ගංජාකාරයෙක් ආයුර්වේද පෙම්වතියට ලියූ කවි&
පිළිගැන්වීම: කුඩු චුට්ටෙට, මල් ධර්මෙට, ගුලි සෝමෙට හා පෙති විජේට බොක්කෙන්ම
අමු ඉඟුරු වදකහ සමග තිප්පිලි
කල්ක ගුලි ඒ වගේම ඔයාගෙ රැවිලි ගෙරවිලි
කලං අවුංස අඩු සිනා මවනා නළලෙ වක් රැළි
මොන මඟුලකට මං පෙම් කළාදෝ
සූකිරි ඉවතලා වෙනිවැල්ගැටේකට මේ හැටි
හාතාවාරිය බැලතණ වැල්පෙනෙල මල් නැති
යකිනාරං දොඩම් ඉරිවේරියද කටු පිරි
පස්පංගුව බිබී නස්න කර කර පෙමින් ආතුර විටකදි
මී පැණි ගොඩක් ළඟ ගඳ ගගහ
සුදුළූණු සදාකල් තැවෙනු ඇති
රතුරෝස මල් මානෙල් රේණු ගෑවිලාවත් නැති
මෝදක ජාපාල මිශ්‍රව වස්ති වී යයි ප්‍රථම ප්‍රේමය
සංසාර සාගරේ අමෘතය වෙනුවට මණු ගැසුනේම අරිෂ්ඨය
සුපෙම්බර ගෝමර පොකුර ඔයා මගෙ හොරි හැදුණු පෙම් හිතේ
දද අතර කුෂ්ඨය
ඔළිඳ මදටිය රතුපාට ඇස්වලට
නිකකොළවලින් තානුව අනා තැනුවාද ඇසිපිය
ඔය ජීවිතේ මං දැකලාම නෑ ලියලන අයුරු සෙනෙහෙ කොළ
ගිතෙලින් පොඟා මී තෙලින් තවරා
පත අට එකට සිඳුවා හදවත තබමි
ප්‍රේමයේ ලිප උඩ
ඔයා හීනෙක පාවෙලා යනවා වැල්මී වැලට රෝද හයිකොට
මට පේන්නේ එහෙමමයි කංසා එතුව කළ පාවට්ට කොළවල
අබිං නම් තිත්තයි තමයි විරහ දුක දරන ඇලදිවට
කොහොඹ පොතු දොඹමල් රේණු කුරුඳු කොළ
මොනවටද මට පෙම්බරිය
ඔයා විතරයි මං දුටුව තුත්තිරි අතර පොපි මල
මයෙ අම්මෙ යමු යංඩ | 2016
නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්