වසර විසිඅටක (28) දිගු කාලයක් තිස්‌සේ, ආදර්ශය සමගින් සරල සුගම විනෝදය ලබාදෙමින් අති විශාල ශ්‍රී ලාංකීය ප්‍රේක්‍ෂකයින්ගේ ජනාදරයට පත්වෙමින් සතිපතා එක් කතාංගයකින් අවසන් වූ ආසියාවේ දීර්ඝතම ප්‍රාසාංගික ටෙලි නාට්‍ය වැඩසටහන බවට වාර්තා තබන 'කෝපි කඩේ', 1500 වන කතාංගය, ජනවාරි මස 10 වන ඉරිදා රාත්‍රී 8.00 ට ස්‌වාධීන රූපවාහිනිය මගින් විකාශය කිරිමට නියමිතය.
මුල්ම කෝපි කඩේ කතාංගය වන ' වහෙන් ඔරෝ' ස්‌වාධීන රූපවාහිනි සේවය ඔස්‌සේ විකාශය වූයේ 1987 වර්ෂයේ ජනවාරි මස පළමුවැනි බදාදා දින රාත්‍රි 7.30 ට ය. ඉන් අනතුරුව එහි විකාශන කාලය රාත්‍රි අටට වෙනස් විය. ගමක කෝපි කඩය මුල් කර ගනිමින් එහි ජීවත්වන විවිධ තරාතිරම්වල පුද්ගලයින් මුහුණ පාන සිද්ධීන් එක් කථාංගයකින් අවසන් වන කතා තේමාවකින් මෙම ටෙලි වෘතාන්තය විකාශය කෙරේ. මේ අතර, සමාජයේ සිදුවන යම්යම් සිද්ධීන් ද මනඃකල්පිත කෝපි කඩේ ගම්වාසීන්ට ආරූඪ කර නාට්‍යමය වශයෙන් විවරණය කරන කතාංග ද වේ.
'සෝප් ඔපෙරා' නාට්‍යයක් ලෙස සැලැකෙන, තුන්වන ලෝකයේ ආසියාතික රටක විකාශය වන එකම දීර්ඝතම ටෙලි වෘතාන්තය ලෙස සම්මානයට පාත්‍රවන 'කෝපි කඩේ' නැරැඹීමට ශ්‍රී ලංකීය ප්‍රේක්‍ෂකයින් නොවැරදී හරියට ම එදා බදාදා රාත්‍රී අටට (අද ඉරිදා රාත්‍රි 8.00 ට) ආලින්දයේ තිබෙන රූපවාහිනිය වටා රොද බැඳ ගන්නේ, ස්‌වාධීන රූපවාහිනි සේවයෙන්a විකාශය වන ගමේ සොඳුරු අත්දැකීම් විඳ ගැනීමට ය.
යෝජිත මෙම පාඨමාලා වැඩමුළුව ක්‍රිsයාවට නැංවීමේ වගකීම පැවැරුනේ, ප්‍රවීණ චිත්‍රපට කැමරා අධ්‍යක්‍ෂ ඇන්ඩෲ ජයමාන්නයන් වෙතය. පුහුණුවීමේ කටයුතු ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ඇරැඹිණ. වසරක කාලයක් තිස්‌සේ පැවැති මෙම වැඩමුළුවේ ප්‍රතිඵලයෙන් ස්‌වාධීන රූපවාහිනි සේවයේ පළමුවරට නාට්‍ය දෙකක නිශ්පාදන කටයුතු 1987 දී ඇරැඹිණ. ඒ, කෝපි කඩේ සහ වීදුරු ගෙවල් යන නමින් පැය භාගයක කාලයක් තුළ කොටස් වශයෙන් නිශ්පාදනය වූ නාට්‍ය දෙක ය. 2016 වර්ෂයේ ජනවාරි මස 10 වන ඉරිදා දින රාත්‍රී 8.00 ට විකාශය වන්නේ, ජනක මහල්පත් රචනාකර අධ්‍යක්‍ෂණය කරන 'සෙත් සුභ' නැමැති 1500 වන කතාංගය යි. මෙතැනට පැමිණීම දක්‌වා වසර විසි අටක දීර්ඝ ඉතිහාසය, මෙරට ටෙලි නාට්‍ය නරඹනන්ට මෙන් ම, එම කතාංගවලට සම්බන්ධව සිටින සියලුම ශිල්පී, ශිල්පීනියන්ට අපූරු අත්දැකීමකි. සිරස්‌තල යෙදීම( ජනක මහල්පත්, ආලෝක කරණය( චන්දන ෙµdන්සේකා, දෘශ්‍ය පාලක( එන්. ඩයස්, එස්.එල්. අබේසිරි, ගාමිණි ජයසිංහ, සමන් අබේවික්‍රම, ලලිත් හෙට්‌ටිගේ, ශබ්ද පරිපාලක( අනුරුද්ධ උඩුගම, දෘෂ්‍ය සංකලනය( දයා බුද්ධදාස, වේශ නිරූපණය( කේ.ඩී. සිරිපාල, නීලා කාන්ති, සංගීතය ( රංජිත් යාපා, කැමරාකරණය( රොහාන්, එම්.කේ. ලක්‍ෂමන්, කාර්මික නිලධාරි( පුෂ්පකුමාර අතුකෝරාල, නිශ්පාදක කළමණාකරණය( අජිත් ජයවර්ධන, පසුතල නිර්මාණය( එච්.එස්. සරත්, පසුතල සැකැස්‌ම( ප්‍රභාත් සෙනෙවිරත්න යන අය ආරම්භක ශිල්පීන් වශයෙන්, ඉතිහාස ගතව ඇත.
'කෝපි කඩේ' ආරම්භක ශිල්පීන් අතුරින්, ජනක මහල්පත් අධ්‍යක්‍ෂක වශයෙන්ද, අජිත් ජයවර්ධන නිශ්පාදක කළමණාකරු ලෙසින්ද දැනට කටයුතු කරයි. කෝපි කඩේ නිශ්පාදකවරුන් වශයෙන් ලලිත් සමරවීර, රම්‍යසිරි ගුණවර්ධන, මහසෙන් මොරවක, විපුල රත්නසිරි ද, 50 වන කතාංගයේ ඇන්ඩෲ ජයමාන්නගෙන් පසුව සුමිත් ජයන්ත ඩයස්, ලක්‍ෂමන් මත්තුමගල, සහ ජනක මහල්පත්, සමන් ප්‍රනාන්දු, චන්දන විඡේරත්න, සුදම් දයාරත්න යන අය අධ්‍යක්‍ෂණයෙන් කටයුතු කර ඇත. කේ.ඩි. සිරිපාල, කුමාර සිරිවර්ධන, ජනක මහල්පත්, තිලක් කුමාර රත්නායක, යන අය මෙහි කතාංග වැඩි සංඛ්‍යාවක් රචනා කළ රචකයින් ලෙස වාර්තා ගතවෙයි.
නාට්‍ය ශිල්පීන් පුහුණුකිරීමේ වැඩසටහනට සහභාගී වූ නළු නිළියන් අතර, සරණපාල ජයසූරිය, රත්නා සුමනපාල, දිලීප රෝහණ, කුමාරි පෙරේරා, එල්සන් දිවිතුරුගම, නන්ද වික්‍රමගේ, ආරියසේන හඳුවල, සුසිලා කොට්‌ටගේ, හේමසිරි සමරසිංහ, ඒ.ජී. දයාරත්න, පියසෝම පෙරේරා, හැරියට් ජයසේකර, සුමිත් ඒ. ලියනගේ, රෝහිත කරුණාරත්න, ජෙරාඩ් මොරායස් සහ නුවන් විරාÊ යන ශිල්පීහූ 'කෝපි කඩේ' මුල් කාලයේ රංගන ශිල්පී ශිල්පීනියන් වූහ. පසුව දෙනවක හාමිනේ, ජයරත්න රූපසිංහ, ලාල් සේනාධීර, විමල් වික්‍රමාරච්චි, සුසිලා කුරගම, චන්ද්‍රසිරි කොඩිතුවක්‌කු, තිලක් කුමාර රත්නායක, රොඩ්නි ෙµසර්, කේ.ඩී. සිරිපාල, චිත්‍රා වාකිෂ්ඨ, රාජා සුමනපාල, කේ.ඒ. පියකරු, ගීතා බුලත්සිංහල, කුමාර සිරිවර්ධන, උදේනී චන්ද්‍රසිරි, රහල් බුලත්සිංහල, නන්දා විලේගොඩ, මාටින් ගුණදාස, එඩී අමරසිංහ, සමන් ගුණවර්ධන, දේවී සකුන්තලා, උපසේන සුබසිංහ, සමන් තිලකසිරි, ශ්‍රී ලාල් අබේකොන්, නන්දා විලේගොඩ, දමයන්ත පෙරේරා, ස්‌ටැනි සිල්වා, දමිතා සළුවඩන, වසන්ත කුමාරගේ, අවන්ත පෙරේරා, උයද කුමාරි, කපිල සිගේරා යන ශිල්පී ශිල්පිනියන් ගෙන් බොහොමයක් දෙනා වර්තමානයේද රංගනයෙන් දායක වෙත්. තේවිස් ගුරුගේ සහ ඇන්ඩෲ ජයමාන්න යන 'කෝපි කඩේ' නියමුවන් ඇතුළුව, දෙනවක හාමිනේ, ලාල් සේනාධීර, විමල් වික්‍රමාරච්චි, රාජා සුමනපාල, මාටින් ගුණදාස, දමිතා සළුවඩන යන ශිල්පී ශිල්පිනියන් ජිවතුන් අතර නොමැතිවීම, 'කෝපි කඩේ' විසි වසරක විකාශන කාලය තුළ මෙරට සුවහසක් ප්‍රේක්‍ෂකයින් මෙන්ම, ස්‌වාධීන රූපවාහිනී සේවයට සිදුවූ දැරිය නොහැකි පාඩුවකි.
- උදේනී චන්ද්‍රසිරි



