කෝටි 2000 මැණික් ගල අලි බොරුවක්

tas

Well-known member
  • Jun 28, 2010
    1,864
    1,552
    113
    මෑතකදී පැල්මඩුල්ල ප්‍රදේශයෙන් හමුවූ කිලෝ ග්‍රෑම් 510ක් බරැති ආරනූල් වර්ගයේ මැණික් ගලේ වටිනාකම සම්බන්ධයෙන් ක්ෂේත්රයේ ප්‍රවීනයන් අදහස් පළ කරති.


    ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසන තරම් වටිනාකමක් මෙම මැණික් ගලේ නොමැති බව රාජ්‍ය මැණික් සංස්ථාවේ හිටපු සහකාර තක්සේරු නිලධාරී පාලිත ගුණසේකර මහතා සඳහන් කරයි.


    එම විශාල මැණික් කලේ මැණික් ගල් සියල්ලම මියගොස් ඇති බවත් මැණික් ගල් විනිවිද නොපෙනෙන බවත් ඒවායේ කිසිදු වටිනාකමක් නැති බවත් පවසන ඔහු නමුත් කෞතුකාගාරයන් සඳහා රුපියල් ලක්ෂ දහයක වැනි මුදලකට විකුණා ගත හැකි බවද ඔහු පෙන්වා දෙයි.


    මේ අතර රත්නපුර මැණික් කෞතුකාගාරයේ හිමිකරු එල්.එල්.ඒ. නන්දන මහතා සඳහන් කරන්නේ මෙයාකාර වැඩකටයුතු නිසා ලංකාවේ නමත් අපකීර්තියට පත් වන බවයි.


    තමන් සන්තකයේ මේ හා සමාන මීට වඩා වටිනා මැණික් ගලක් ඇති බවත් එය අදාල මැණික රුපියල් ලක්ෂ තුන හතරකට වඩා වටිනාකමක් නැති බවද කියා සිටියේය.


    කෙසේ වෙතත් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය කියා සිටියේ මෙම මැණික් ගල රුපියල් කෝටි 2000 ක් පමණ වටිනා බවත් එය අයිතිකරුවන් ගේ කැමැත්ත මත විදේශ වෙන්දේසියේ විකිණීමට පියවර ගන්නා බවත්ය.

    lankacnews
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ලොක්කො වැඩ පටන් අරන් එහෙනම් මන් බැලුවා මොකෝ පරක්කු කියලා
     
    • Like
    • Haha
    Reactions: Idias, NRTG and tas

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මෙනික් ගලේ හිමිකරු මෙනික් ගල නොවටිනා එකක් බව දැනගැනීමෙන් පසු බලවත් සිත් තව්ලට සහ ලැජ්ජවට පත්ව ලිපියක් ලියා තබා cctv නැති ස්ථානයකට ගොස් සිය.දිවනසාගනිද ?
     

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    මෙනික් ගලේ හිමිකරු මෙනික් ගල නොවටිනා එකක් බව දැනගැනීමෙන් පසු බලවත් සිත් තව්ලට සහ ලැජ්ජවට පත්ව ලිපියක් ලියා තබා cctv නැති ස්ථානයකට ගොස් සිය.දිවනසාගනිද ?
    බැරි කැසිල් හෙණ වැඩ්ඩා 😘
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    මෙනික් ගලේ හිමිකරු මෙනික් ගල නොවටිනා එකක් බව දැනගැනීමෙන් පසු බලවත් සිත් තව්ලට සහ ලැජ්ජවට පත්ව ලිපියක් ලියා තබා cctv නැති ස්ථානයකට ගොස් සිය.දිවනසාගනිද ?

    ටිකක් විතර එහෙම වෙන්නත් ඉඩ තියෙනවා. ටිකක් කිව්වට ටිකක්මත් නෙවෙයි. 😒
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    අපට විශාල ශබ්දයක් ඇහුනා. හරියට තද යමක් මැණිකේ ස්පර්ශ වෙනවා වගේ. මනිඅක්කිත ස' මැණික නාග ලෝකෙට වැඩැම්මුවා. මැණිකේ අයිතිකාරයා සුර අසුර යුද්ධේ කාලේ බැරියර් ඕපන් කරන්න කියලා ස' ට එරෙහිවුන දේශ ද්‍රෝහියෙක් ලෙස නම්කරලා නීරෝධායනයට අරන් ගියා. අපි සාදුකාර දිදී බලන් හිටියා. කතාව ඉවරයි 😉.
     
    • Haha
    Reactions: imhotep and tas

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    @Indrajith Gamage මේ කියලා තියෙන්නේ ඇත්තද?
    මෙහෙම දෙයක් තියෙනවා බං. අද ලෝකෙ වැඩ කරන හැටිත් එක්ක Hype එක හරිම වැදගත්. ඒක බැලුවාම ඔය නාකි මුදලාලිලාගෙ තක්සේරු විතරක් හරි යන්නෙ නෑ. මතකනෙ රතු රසදිය සහ පරණ අකුණු සන්නායක සීන් එක? ඒ වගේම තාම යන VoC කාසි සහ ප්ලේට් කේස් එක? මේ හම්බෙන media attention එකේ හැටියට ඕක කීයටවත් ලක්ෂ ගාණක සීමාවෙ නෑ.

    මෙහෙම හිතපන්, මම ඕක මිල දී ගත්තොත් නිව්ස් මීඩියා කීයකින් මට free publicity දෙයිද? මම ඊළඟට කරන මොකක් හරි දේට ඕක ඈඳලා නොමිලේ ප්‍රචාරයක් දෙයිද? ඒ ලැබෙන ප්‍රචාරය ගන්න කීයක් වියදම් කරන්න ඕන වෙයි කියලද හිතන්නෙ? ඇස්තමේන්තුවක් විදිහට ගත්තත් ඒ වටිනාකම විතරක් මිලියන 20 කට එහා දැන් prices වල හැටියට.

    මට මැණික් වටිනාකම තක්සේරුව ගැන ලොකු දැනුමක් නෑ. හැබැයි මැණික් කියන්නෙත් සැබෑ වටිනාකමකට වඩා sentimental වටිනාකම වැඩි දෙයක්. ඒ නිසා ඔය මැණික් ගල ලක්ෂ 4-10 කියන කතා නම් අමු බයිලා. කෝටි 2000 ක් වටින කතාව මැණික් වටිනාකම අතින් ඇත්ත නොවුණත් අපිට hype එක හරියට හදන්න පුළුවන් නම් කෝටි 10-50 අතර ගාණකට දෙන්න බැරි වෙන එකක් නැහැ කියලයි මට හිතෙන්නෙ.

    කවදා හරි ඕක අලෙවි වෙන දවසට මම මේ කිව්ව මිල මතක තියා ගනින්. කෝට් 10-50 අතර. 👍
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,379
    49,760
    113
    සේදවත්ත
    ආන්ඩුව වැඩ පෙන්නයි මැනික් පොකුරක් විකුණා රටට ඩොලර් ගෙනෙයි - @erozan


    පොන්න ගූ ඇන්පී කාරයන් ඉන්න කාලේ කලු ගලක් හොයාගන්න බැරි උනා
     
    • Haha
    Reactions: Cypress