හැමෝම කියන්නේ fd දාන්න කියලනේ.එත් මචන් උද්දමනයත් එක්ක ඕකෙන් ලොකු වාසියක් වෙන්නේ නෑ.අපි නොදැනුවත්වම ෆික්ස් කරපු සල්ලි වල වටිනාකම අඩු වෙනවා.
උදාහරනෙකට බලපන් දැන් රුපියල් දාහකින් මොනවද කරන්න පුළුවන් කියල?මිට අවරුදු දෙක තුනකට කලින් ගොඩක් දේවල් කරන්න තිබ්බ දාහකින්.
ඒ වගේ පොලියක් හම්බුනට අනික් අතින් අපිට පාඩුවක් වෙන්නේ.උද්දමනයට වඩා සැලකිය යුතු මට්ටමකින් fd පොලිය වැඩි නම් කමක් නෑ.
ලක්ෂයක් ෆික්ස් කරොත් උද්දමනය 10% නම් අවරුද්දකින් උබ ගාව තියෙන්නේ රුපියල් 90000යි.පොලියත් 10% නම් උබ දාපු සල්ල්ලි වැඩි වීමක් වෙලා නෑ.
මන් උබ උනා නම් කරන්නේ කොටසක් fd දාල තව කොටසක් run වෙන බිස්නස් එකක ඉන්වෙස්ට් කරනවා. සල්ලි නිතරම run වෙන තැනක තිබුනම වාසියි.
උබලගේ අදහස් කියපල්ලා