කෝටි 56ක් අතුරුදන් යැයි හිමිකරු කියයි
පොලී ගෙව්වේ නැතැයි කියමින් විශාල පිරිසක් තිස්සමහාරාමයේ පිහිටි ලුමිනස් ඇඩ්වර්ටයිසින්’නැමැති ආයතනයේ තිබෙන වටිනා භාණ්ඩ සියල්ල පැහැරගෙන යන්නට පටන් ගෙන තිබේ. සඳුදා(21)අලුයම 1.30සිට පන්සියයකට අධික පිරිසක් මෙම දෙමහල් ආයතනය වටලා පුටු, මේස,ලැප්ටොප්,පරිඝනක,වායුසමීකරණ යන්ත්ර පැහැර ගෙන යද්දී තවත් සමහරු එහි දොර ජනේලවලට පහරදී හානි පමුණුවා ඇතැයි කියති.රුපියල් හැටදහසේ සිට රුපියල් එක්ලක්ෂ අසූ දහස දක්වා පැකේජ තුනක් යටතේ ජනතාව මෙම ආයතනයේ මුදල් තැන්පත් කොට ඇතැයි පැවැසේ. රුපියල් 60,000 පැකේජයට සති 6ක් ඉක්ම ගිය පසු පොලී වශයෙන් රුපියල් 15,000 ගෙවා තිබේ.
මෙහි හිමිකරු යැයි කියන සමන් නන්දන සහ තවත් අයෙක් තිස්සමහාරාම පොලිස් ආරක්ෂාව යටතේ පසුවෙයි.තැන්පත්කරුවන්ට ගෙවන්නට තිබූ රුපියල් කෝටි 56ක මුදලක් සිය ආයතනයේ අල්මාරි දෙකක් තුළ තබා තිබියදී අද අලුයම කිසියම් පිරිසක් විසින් පැහැර ගෙන ගොස් ඇතැයි හෙතෙම කියයි.ආයතනයට පොලිස් ආරක්ෂාව සපයා තිබේ.විශාල පිරිසක් ආයතනය ඉදිරියට රැස්වී සිටිති.
ෂෙල්ටන් ජයසිංහ-තිස්සමහාරාමය

Ane ithin me katada mewa kiyanne 