කෝපය පාලනයකරගන්න පුංචි tips ටිකක්

shruk khan

Banned
May 31, 2017
1,834
459
0
Fb
කෝපය පාලනයකරගන්න පුංචි tips ටිකක්

කෝපය පාලනයකරගන්න පුංචි tips ටිකක්

කෝපය අපි සෑමදෙනාටම පොදු සංවේදනයකි. නමුත් කෝපය ඇති වූ විට කලයුත්තේ කුමක් දැයි පිළිබඳ අවබෝධයක් නැත. මේ කෝපය පාලනයකරගන්න පුංචි tips ටිකක්..

තමාට දැඩි කෝපයක්‌ ඇතිවු වුට එය පාලනය කර ගැනීමට අසීරු නම් ඔබගේ හොඳම මිතුරා, මිතුරිය, පෙම්වතිය, පෙම්වතා, බිරිය, සැමියා සමග මේ ගැන සාකච්ඡා කරන්න. ඔබගේ දරු දැරියන් ඉදිරියේ කෝපය ප්‍රකාශ නොකරන්න. ඔවුන්ගේ පුංචි හිතින් තදින් රිදීමට එය හේතුවක්‌ වනු ඇත. දරුවකුගේ වරදකදී කෝප නොවී කෝපය පාලනය කරමින් වරදා පහදා දෙන්න.

දැඩි තරහක්‌ හිතට ආ විට සතුන් නැරඹීම තවත් හොඳ ක්‍රමයක්. ගෙදර මාළු ටැංකියක්‌ ඇත්නම් එතනට ගොස්‌ මාළුවන් නිරීක්‌ෂණය කරන්න. ඔබට හැකි නම් ගෙදර සාලයේ පොකුනක්‌ ඉදිකරනන්. එවැනි තැනකට ගියවිටද සිත සැනසේ. ඔබේ ගෙදර සතුන්ට කෑම දෙන කෑම අයිනක්‌ ඇත්නම් එම කෑම කන කුරුල්ලන් ලේනුන් හා වෙනත් සතුන් නිරීක්‌ෂණය යන්න. ඔබ ගෙදර සුරතලයට ඇති කරන සතකු සමඟ ඔබේ තරහ ගැන කීමටද පුළුවන. කවදාවත් තරහ සුරතලා මගින් පහ කරන්නට එපා. අහස් නිරීක්‌ෂණය කිරීමද තරහ අඩු කිරීමේ මගකි.

සංගීතයට සවන් දීම, රූපවාහිනිය නැරඹීම හෝ වෙනත් සරල ක්‍රියාකාරකමක යෙදෙන්න. එවිට තරහ අඩුවේ. කෝපය ක්‍රමයෙන් වැඩි වන්නට ඉඩ දෙන්න එපා. එය අඩු කරවන්නට බලන්න. එහිදී උත්සහ කළ යුතු වන්නේ අතීත වැරදි ගැන චෝදනා නැගීම නොව වර්තමානයේ සිට වැරදි නිවැරදි කරගන්නට උත්සහ ගැනීමය. බොහෝ විට මිනිසුන් කෝපවන්නේ වැඩකට ඇති දෙයට නොවේ.ඔබ කෝප ගත්තේ ඵලදායි දෙයකට දැයි ඔබෙන්ම අසන්න.

සුවඳ ආඝ්‍රාහණයද කෝපය හා කලකිරීම දුරලීමේ මගකි. ඔබ ප්‍රිය කරන සුවඳ වර්ගයක්‌ මේ සඳහා භාවිතාකල හැක. සුවඳ විහිදුවන ඉටිපන්දම් දල්වීමත් සුදුසුයි.

තරහ ගිය විට තරහ පිටකරන්නට ආතති පන්දුවක් (Stress ball එකක්‌) තබා ගන්න. තරහ ආ විට එය මිරිකන්න. ඔබ ආගමට ලැදි අයකු නම් ආගම් කර්තාවරයාගේ පිංතූරයක්‌ හෝ ආගමට සම්බන්ධ වෙනත් පිංතූරයක්‌ තබන්න. එසේම යම් පිරිතක්‌, සූත්‍රයක්‌, යාඥාවක්‌ තබා ගැනීම මානසික සහනයක් හා ආත්ම විහ්වාසයක් ඇති කර දෙනු ඇත.

මෙම අකාරයෙන් ඔබට කෝපය පාලනයකරගත හැකි නම් එදිනෙදා දිවියේ කටයුතු මානසික සහනයෙන් යුතුව පවත්වා ගැනීමට මහත් රුකුලක්වනු ඇත.

:)BUMP
 
  • Like
Reactions: rayrox

RealmCreator

Active member
  • Nov 10, 2018
    285
    35
    28
    Above Heaven
    ezgif-1-805d84e1af37.gif
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,904
    8,238
    113
    Kotahena
    මගෙ අර group එකට join වෙලා හොඳටම අඩපණ් බං ඔය tip වැඩක් නැහැ :)
    ෂාරුක් ඛාන් ගෙ බල්ලා එක්ක හිටිය කියල තේරුමක් නෑ නේ බං