කෝටි 100 නව බද්ද නොගෙවීමට CSN තීරණයක්

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    කෝටි 100 නව බද්ද නොගෙවීමට CSN තීරණයක්

    කෝටි 100 නව බද්ද නොගෙවීමට CSN තීරණයක්



    csn.jpg


    වත්මන් පාලනය මගින් තම නාලිකාවට පැනවුණ රුපියල් කෝටි 100 නව බදු මුදල නොගෙවීමට CSN නාලිකාවේ හිමිකාරිත්වය තීරණය කර තිබෙන බව වාර්තාවේ.


    මුදල් ඇමැති රවී කරුණානායක මහතා අතුරු අයවැය යොජනා ගෙන එමින් මෙරට ක්‍රීඩාව වෙනුවෙන් පවත්වාගෙන යන නාලිකා සඳහා එක්වරක් පමණක් ගෙවන රුපියල් කෝටි සියයක බදු මුදලක් ගෙවිය යුතු බව සඳහන් කළේය.


    කෙසේ නමුත් එම නාලිකාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ මෙම නව බදු මුදල යෝජනා කිරීම හා ඒ නොගෙවීමට තීරණය කිරීම අන්‍යෝන්‍ය අවබෝධය මත සිදුව තිබෙන්නක් බවය. මේ අනුව මෙම නාලිකාව රජයට පවරා ගැනීම හෝ වෙනත් පෞද්ගලික හිමිකාරිත්වයකට පැවැරීම නුදුරේ සිදු වීමට නියමිතය.


    මෙම නාලිකාවේ හිමිකාරිත්වය පවතින්නේ රාජපක්ෂ පවුලේ පුතුන්ට වන අතර මෙම නාලිකාව පවත්වගෙන ගොස් ඇත්තේ රජයට ගෙවිය යුතු බදු මුදල් ආදිය නොගෙවා බවත් හෙළි වී ඇත.


    ---------------------------------------------------------------------------------





     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    යසාරා පුකෙනෙතු හිනාවෙනවා ඇති යෝෂිතයාට.:D