith ayatath adhare karanna. Ath vadiyenma adhare karanna thamantama[to your self].