කෝටි 13000 ක් ඩුබායි බැංකුවක
ගිය රජයේ බලගතු දේශපාලනඥයන් දෙදෙනකු ඩුබායි බැංකුවක පවත්වාගෙන ගිය බව කියන ඇමරිකා ඩොලර් සිය කෝටියක (රුපියල් කෝටි 13300) බැංකු ගිණුමේ විස්තර ශ්‍රී ලංකා රජය සොරකම් කළ වත්කම් සොයා ගැනීමේ ලෝක බැංකු කාර්යාලයට බාර දී ඇත.
ඉන් එක් අයකු ගිය රජයට දැඩි පවුල් සබඳතාවයක් තිබූ බවත් ඔහු ඇමරිකා ඩොලර් කෝටි 53 (රුපියල් කෝටි 7045) ක් ද අනෙක් පුද්ගලයා එම පවුලේ කුදු මහත් වැඩකටයුතුවලට එතෙර මෙතෙරදී සහය දුන් බලවතකු බවත් ඔහු ඇමරිකා ඩොලර් කෝටි 52 (රුපියල් කෝටි 6912) කට ආසන්න මුදලක්ද ප්‍රධාන පෙළේ ඩුබායි බැංකුවක තැන්පත් කර ඇතැයිද කියති.
මෙම බැංකු ගිණුම් දෙකේ තොරතුරු වෙනත් කිසිවකුටත් ලබාගත නොහැකි ආකාරයෙන් එම අංශයේ කළමනාකරු ඊජිප්තු ජාතිකයකුගේ සෝදිසිය යටතේ පවත්වාගෙන යන බවත් මෙම මුදල් කොමිස් හා වෙනත් දූෂිත ආකාර වලින් උපයාගෙන ඇති බවත් මෑතදී මියගිය අරාබි නායකයකු තෑගි කළ වත්කම්ද ඊට අයත් බවත් කියති.
- http://www.lankadeepa.lk/index.php/articles/304315