ඛේමගේ අනාචාරය

hpalpola

Well-known member
  • ඛේමගේ අනාචාරය

    සාමාන්‍යයෙන් බණ කියද්දි හාමුදුරුවරු ත්‍රිපිටකයෙ තියෙන සූත්‍රවල කොටස් මාතෘකා කරගන්නවා. ධම්මපදයේ ගාථා, ජාතක පොත් වහන්සේගේ තියෙන කතා එහෙම ඒ බණට මාතෘකා කර ගන්නවා. මේවා ඉතින් කියන්නෙ මිනිස්සු ශිෂ්ඨ සම්පන්න හොඳ මිනිස්සු කරන්න අරමුණු කරන්. සමහරු කියනවා මෙච්චර බණ අහන රටේ හාමුදුරුවොත් බන්ධනාගාරවල ඉන්න එක බැලුවම කුමන කතා ද කියලා. ඒවා එහෙම තිබ්බ දෙන්. අද කතා කරන්න හිතුවෙ මිනිස්සුන්ට වැඩිය බණට අහන්න නොලැබෙන, නමුත් ධම්මපදයට අදාළ කතාවක් ගැන.

    ඛේම කියන්නෙ අනාථ පිණ්ඩික සිටුතුමාගේ බෑණා. මේ බෑණා නොසෑහෙන්න පරදාර සේවනයෙ යෙදුනා. ඒකට ම හරියන්න ඕන කෙනෙක්ගෙ බිරිඳක් මෙයත් එක්ක කම්සැප විඳින්න කැමැති වෙනවා. මේක ඉතින් පිරිමින්ට හරි ප්‍රශ්නයක් වුනා. තමුන්ගෙ බිරිඳ තව පිරිමියෙක් එක්ක කම් සැප විඳිනවට මොන පෘථග්ජනය ද කැමැති. මේ නිසා සැරයක් මිනිස්සු ඛේමව අල්ලගෙන රජතුමාට ඉදිරිපත් කලා. රජතුමා සිද්ධිය අහලා අනේ ඉතින් මේ අනාථ පිණ්ඩික සිටුතුමාගේ බෑණානෙ කියලා අවවාද කරලා මුදා හැරියා. එහෙම වුනා කියලා ඛේම තමුන්ගෙ වැඩ නැවැත්තුවෙ නැහැ. දිගටම පරදාර සේවනය කලා. දෙවැනි සැරෙත් මිනිස්සු මෙයාව අල්ලල රජතුමාට ඉදිරිපත් කලා. ඒ සැරෙත් රජතුමා අනාථ පිණ්ඩික සිටුතුමාට ලැජ්ජා වෙයි කියලා ඛේමව අවවාද කරලා අතෑරියා. හැබැයි අන්තිම වතාවට. මේකට කරන්නෙ මොකද කියලා කල්පනා කල සිටුතුමා තමුන්ගෙ බෑණව එක්ක ගියා බුදුරජාණන්වහන්සේ ලඟට. ගිහිල්ලා වෙච්චි සිද්ධිය කිව්වා. බුදුරජාණන්වහන්සේ ඛේමගේ අතීත භවයකදි සිද්ධ වෙච්චි දෙයක් සිටුතුමාට මතක් කරලා දුන්නා.

    මේ ඛේම, කාශ්‍යප බුදුරජාණන්වහන්සේගේ කාලයෙදි මල්ලව පොර අල්ලන්නෙක්ව ඉඳලා තියෙනවා. ඒ කාලෙදි මොහු රත්තරනින් හදපු කොඩි දෙකක් කාශ්‍යප බුදුරජාණන්වහන්සේගේ ධාතුන් වහන්සේලා නිධන් කර සාදා තිබූ සෑයකට පූජා කරලා ප්‍රාර්ථනයක් කරලා තියෙනවා, ඤාති සනුහරේ ගෑණු හැර අනෙක් සියලු ගෑණු මා දැක මට ඇලෙත්වා කියලා. මෙන්න මේ ප්‍රාර්ථනය අනුව තමයි ඔහුට මේ භවයෙදිත් ගැහැණු එක්ක කම් සැප විඳින්නෙ කියලා.

    මේ වෙලාවෙදි බුදුරජාණන්වහන්සේ ධම්මපදයේ නිරය වග්ගයේ තියෙන ගාථා 2 ක් ඛේම අරඹයා දේශනා කරනවා. ඒ ගාථා සහ තේරුම් මෙහෙමයි.

    චත්තාරි ඨානානි නරො පමත්තො

    ආපජ්ජති පරදාරූපසෙවී,

    අපුඤ්ඤලාභං න නිකාමසෙය්‍යං

    නින්‍දං තතීයං නිරයං චතුත්‍ථං.

    අපුඤ්ඤලාභො ච ගතී ච පාපිකා

    භීතස්ස භීතාය රතී ච ථොකිකා,

    රාජා ච දණ්ඩං ගරුකං පණෙති

    තස්මා නරො පරදාරං න සෙවෙති.

    පරඹුවන් සෙවුනාසුලු පමා වූ මිනිස් තෙමේ අකුසල් ලැබීම, කැමැති සේ නො නිදීම, තෙවන වූ නින්‍දාව, සිවුවන වූ නිරයෙහි ඉපැත්ම යන දුක් කරුණු සතරට පැමිණේ.

    අකුසල් ලැබීම ද, ලාමකගතිය ද (ඔහුට) වේ. බියපත් වූවහුගේ බියපත් ස්ත්‍රිය සමග කරණ කාමරතිය ද ස්වල්ප වේ. රජ තෙමේ ද බරදඬුවම් පණවයි. එහෙයින් මිනිස් තෙමේ පරඹුවන් සේවනය නො කරන්නේ ය.

    ඛේම මේ ගාථා අහලා සෝවාන් වුනා. එදයින් පස්සෙ ඛේම නිසා නගරෙ මිනිස්සුන්ට තමුන්ගේ බිරින්දෑවරු ගැන බයක් ඇති වුනේ නැහැ.

    ඉතින් අද වෙද්දි අපි අපේ සමාජය බැලුවොත් අනියම් සබඳතා කියන නමින් හඳුන්වන සබඳතා ඕනතරම් තියෙනවා. ඒවාට විවිධ හේතු මිනිස්සු කියනවා. හැබැයි ඒ කියන හේතු අතරට මේ ඛේම කලා වගේ ප්‍රාර්ථනා කරපු අය ඉන්න පුළුවන් නිසාත් එහෙම වෙනවා කියලා කියන්නෙ නෑ. කාටද කියන්න පුළුවන් ඛේම හැර තවත් මිනිස්සු එහෙම ප්‍රාර්ථනා කරන්නෙ නැතුව ඇති කියලා. නැත්නම් ගැහැණු එහෙම ප්‍රාර්ථනා කරන්න නැතුව ඇති කියලා. බුද්ධ ධර්මයට අනුව බැලුවොත් අනියම් නෙමයි නියම සබඳතාවක් ඇති වෙන්නත් පූර්ව කර්මයන් බලපානවා. හැබැයි අපි ඒ දේවල් ගැන හිතන්නෙ නැහැ.

    අනෙක් අතට පරදාර සේවනයෙ යෙදෙන අතීත වර්තමාන ඕනම කෙනෙක්ට මුහුණ දෙන්න වෙන ධර්මතා 4 ක් මේ ගාථාවල බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. ඒ අකුසල් ලැබීම, කැමැති සේ නො නිදීම, තෙවන වූ නින්‍දාව, සිවුවන වූ නිරයෙහි ඉපැත්ම කියන කරුණු හතර. ඉතින් ඛේමට මේ ගාථා ඇහුවම සෝවාන් වෙන්න පුළුවන් වුනා. ඛේමට විතරක් නෙමෙයි මේ කාරණා අද ඉන්න මිනිස්සුන්ටත් වලංගුයි. හැබැයි ගාථාවට අදාළ කතාව නිකන් වල් වගේ පේන නිසා උඩින් බැලුවම ඒක අතෑරලා දානවා. බණට මේ දේවල් කියලා දෙනවා නම් මිනිස්සුන්ට තමුන්ගෙ ජීවිතවලට එයින් පාඩමක් ලබා ගන්න පුළුවන් වේවි. හැබැයි ක්‍රිස්තියානිකරණය වුන අපේ ආගමික ඉගැන්වීම්වල මේ දේවල් කතා කරන්නෙ නැහැ. ඒවා වහනවා. ඒවා කතා කරන එක ලැජ්ජාවට කාරණාවක්. මිනිස්සුන්ගෙ පැත්තෙන් ගත්තම ඒවම තමයි මිනිස්සුන්ට මුහුණ දෙන්න වෙලා තියෙන දැවෙන ප්‍රශ්න. දැවෙන ප්‍රශ්නවලට විසඳුම් හොයා ගන්න තමයි ධර්මය තියෙන්නෙ. ඒ ප්‍රශ්නවලට විසඳුම් නොලැබෙද්දි තමයි වෙනත් විකල්ප වලට මිනිස්සු යොමු වෙන්නෙ. අවාසනාවට ඒක බහුතරයකට තේරෙන්නෙ නෑ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මෙව්වා ඇත්ත කතා වෙන්න පුලුවන්ද කියලා මම හිතනවා.

    එක තනි සිද්ධියකින් තීරණය කරන්න පුලුවන්ද ඊළඟ ජීවිතය. මෙතනදි කොඩි දෙකක් දන් දීමෙන්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    මෙව්වා ඇත්ත කතා වෙන්න පුලුවන්ද කියලා මම හිතනවා.

    එක තනි සිද්ධියකින් තීරණය කරන්න පුලුවන්ද ඊළඟ ජීවිතය. මෙතනදි කොඩි දෙකක් දන් දීමෙන්.
    Ilaga jivithaya kiyanneth e mohothamane.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    ඒ කියන්නේ පන්සලට ගිහින් චෛත්‍යට පුජාවක් තියල අනුන්ගේ ගෑනුන්ව / කම්සැප ඉල්ලුවොත් මදි නොකියන්න දෙනවද ? :unsure:
    හරි සෝක් නේ..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    ඒ කියන්නේ පන්සලට ගිහින් චෛත්‍යට පුජාවක් තියල අනුන්ගේ ගෑනුන්ව / කම්සැප ඉල්ලුවොත් මදි නොකියන්න දෙනවද ? :unsure:
    හරි සෝක් නේ..
    Dan terenawada oya mukuth eliye ne rewatenne hithata kiyala.panasala hadageth hitin,pansalata value ekak dunneth hithin.e value ekata illapu return eka hambuneth hithin.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඒ කියන්නේ පන්සලට ගිහින් චෛත්‍යට පුජාවක් තියල අනුන්ගේ ගෑනුන්ව / කම්සැප ඉල්ලුවොත් මදි නොකියන්න දෙනවද ? :unsure:
    හරි සෝක් නේ..
    :P
     
    • Haha
    Reactions: dilann

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඒ කියන්නේ පන්සලට ගිහින් චෛත්‍යට පුජාවක් තියල අනුන්ගේ ගෑනුන්ව / කම්සැප ඉල්ලුවොත් මදි නොකියන්න දෙනවද ? :unsure:
    හරි සෝක් නේ..
    @AnuradhaRa
     
    • Love
    Reactions: AnuradhaRa

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    ඕක හෙන අවුල් නේ බන්.

    දැන් පොර ප්‍රර්ථනා කරන්නේ " ඤාති සනුහරේ ගෑණු හැර අනෙක් සියලු ගෑණු මා දැක මට ඇලෙත්වා".... වෙන විදියකට කිව්වොත් ලෝකේ ඉන්න සියලු ගෑනු කාම මිත්‍යාචාරය කියන අකුසලය කරගෙන මට සෙට් වේවා...!!
    ඉතින් උගේ ප්‍රාර්ථනාව හරි ගිහින් ඒකෙ බලෙන් , ඊලග ආත්මේ දී ගෑනු ටික ඌට ඇලිලා අකුසල් වෙන්ව. 🥴

    ඒ කියන්නේ කාට හරි පුලුවන් බුදුන්ට දානයක් / පුජාවක් දීල ප්‍රාර්ථනාවක් කරන්න ලෝකේ ඉන්න අනික් සියලු දෙනාටම අකුසල් රැස් වෙන විදියට . :rofl: .. ඒවා හරි යනවත් එක්ක.

    කාම මිත්‍යාචාරයට ධාතු පුජාවෙන් උදව් ලැබුනා වගේ ප්‍රාණගාතයකට ප්‍රර්ථනා කරොත් ඒවත් කරල දෙනවද ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,712
    1
    57,872
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බලපන් ඉතින් අනික් මිනිස්සුන්ගේ ගෑනු අනාචාරයේ යනවා මේ එකෙක් කරපු පිංකමක් හින්ද!

    Episode 1 Sport GIF by UFC
     
    • Like
    Reactions: dilann

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    ඕක හෙන අවුල් නේ බන්.

    දැන් පොර ප්‍රර්ථනා කරන්නේ " ඤාති සනුහරේ ගෑණු හැර අනෙක් සියලු ගෑණු මා දැක මට ඇලෙත්වා".... වෙන විදියකට කිව්වොත් ලෝකේ ඉන්න සියලු ගෑනු කාම මිත්‍යාචාරය කියන අකුසලය කරගෙන මට සෙට් වේවා...!!
    ඉතින් උගේ ප්‍රාර්ථනාව හරි ගිහින් ඒකෙ බලෙන් , ඊලග ආත්මේ දී ගෑනු ටික ඌට ඇලිලා අකුසල් වෙන්ව. 🥴

    ඒ කියන්නේ කාට හරි පුලුවන් බුදුන්ට දානයක් / පුජාවක් දීල ප්‍රාර්ථනාවක් කරන්න ලෝකේ ඉන්න අනික් සියලු දෙනාටම අකුසල් රැස් වෙන විදියට . :rofl: .. ඒවා හරි යනවත් එක්ක.

    කාම මිත්‍යාචාරයට ධාතු පුජාවෙන් උදව් ලැබුනා වගේ ප්‍රාණගාතයකට ප්‍රර්ථනා කරොත් ඒවත් කරල දෙනවද ?
    Tamange akusale mathu wela kema eka set wenna giya nan?methana wenne atom atom match ekak.hethu pala match.genu minissu kiyala gattama thama ohoma hitenne
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඕක හෙන අවුල් නේ බන්.

    දැන් පොර ප්‍රර්ථනා කරන්නේ " ඤාති සනුහරේ ගෑණු හැර අනෙක් සියලු ගෑණු මා දැක මට ඇලෙත්වා".... වෙන විදියකට කිව්වොත් ලෝකේ ඉන්න සියලු ගෑනු කාම මිත්‍යාචාරය කියන අකුසලය කරගෙන මට සෙට් වේවා...!!
    ඉතින් උගේ ප්‍රාර්ථනාව හරි ගිහින් ඒකෙ බලෙන් , ඊලග ආත්මේ දී ගෑනු ටික ඌට ඇලිලා අකුසල් වෙන්ව. 🥴

    ඒ කියන්නේ කාට හරි පුලුවන් බුදුන්ට දානයක් / පුජාවක් දීල ප්‍රාර්ථනාවක් කරන්න ලෝකේ ඉන්න අනික් සියලු දෙනාටම අකුසල් රැස් වෙන විදියට . :rofl: .. ඒවා හරි යනවත් එක්ක.

    කාම මිත්‍යාචාරයට ධාතු පුජාවෙන් උදව් ලැබුනා වගේ ප්‍රාණගාතයකට ප්‍රර්ථනා කරොත් ඒවත් කරල දෙනවද ?
    කර්ම විෂය හෙන ගැබුරුයි කියනවා

    නමුත් ඔබේ අදහසට මමත් එකගයි
     
    hpalpola

    Well-known member
  • ඕක හෙන අවුල් නේ බන්.

    අනිවාර්යෙන්. හැබැයි ඒ ඒ සඳහා අවශ්‍ය ශක්තියෙන් යුතුව ඒ ප්‍රාර්ථනය කලොත් තමයි. මෙතනදි ප්‍රාර්ථනය කරන කෙනා තමයි දැනගන්න ඕනා තමුන් කරන ප්‍රාර්ථනයේ ප්‍රතිඵලය වෙන්නෙ මොකක් ද කියලා.
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    කර්ම විෂය හෙන ගැබුරුයි කියනවා

    නමුත් ඔබේ අදහසට මමත් එකගයි
    Ohoma hitenne good and bad decide karanna god kenek uda innawa kiyala feel eka uda.Dunoth hambenawa.eka tamai universe law eka.mona hitakin dunath dunnanan labenawa.labena ekata hariyanna karma gewanna e ayata ewa match wenawa.
     
    • Haha
    Reactions: Spiderman.Ayya