රඹුක්කන සිට ගලගෙදර දක්වා වූ මධ්‍යම අධිවේගී මාර්ගයේ මාර්ග කොටස ඉදිකිරීම සඳහා කෝටි 38,000 ක ලංසුවක් ඉදිරිපත් කළ සමාගමකට අනුමැතිය ලබා දීමේ සූදානමක් ආණ්ඩුවේ ඇතැයි ඉංජිනේරු සුමේධ රත්නායක මහතා සඳහන් කරයි.
නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයකුද වන ඔහු පෙන්වා දෙන්නේ මෙම කොන්ත්‍රාත්තුව ඔවුන්ට ලබා දෙන්න උත්සාහ කරන්නේ කෝටි 8200කට එය ඉදි කළ හැකි බවට පැවසූ දේශීය සමාගමක් නොතකා හරිමින් බවයි.
මේ සම්බන්ධ කැබිනට් පත්‍රිකාවක්ද ඉදිරිපත් වී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
මෙම වැඩිපුර වියදම් කරන මුදලින් ඉන්ධන නැවු හතළිහක් මිලදී ගත හැකි බව ද හෙතෙම කියා සිටියේය.
43 සේනාංකයේ ජන හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.