කෝටිපතියෙක් වෙන්න කියවන්න

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    කෝටිපතියෙක් වෙන්න කියවන්න

    කඩයක වැඩ කරලා අන්තිමට ලංකාවේ ලොකුම සල්ලිකාරයෙකු වූ නවලෝක මුදලාලි

    වුරුදු ‍14 දි පෑලියගොඩ කඩයක වැඩ කරලා අන්තිමට ලංකාවේ ලොකුම සල්ලිකාරයෙක් වූ නවලෝක මුදලාලිගේ වටිනා ජීවිත කතාව.

    ලෝකය විවිධ ය. විෂම ය. භින්න රුචික ය. එවන් ලෝකයක යම්කිසි පුද්ගලයෙක්‌ විවිධ බාධක කරදර සතුටින් පිළිගෙන නිරහංකාර ලෙස ඉදිරියට ගොස්‌ තම ක්‍රියාශූරත්වයත් තැනට ඔබින නුවණක්‌ කුළුගන්වමින් ජන සමාජයේ ඉහළ තත්ත්වයකට පත්වන්නේ නම් එය සුළුපටු පරිශ්‍රමයක ප්‍රතිඵලයක්‌ නොවේ.

    එතරම් මැ වෙහෙස මහන්සි වී ක්‍රියා කොට ලංකාව පුරා පමණක්‌ නොව විවිධ රට රාජ්‍යවල ද නමක්‌ තැබූ ශේ්‍රෂ්ඨතම ව්‍යාපාරිකයෙක්‌ දානපතියෙක්‌ අදින් දින කීපයකට පෙර ලංකා මාතාවගෙන් සමුගත්තේය. ඒ අන් කිසිවෙක්‌ නොව, “නවලෝක මුදලාලි” නමින් සුපතළ නමක්‌ ජනතා හදවත් තුළ රැන්දූ පෑලියගොඩ නවලෝක සමූහ ව්‍යාපාරයෙහි සභාපති එස්‌. කේ. ධර්මදාස මහතා ය. උපතින් අනුදෙවැනි විය පසු කරමින් සිටියදී එතුමා ලංකා මාතාවගෙන් සමුගත්තේ රටට වැඩක්‌ නොකළ හිස්‌ පුද්ගලයකු වශයෙන් නොවේ.

    • Like
    Reactions: Banned!

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    වෙහෙස මහන්සි වී වැඩකොට මගේම ව්‍යාපාර දියුණු කර මේ තත්ත්වයට පත්වූ කෙනෙක්‌ වෙමි” යි. පවසමින් තමා මාතර සුල්තානාගොඩ සිට වයස අවුරුදු දාහතරේදී හුදෙකලාව රුපියලකටත් අඩු මුදලක්‌ අතැතිව කොළඹට පැමිණ ගෑස්‌පහ හන්දියේ තැනක ටික කලක්‌ සුළු රැකියාවක්‌ කරමින් සිට අනතුරුව පෑලියගොඩ කෑම කඩේ සේවයට ගිය ආකාරයත්, එහි දීර්ඝ කාලයක්‌ අයිතිකරුගේ සිත් දිනාගෙන, අවංකව – කඩිසරව සේවය කොට වෙළෙඳපොළ දියුණුවට පත්කර ගත් බවත්, එයින් බලවත් සේ ප්‍රසාදයට පත් අයිතිකාර මුදලාලි මහතා තමාට එය පැවරූ බවත්, සිහිපත් කළේය. එයට ප්‍රධාන හේතුව වූයේ කඩේ අයිතිකාර මහතාගේ දරුවන් අධ්‍යාපනය නිම කොට උසස්‌ රැකියාවලට යාමය.

    එතැන් පටන් වඩාත් උනන්දුවෙන් ක්‍රියා කළ මම මිලින් නෝනා මහත්මිය සරණ බන්ධනයට පත් කොට ගෙන දෙදෙනාගේම උත්සාහයෙන් – අරපරිස්‌සමින් දර කඩයත්, බත් කඩයත්, කෙමෙන් ලී වෙළෙඳපළක්‌ බවට පත්කළ ආකාරය සිත් ගන්නා අන්දමින් ප්‍රකාශ කොට සභාව ප්‍රබෝධවත් කිරීමට සමත් විය. එදා නවලෝක රෝහල විවෘත කරන දා කළ ඒ දීර්ඝතම කථාව ආදර්ශවත් පෞරුෂත්වය පිළිබිඹු කරමින් සිදු කළ ඓතිහාසික දේශනයක්‌ සේ සැලකිය හැකිය. කථාවේ තැනින් තැන ජීවිතයේ රසවත් තැන් අවස්‌ථාවෝචිත පරිදි ඉදිරිපත් කළ ආකාරය ද ජනපතිතුමන් ප්‍රමුඛ මුළු සභාවම ප්‍රබෝධවත් කිරීමට සමත් විය. මෙවන් නිහතමානී ශේ්‍රෂ්ඨ ගුණාංගයන්ගෙන් පිරිපුන්, රටට ආදර්ශවත් ජීවිතයක්‌ ගතකොට, ලංකාවාසී ජනතාවටත්, බුදු සමයටත් මහඟු සේවාවක්‌ ඉටුකොට නිධන ප්‍රාප්ත දේශමාන්‍ය එස්‌. කේ. ධර්මදාස මහතා රටට වැඩදායි ජයන්ත ධර්මදාස, උපාලි ධර්මදාස සහ නාලනී, රුක්‌මණී, පුෂ්පා, ප්‍රියානි දියණිවරුන් සිව්පළක්‌ද එතුමාගේ උදාර සේවාව ඉදිරියටත් කරගෙන යනු පිණිස රටට ලබාදී ඇත. එය ද දිරිමත් පිය කෙනකුගේ උදාර යුතුකමෙකි.

    අභාවයට පත් මිලින්නෝනා ධර්මදාස මැතිනිය සහ අප කතානායක දේශමාන්‍ය එස්‌. කේ. ධර්මදාස මැතිතුමන් විසින් ඒ යුතුකම ද ආදර්ශවත් මව්පිය දෙපළක්‌ වශයෙන් සිදු කොට ඇති බව පින්දීමෙන් යුතුව සිහිපත් කළ යුතුව තිබේ. එස්‌. කේ. ධර්මදාස මැතිතුමන්ට නිවන් සුව ලැබේවා.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මචන් ඔය මුදලාලිලා ටික follow කරලා කොටිපතියෙක් වෙන්න බෑ අයෙ ලන්කාවෙ. :yes: