කෝ අර අවපාතය

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
පසුගිය දිනවල ප්‍රදේශ කිහිපයකට මහත් හානියක් කළ ඔකීගෙන් පසු තවත් කරදරයක් පැමිණෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කළා. සමහරුන් කීවේ ඕකි ගියාට පසු ඒකි එනවා කියලා. ඒ කොහොම වුණත් කාලගුණ දෙපාර්තමේන්තුව ඒ ගැන විස්තර පළ කළා. බෙංගාල බොක්කේ ගිණිකොණ දෙසින් ඇරඹී ලංකාව හා ඉන්දියාව පැත්තට ගමන් කර වායු අවපාත තත්වයකට පත්වන බවක් සඳහන් වුණා. පසුගිය අටවැනි දා තෙක් එහි බලපෑම තිබිය හැකි බවත් ධීවර ජනතාවට මුහුදු යෑමෙන් වැළකී සිටින ලෙසත් කියැවුණා. මේ අනාවැකි අප දෙස බලා සිටින ජාත්‍යන්තරයෙන් ද කියැවුණා.

දැන් අටවැනි දා පහුවෙලා. ඒ කී අනාවැකි කිසිවක් ඵල දැරුවේ නැහැ. කාලගුණ දෙපාර්තමේන්තුව නිහඬයි. ජනතාවත් නිහඬයි. උතුරේ ධීවරයන් පමණක් මැසිවිලි නගා තිබුණා තමන් මුහුදු යෑම අධෛර්යමත් කිරීම ගැන. එහෙත් කිසිවකු ප්‍රශ්න කළේ නැහැ බටහිර විද්‍යාවේ අනාවැකි වැරදීම ගැන. අවශ්‍ය නම් කියන්න පූුළුවන් අනාවැකි කරන්නේ සම්භාවිතාවක් ඇතිව බවත් ඒ නිසා අනාවැකි වරදින්න පුළුවන් බවත්. එහෙත් බටහිර විද්‍යා පෝතකයන් ජ්‍යොතිෂවේදීන්ට ඒ අනුකම්පාව හිමි කරන්නේ නැහැ. බටහිර රෝහල්වල දිනපතා රෝගීන් මිය යෑම ගැන ප්‍රශ්න නොකරන අය සිංහල වෙදමහතකු ප්‍රතිකාර කරන රෝගියකු මිය ගියහොත් බෙරිහන් දෙනවා.

ඇත්තට ම කුණාටුවට හරි අවපාතයට හරි මොක ද වුණේ. මෙරට කාලගුණ දෙපාර්තමේන්තුව නිහඬ නමුත් බටහිර විද්‍යාවේ අයිතිකරුවන් වන බීබීසී වැනි ආයතනවලට අනුව එහි සැර බාල වී අද ඉන්දියාවේ ඔඩෙස්සා (කාලිංගය) හා බටහිර බෙංගාලයට (වංගය) ඇතුල් වෙනවා. එය ලංකාවට බල නොපෑවේ ඇයි? එහි සැර බාල වූයේ ඇයි? එයට ඊනියා විද්‍යාත්මක හේතුවක් තියෙනව ද? මොකක් හරි කතාවක් ගොතන්න පුළුවන් ද? මෙහි දී වැදගත් කරුණක් කීමට තියෙනවා.

මෙරට නාථ දේව මණ්ඩලය සමග සංනිවේදනය කරන කණ්ඩායම් කිහිපයක් ඉන්නවා. ඒ එක් කණ්ඩායමක් තමයි කෘෂිරසායනික වකුගඩු රෝගය පිළිබඳ ව ආසනික් කතාව කිව්වෙ. අද බොහෝ දෙනා ඊනියා මනුෂ්‍යත්වයක නාමයෙන් වකුගඩු මගින් තම තමන්ට ප්‍රසිද්ධිය ලබා ගන්නවා. එහෙත් ඒ කිසිවකුටවත් රෝගය ඇතිවන්නේ කෙසේ ද යන්න ගැනවත් රෝගයට ප්‍රතිකාර ගැනවත් කිසිවක් කියන්න බැහැ. ජනාධිපති පොළොන්නරුවේ වකුගඩු රෝහලකට මුල්ගල තියලා. එයට විශාල මුදලක් යනවා. එහෙත් බටහිර වෙදකමේ රෝගයට ප්‍රතිකාරයක් නැහැ. ඒ මුදලින් ඉතා සුළු ප්‍රතිශතයක් සිංහල වෙදමහතුනට ජංගම වෙදගෙවල් ඇති කරන්න දුන්න නම් රෝගය සුව කරන්න පුළුවන්. පහුගිය ආණ්ඩුව කාලෙ වයඹ පළාතෙ ඒ ගැන වැඩ පිළිවෙළක් තිබුණත් රනිල් රෙජිම මාරු කරාට පස්සෙ එය නැති වුණා. අර යුග පෙරළි කාරයන් දැන් තවත් යුග පෙරළියකට සූදානම් වෙනවා කියලා ආරංචියි.

නාථ දෙවියන් කියන්නෙ මතු බුදුවන මෛත්‍රි බෝසතාණන් වහන්සෙ. පඬියන් එතුමන් ගැන විශ්වාසයක් නැති වුණත් බෞද්ධයනට, ඒ කියන්නෙ ඊනීියා නූතනත්වය නිසා කුරුවළු නොවූ බෞද්ධනට, නාථ දෙවියන් ගැන විශ්වාසයක් තියෙනවා. මා බොහෝ විට කියන පරිදි පඬියකු හරි පඬි පෝතකයකු හරි ගුරුත්වාකර්ෂණ බලය පෙන් වූ විගස මා ඔහුට නාථ දෙවියන් පෙන්වන්නම්. ගුරුත්වාකකර්ෂණය දැක ඇති කිසිවකු, අඩු තරමෙන් නිව්ටන්වත්, නැති වුවත් නාථ දෙවියන් සමග සංනිවේදනය කරන අය ඉන්නවා. කුරුවළු බෞද්ධයනට නම් පූනබ්භවයත් නැහැ. මාර්ටින් වික්‍රමසිංහ, එදිරිවීිර සරච්චන්ද්‍ර, ගුණදාස අමරසේකර මේ ගණයට අයත්. බටහිර බෞද්ධයනට දෙවියන් යනු මානසික තත්ව පමණයි. එරික් ෆ්‍රොම්ලාත් ඒ ගණයට අයත් ඊනියා මනෝ විශ්ලේෂකයන්. පොපර්ට අනුව නම් මනෝ විශ්ලේෂණය විද්‍යාවක්, බටහිර විද්‍යාවක්, නො වෙයි.

ඒ කොහොම වුණත් නාථ දෙවියන් සමග සංනිවේදනය කරන කණ්ඩායමක් පස්වැනි දා පමණ පූජාවක් තියා කියා හිටියා මේ අවපාතය ලංකාවට නොඑන බවටත් එහි සැර බාල වන බවටත් නාථ දෙවියන් කී බව. මා දන්නා තරමින් ඔවුන්ගෙන් එක් අයකු ඒ ගැන මුහුණු පොතේ සටහනක් ද තිබ්බා. පඬියන් ඒ විශ්වාස කරන එකක් නැහැ. එහෙත් අවශ්‍ය නම් මුහුණු පොතෙන් ඒ ගැන දැන ගන්න පුළුවන්. පඬියන් මෙය තේරුම් ගන්නෙ කොහොම ද? එය අහම්බයක් ද? අවපාතය හීන වීමට බල පෑ කරුණු මොනවා ද? එය තේරුම් කිරීමට තරම් කාලගුණ විද්‍යාව, තරල ගතිකය දත් අය ඉන්නවා ද? හිල්බට් අවකාශය යනු ආකාසය ද වෙන මොකක් ද යන්න නොදන්නා පඬියන් ක්වොන්ටම් යාන්ත්‍රිකය ගැන කතා කරන රටක කාට මොනවා කියන්න බැරි ද?

කවුරු හරි අහන්න පුළුවන් නාථ දෙවියන්ට ඔය සියළු කුණාටු සුළි සුළං නවත්තන්න බැරි ද කියලා. අද ඊනියා නූතනත්වය හෙවත් ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය යටතේ මුළු ලෝකය ම අධාර්මික වෙලා. මිථ්‍යාදෘෂ්ටික දෙවියන් අද බලවත්. පසුගිය දිනවල ලංකාව ඉතා සුළු ප්‍රමාණයකින් ධාර්මික පැත්තට හැරුණා. මා හිතන්නේ සම්‍යක්දෘෂ්ටික දෙවියන් අපට පණිවුඩයක් දීල තියෙනවා තවත් ධාර්මික වෙන්න කියලා. ඒත් ඒකෙන් කියන්නෙ නැහැ දෙවියන් හැම ප්‍රශ්නෙක දී ම මැදිහත් වෙනවා කියලා. බුදුහාමුදුරුවොත් හැම ප්‍රශ්නෙකට ම මැදිහත් වුණෙ නැහැ.

බටහිර විද්‍යාවෙ ප්‍රවාද යනු හරියන හිතළු පමණයි. හරියන කියන එකෙන් කියන්නෙ නැහැ හරි කියලා. ඇතැම් හිතළුවක් සම්පරීක්‍ෂණයකින් තෝරා බේරා ගන්න පුළුවන්. හිරු එළිය වැටීම හා පැලෑටි වර්ධනය අතර සහසම්බන්ධය සම්පරීක්‍ෂණයකින් දැන ගන්න පුළුවන්. ඒ කරුණු සංයුක්තයි. ඒ හේතුව සාධාරණීය කරන්න (පොදු දෙයක් බවට පත් කරන්න) බැහැ. හිරු එළිය නොවැටෙන මුහුදෙත් පැලෑටි හැදෙනවා. එතකොට වෙනත් හේතුවක් කියනවා. පොළොවට පොල් ගෙඩි වැටීම සාධාරණීය සංසිද්ධියක්. එය ඕනෑම වස්තුවකට සාධාරණීය කරන්න පුළුවන්. වියුක්ත ගුරුත්වාකර්ෂණය හා පොල් වැටීම අතර සහසම්බන්ධය දැන ගන්නෙ කොහොම ද? පොල් ගෙඩි නියැදියකට ගුරුත්වාකර්ෂණය බල නොපාන ආකාරයට සම්පරීක්‍ෂණයක් කළ හැකි ද? ගුරුත්වාකර්ෂණය හිරු එළිය වගේ පංචෙන්ද්‍රියන්ට දැනෙන දෙයක් නො වෙයි.

ඕකි ආවට ඒකි ආවෙ නැහැ. එහෙම වුණෙ කොහොම ද? එක් පොල් ගෙඩියක් වැටිලා අනෙක නොවැටි තියෙනවා ද? පොල් ගෙඩි වැටෙන ප්‍රවේග (ත්වරණ) වෙනස් වෙනවා ද? එහෙම වෙනස් වුණොත් ඒක තේරුම් ගන්නෙ කොහොම ද? ඒකට හේතු කියන්නෙ කොහොම ද? එන්න තිබුණු අවපාතය නැති වුණෙ කොහොම ද? ලෝකෙ තියෙන්න පුළුවන් ඊනියා භෞතික හේතු පමණ ද? නාථ දෙවියන්ට පුළුවන් ද කුණාටු හරවන්න. ඒවායෙ සැර අඩු කරන්න. අපට නාථ දෙවියන් පේනවා ද? එනම් ඉන්ද්‍රිය ගෝචර ද? ගුරුත්වාකර්ෂණය ඉන්ද්‍රිය ගෝචර ද? පාරභෞතික ද? ආධ්‍යත්මික ද?



නලීන් ද සිල්වා
 

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    නලීන් ද සිල්වා මහත්මයාට ඔය තරම් ලියන්න දෙයක් නෑ. ඔය අනුරාධපුර පැත්තෙ ගිහින් මාධ්‍ය වලට එහෙම එන්න කියල නාථ දෙයියන්ට කන්නලව් කරල වකුගඩු රෝගීන් 100ක් විතර තෝරගෙන හොඳ කෙරුව නම් ඉවරනෙ. :P
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,775
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පසුගිය දිනවල ප්‍රදේශ කිහිපයකට මහත් හානියක් කළ ඔකීගෙන් පසු තවත් කරදරයක් පැමිණෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කළා. සමහරුන් කීවේ ඕකි ගියාට පසු ඒකි එනවා කියලා. ඒ කොහොම වුණත් කාලගුණ දෙපාර්තමේන්තුව ඒ ගැන විස්තර පළ කළා. බෙංගාල බොක්කේ ගිණිකොණ දෙසින් ඇරඹී ලංකාව හා ඉන්දියාව පැත්තට ගමන් කර වායු අවපාත තත්වයකට පත්වන බවක් සඳහන් වුණා. පසුගිය අටවැනි දා තෙක් එහි බලපෑම තිබිය හැකි බවත් ධීවර ජනතාවට මුහුදු යෑමෙන් වැළකී සිටින ලෙසත් කියැවුණා. මේ අනාවැකි අප දෙස බලා සිටින ජාත්‍යන්තරයෙන් ද කියැවුණා.


    නලීන් ද සිල්වා


    කිසිම කුණාටුවක් දෙසැම්බර් පලවෙනි සතියෙ ලංකාව කිට්ටුවෙ ඇතිවෙනව කියල විදේශ මාධ්‍යක්/ ආයතනයක් කිව්වෙ නෑ.

    ඕක උනේ මෙහෙමයි;

    කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුවෙ වැඩකරන එකෙක්ගෙ පුතෙක් ඉන්ටනෙට් ඒකේ වින්දි කියල සයිට් එකක් දැකල, ඒකෙ ඉස්සරහ සතිය දෙක කොහොමද කියල බලද්දි බෙන්ගාල බොක්ක පැත්තෙ සුලියක් කැරකෙන්න තියෙනව කියල දැක්කලු.

    මූ ඒක තාත්තට කියල ඊට පස්සෙ තාත්ත ඒක ගොනාවගෙ ප්‍රචාරය කරල.
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    This is the result of that fucking depression in Bay of Bengal area
    vQz0m1hjzlFFDfZsqO0PTbx841LLWsGM023otfjDR60Dba4aMRbFIIvQom2Lsa5o3etrKk9QuK6Zv87oC1fUzSxGOPyccASY6TCBLw5Kx6PHODRjCELrfQx2cusCosRwWtRCBMthx4yPvWPrA_0ARihTgN11QV5ZxktafLNae1Z0AVIIKuLm6_aijpjFNQhBV4ilXVvKZPIM-juU2jpGmBFtZzms5AKg4kZ5R7X2_3nV5No5wk5METWmsHD4Cn9G44g2eVIskh4QTe1u9GxzJZ2HG-wi3B6Hz5Qxt0ULiTtwFhJpNkb1n0Reu8c1zUuHpIEj69HBLA05z1px5NO8_n1uZ38K2AlqV2Rp08n4baw37uK5pazCK0WE7-byS4gGSszzoNF5IeZ0Fdj1-AUTl2etH5ok0PBcw8Q_SXWeN2VKMa3Jfop5nT89UesbXeNFLi3Q_M-tLmWmFgc0QLrdRVCX0pyEC8uctDte69TVa7620L40mROJdVzEPaUqD94UPNva0_S-XYt4apvil3Mxtrl7QoiooElpdzUd7RRushWUJjQX1o0sPfN7nZ7_cee2GBZtUGw2jLNgtq-SUbHW00vHGT40UXysiK-oKvS_q3YSSFE5BVq6AaO2F5UHDjePlZt6AxN2CgeIvMDesHGigzMe_MjZ96ZuySqw=w1223-h917-no

    mGmCucCfGbbdeQxu2
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,195
    113
    Gotland
    නාථයා කියන එකා ආසනික් කියල නම කිව්වද ? එක සිංහල වචනයක් නෙවි නේ නාතයා සිංහලයෙක් නෙවි ද ? මතු බුදු වන්නේ නං පොර ඉන්දියන් කාරයෙක්ද ?


    පොර ඇත්තටම හීනෙන් කිව්වා නං ආසනික් හේතුව කියල ඒ හු* පුතා වකුගඩු රෝගයෙන් මෙච්චරක් උන් මැරෙනකන් පකක් ද කලේ ඔකාව එල්ලන්න ඕනා