කාම තණ්හා

hpalpola

Well-known member
  • “මහණෙනි, මේ වනාහි දුක්ඛ සමුදයාර්ථර්‍ය්‍ය සත්‍යයයි. නැවත නැවත ඉපදීම ඇති කරන්නාවූ නන්දිරාගය හා එක්වූ ඒ ඒ ආත්මභාවයෙහි ඇලෙන්නාවූ යම් ඒ තෘෂ්ණාවක් වේද, ඒ කවරේද යත්. කාම තෘෂ්ණාවය, භවතෘෂ්ණාවය, විභව තෘෂ්ණාවයි යන මොව්හුයි”

    ධම්මචක්කපවත්තන සූත්‍රයෙදි බුදුරජාණන්වහන්සේ මේ විදියට දේශනා කරනවා. මෙතැන කියැවෙන කාම තෘෂ්ණාව මිනිස් අපිට නිතර දකින්න ලැබෙන දෙයක්. හැබැයි ඒ ගැන අවබෝධයක් නැහැ.

    කාම තෘෂ්ණාවැයි කියන්නේ සරලව ගත්තම පංචකාමයන් පිනවීමට තියෙන ආශාව. ඇස, කන, නාසය, දිව, ශරීරය කියන පංචේන්ද්‍රිය හරහා ඇති කර ගන්න තණ්හාව. මේවට අරමුණු වෙන්නේ රූප, ශබ්ද, ගඳ, රස සහ ස්පර්ශය.

    කෑම කනවනෙ අපි හැමෝම. කොච්චර නම් ආශාවක් තියෙනවද. ඇඳුම් අඳිනවනෙ අපි හැමෝම. ඇඳුම් වලට කොච්චර ආශාවක් තියෙනවද. ශබ්ද අහන්න තියෙන ආශාව, රූප බලන්න තියෙන ආශාව අමුතුවෙන් කියන්න ඕනා නැහැනෙ. සමහරු තමුන් අහන චැනල් එක නැත්නම් බලන චැනල් එක තව කෙනෙක් වෙනස් කලොත් මහ යුද්ධයක් ඇති කර ගන්නවා. කැමැති කෑම උයලා නොතිබ්බොත් මහ යුද්ධයක් ඇති කර ගන්නවා. නිකමට හිතලා බලන්න එහෙම නෙමෙයි ද කියලා.

    භව තණ්හාව නැත්නම් විභව තණ්හාව නැති කරන්නත් ලේසි නැහැ. හැබැයි ඒවා බැලු බැල්මට පේන දේවල් නෙමෙයි. සිහියෙන් අවබෝධ කර ගත යුතු දේවල්නෙ. ඒත් කාම තෘෂ්ණාව පහසුවෙන් කෙනෙක්ට පේන දෙයක්. කාම තණ්හාවත් නැති කරන්න නම් අවබෝධය ඕන තමයි. හැබැයි හඳුනගැනීම අනෙක් දෙකට වඩා පහසුයි. එදිනෙදා ජීවිතේ තමයි එතැන තියෙන්නෙ. ඊට එහා දෙයක් නැහැ.

    ඒත් ගෙවන් ආපු සංසාරේ වඩා ගත්ත අවිද්‍යාවේ තරමට ඇහැට පේන්න තියෙන දේවත් හරියට පේන්නෙ නැහැ. ඉස්සර මිනිස්සු ‘මැණික් ගලේ පය හැපුනට කණා අහුලලා ගනීද’ කියලා කතාවට කියලා තියෙන්නෙ නිකන් නොවේ.
     
    • Like
    Reactions: nuwan9999