කෝටි ගනන් ගෝඨා හම්බකරපු රක්නා අවි ජාවාරම
පසුගියදා අල්ලාගනු ලැබූ නිශ්ශංක සේනාධිපතිට අයත් පාවෙන අවි ගබඩාව පිලිබඳ තිරය පිටුපස ඇති කතාවෙන් කොටසක් ලංකා ඊ නිව්ස් වෙත හෙලිදරව් වී තිබේ. ඒ අනුව මෙම සමුද්‍රාරක්ෂක සංකල්පය පවා වෙනත් කෙනෙකුට අයත් සමාගමකින් ගෝඨාභය රාජපක්ෂ කොල්ල කා ගත්තක් බව කියැවේ. ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වාර්තා කරන පරිදි මෙම අදහස කිසියම් අයෙකු විසින් 2010 දී ආරක්ෂක අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කරන ලද්දකි. එම සංකල්පය පිලිබඳ මුල් ඉදිරිපත් කිරීම කරන ලද්දේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජයවීර සහ නාවුක හමුදාව නියෝජනය කළ රොසයිරෝ නම් නිලධාරීන් වෙතය. මෙහිදී නාවුක හමුදාව නියෝජනය කළ රොසයිරෝ මහතා මෙම යෝජනාවට එක හෙළා තම විරුද්ධත්වය පළ කර ඇත්තේ මෙම ව්‍යාපෘතිය සඳහා සැපයෙන ගිනි අවි ත්‍රස්තවාදී සංවිධාන අතට පත්වීමේ අවදානමක් ඇති බව කියමිනි.
ඉන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ ඇවන්ට් ගාඩ් සහ රක්නා ලංකා යන සමාගම් දෙකට ආරක්ෂක සේවාවන් සඳහා අමාත්‍යාංශ අවසරය ලබා දී තිබේ. ක්‍රම ක්‍රමයෙන් ආරක්ෂක අමාත්‍යාංශය, ඇවන්ට් ගාඩ් සහ රක්නා ලංකා ත්‍රිත්වය පුද්ගලික ආරක්ෂන සේවා සැපයීමේ ක්ෂේත්රයේ ඒකාධිකාරය තහවුරු කරගෙන ඇති අතර ඒ සඳහා පූර්ණ අනුග්‍රහය සලසා ඇත්තේ ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසිනි.
මේ අතර තුර ප්‍රථමයෙන්ම යෝජනාව ගෙන ආ ආරක්ෂන සේවා සමාගමේ ප්‍රධානීන් හමුවූ ජෙනරාල් පාලිත ප්‍රනාන්දු පවසා ඇත්තේ සමුද්‍රාරක්ෂක සේවය ගෝඨාභය විසින් ඇවන්ට් ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති වෙත වසර 3ක කොන්ත්‍රාත්තුවක් යටතේ පවරා ඇති බවත් ඒ වෙනුවෙන් රුපියල් මිලියන 50 ක මුදලක් මැතිවරණ අරමුදල් සඳහා පරිත්‍යාග කර ඇති බවත් ය. පාලිත ප්‍රනාන්දු වැඩි දුරටත් පවසා ඇත්තේ එම සමාගම තවදුරටත් සමුද්‍රාරක්ෂක සේවය පිලිබඳව බලාපොරොත්තු තබාගෙන සිටින්නේ නම් ඒ සඳහා ඉල්ලුම් කළ යුත්තේ වසර 3 කට පසුව බවය.
මීට අමතරව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සියළුම විදේශ සමාගම් වලට ආරක්ෂක සේවාවන් ලබා ගත යුත්තේ ඇවන්ට් ගාඩ් සහ රක්නා ලංකා සමාගම් වලින් පමණක් බවට බලපෑම් කර ඇත.
මෙකී ආරක්ෂක සේවා මාෆියාවෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් දමයන්ති ජයරත්න, ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සහ ගෝඨාභය රාජපක්ෂ අති විශාල ප්‍රතිලාභයක් ලබන බවත් මොවුන් තිදෙනාම නිශ්ශංක සේනාධිපතිගේ මාසික දීමනා ලබන ලැයිස්තුවේ සිටින බවත් පැවසේ. ගෝඨාභයට පමණක් මසකට රුපියල් කෝටියක මුදලක් ගෙවනු ලබන බව නිශ්ශංක සේනාධිපති විසින්ම පවසා තිබේ. සමුද්‍රාරක්ෂක සේවය ඇතුළු ආරක්ෂක සේවා සැපයීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයෙන් අනුමැතිය ලබා ගනු පිණිස එම ක්ෂේත්රයේ නියුතු සමාගම් බොහොමයක් අතිරේක ලේකම් දමයන්ති ජයරත්න වෙත අල්ලස් ලබා දී ඇති බවද අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
නිශ්ශංක සේනාධිපති මෙම ක්ෂේත්රයේ තම බලය පවත්වාගැනීම සඳහා නොමසුරුව මුදල් විසිකරන්නෙක් බවත් ඇවන්ට් ගාඩ් ආරක්ෂක සමාගම වෙත බඳවාගෙන ඇති නාවික හමුදාවේ විශ්‍රාමික ඉහල නිලධාරීන් වෙත එක් අයෙකුට මසකට රුපියල් 10 ලක්ෂයක පමණ වේතනයක් ගෙවන ලබනු බවත් අප අභ්‍යන්තර තොරතුරු සේවය පවසයි. එහෙත් එම ආයතනයේම සේවය කරන සෙසු ආරක්ෂක නිලධාරීන් හට ගෙවිය යුතු සේවා නියුක්තිකයන්ගේ අරමුදල් වාරික සහ සේවා භාරකාර අරමුදල් වාරික නිසි පරිදි ගෙවා නැති බවත් ඔවුන්ගේ මාසික වේතනය පවා නියමිත දිනයට නොගෙවන බවත් වැඩි දුරටත් වාර්තා වේ.

Last edited: