කෝටි 50 වැඩේ ලක්ෂ 50 කරගත්ත හැටි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    කෝටි 50 වැඩේ ලක්ෂ 50 කරගත්ත හැටි

    දහසක් බැනුම් මැද සමාජ මාධ්‍ය ඊයේ පෙනී සිටි අරමුණෙන් කොටසක් අද සාර්ථක උනා.


    ඒ 2015 සිට පෙට්ටියේ තිබූ කරාපිටිය රෝහලේ linear accelerator යන්ත්‍රය කඩිනමින් (ලබන් සතිය වනවිට) සවිකිරීමට අවශ්‍ය උපදෙස් අද ආණ්ඩුකාර වරයා ලබාදුන්නා.

    යන්ත්‍ර 4ක් පෙට්ටි වල තිබියදී තවත් යන්ත්‍ර මිළදී ගැනීමට මුදල් එකතු කිරීමට එරෙහිව සහ එහි විනිවිදභාවය ගැන ඔවුන් ඊයේ සිට සමාජ මාධ්‍ය දැනුවත් කළා.




    ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍රය කරාපිටිය රෝහලේ වසර 4 ක් අමතක කර දමා තිබිලා

    ගොඩනැගිලි සදා අවසන්. විදුලිබල මණ්ඩලය විදුලි සැපයුම නොදුන් නිසා සවි කරන්නට බෑ. නිලධාරීන් දකුණු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතාට පවසයි

    දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා අද (20) ගාල්ල කරාපිටිය රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවට එක්විය. එහි දී ඔහු කළ විමසීමක දී හෙළි වූයේ, පිළිකා රෝගීන් සදහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය රු. කෝටි 35 ක ලීනියර් ඇක්සලරේටර් (රේඛීය ත්වරණ යන්ත්‍රිය) වසර 4 ක් ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රෙයාජනයට නොගෙන ගබඩා කොට ඇත. යන්ත්‍රය සවි කිරීම සදහා තවත් රු. කෝටි 15 කට වැඩි මුදලක් වැය කොට අංග සම්පූර්ණ ගොඩනැගිල්ලක් සදා නිමකර ඇති නමුත් එයට තවමත් විදුලි සැපයුම ලබාදී නොමැතිකම හේතුවෙන් මෙම යන්ත්‍රය සවි කිරීමට නොහැකි වී ඇති බව කරාපිටිය රෝහල් අධ්‍යක්ෂවරයා පවසයි.

    2014 නොවැම්බර් මස මෙම යන්ත්‍රය කරාපිටිය රෝහලට ලැබී ඇති අතර යන්ත්‍රය සවි කිරීම රු. කෝටි 15 ක වියදමින් විශේෂයෙන් සකස් කළ ගොඩනැල්ලේ කටයුතු ද ඒ වන විට අවසන් වී ඇත. නමුත්, අද දක්වාම මෙම යන්ත්‍රය සවිකර රෝගීන්ට ප්‍රතිකාර ලබාදී නැත. ඒ විදුලි බල සැපයුම නොමැති නිසාය.

    කරාපිටිය රෝහල විසින් ගෙවිය යුතු හිග විදුලි බිලක් හේතුවෙන් ගොඩනැගිල්ලට විදුලි සැපයීම ලබා දිය නොහැකි වූ බව විදුලිබල මණ්ඩලයේ දිසා ඉංජිනේරුවරයා පවසයි. ආණ්ඩුකාර තෙන්නකෝන් මහතා විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ මහතා වෙතින් ඉල්ලා සිටියේ වහාම මෙම ගොඩනැගිල්ලට විදුලි බලය බලා දීමට කටයුතු කරන ලෙසයි. එමෙන්ම, හදිසි හා අත්‍යවශ්‍ය කටයුත්තක් බැවින් ද, ඇස්තමේන්තුගත රු. මිලියන 4 ක මුදල් හුවමාරුව සිදු වන්නේ රාජ්‍ය ආයතන දෙකක් අතර වන බැවින් ද, වහා ට්‍රාන්ස්ෆෝමරයක් සවිකොට එම ස්ථානයට විදුලිය ලබා දෙන ද, මුදල් ගෙවීම අමාත්‍යාංශ මට්ටමින් සම්බන්ධීකරණය කරන ලෙස ද උපදෙස් දුන්නේය.

    නිරීක්ෂණ චාරිකාවෙන් පසුව අදහස් දැක්වූ ආණ්ඩුකාර තෙන්නකෝන් මහතා පැවසූවේ වසර 4 ක් යන්ත්‍රය ගබඩාවේ තිබිය දී, මේ රටේ ජනතාවට තවත් යන්ත්‍රයක් ගන්නට මහ පාරේ සල්ලි හොයන්නට සිදුව ඇති බවයි. දකුණු පළාතට පමණක් නොවෙයි, සබරගමුව, ඌවටත් ප්‍රතිකාර කිරීමේ හැකියාව මේ යන්ත්‍රයට තිබෙනවා. නමුත්, එය වසර 4 ක් සවි කර ගැනීමට නොහැකි වී තිබෙනවා. මෙය ඛෙදවාචකයක්.

    මේ යන්ත්‍රය සවිකිරීම සදහා වායු සමනය කිරීම අනිවාර්යයෙන්ම සිදු විය යුතුයි. විදුලිය නොමැතිව යන්ත්‍රය සවිකරන්නට බැහැ. ඉදිරි සතිය තුල විදුලිබලය ලබාදීමට කටයුතු කරන බවට විදුලිබල අමාත්‍යාංශයේ හා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් පොරොන්දු වුණා. කරාපිටිය රෝහල පළාත් සභාවට අයත් නොමැති වුනත්, ප්‍රතිකාර නොමැතිව මිය යමින් සිටින්නේ දකුණු පළාතේ මිනිස්සුන්. අප වහා මේ තත්වය වෙනස් කළ යුතුයි. කවුරුන් සිදු කලත් මෙය මහා අපරාධයක්. අපගේ රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව හෙළි කරන සිදුවීමක් බව පැවසිය යුතුයි.

    විදුලිබලය ලබා ගැනීමට මාස ගණනාවක් ලිපි හුවමාරුවී ඇති බව තමන් නිරීක්ෂණය කළ බව ප්‍රකාශ කළ ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා, මේ පිළිබද දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ දී අවස්ථා ගණනාවක දී සාකච්ඡා කර ඇති නමුත්, ඒ සියලු සාකච්ඡා ප්‍රතිඑල විරහිත කථා සාප්පුවලට පමණක් සීමා වී ඇති බව ද ප්‍රකාශ කළේය.

    මාධ්‍ය ඒකකය/දකුණු පළාත් ආණ්ඩුකාරවර කාර්යාලය
    2019 අප්‍රේල් 20

    57331322_2289379204653244_1810316143894724608_n.jpg


    57400047_2289379167986581_4291502305364148224_n.jpg

    57503470_2289379127986585_334540530308349952_n.jpg


    57503766_2289379051319926_2359696534691381248_n.jpg



    රැල්ලට කරන්නං වාලේ post share කරනවා වෙනුවට මේ පිළිබඳව විමසිලිමත් ව බැලු ඔබ සැමට මේ ගැන ආඩම්බර වියහැකි




     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    I felt something wrong in this

    P.S : හෙන ඉල්ලන එක පව් කාර වැඩක් වුනත් , මේ වගේ කාලකන්නි ට නම් ...හෙන ඉල්ලනම ඕනේ
    :sorry:

    Mewa balalawath mole kalpana kerala chande deepalla me sare :angry:

    It's very easy to cheat stupid sri lankans :D

    It's like planting trees in vilpattu :lol:

    lankawe politics ballo





    අවසාන වශයෙන් කියනවානම් අත්‍යාවශ්‍ය සෞඛ්‍ය පහසුකම් වෙනුවෙන් ජනතාවට සල්ලි එක්කහු කරන්නට වෙනවානම් ඒ රටට ආණ්ඩුවක් ඕනෑ කරන්නේ නැත.

    :yes::yes::yes:


    gupathi gujithaya karaoth karanne me wage wadak thamai oka thamai lankawe inna jarama deshapalane karanne.



    Bumpation :(
    :cool::cool:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ඔය ෆයිට් කැන්සර් ටීම් කියන එක ඕව තියෙන විත්තිය නොදැනද එකක් ගෙන්නන්න සල්ලි එකතු කරලා තියෙන්නේ?

    නැත්නම් සල්ලි එකතු වුණාට පස්සේ ඒවගෙන් ගෙනාව කියල ඕක හයි කරන්න හිටියද දන්නෙ නෑ?
     

    Simple Man

    Junior member
  • Apr 9, 2014
    106
    12
    18
    අනිත් යන්ත්‍ර තුන භාවිතයට ගැනීම සම්බන්ධවත් වෛද්‍යවරුන් වශයෙන් ඔයාලට යම් පියවරක් ගන්න පුලුවන්නම් හොඳයි.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    ඔය ෆයිට් කැන්සර් ටීම් කියන එක ඕව තියෙන විත්තිය නොදැනද එකක් ගෙන්නන්න සල්ලි එකතු කරලා තියෙන්නේ?

    නැත්නම් සල්ලි එකතු වුණාට පස්සේ ඒවගෙන් ගෙනාව කියල ඕක හයි කරන්න හිටියද දන්නෙ නෑ?

    අනේ මන්ද බං,
    ඔය වගේ ගොඩක් දේවල් ලංකාවේ සිද්ධ වෙනවා :(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මෙච්චරකල් කවුරුත් ඕක දැනගෙන ඉඳල නැද්ද :baffled:

    තව අපි නොදන්න මොන මොනවා පෙට්ටි වල තියෙනවද දන්නේ නෑ
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,974
    28,895
    113
    මෙච්චරකල් කවුරුත් ඕක දැනගෙන ඉඳල නැද්ද :baffled:

    තව අපි නොදන්න මොන මොනවා පෙට්ටි වල තියෙනවද දන්නේ නෑ

    කටුස්සා අස්කින් ද රඉට් questions ඈස් usual
     

    samiya_Nice

    Junior member
  • Feb 4, 2017
    64
    17
    18
    අවුරැදු 4ක් රෝහල් අධ්‍යක්ෂක ඇතුලු වග කිවයුතු බලධාරි මොකද කළේ..?
    ලංවිම ට අවුරැදුු 4ක් බෑ..... වැඩේ ගූ උනාම පුලුවන්....
    අවුරැදු 4ට පවුල් කීයක රෝගීන් මැරෙන්න ඇතිද... ඒ පවුල්වලට මොනතරම් ප්‍රශ්ණ එන්න ඇතිද.. අනේ මන්දා මෙහෙම කාලකන්නි රටක්.....