කෝච්චියේදී බබෙක් හම්බෙලා

Djsash

Member
Jun 1, 2018
274
9
0
කෝච්චියේදී බබෙක් හම්බෙලා

කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ නගරාන්තර සිඝ්‍රගාමී දුම්රියක ගමන් ගනිමින් සිටි ගැබිණි මවක අද (07) අලුයම දුම්රිය මැදිරියක් තුළදී දරුවකු ප්‍රසූත කර තිබෙනවා.


දුම්රියේ ගමන් ගනිමින් සිටින ගර්භණී කාන්තාවක සිය දරුවා බිහි කිරීමට ආසන්නයේ පවතින බව දුම්රිය නිලධාරීන් විසින් හබරණ පොලිසියට දැනුම්දී තිබෙනවා.
ඒ අනුව හබරණ පොලිසියේ නිලධාරීන් හබරණ රෝහලට මේ බව දැනුම් දී පවුල් සෞඛ්‍ය නිලධාරිනියක ඇතුළු සෞඛ්‍යය කාර්ය මණ්ඩලයක්ද සමඟ
අදාළ ස්ථානය වෙත ගොස් තිබෙනවා.

කෙසේවෙතත් දුම්රිය නවතා තිබූ හබරණ දුම්රිය ස්ථානය වෙත යන අවස්ථාවේ ඒ වනවිටත් එම කාන්තාව දරුවා බිහි කරමින් සිට ඇත. පසුව දරුවා සහ මව ගිලන් රථයකින් රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.