ඕන නම් බිස්නස් එකක් කරන් හොඳ වාහනෙකුත් අරන් ඉන්න එක කමක් නෑ කියමුකෝ. ප්‍රශ්නේ තියෙන්නේ මුන් අපෙන් පිනට කාලා අපේ ගිහි ජීවිතේ කොහොමද ගෙවන්නෝන කියන එකට ඇඟිලි ගහන එක. රටේ මොකක් හරි වැදගත් දෙයක් වෙනකොට දන්න මඟුලක් නැතත් ඉස්සෙල්ලම රෙදි උස්සන් එන්නේ මුන්. අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනස් කරන්න ගියත් සිවුර පොරවන් ඇවිල්ලා ඉස්සරහම පුටුවක වාඩි වෙනවා, රටේ මොකක්ම හරි දෙයක් කරන්න ගියොත් මුන් කියන දේ අපි අහන්නෝන. මුන්ගේ approval එක ඕන. සන්ස්කෘතියට ගැලපෙනවා කියලා මුන් දෙන recommendation එක ඕන. තවම දැකලා නැත්තේ ගැරෙජ් එකක වාහනයක් හදද්දි ඇවිල්ලා සන්කෘතියට අනුව වාහනේ කොහොමද හැදෙන්න ඕන කියලා බණ කියනව වගේ දේවල් විතරයි. පිරිතක් කියන්න කතා කළොත් නම් කවුරුත් මහ රෑට පිරිත් අහන්නැති නිසා රෑ 12ට කලින් ඉවර කරමු කියයි. එතකොට සන්ස්කෘතිය මතක නෑ.
මුන්ට ඔක්කොම කැපයි. සාමාන්‍ය මිනිහෙක් මොකක් හරි කරන්න ගියොත් රටේම ප්‍රශ්න. මුන් කරන ඒවට බැන්නොත් සාසනේට අපහාස. බාර් එකේ මුදලාලි ගමේ පන්සලේ ලොකුම දායකයා වෙන එක කමක් නෑ. හැබැයි පෝයට පොඩි අඩියක් ගහන එකා පවුකාරයා.
මොන මඟුල කරත් කමක් නෑ දේශපාලනේට ඇඟිලි නොගහා ඉන්නව නම්. මුන් ඒකත් කරලා අපිවත් කාලා අපේ දානෙත් කනවා.