කෝටි ගණන් මැණික් කථා

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    මැණික් හා ස්වර්ණාබරණ් අධිකාරියේ බලපත්‍රයක් නැතුව මැණික් ගැරුවට ඒව විකුණන්න බෑ.
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    good post

    add9%20badge%20half%20tone.jpg
     
    Jan 5, 2016
    58
    0
    0
    dan owner thambiyek , sinhala minihek rawattala ganna atte bn :(
    kooti 3000k witharalu needa bn, :dull:

    සින්හලයාට අපහාස කරන්න එපා හුත්තෝ, තෝ කියන්නේ සින්හලයා මෝඩයා කියලද?:angry::angry::angry::angry:
     

    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    7.ස්ටාර් ඔෆ් ලංකා and රේ ඔෆ් ටෙ‍්‍රෂර්

    Untitled-37.jpg


    දීප්තිමත් දර්ශනීය නිල් පැහැයකින් යුත් මෙම නිල් ආරනූල් වර්ගයේ මාණික්‍යයේ මතුපිට ඉතා හොඳින් ප‍්‍රදර්ශනය වන රේඛා හයක් දැකිය හැකිය. මෙම මාණික්‍ය 1973දී මාතලේ දිස්ති‍්‍රක්කයේ ඇලහැර හත්තොට අමුණ ප‍්‍රදේශයෙන් හමුවූ ඉතාමත් දුර්ලභ වර්ගයේ මැණිකක් වන අතර 1971 පිහිටවූ රාජ්‍ය මැණික් සංස්ථාව විසින් මිලදී ගනු ලැබ තිබේ. වර්තමානයේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය නමින් හැඳින්වෙන එම ආයතනය රළු මැණිකක් ලෙස මිලදී ගත් මෙය ඇහැලියගොඩ මැණික් සංස්ථාවේ කැපුම් මධ්‍යස්ථානයේදී ගල් දෙකක් ලෙස ඉරා වෙන්කර කපා ඔප දමා තිබේ. එම මාණික්‍ය දෙකෙන් විශාලම මාණික්‍ය මෙය වන අතර මෙහි බර ක‍්‍රාත් 392.92කි. ”ස්ටාර් ඔෆ් ලංකා” යන නාමයෙන් හඳුන්වන නිල් ආරනූල් මාණික්‍ය ජපානයේ සහ ස්වීඩනයේ පැවැත්වූ ජාත්‍යන්තර ප‍්‍රදර්ශන දෙකකදී විදේශිකයන්ගේ විශේෂ ආකර්ශනයට ලක්විය. මීට අමතරව ශ්‍රී ලංකාවේ පැවැත්වූ ”ෆැස්ට්ස්” ජාත්‍යන්තර ප‍්‍රදර්ශනයේදී දළදා පෙරහර සමයේ ක්වීන්ස් හෝටලයේ පැවැති ප‍්‍රදර්ශනයේදී සාර්ක් රාජ්‍ය නායකයන් වෙනුවෙන් ගාලූමුවදොර හෝටලයේදී පැවැත්වූ ප‍්‍රදර්ශනයේදී සහ පසුගිය නොවැම්බර් 01 වැනිදා රත්නපුරේදී මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ 40 වැනි සංවත්සර උත්සවය වෙනුවෙන් පැවැති ප‍්‍රදර්ශනයේදී මෙම මැණික දෙස් විදෙස් කාගේත් ආකර්ශනයට ලක්විය.

    ලෝකයේ විශාලම නිල් ආරනූල් මාණික්‍ය සතුවන්නේ ඉන්දියාවටය. නමුත් ලෝකයේ මැණික් සඳහා පරසිදු බ‍්‍රසීලය, අපි‍්‍රකානු රටවල් වන ටැන්සානියා, මොසැම්බික් හා මැඩගස්කර් වැනි රටවලින් නිල් මාණික්‍ය හමුවුව ද ඒවා සඳහා වඩාත් ප‍්‍රචලිත රටවන්නේ ශ්‍රී ලංකාවයි. අනෙක් අතට මෙවැනි විශාල මැණික් හමුවන්නේ අපේ රටේ පමණි. සාමාන්‍යයෙන් නිල් ආරනූල් යන මැණික් විශේෂය ගත්කල නිල් පැහැය හොඳින් තිබුණ ද එහි මතුපිට ඇති නූල්හය හොඳින් නොපිහිටන්නට පුළුවන. නැතහොත් නූල් හය හොඳින් පිහිටිය හොත් ගලේ නිල් පැහැය හොඳින් නොපිහිටන්නට පුළුවන.

    එහෙත් මෙම විශේෂිත ”ස්ටාර් ඔෆ් ලංකා” නිල් ආරනූල් මාණික්‍යයේ එම විශේෂිත ලක්ෂණ දෙකම ඉතා හොඳින් පිහිටීම නිසා මෙම මාණික්‍යයට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය තවමත් වටිනාකමක් තක්සේරු කර නැත.

    දැනට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ මැණික් සංචිතයේ තැන්පත් කර ඇති මෙම දුර්ලභ මාණික්‍ය සේම ”රේ ඔෆ් ටෙ‍්‍රෂර්” නමින් හඳුන්වන ක‍්‍රාත් 103.05 බරැති කණක වෛරෝඩිය ද මැණික් පිළිබඳව උනන්දුවක් දක්වන දෙස් විදෙස් බොහෝ දෙනකුගේ ආකර්ශනයට ලක්වී ඇත. එය නාවලපිටිය ප‍්‍රදේශයෙන් හමුවූ තවත් දුර්ලභ ඝනයේ වෛරෝඩි විශේෂයකි.


    ලංකාදීප
     
    Last edited:
    • Like
    Reactions: ransing

    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    8.නිදානයකින් ගත් මැණික් කිහිපයක්


    gala.gif


    හිදෝගම, පුරාණ රජමහ විහාරයක පිහිටි මාලිගාවක නිධානයකින් ලබාගත් බව කියන ඝනදෙවි රූපයක හැඩැති මැණිකක් සහ මැණික් ගල් හයක් වසර 100කට වඩා පැරණි ඉහළ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු බවට පුරා විද්‍යා දෙපාර්තුමේන්තුව තහවුරු කළ මැණික් ගල් ඡායාරූපවල දැක්වේ.

    gala2.gif


    රිවිර
     
    Last edited:

    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    9.ඇක්වමරයින් නිල් මැණික්


    හොඳින් කැපූ පැහැදිලි දිස්නය දෙන ඇක්වමරයින් නිල් මැණික් ගලක කැරට් එකක් ලෝක වෙළඳපොලේ රුපියල් 16,750 කට හෙවත් ඇමෙරිකානු ඩොලර් 134 කට පමණ අලෙවි වන අතර ගැඹුරු භාවනාවට සහ ආත්මීය ජීවිතයේ පැවැත්මට පැලඳීමට සුදුසු යයි පිළිගන්නා ඇක්වමරයින් නිල් මැණික් නිලට සහ කොළට හුරු වෙන අතර 'මුහුදේ ජලය' යන නාමයෙන් මැණික් විශේෂඥයින් ලොව වටා හඳුන්වයි.නාවිකයන් අතීතයේ විශ්වාස කලේ සහ තවමත් විශ්වාස කරන්නේ ඔවුන්ම ජල විපත් වලින් ඇක්වමරයින් නිල් මැණික් ආරක්ෂා කරන බවටත්, මිනිසුන් ව ඕපා දූප වලින් වලකා ලන බවටත් ය.

    බෙරිල් මැණික් කුලයට අයත් ඇක්වමරයින් නිල් මැණික් වලට නම් වැටි ඇත්තේ ලතින් භාෂාවෙන් මුහුදු ජලයට කියන නම ඇසුරිනි. ඇක්වමරයින් නිල් මැණික් නිල් ටොපෑස් වලට වැඩ දුර්ලභ සහ වටිනවකමින් යුතුය. එමෙරල්ඩ් මැණික් වලට කිට්ටු නෑකමක් දක්වන ඇක්වමරයින් නිල් මැණික් බෙරිල් කුලයේ මොර්ගනයිට් සහ යෙලොව් බෙරිල් වලටත් සම්භන්ද කම් දක්වයි.


    Aquamarine%20(1).JPG


    Aquamarine%20(2).JPG


    Aquamarine%20(4).JPG


    ඉහතින් දැක්වෙන්නේ ලංකාවේ රත්නපුර ප්‍රදේශයේ පතලකින් සොයාගත් දැනටත් රුපියල් ලක්ෂ 6 කට මිල කර ඇති නොකපපු ඇක්වමරයින් නිල් මැණික් ගලකි. එහි කැරට් 1400ක් හෙවත් ග්‍රෑම් 280 පමණ බරට මැණික් ඇත.

    srilankabusinessonline ඩොට් com
     
    • Like
    Reactions: other guy

    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    10.වළට විසි කළ නිල් මැණික


    විදේශීය ව්‍යාපාරිකයෝ සබරගමුවේ කැලෑ කපා රබර් වැවීම ආරම්භ කළෝය. එම වතුවල වැඩ කිරීමට මුලදී සිංහලයෝ නොගිය ද පසුව මුදල් ලැබෙන නිසා එම වැඩවලට ගියෝය. මෙසේ රබර් වතුවල පැළ සිටුවීමට වළවල් කපා නැවත පස් පුරවා රබර් පැළය ඒ මත සිටුවීම සිදු කෙරේ.

    අපේ ගම් පළාතේ දෙදෙනෙකු ද මේ රබර් වළවල් කැපීමට ගොස් තිබේ. දිනක් ඔවුන් වළවල් කපමින් සිටියදී ලෙලි ඉවත් කළ පොල් ගෙඩියක් තරම් විශාල මැණිකක් හමු වී තිබේ. මේ දෙදෙනා මැණික් ගල හෝදා හරව හරවා හැඩ බලා ඇත. එය නිල් ගුළියක් බව වැටහුණි.

    එකල ඔවැනි දෙයක් ලැබුණ විට කෝරළේ මහත්තයාට හෝ ඒජන්ත මහත්තයාට දිය යුතුය. සුදු පාලකයෙකුගේ වත්තක තිබී ලැබුණු නිසා ඉඩම් හිමියාට දිය යුතුය. ඒත් මැණික ලද දෙදෙනා ඒ කිසිවෙකුටත් මෙය දීමට අකමැති වූහ. හිසේ බැඳ තිබූ ‍ලේන්සුව ගලවා මැණික එහි ඔතා තබා පුරුදු ලෙස වැඩ කර සවස නිවෙස් බලා යන විට එය රැගෙන ගියෝය.

    ඔවුන් දෙදෙනා ආපසු එන විට දිය නාන ස්ථානයක් තිබේ. අලියෙකු පොව්වන තරමට ගැඹුරු වළක් වූ එම ස්ථානය නිල්වන් සීතල වතුරින් පිරී පැවතිණ. මෑතක් වන තුරු එම වතුර වළ පැවතුණ ද කාලයාගේ ඇවෑමෙන් පස් සහ වැලි පිරීම නිසා වළ ගොඩ වී ඇත. එම ස්ථානයට දිය නෑමට පැමිණි අප කතා නායකයන් දෙදෙනා දිය නෑමට පෙර මැණික එම වළට විසිකර තිබේ.

    මෙය සත්‍ය සිදුවීමකි. ජනප්‍රවාදයේ එන්නක් නොව එම මැණික හමු වූ දෙදෙනාගේ පරම්පරාවේ අය අතර පවතින ඉතිහාස කතාවකි. එම වතුර වළ තිබූ ස්ථානය අද ගොඩ වුවත් සාමාන්‍ය වළක් දක්නට තිබේ. අද එම වළ සහිත ඉඩම හිමියා ව්‍යාපාරික ප්‍රභූවරයෙකු වන නිසා මෙම කතා පුවත දැන සිටියත් මැණික සෙවීමට උත්සාහ නොකරයි.


    සිළුමිණ
     
    • Like
    Reactions: Ereshaz77