කෝ මිනීමරුපු එවං..

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    කෝ මිනීමරුපු එවුං..

    උඹලට මතකයි නේ, පහු ගිය කාලෙ කොටකෙතන ගෑනු මරල දාපු හැටි
    ඒව කරපු මිනීමරුවො කවුද බං..
    අපිට මේ ගැන හරියට පැහැදිලි නෑනෙ..
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    kawda ban owa danne..?

    අර සෑහෙන කාලයක් අත්තඩංගුවෙ තියාගෙන නඩු කියපු එවුං කට්ටියක් නිදහස් කලා නේද ?
    එයලා වැරදිකරුවො නෙමේනං කවුද වැරදි කාරයො? මිනීමරුවො?
     
    Nov 29, 2011
    354
    30
    0
    එක එක කථා ඇහනෙවා බං.....මේ ලඟදි ටවුමේ කෙනෙක් කිව්වා....ඕය වැඩෙට ඇමති කෙනෙක් සම්බන්ධයි ලු....ඔය හරියේ ලොකු පතලක් තියෙනවා ලු.........සමහර විට ඔය ඉඩම් අයිතිකාර..නැතිනම් මිනිස්සු ඔහෙ න් අයින් කරන්න යන වැඩක ලු ඕක......ඒකෙ ඇත්ත නැත්ත බාවය නම් මම දන්නෙ නැහැ කටකථා හින්දා...


    අනේ මන්දා ඉතින් දැන් කොච්චර කල් ඉඳලා වෙන මිනිමැරුම් ද බං මේවා....පොලිසිය මේවා? හැබයි හැම ඝාතනයක් පිට පසුම අපරාධකාරයෙකුත් හම්බවෙනවා..ඝාතන නවතින්නෙත් නැහැ.?:no:
    :dull:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,487
    5,839
    113
    හෝම් ස්වීට් හෝම්
    මැරුවේ කව්ද දන්නෑ හැබැයි මරපු එවුන්ව බේරුවේ නං

    79441_dsc9461.jpg
     
    • Like
    Reactions: AnuradhaRa

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658
    113
    උඹලට මතකයි නේ, පහු ගිය කාලෙ කොටකෙතන ගෑනු මරල දාපු හැටි
    ඒව කරපු මිනීමරුවො කවුද බං..
    අපිට මේ ගැන හරියට පැහැදිලි නෑනෙ..

    සාක්‍ෂි කිසිවක්‌ ඉතිරි කර නැහැ
    කොටකෙතන ඝාතකයා පළපුරුදු කෙනෙක්‌


    හේමන්ත රන්දුණු

    කහවත්ත කොටකෙතන ඕපාතවත්ත ප්‍රදේශයේදී හතළිස්‌ අට හැවිරිදි කාන්තාව කපා කොටා මරා දැමූ සාහසිකයා පළපුරුදු ඝාතකයකු බව පොලිසිය කළ පරීක්‍ෂණවලින් හෙළි වී ඇත.

    ඝාතනය සිදුකර පලාගිය සාමාජිකයා මිනීමැරුමට අදාළව කිසිදු සාක්‍ෂියක්‌ ඉතිරි කර නොමැති බව පොලිසිය පවසයි.

    මෙම කාන්තාව ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව පුද්ගලයන් සියයකට ආසන්න පිරිසකගෙන් මේ වන විට ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

    කහවත්තේ මෙම කාන්තා ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්‌ඩායමක්‌ පරීක්‍ෂණ පවත්වාගෙන යන අතර කහවත්ත පොලිසිය ඇතුළු තවත් පොලිස්‌ කණ්‌ඩායම් තුනක්‌ ද ඔවුන්ට සහාය වෙමින් සිටිති.

    මෙම කාන්තාව කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක්‌ මේ වනතුරුත් හෙළි වී නොමැති අතර ඊට සම්බන්ධ බවට සැකකරන කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති බව පොලිසිය පවසයි.

    මෙම ඝාතනයෙන් පසු කහවත්ත ප්‍රදේශයේ ජනතාව නැවතත් දැඩි භීතියට පත්ව සිටින අතර ප්‍රදේශයේ ආරක්‍ෂාව සඳහා දැඩි පොලිස්‌ ආරක්‍ෂාවක්‌ යොදවා ඇති බව ද පොලිසිය කියා සිටියි



     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    සාක්‍ෂි කිසිවක්‌ ඉතිරි කර නැහැ
    කොටකෙතන ඝාතකයා පළපුරුදු කෙනෙක්‌


    දැක්කනෙ, පොලිසියත් මඟ අරින්ඩ හදන්නෙ..
    එහෙම සාක්ෂි ඉතුරු කරන්නෙ නැතුව අපරාධ කරන එක අද කාලෙ ලේසි නෑ..
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බ්‍රේකිං බෑඩ් වල ඉන්නෙ මයික් :dull: :dull:
    අන්න ඒ වගේ ඩයල් එකක් ඔය මිනීමැරුම් කරන්නෙ :dull: :dull:
    බොහෝ විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙ, පොලිසියෙ ඉහල තනතුරක ඉඳල පැනල ආපු අධිකරණ වෛද්‍ය විද්‍යාව ගැන පවා දැනුමක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන් :dull: :dull:
    එහෙම උන් දැක්ක මැරුව ක්‍රමේට වැඩ කරන්නෑ :no: :no:
    පැය ගණං දවස් ගණං සති ගණං මාස ගණං බලං ඉන්න පුළුවන් අවස්ථාව එනකං :sorry: :sorry:
    එහෙම බලල බලල තනිවෙන වෙලාවක් බලල මරනව :sorry: :sorry:
    සාක්ෂි එකතු කරන විදිහත් දන්නවනං, පරීක්ෂණ වෙන විදිහත් දන්නවනං ලඞ්කාවෙ පොලිසිය මඟෑරල ලේසියෙන්ම මැරුවහැකිනෙ බං :sorry: :sorry: