රටම ලොක්ඩවුන් තත්ත්වයක් ආසන්නයේ..
ඇතිවී තිබෙන කොරෝනා ව්‍යාප්ති තත්ත්වය මත ජනතාව නිසි පරිදි ආරක්ෂා සහිතව කටයුතු නොකළහොත් රටම ලොක්ඩවුන් කරන මට්ටමට පත් වනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙන්නේ ඔක්තෝබර් මස මුල් සතියෙන් ආරම්භ වූ කොරෝනා රැල්ල මේ වන විට ආසාදිතයන් 31,000 සීමාව පසුකර ඇති බවයි.
දැනට වාර්තා වන මරණ වලින් වැඩි ප්‍රමාණයක් කොළඹ මහා නගර සභා සීමාව තුළ වාර්තා වී ඇති බවත් සෙසු ජනාකීර්ණ ප්‍රදේශවල මරණ ප්‍රමාණය ඉහළ යාම ඉඩකඩක් නිර්මාණය වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේ ය.
ජන ඝනත්වය වැඩි ප්‍රදේශවල මරණ රැල්ලක් නිර්මාණය වීමේ අවදානමක් ඇතැයිද ඒ මහතා කියා සිටියේය.
https://www.gagana.lk/health/81/102029
රත්නපුර නගරය අධි අවදානම්
රත්නපුර නගරය කොරෝනා වසංගත තත්වය පැතිර යාම හේතුවෙන් අධි අවදානම් මට්ටමකට පත්ව ඇති නිසා රත්නපුර නගරයේ පාසල් තුනක් තාවකාලිකව වසා දැමිමට තීරණය කර තිබේ. හෙට සිකුරාදා දිනයේ නගරයේ සියලුම මුස්ලිම් පල්ලි වසා දැමමටද තීරණය විය.
අද (17) පස්වරුවේ හදිසියේ රැස් වූ කොරෝනා වෛරස් මර්ධන රත්නපුර දිස්ත්‍රික් කාර්යය සාධන බලකා කමිටුවේදී මෙම තීරණ ගැන සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා දැනුම් දුන්නේය.
රත්නපුර කුඩුගල්වත්ත ප්‍රදේශයේ අහඹු ලෙස පී.සී.ආර්. පරීක්ෂණ සිදු කරන ලද 20 දෙනෙකුගෙන් 07 කුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සදහන් කළ ආණ්ඩුකාරවරයා පැවසූයේ මෙහි ඇති අවදානම මොවුන් සියලු දෙනා අහඹු ලෙස තෝරා ගත් අයවළුන් වීම බවය.
හෙට (18) සිකුරාදා දිනයේ රත්නපුර නගර සීමාවේ සියලු මුස්ලිම් පල්ලි වසා දැමීමට කමිටුව විසින් තීරණය කරන ලද අතර රත්නපුර දිස්ත්‍රික්කයේ සියලු මුස්ලිම් පල්ලිවල ආගමික වතාවත් බැතිමතුන්ගෙන් තොරව සිදු කරන ලෙස කමිටුව ඉල්ලා සිටී.
රත්නපුර සෙලාන් බැංකු හංදියේ සිට ඩිපෝ හංදිය දක්වා සියලු කඩ සාප්පු වසා දැමීමට තීරණය කරන ලද අතර ජනතාවගේත්, වෙළඳ ප්‍රජාවගෙත් ආරක්ෂාව සදහා එම කඩ සාප්පු වසා තබන ලෙස සියලු වෙළඳ ප්‍රජාවගෙන් කමිටුව ඉල්ලා සිටී.
පවතින අවදානම් තත්වය හමුවේ රත්නපුර නගරයේ පාසල් 03ක් මෙම මස 18 වෙනිදා සිට 23 වෙනිදා දක්වා වසා තැබීමට තීරණය කරන ලදී. රත්නපුර සීවලි මහ විද්‍යාලය, ගොඩිගමුව ධර්මරාජ විද්‍යාලය සහ රත්නපුර අල්මකියා විද්‍යාලය එම පාසල් ත්‍රිත්වයයි.
සියලූ මැණික් ව්‍යාපාරිකයන් අඹ ගහයට, ඔරලෝසු කණුව, දෙමුවාවත යන ප්‍රදේශ තම ව්‍යාපාර සදහා භාවිතා නොකරන ලෙස කමිටුව දැනුම් දෙන අතර ඒ සදහා රත්නපුර සීවලී ක්‍රීඩාංගණය භාවිතා කරන ලෙස දැනුම් දෙනු ලැබේ.
රත්නපුර නගරය ආශ්‍රිතව පදික වෙළඳාම ද පවතින තත්වය හමුවේ තහනම් කෙරේ. රත්නපුර ගොඩිගමුව ප්‍රදේශයට තවදුරටත් සංචරණ සීමා බල පැවැත්වේ.
රත්නපුර මේ වන විට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 572 කි.
පවතින අවදානම් තත්වය පහව යන තෙක් රත්නපුර නගරය ආශ්‍රිතව සංචරණ සීමා කරන ලෙස සෞඛ්‍ය බලධාරීන් රත්නපුර ජනතාවගෙන් ඉල්ලා සිටී.
lankaadeepa