කෝටි_හතක්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
Sinhala-Gossip-News173.jpg


සුදු මහත්තයා අත්වැල්තොට ප්‍රදේශයේ පදිංචි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වන අතර ඔහු වාහන විකිණීමේ ව්‍යාපාරයක්‌ පවත්වාගෙන යනු ලැබුවා. සුදු මහත්තයාගේ ව්‍යාපාරික ස්‌ථානය පිහිටා තිබුණේ නාය යෑමෙන් බේරුණ අත්වැල්තොට ශ්‍රී ගංගාරාම විහාරය පන්සල ආසන්නයේයි. නායයෑමේ අවදානම දැන ගැනීමත් සමඟ එම ව්‍යාපාරිකයාගේ නැඟණිය ඇතුළු පිරිසක්‌ ඔහුට එම ස්‌ථානයෙන් ඉවත්ව යන ලෙස අනතුරු ඇඟවූවද එහෙත් ඔහු එය ගණන් නොගෙන එම ස්‌ථානයේම රැඳී සිටි අතර ඉන් විනාඩි පහකට පමණ පසු සුදු මහත්තයා සහ ඔහුගේ විකිණීමට තිබූ වාහන ඇතුළු සියලුම දේපළ පස්‌වලට යටවී ගොස් තිබෙනවා.
ඔහුගේ මළසිරුර අසළ තිබී ආරක්‌ෂිතව ඔතා තිබූ පාර්සලයක්‌ හමුවී තිබුණ අතර එය විවෘත කර බැලීමේදී රුපියල් ලක්‍ෂ පහක පමණ මුදලක්‌ එහි තිබී තිබෙනවා.
පසුව විපරම් කිරීමේදී දැන ගන්නට ලැබී ඇත්තේ සුදු මහත්තයා ව්‍යපාරිකයකු වුවත්, බැංකු සමඟ අඩුවෙන් ගනුදෙනු කළ පුද්ගලයකු බවයි.
ඔහු සියලුම ධනය නිවස තුළ තිබූ ආරක්‌ෂිත සේප්පුවක තැන්පත් කර ඇති අතර මියයන විට එම සේප්පුව තුළ කෝටි හතකට අධික මුදලක්‌ තිබී තිබෙනවා.
නායයෑම නිසා එම සේප්පුවද අතුරුදන් වී ඇති අතර ප්‍රදේශවාසීහු ඇතුළු විශාල පිරිසක්‌ තවමත් පස්‌ යට සැඟවී ඇති එම සේප්පුව සොයන බවයි පැවසෙන්නේ.
 

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කවුරුහරි එකෙක් නායගිය පොට් එක සුද්ද කරගන්න බැරුව කටකතාවක් පතුරලා වගේ.
     

    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    කවුරුහරි එකෙක් නායගිය පොට් එක සුද්ද කරගන්න බැරුව කටකතාවක් පතුරලා වගේ.

    අල හිටවන්න වත්ත සුද්ද කරල දුන්න වගේ තමා මේකත්. :D
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    කොහම වෙන්න ඇතිද අන්තිම චේතනාව​..