කෝපි එකක් බීලා කතා කර කර ඉන්න පුලුවන් තැන් 6&a

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    කෝපි එකක් බීලා කතා කර කර ඉන්න පුලුවන් තැන් 6&a

    ]ඔය කොළඹ අවට හවස් වරුවකට ගෑණු ළමයත් එක්ක ගිහින් කතා කර කර ඉන්න හොඳ තැන් මොනවද තියෙන්නේ කියලා ගොඩක් දෙනෙක් අහනවනේ. නිදහසේ පැය කීපයක් වුනත් ඉන්න පුලුවන් වෙන්නත් ඕන. පොඩ්ඩ බැරිවෙනකොට වේටර් මල්ලි ඔරවන්නෙ නැති තැනක් වෙන්නත් ඕන. කැකිරි පලන්න නං එහෙමයි, හීනියට කිස් එකක් දෙන්න නං එහෙමයි, මේ ඕන එකකට ඕකේ තැනක් වෙන්නත් ඕන. හවස් වරුවේ වුනත් උදේ වරුවක වුනත් බොහොම නිස්කලංක වෙන්නත් ඕන. මෙන්න මේ කියන හැමදේටම ගැලපෙන තැන් තමයි කොළඹ තියෙන කොෆී ලෝන්ජස්. උඩින් කිවුව හැමදේම තියෙනවා විතරක් නෙවෙයි, රස චීස් කේක් කෑල්ලක් කාලා, කෝපි උගුරක් බීලා එන්නත් මේ තැන්වල පුලුවන්කම තියෙනවා. දෙන්නටම ඕන නං බිල රුපියල් එක්දාස් අටසීයක් විතර වෙයි උපරිම. හැබැයි ඒ ගාණ පොඩ්ඩක්වත් පාඩු නැහැ, මොකද බොහොම ප්‍රියජනක ඩේට්-අවුට් එකක් රසවිඳින්නත්, රස චීස් කේක් කෑල්ලක් රස විඳින්නත් පුලුවන්කම ලැබෙන නිසා.



    1. Java Lounge – Fort

    coffee-and-cheesecake-places-aniwa-01.jpg


    Source – javalounge.lk
    ඩච් හොස්පිට්ල් එක පිටිපස්සේ තියෙන හොස්පිට්ල් ස්ට්‍රීට් එකේ තියෙන මේ ජාවා ලෝන්ජ් එක එතන තියෙන අනික් පබ් එක්ක සෑහෙන්න ලොකුවට කැපිලා පේනවා. හැබැයි ඩච් හොස්පිට්ල් එක ජනාකීර්ණ වෙන හවස්වරුවේ වුනත් ජාවා ලෝන්ජ් එකට ලොකු සෙනඟක් පිරෙන්නෙ නෑ. උදේ වරුවට නම් කවුරුවත්ම නැති තරම්. ඒ නිසාම මෙතන බොහොම නිස්කලංකේ කතාබහ කර කර ඉන්න පුලුවන්. මෙතන කෑම ගැන නම් අපි මොකුත් කියන්න යන්නෙ නෑ. හැබැයි ලතේ එකක් හරි කැපුචිනෝ එකක් හරි තමන්ගෙ ගාණට සීනි දාලා හදාගත්තහම කිසි අවුලක් නෑ. ඒ අතරට ඕරියෝ චීස් කේක් කෑල්ලකුත් ආවහම මරේ මරු.






    2. The Coffee Bean & Tea Leaf – Colombo 7

    coffee-and-cheesecake-places-aniwa-02.jpg


    Source – facebook.com/thecoffeebeanandtealeafsrilanka
    හෝර්ටන් ප්ලේස් එකේ තියෙන කොෆී බීන් එකේ හැමදේම ගණන් ටිකක් වැඩියි කියන එක කියන්නම ඕන. ඒ ගණන් වලට එයාලගේ කෝපි නං වටින්නෙ නෑ. හැබැයි රිලැක්ස් එකේ දෙන්නෙක්ට කයිය ගහගෙන ඉන්න පුලුවන් තැනක් විදියට නම් කොෆී බීන් එක සෑහෙන්න වටිනවා. ඕන නම් උඩ තට්‍ටුවට යන්න පුලුවන්, ඕන නම් පල්ලෙහා ඉන්න පුලුවන්. එහෙමත් නැතිනම් එළියේ වුනත් නිස්කලංකේ වාඩිවෙලා කෝපි උගුරක් තොලගාන ගමන් චැට් එකක් දාගෙන ඉන්න පුලුවන්. මේ අයගේ කෝපි වර්ග අපිට ඕකේ. වයිට් චොකලට්, ඩාර්ක් චොකලට්, හේස්ල්නට් වගේ ෆ්ලේවර් වලින් තියෙන අයිස්ඩ් අයිටම්ස් නං අපිට පැණිරහ පොඩ්ඩක් වැඩියි වගේ. මේ අයගේ චීස් කේක් ගැන කිවුවොත් ඩබල් චොකලට් චීස් කේක් එක පැණිරහ වැඩියි, ඒත් පැණිරහ හොයන කෙනෙක්ට මරු. හැබැයි අපිට අල්ලලාම ගියේ බ්ලූබෙරි චීස් කේක් එක. අනිත් එක මේ අය උඩ තට්‍ටුවේ සුවපහසු සෝෆා මැද්දේ මේස විදියට පාවිච්චි කරන්න තියලා තියෙන තේ කොළ පෙට්ටිත් මරු අයිඩියා එක.






    3. Coffee Stop – Cinnamon Grand

    coffee-and-cheesecake-places-aniwa-03.jpg


    Source – cinnamonhotels.com, tripadvisor.com
    සිනමන් ග්‍රෑන්ඩ් හොටෙල් එකට ඇතුළු වෙනකොටම තියෙනවා මුල්ලක කොෆී ස්ටොප් කවුන්ටරේ. එතනින් කෑම බීම අරගෙන ඇවිත් එක්කෝ එතනම පැත්තකින් තියෙන පොඩි ටේබල් එකකට වාඩි වෙලා කයියක් ගහගෙන ඉන්න පුලුවන්. එහෙම නැතිනම් අපි රෙකමන්ඩ් කරන විදියට ලොබි එකේ මැද්දේ තියෙන සුවපහසු සෝෆා එකකට ඇවිත් සල්ලාපයක් දාගෙන ඉන්න පුලුවන්. සිනමන් ග්‍රෑන්ඩ් එකේ ලොබි එකේ මැද්දෑවේ නිසා මිනිස්සු එහා මෙහා යනවා. මිනිස්සු කතා බහ කරනවා. ඒවා එහෙම තමයි. හැබැයි ඒ කවුරුවත් අපි දිහා බලන්නෙ නෑ, ඒ නිසා ඒක අවුලක් ගන්න දේකුත් නෙවෙයි. මෙතනින් අපි රෙකමන්ඩ් කරනවා කැරමල් මැකියාටෝ එක. ඕන නං කූල් කැරමල් මැකියාටෝ එකක් වුනත් ගන්න පුලුවන්. ඒ එක්කම ඩබල් චොකලට් චීස් කේක් කෑල්ලක් හරි බ්ලූබෙරි චීස් කේක් කෑල්ලක් හරි ගන්නත් පුලුවන්.





    4. Schakasz – Stratford Avenue

    coffee-and-cheesecake-places-aniwa-04.jpg


    Source – facebook.com/schakasz
    කිරුලපනෙන් හැරෙන්න තියෙන ස්ට්‍රැෆර්ඩ් ඇවනියු එක මතක් කරන්නේ ඇන්ටික් කඩ, පබ්, කැෆේ එහෙම තියෙන වෙනම රටක පාරක් වගේ. මේකේ තියෙන මේ පොට් එක බොහොම ප්‍රසිද්ධයි ඩිසර්ට් ඔප්ෂන්ස් වලට. මෙතන ඇතුළත් පුංචි වුනාට බොහොම නිස්කලංකයි. ඕන නම් හවස් වරුවක එලියේ මේසෙකට වාඩි වෙන්නත් පුලුවන්. එළියේ කලබලයත්, කැෆේ එකේ තියෙන නිස්කලංක කමත් අතරේ ඉඳගෙන චැට් එකක් දාගෙන ඉන්න පුලුවන්. ඒක වෙනස්ම අත්දැකීමක්. මේ අයගේ චීස් කේක් ඔප්ෂන්ස් කීපයක්ම තියෙනවා. එතනින් අපි සෑහෙන්න කැමති වුනේ ක්‍රේමේ බෘලේ චීස් කේක් එකට. ඒකත් එක්ක හොට් චොකලට් එක නියමෙට ගැලපෙනවා.




    5. The Barefoot Café – Colombo 3

    Source – facebook.com/barefootceylon
    කොල්ලුපිටියේ බෙයාර්ෆුට් එක ගාවින් පහළට තියෙන පාරේ හරි බෙයාර්ෆූට් එක ඇතුළෙන් හරි ගියාම වැටෙනවා බෙයාර්ෆූට් එක පිටිපස්සේ තියෙන ගාර්ඩ්න් එකට. ඒකේ තමයි බෙයාර්ෆූට් කැෆේ එක තියෙන්නේ. ගාලු පාරේ කලබලය කොහොමටවත් දැනෙන්නේ නැති බෙයාර්ෆූට් ගාර්ඩ්න් එක නිස්කලංකේ වාඩි වෙලා චැට් එකක් දාගෙන ඉන්න ගැලපෙනම තැනක්. කොහොමත් බෙයාර්ෆූට් කැෆේ එකේ ආට්, සිනමා, ලිට්‍රිචර් වගේ කලාව පැත්තේ ඩයල් එකතු වෙලා කතාවක් දාගෙන ඉන්නවා බොහොම වෙලාවට දකින්න පුලුවන්. මෙතන නිව්යෝර්ක් ස්ටයිල් එකේ බේක්ඩ් චීස් කේක් තියෙනවා බ්ලූබෙරි ටොපින් එකක් එක්ක. මේක දන්න අය අතරේ බොහොම ප්‍රසිද්ධයි. ඒකත් එක්ක ඕන නම් කැපුචිනෝ එකක් හරි ඇමරිකානෝ එකක් හරි ගන්න පුලුවන්. නැතිනම් ටී පොට් එකක් වුනත් ගන්න පුලුවන්. මේ අයිටම්ස් නම් මෙතන සෑහෙන්න ගණන් අඩුයි.








    6. Simply Strawberries By Jagro – Cotton Collection

    Source – facebook.com/SimplyStrawberriesByJagro
    ටවුන් හෝල් කිට්‍ටුව ධර්මපාල මාවතේ තියෙන කොට්න් කලෙක්ෂන් එක සාමාන්‍යයෙන් හවස් වරුවට බොහොම ජනාකීර්ණයි. හැබැයි කොට්න් කලෙක්ෂන් එක ඇතුළේ තියෙන ජැග්‍රෝ එක ගොඩක් වෙලාවට නිවී හැනහිල්ලේ කතාවක් දාගෙන ඉන්න හොඳටම ගැලපෙනවා. මෙතන ජැග්‍රෝ අවුට්ලට් එකෙන් කෑම බීම අරගෙන එතනම තියෙන ලී මේසෙකට වාඩි වෙලා කතාවක් දාගෙන ගත්ත දේවල් රසවිඳින්න පුලුවන්. දැන් ඇයි අපි කෝපි සහ චීස්කේක් කතාව ඇතුළට සිම්ප්ලි ස්ට්‍රෝබෙරි අරගෙන ආවේ? හේතුව මේකයි. අර කෝපි එකයි චීස් කේක් කෑල්ලයි රසවත් කතාබහයි කියන එක අපිට මෙතනත් පොඩි පොඩි වෙනස්කම් එක්ක අත්විඳින්න පුලුවන් නිසා. ස්ට්‍රෝබෙරි මිල්ක්ෂේක් එකයි, ස්ට්‍රෝබෙරි චීස් කේක් කෑල්ලයි රසවත් සල්ලාපයයි! විශේෂයෙන්ම සිම්ප්ලි ස්ට්‍රෝබෙරීස් බයි ජැග්‍රෝ එකෙන් ගත්තු ස්ට්‍රෝබෙරි චීස්කේක් කෑල්ලක් රසවිඳපු කෙනෙක්ට ඒ රස කවදාවත් අමතක වෙන්නේ නෑ!
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,329
    2,391
    113
    patttaaa

    colombo city center ekath hodai chat ekak dagena inna, elity seat ekaka wadi una gangarame lassana balannath puluwan