කෝට්‌ටේ_හිමිවරුන් දෙනම

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    කෝට්‌ටේ_හිමිවරුන් දෙනම

    කෝට්‌ටේ හිමිවරුන් දෙනම ඝාතනයට
    ගල්ගමුවේ බස්‌නායක නිලමේ දැලේ
    පැනගිය ඝාතකයා ඇඹිලිපිටියේ උපැවිදි වූ අයෙක්‌
    සිද්ධියට පෙර දින බොරලැස්‌ගමුවේ සුළු රැකියාවකට ඇවිත්



    1.jpg



    කෝට්‌ටේ රජමහා විහාරයට කඩාවැදී එහි වැඩ සිටි භික්‍ෂූන් දෙනමක පෙරේදා (20) රාත්‍රී කපා කොටා කෲර අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු බව කියන ගල්ගමුව ප්‍රදේශයේ විහාරයක බස්‌නායක නිලමේවරයකු මහරගම පොලිසිය මගින් ඊයේ (21 වැනිදා) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.

    භික්‍ෂූන් වහන්සේලා දෙනම ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ අනෙක්‌ සැකකරු පලාගොස්‌ ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ ඇඹිලිපිටිය ප්‍රදේශයට පිටත් කර යවා ඇත.

    ඇඹිලිපිටිය ප්‍රදේශයේ පිහිටි ඉඩමක්‌ සම්බන්ධයෙන් වූ ආරවුලක්‌ මත මෙම භික්‍ෂූන් වහන්සේලා ඝාතනය කළ බව අත්අඩංගුවට ගත් සැකකරු මුලින් කළ ප්‍රශ්න කිරීම්වලදී කියා සිටියේය.

    එහෙත් දීර්ඝ ලෙස මෙම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු කියා ඇත්තේ කෝට්‌ටේ රජමහා විහාරයේ ඇතිබව කියන මැණික්‌ එබ්බවූ රන් අසිපතක්‌ සොරා ගැනීමට පැමිණි අවස්‌ථාවේ භික්‍ෂූන් වහන්සේලා තමන් හඳුනා ගැනීම නිසා මෙම ද්විත්ව ඝාතනය කිරීමට සිදුවූ බවයි.

    ඊයේ (21 දා) අලුයම මහරගමදී අත්අඩංගුවට ගත් සැකකරු ගල්ගමුව පලුගොල්ල ප්‍රදේශයේ විහාරයක බස්‌නායක නිලමේවරයකු ලෙස කටයුතු කරන අයෙකි. මොහු රක්‍ෂණ ආයතනයක ද සේවය කරන 26 හැවිරිදි තරුණයෙකි.

    මෙම සැකකරු කෝට්‌ටේ රජමහා විහාරයට නිතර ආගිය පුද්ගලයකු වන අතර එහි භික්‍ෂූන් වහන්සේලා සමගද සමීප මිත්‍රත්වයක්‌ පවත්වාගෙන ගිය අයෙකි.

    මෙම ද්විත්ව ඝාතනයට සම්බන්ධ අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින අනෙක්‌ සැකකරු ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොහු කලක්‌ චීවරධාරියකු ලෙස සිට පසුව සිවුරු හැර දමා සුළු රැකියාවක්‌ කරගෙන යන බව පොලිසිය පවසයි.

    මෙම ද්විත්ව ඝාතනය කිරීමට පෙරදින මොහු බොරලැස්‌ගමුව ප්‍රදේශයේ සිමෙන්ති වැඩ පළක සුළු රැකියාවක්‌ සඳහා පැමිණ ඇත්තේ පුවත්පතක පළකර තිබූ දැන්වීමකට අනුවය.

    මොහු කෝට්‌ටේ රජමහා විහාරයට රාත්‍රි කාලයේ ඇතුළු වීමේ අරමුණ ඇතිව මෙම සුළු රැකියාව සඳහා පැමිණ ඇති බවද පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

    පෙරේදා රාත්‍රි 9.45 ට පමණ මෙම සිද්ධියට සම්බන්ධ බස්‌නායක නිලමේවරයා විහාරස්‌ථානයට පැමිණ ඇත. මෙම සිද්ධියට සම්බන්ධ අනෙක්‌ සැකකරුද හොර රහසේම විහාරස්‌ථානයට ඇතුළුවී භික්‍ෂූන් වහන්සේලාගේ ලැඟුම් ගෙයි සැඟවී සිට ඇත.

    සැකකාර බස්‌නායක නිලමේ ලැගුම්ගෙයි සිටි බොරලැස්‌ගමුවේ ගුණරතන හිමියන් සමග කතාබස්‌ කරමින් සිටියේය. මොහු එම හිමියන්ගෙන් වතුර වීදුරුවක්‌ද ඉල්ලාගෙන පානය කර තිබේ.

    ඒ අවස්‌ථාවේ පිටිගල ජිනසිරි හිමියන් ලැගුම්ගෙයි වැසිකිළියේ සිට ඇත. ලැඟුම් ගෙට ඇතුළුවූ ඝාතකයා වැසිකිළියේ සිටි ජිනසිරි හිමියන්ට තියුණු ආයුධයකින් පහරදී උන්වහන්සේ ඝාතනය කර තිබේ.

    වැසිකිළිය දෙසින් ඇසුණු ශබ්දය පරීක්‍ෂා කිරීමට බොරලැස්‌ගමුවේ ගුණරතන හිමියන් එහි යැමට උත්සාහ කරද්දී සැකකාර බස්‌නායක නිලමේවරයා එම හිමියන් වළක්‌වා සිය ග්‍රහණයට ගෙන ඇත.

    ඒ අවස්‌ථාවේ ලැගුම්ගෙයි සැඟවී සිටි ඝාතකයා ගුණරතන හිමියන්ටද පිහිපහර එල්ල කර තිබේ.

    ගුණරතන හිමියන් ශබ්දනඟා කෑගසා ඇති අතර ඝාතකයන් දෙදෙනා ලැගුම්ගෙයින් පිටවී විහාර භූමිය ඔස්‌සේ ඉන් පිටතට දිව ගොස්‌ ඇත.

    මෙම ප්‍රහාරයෙන් පිටිගල ජිනසිරි හිමියෝ වැසිකිළිය තුළම අපවත්වී සිටියහ. බරපතළ කැපුම් තුවාල සහිතව වැටී සිටි ගුණරතන හිමිගේ ප්‍රදේශවාසීන් සහ විහාරස්‌ථානයේ අනෙක්‌ හිමිවරුන් විසින් කළුබෝවිල රෝහලට ගෙන යද්දී අතර මගදී අපවත් වූහ.

    භික්‍ෂූන් වහන්සේලා දෙනම ඝාතනය කළ පුද්ගලයන් දෙදෙනකු විහාර භූමියේ ස්‌ථාන දෙකකින් පිටවූ බව ඒ වන විට විහාරස්‌ථානය අසල සිටි කීප දෙනකු දැක ඇත. එක්‌ සැකකරුවකු විහාරස්‌ථානය අසල නවතා තිබූ මෝටර් රථයක නැඟී පලා ගිය අතර ඒ අසල සිටි ප්‍රදේශවාසියෙක්‌ එම මෝටර් රථයේ අංකය සටහන් කර ගත්තේය.

    මෙම ඝාතනය සම්බන්ධයෙන් පොලිස්‌ පරීක්‍ෂණ ආරම්භ වූයේ ඉන් පසුවය. සිද්ධිය සැලවූ වහාම බස්‌නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක, නියෝජ්‍ය පොලිස්‌පති අයි. එම්. කරුණාරත්න, පොලිස්‌ අධිකාරි සාලිය සිල්වා, සහකාර පොලිස්‌ අධිකාරි නිශාන්ත සොයිසා ඇතුළු නිලධාරීහු කෝට්‌ටේ රජමහා විහාරය වෙත පැමිණියහ.

    සැකකරුවකු පලා ගිය මෝටර් රථයේ අංකය ඔස්‌සේ පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කළ අතර පොලිස්‌ නිල සුනඛයන්ද ඒ අවස්‌ථාවේම විහාරස්‌ථානය වෙත ගෙන්වීමට පොලිසිය කටයුතු කර තිබේ.

    ඝාතකයාගේ ඉවපාරේ ගිය පොලිස්‌ නිල සුනඛයන් විහාරය අසල නිවසකට යද්දී එහි මත්පැන් පානය කරමින් සිටි සිව් දෙනෙකු පැන දිව ගොස්‌ ඇත. ඒ අවස්‌ථාවේ වහාම ක්‍රියාත්මක වූ පොලිස්‌ නිලධාරීන් එම පුද්ගලයන් සිව් දෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

    මේ අතර සැකකරුවන් පලා ගිය මෝටර් රථයේ අංකය ඔස්‌සේ පරීක්‍ෂණ පැවැත්වූ මහරගම පොලිසියේ ස්‌ථානාධිපති අනුරාධ මහින්දසිරි, පොලිස්‌ පරීක්‍ෂක රණබාහු ඇතුළු නිලධාරීහු මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේද සහාය ඇතිව එම මෝටර් රථයේ හිමිකරු පිළිබඳව තොරතුරු සොයා ගත්හ.

    අදාළ මෝටර් රථයේ අංකය හිමි පුද්ගලයා මහරගම පිළියන්දල පාරේ ෂිරෝමනී මාවතේ පදිංචිකරුවකු බව හෙළි කරගත් පොලිසිය ඊයේ අලුයම එම නිවස වැටලූහ.

    නිවසේ දොරගුලු විවෘත කරගත් පොලිස්‌ නිලධාරීන් නිවස පරීක්‍ෂා කරද්දී එහි නිදා සිටි බස්‌නායක නිලමේවරයා සොයා ගැනීමට හැකි විය.

    තමන් මෙම ද්විත්ව ඝාතනය පිළිබඳව කිසිවක්‌ නොදන්නා බව සැකකරු අත්අඩංගුවට ගත් අවස්‌ථාවේ පොලිසියට ප්‍රකාශ කළේය.

    නිවසේ පිටුපස ගරාජය පරීක්‍ෂා කරද්දී අදාළ අංකය සහිත මෝටර් රථය එහි තිබී සොයා ගැනීමට පොලිසියට හැකිවිය. ඒ වන විටත් මෝටර් රථයේ එන්ජිම කොටස දැඩි ලෙස රත්වී තිබූ අතර මෝටර් රථය ඊට ටික මොහොතකට පෙර ගරාජය වෙත දමා ඇති බවද පොලිසිය හෙළිකර ගත්තේය.

    පසුව පොලිසිය සැකකරුගෙන් දැඩි ලෙස ප්‍රශ්න කරද්දී ඔහු පවසා ඇත්තේ තමා තවත් පුද්ගලයකු සමග ගොස්‌ මෙම ද්විත්ව ඝාතනය සිදුකළ බවයි.

    මෙම ද්විත්ව ඝාතනයට පසු තම සගයාද සමග මෝටර් රථයේ තමන් පැමිණි බවත් සගයා බොරලැස්‌ගමුව ප්‍රදේශයේදී මෝටර් රථයෙන් බැස ගිය බවත් ඔහු කියා සිටියේය.

    බස්‌නායක නිලමේවරයකු වන මෙම සැකකරු තවමත් අවිවාහකයෙකි. මොහුගේ පෙම්වතිය අම්පාර ප්‍රදේශයේ පදිංචිව සිටින බවද පොලිසිය හෙළිදරව් කර ගත්තේය. සැකකරු මෙම ද්විත්ව ඝාතනයෙන් පසු අම්පාර ප්‍රදේශයට පලා යැමේ සූදානමින් මහරගම නිවසේ රැඳී සිටි බවද පරීක්‍ෂණවලදී හෙළි විය.

    බොරලැස්‌ගමුව පොලිස්‌ ස්‌ථානාධිපති ඒ. ඇපලකොටුව, වැලිකඩ පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ඒ. කමල්, මහරගම පොලිස්‌ ස්‌ථානාධිපති අනුරාධ මහින්දසිරි යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් කළ වැටලීමේදී අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරීක්‍ෂණ සඳහා මිරිහාන පොලිසිය වෙත භාර දී තිබිණි.

    බස්‌නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ පත්කළ විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වාගෙන යයි.



    divaina
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    film ekak wage.. aney amma pa mehemath samajayak.

    samaharu hithuwe meka muslim aya kara kiyala.mama dakka eeye thread wala comments dala thiyenawa muslim unta banala.mama nam kiyanne me wage wada walata agama balapanne naha.hama agamakama aya waradi karanawa.ekata buddagama,christian,muslim kiyala wenasak naha.agama neme wadagath minissu jeewath wena widiha.monathram pansal palli giyath wadak naha minissunge hith wala kuhukakama thanhawa irisiyawa thiyenawanam.:no:
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    එහෙත් දීර්ඝ ලෙස මෙම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු කියා ඇත්තේ කෝට්‌ටේ රජමහා විහාරයේ ඇතිබව කියන මැණික්‌ එබ්බවූ රන් අසිපතක්‌ සොරා ගැනීමට පැමිණි අවස්‌ථාවේ භික්‍ෂූන් වහන්සේලා තමන් හඳුනා ගැනීම නිසා මෙම ද්විත්ව ඝාතනය කිරීමට සිදුවූ බවයි.

    mara nidan pissuwak ne bun den lankawe thiyenne :baffled:
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    balapanko ithin mun me hamuduruvan dennava marala gihin yahathin nidagenath idalane,mun nam asikkitha ballo,mun aaye nam manssa athmayak me kapeta labana ekak naha,ara kiwva vage ellum gaha ikmanata genava nam minissu me vage vada valata baya veyi
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    :yes:
    balapanko ithin mun me hamuduruvan dennava marala gihin yahathin nidagenath idalane,mun nam asikkitha ballo,mun aaye nam manssa athmayak me kapeta labana ekak naha,ara kiwva vage ellum gaha ikmanata genava nam minissu me vage vada valata baya veyi
    :(
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    balapanko ithin mun me hamuduruvan dennava marala gihin yahathin nidagenath idalane,mun nam asikkitha ballo,mun aaye nam manssa athmayak me kapeta labana ekak naha,ara kiwva vage ellum gaha ikmanata genava nam minissu me vage vada valata baya veyi

    :yes::yes::yes:
    ඔව් බන් , මොන අබුද්ධස්ස කාලෙකද මන්ද අපි මේ ඉපදිලා තියෙන්නේ:sorry: