ගංඟාවේ කොතැනද
යන්නේ
මගෙ දුක බලලා
ආපසු යන්නේ
නිල්වන් නෙත් යුග
රකුසු වෙසක් ගෙන
හිත් පැල ඇතුලේ
කිම කැරකෙන්නේ
මේ ජීවිතයේ
රුදුරු දෛවය
නුඹ හා මිතුරුව
මට රිදවන්නේ
දිවි ගැට ගැසුමට
මා සතු ඔරුකඳ
ඩැහැගෙන රහසේ
කොතැනද යන්නේ
හෙට හිමිදිරියේ
හිස් වූ දෑතින්
කොතැනද මා
දෙපා නගින්නේ?








යන්නේ
මගෙ දුක බලලා
ආපසු යන්නේ
නිල්වන් නෙත් යුග
රකුසු වෙසක් ගෙන
හිත් පැල ඇතුලේ
කිම කැරකෙන්නේ
මේ ජීවිතයේ
රුදුරු දෛවය
නුඹ හා මිතුරුව
මට රිදවන්නේ
දිවි ගැට ගැසුමට
මා සතු ඔරුකඳ
ඩැහැගෙන රහසේ
කොතැනද යන්නේ
හෙට හිමිදිරියේ
හිස් වූ දෑතින්
කොතැනද මා
දෙපා නගින්නේ?















