කෝපි-ප්‍රේමියෙක්ද ?

Jun 18, 2014
19
3
0
කෝපි-ප්‍රේමියෙක්ද ?

ඔබත් කෝපි ප්‍රේමියෙක්ද ? .... එසේනම් ලුවැක් සිවෙට් කෝපි බොන්න කැමතිද ?

coffee.jpg


කෝපි ප්‍රේමීන් යනුවෙන් වෙනමම කොට්ටාශයක් ලොව තුල විසිරී සිටින බව ඔබ දන්නවාද ? කෝපි යන වචනය ඇසූ පමණින්ම බඩ වේලන කොටසක්ද ඇත. ශ්‍රී ලංකාවේ අපි නම් කෝපි බොන්නේ අධික සීතලෙන් මිදීමට, බඩේ අමාරුවක් ඇති වූ විට හෝ නිදි මැරීමට අවශ්‍ය වූ විටය. එහෙත් ලොව පුරා විසිරී සිටින කෝපි හිතවතුන් එය නිති පතා පානය කරති. මාද යම් තරමක කෝපි ප්‍රේමියෙකි. මා දවසකට නෙස්කැෆේ කෝපි කෝප්ප දෙකක්වත් පානය කරන්නේ එහි තිබෙන නැවුම් සුවඳත් රසයත් නිසාය. කෝපි වල ගුණ වලට වඩා අපි දන්නේ අගුණ පැත්තය. කෝපි වල කැෆෙන් ඇති බවද, එය මිනිස් අස්ථි දිරා යාමට හේතු වන බවද පර්යේෂකයෝ පෙන්වා දෙති. එහෙත් නවතම සොයා ගැනීම් අනුව දිනකට කෝපි කෝප්ප දෙක තුනක් පානය කිරීමෙන් වයස්ගත පෙනුම අඩු කර ගැනීමට හැක.ලන්දේසීන් විසින් ශ්‍රී ලංකාවට කෝපි වගාව හඳුන්වා දී ඇත්තේ 1658 දී ය. (ඒ පිලිබඳ මගේ මතකය අවධි කලේ අප ඇස නොගැටුන ඉතා හොඳ එමෙන්ම නිහඬ බ්ලොග් අඩවියක් වන අපේ උරුමය(Our Inheritance) බ්ලොග් අඩවියයි. අධ්‍යාපනික වටිනාකමක් ඇති එම බ්ලොග් අඩවියට ගොඩ වැදී ඔබටත් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ඉතිහාසය පිලිබඳ දැනුම අවධි කර ගත හැක).

අද වනවිට වෙළඳපොලේ විවිධ කෝපි වර්ග සිය ගණනක් ඇත. විවධ රසයන්ගේ, විවිධ මිශ්‍රණ වලින්, මෙන්ම විවිධ සුවඳින්(aroma) යුත් කෝපි ලබා ගත හැක. එහෙත් ලොව වැඩිම වටිනාකමක් ඇති ලුවැක් සිවෙට් කෝපි කෝප්පයක් ඔබ රස බලා තිබේද ? ඒ ගැන අසා තිබේද ? කෙදිනක හෝ බීමට බාලාපොරෝත්තුවක් තිබේද ? ලුවැක් කෝපි කෝප්පයක් එය වැඩි වශයෙන් නිෂ්පාදනය කරන ඉන්දුනීසියාවේ විකුණා ඇති ඉහළම මිල ඇමාරිකානු ඩොලර් ලක්ෂ දෙකක් පමණ වනවා. කෝපි කෝප්පයක් සඳහා ඇමරිකානු ඩොලර් ලක්ෂ දෙකක් !!! ආසන්න වශයෙන් රුපියල් මිලියන විසි හයක්. ඒ සා විශාල මුදලක් ගෙවා කෝපි කෝප්පයක් බීමට තරම් වත්කමක් ශ්‍රී ලංකාවේ කිසිම පුරවැසියෙකුට තිබේද ? මා දන්නවා එය තමයි ඔබගේ හිතට එක වර ගලා ඈ ප්‍රශ්නය. නමුත් එය නොමිලයේ ලබා දුන්නොත්(කෝපි දන්සැලක්) ඔබ පානය කරනවාද ? ඔබේ පිළිතුර ඔව් නම් තවත් මිනිත්තු කිහිපයක් ගෙන මේ ලිපියේ ඉතිරි කොටසත් කියන්වන්න.



ලුවැක් සිවෙට් කෝපි යනු කුමක්ද ? එය නිෂ්පාදනය කරන්නේ කෙසේද ? එය එතරම් මිල අධික වීමට හේතුව කුමක්ද ? ඕනෑම් මිල අධික නිෂ්පාදනයකට පොදු ලක්ෂණය නම්, එහි දුර්ලභ භාවයයි. ලුවැක් සිවෙට් කෝපි දුර්ලභ වන්නේ ඇයි ? කෝපි යනු ඝර්ම කලාපීය රටවල ඉතා සුලභව වැවෙන භෝගයක් නිසා අනිවාර්යයෙන්ම එහි නිෂ්පාදන ක්‍රියාවලිය මිල අධික එකක් විය යුතුය. අනෙක එය සුලබව පැවතුනත් ඒ සඳහා පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගත හැකිද ?

civet.jpg

මගේ මතකය දිව යන්නේ මීට අවුරුදු කිහිපයකට පෙර මා වත ලැබුණු ඊ මේල් පණිවුඩයක් වෙතය. මෙය යලිත් මගේ මතකයට ආවේ අද දින කුමක් හෝ කාරණයකට අන්තර්ජාලය පීරන විටදී ලැබුණු පිටුවක් මගින් නෙත ගැටුණු පහල තිබෙන පින්තුරය නිසාය. නෙලා තිබෙන කෝපි වට්ටියට හොම්බ දමා තිබෙන්නේ කුමන වර්ගයේ සතෙක්ද ? හොඳයි මේ සතාගේ නම තමයි සිවෙට් කියන්නේ. සිවෙට් යන ඉංග්‍රීසි වචනයේ සිංහල තේරුම වශයෙන් දෙන්නේ උරුලෑවා යන්නයි. උරුලෑවා ගියා වගේ යන කියමන අපේ ගම්මුන් යොදා ගන්නේ අහල පස්මානයක සිටින්නට බැරි තරම් දුගඳක් සිරුරින් වහනය වන මිනිසුන්ටය. උරුලෑව එතරම් ගඳ සතෙකි.

මේ විශේෂිත කෝපි වර්ගය නිෂ්පාදනයට මේ බළල් පවුලට අයත්, උරුලෑවාම නොවුනත් මුගටි විශේෂයක් වන මේ සතුන් යොදා ගන්නා බව ඔබ දන්නවාද ? ඒ කෙසේද ? මෙම කෝපි නිෂ්පාදනාගාරයක උරුලැවන් සමුහයක්ද සේවය කරති. ඔවුන්ට තිබෙන්නේ එහි සිටින සේවකයන් ලබා දෙන හොඳින් ඉදුණු කෝපි ඇට ගිල දමන්නටය. ඔබ මවිතයට පත් වනා කාරණය එන්නේ ඉන් පසුවය. එසේ ගිල දමන කෝපි ඇට වලින් එහි පොත්ත හා ගැටී ඇති රසවත් කොටස පමණක් මේ මුගටින්ගේ ආහාර ජීර්ණ පද්දතිය මගින් අවශෝෂණය කරගෙන එහි ඇට අර්ධ වශයෙන් දිරවා ඔවුන්ගේ මල ලෙස නැවතත් එකතු කර ගනී. එසේ එකතු කර ගන්නා කෝපි ඇට හොඳි පවිත්‍ර කර අව්වේ වෙලා ගනී. ඉන්පසුව සාමාන්‍ය කෝපි මෙන් කර කර කෝපි නිෂ්පාදනය කරයි.

civetdung.gif

උරුලෑවන්ට ගිල්ලවන්නේ නැතිව කෝපි නිෂ්පාදනය කල නම් ඉවරයි යන්න ඔබට මෙන්ම මටද මුලින් ඇති වූ සිතිවිල්ලයි. එහෙත් උරුලෑවාගේ අහාර ජීර්ණ පද්දතිය මගින් එකතු කරන එන්සයිම සහ එම සතා විසින් ආහාරයට ගන්න වෙනත් මල් (ස්වභාවික පරිසරයේ නම්) මේ කෝපි ඇට වලට ඉහල සුවඳක් සහ රසයක් එක් කිරීමට සමත්ය. ඇත්තටම මේ උරුලාවන් හෝ මුගටින් විශේෂය අප කලින් දැන සිටි ශ්‍රිලංකාවේ වෙසෙන දුගඳ වර්ගයේ එවුන් විය නොහැක. එසේනම් එම ස්ථාන සඳහා සේවකයන් හට විශාල පඩි මුදලක් ලබා දිය යුතුව ඇත. නමුත් විවිධ රටවල විවිධ වර්ගේ සතුන් ඇත. දැනට මෙවැනි කෝපි නිෂ්පාදනය කරන්නේ ඉන්දුනීසියාවේ සහ පිලිපීනයේ පමණක් බව අන්තර්ජාල වාර්තා සහතික කරයි. නමුත් ශ්‍රී ලංකාවේ අපිටද මෙය අත්හදා බැලිය හැකි කදිම ආයෝජන අවස්ථාවකි. ඒ ගැන මගේ හිතට ආවේ දැන් අලි ඇතුන් යෝදාගෙනද එවැනිම මිල අධික කෝපි වර්ගයක් නිෂ්පාදනය කරනවා යයි දැන ගන්නට ලැබෙන නිසාය. ශ්‍රී ලංකාවේ අපිට නම් බෙහතකට වත් මෙවැනි කෝපි කෝප්පයක් නොමිලයේ වත් පොවා ගන්නට බැරි බව සහතිකයි. දැන් මෙම කෝපි වර්ගය නිෂ්පාදකයින්ගේ සංගමයක්ද ඇති අතර ඔවුන්ගේ නවතම සොයාගැනීම වී ඇත්තේ ඇරබිකා නමැති කෝපි ඇට වඩාත් සුවඳින් යුත් ලුවැට් සිවෙට් කෝපි ලබා දෙන බවයි.


civetcoffee.jpg

විකිපීඩියා වෙබ් අඩවිය පවසන්නේ මේ සත්ව කොට්ඨාශය ශ්‍රී ලංකාවේ හා බංග්ලාදේශයේ හඳුන්වන්නේ කලවැද්දා ලෙසය. එසේනම අපේ කලවද්දන්ටද අනාගතයේ හොඳ කලක් යනු ඇත.

අන්තර්ජාලය ඇසුරිනි.
 
Last edited:
  • Like
Reactions: bunty