කෝටි 90 කෝ හිටන්???

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් ජනතාවට දුන් කෝටි 90 කෝ? සිරා ඒකටත් ෂොට් එක දීලද?






    පසුගිය අවුරුද්දේ පාස්කු ප‍්‍රහාරයෙන් පීඩාවට පත්වූ, අවතැන් වූ, ජීවිත හා දේපල හානි වූ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන්, ඔවුන්ගේ ජීවනෝපායන් යළි ගොඩනැංවීමට ලෝක මුස්ලිම් ලීගය හිටපු ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට දුන් රුපියල් කෝටි 90 ක මුදලකට සිදුවු දේ කුමක්ද යන්න එවකට බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ඒ.එම්. මුසාම්මිල් මහතා ඇතුලූ වගකිවයුත්තන් වහා පවසන්නැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ කියති.

    ඇඹිලිපිටියේ මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ මේ බව පැවසූහ. එහිදී අදහස් දැක්වූ ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ මෙසේද කීහ.

    ‘පාස්කු ප‍්‍රහාරයට අවුරුද්දයි. පාස්කු ප‍්‍රහාරයෙන් 265ක් මියගියා. 500ක් තුවාල වුණා. දේපල විශාල ප‍්‍රමාණයක් අහිමි වුණා. ජීවනෝපායන් අහිමිවු විශාල පිරිසක් ඉන්නවා. ආබාධිතව ගෙවල්වල ඉන්න තව විශාල පිරිසක් ඉන්නවා.

    පාස්කු ප‍්‍රහාරයෙන් තුන් මාසයකට පස්සේ එනම් 2019 ජූලි මාසේ 30දා කොළඹ නෙලූම් පොකුණේදී එවකට බටහිර ආණ්ඩුකාර ඒ.ඒ.එම්. මුසාම්මිල් මහතා ප‍්‍රධාන පිරිසක් සම්මන්ත‍්‍රණයක් සංවිධානය කළා.. ජාතීන් අතර සාමය, සමගිය, සංහිදියාව ඇති කිරීමේ අරමුණින් ලෝකයේ රටවල් රැසක මුස්ලිම් නායකයන්ගෙන් සමන්විතව මේ සම්මේලනය පැවැත්වුණේ

    ලෝක මුස්ලිම් ලීගයේ නායක මොහොමඞ් බින් අබ්දුල්ලා මහතා ඒ සම්මේලනයේ දී පාස්කු ප‍්‍රහාරයෙන් හානියට, විපතට පත්වූවන් වෙනුවෙන් වන්දි ගෙවන්නත් ඔවුන්ගේ ජීවිත නැවත නගාසිටුවීම සදහා ඔවුන් අතර බෙදා දෙන්න ඩොලර් මිලියන පහක් ඒකියන්නේ ලංකාවේ මුදලින් රුපියල් කෝටි අනූවක් එවකට හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ප‍්‍රදානය කළා.
    පාස්කු ඉරිදා ප‍්‍රහාරයට වසරක් පිරෙන අද වනවිටත් මේ විපතින් පීඩා වි`දින පිරිස් දුකසේ සිය ජීවිත ගෙනියනවා. ලෝක මුස්ලිම් ලීගය දුන් කෝටි 90 ක් මේ අය අතර බෙදා දුන්නාද කියලා අපි වගකිවයුතු අයගෙන් විමසලා බැලූවා.

    දැනගන්නට ලැබුණේ ඒවා බෙදා දී නැති බවයි. එහෙනම් හිටපු ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ලෝක මුස්ලිම් ලීගය දුන් කෝටි අනූවට මොකද වුනේ. සම්මේලනය සංවිධානය කළ එවකට බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ඒ.එම්. මුසාම්මිල් මහතා ඇතුලූ වගකිවයුත්තන් වහාම මේ ගැන රටට, ජනතාවට හෙළි කළයුතුයි’ සෝභිත හිමියෝ වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසූහ.



    http://www.lankadeepa.lk/news/පාස්කු-ප්‍රහාරයෙන්-විපතට-පත්-ජනතාවට-දුන්-කෝටි-90-කෝ/101-570541
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,717
    1
    57,885
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕව ප්‍රවෘත්ති වලට කියන සැබැවට නොකෙරෙන දේවල්නෙ. දෙරණ/ආණ්ඩුවෙ චැනල් බලනව නම් අදටත් ඔයවගේ කටින් බතල ප්‍රජෙක්ට්ස් ඕනෙ තරම් අල්ලගන්න පුලුවන්.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඕව ප්‍රවෘත්ති වලට කියන සැබැවට නොකෙරෙන දේවල්නෙ. දෙරණ/ආණ්ඩුවෙ චැනල් බලනව නම් අදටත් ඔයවගේ කටින් බතල ප්‍රජෙක්ට්ස් ඕනෙ තරම් අල්ලගන්න පුලුවන්.


    දෑන් මූට සල්ලු දීලා කියලනේ කියන්නේ. එතකොට ඒවා වියදම් කරපු විදිහක් තියෙන්න එපෑ..
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    නොහැකියාව හින්දා ජීවිත 300 ගානක් බිලි දුන්නා... දැන් බලද්දි ලැබුණු සල්ලිවලින්වත් උන්ට සාධාරණයක් කරලත් නෑනේ.....